නංගියේ මල්ලියේ
ඉස්ලාමීය රාජ්‍යයෙහි දෙවැනි පාලකයා කව්ද කියා ඔබ දන්නවාද? එතුමන් තමයි උමර් ඉබ්නුල් හත්තාබි (රලි) යනුවෙන් හඳුන්වනු ලබන ඉතා එඩිතර, නීතිය අකුරටම ස්ථාපිත කළ උÞර පාලකයා. එතුමන්ගේ ජීවිතය නීතිය, සධාරණය සඳහා මහඟ= ආදර්ශයකි.

එතුමන් තම පාලන කාලයෙහි මහ ජනයාගේ ඕනෑ එපාකම් පිළිබඳ වැඩි අවදානයක් යොමු කර එම ප්‍රශ්න නිරාකරනය කිරීම සඳහා වෙහෙස මහන්සියෙන් කටයුතු කළ නායකයකි. රාති්‍ර කාලයෙහි ජනතාවගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලීම සඳහා මග තොටවල ගමන් කිරීම එතුමන්ගේ පුරුද්ද විය. දිනක් එතුමන් එසේ ගමන් කරන විට නිවසක මව හා දියණිය අතර දොඩ මළුවීමක් එතුමන්ගේ දෙසවන් වලට ඇසෙන්නට විය. කිරිවලට ජලය ටිකක් මිශ්‍රණය කරන ලෙස මව තම දියණිය අමතා කියයි. එයට ඇය කිරිවලට ජලය මිශ්‍ර කිරීම විශ්වාසවන්තයින්ගේ නායකයා වන උමර් (රලි) තුමන් තහනම් කර ඇති බව ඔබ නොදන්නේද යනුවෙන් තම මවගෙන් ප්‍රශ්න කරයි. එයට ඇයගේ උමර් (රලි) කොහේද මෙය බලා සිටින්නේ? යනුවෙන්  අසයි. උමර් (රලි)ට මෙය නොදැනුනත්, එතුමන් මෙය බලා නොසිටියත් සියල්ල දන්නා, සියල්ල දකින්නා අල්ලාහ්ගෙන් මෙය වසං කර නොහැක යනුවෙන් දියණිය දැඩි සේ කියා සිටියාය. මෙය අසා සිටි පාලක උමර් (රලි) එම ස්ථානයෙන් යන්නට ගියේය. පසු දින අල්ලාහ් කෙරෙහි මෙතරම් දැඩි විශ්වාසයකින් පසුවූ එම තරුණියව තම රජÞනියට කැඳවා ඇයට තම පුතු නුවන්ව විවාහ කර දුන්නේය.

නංගියේæ මල්ලියේæ මෙම කතාවෙන් අපි අවබෝධ කරගත යුතු කරුණු රාශියක් ඇත. අපි කියන, කරන හැම දෙයක්ම අල්ලාහ් නිරීක‍ෂණය කරමින් සිටි, ඔහු දකිමින් සිටි. ඔහුගේ දර්ශනයට වසං වී කිසිවක් කිරීමට නොහැක යන විශ්වාසය අප තුළ හැම විටම පැවතිය යුතුයි. අපි අපේ දෙමව්පියන් ඉදිරියේ, ගුරුවරුන් ඉදිරියේ කෙසේ යහපත් දරුවන් සේ හැසිරෙමුද? එසේම අල්ලාහ් ඉදිරියේද අපි යහපත් දරුවන් සේ හැසිරිය යුතුය. අපව අපේ දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ දෙනෙත්වලට නොපෙනෙන අවස්ථා එමටය, නමුත් අල්ලාහ්ගේ දෙනෙත්වලට මොහොතක් හෝ අපිට නොපෙනී සිටිය නොහැක. තවද අපි ජීවිතයෙහි හැම අවස්ථාවකම අවංකව අන් අය මංමුළා නොකර කටයුතු කරන විට අපට දෙලොවෙහිම තෑගි ලැඛෙනු ඇත.
ඉබ්නු යූසුෆ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *