“අර්ෂ(පරමාසන)ය උසුලන්නාවූ අයද, ඒ වටා සිටින අයද තම රබ්(පරමාධිපති)ගේ ප‍්‍රශංසාවේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරති. ඔහු ගැන විශ්වාස කරති. අපගේ පරමාධිපතියාණෙනි, ඔබ ඔබගේ පරම දයාවෙන් සහ ප‍්‍රඥාවෙන් සෑම දෙයක්ම වැළඳ ගන්නෙහිය. එනිසා පසුතැවිලි වෙමින් ඔබගේ මාර්ගය අනුගමනය කරන අයට සමාකරනු මැනවි. නිරයේ වේදනාවෙන් ඔවුන් ආරක්ෂා කරනු මැනවි යැයි විශ්වාසිකයින් වෙනුවෙන් සමාව අයදිති.
අපගේ රබ් (පරමාධිපතියාණෙනි) ඔබ ඔවුන්ට පොරොන්දුවූ සදාකාලික ස්වර්ග උයන්වලට ඔවුන්ද ඔවුන්ගේ දැහැමි දෙමාපියන්ද ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන්ද ඇතුළු කරනු මැනවි. ඔබ නියවතවශයෙන් සර්ව බලධාරිය සර්ව ප‍්‍රාඥය.
තවද ඔවුන් නපුරෙන් ආරක්ෂා කරනු මැනවි. (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන) එදින ඔබ යමකු නපුරෙන් ආරක්ෂා කරන්නේ නම් නියතවශයෙන් ඔබ ඔහුට දයාව දැක්වූයෙහිය. ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණය මෙයයි”. (ශු අල්කුර්ආනය 40: 7-9).
ඉහත ශුද්ධවූ අල්කුර්ආන් පාඨ තුළින් අපට ලැබෙන ආදර්ශ:
1- තමන් කළ වැරදි ක්‍රියාවන් වෙනුවෙන් පසුතැවිලිවී, අල්ලාහ්ගෙන් සමාව අයද, යහපත් මාර්ගයෙහි ගමන් කරන්නන් වෙනුවෙන් මහඟු අර්ෂය උසුලන්නාවූ දේව දූතවරුන්ද, එය වටා සිටින දේව දූතවරුන්ද අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති.
2- මෙවැන්න්ගේ පාපයන් සමා කරන ලෙසත්, ඔවුන්ව නිරයෙන් ආරක්ෂා කරන ලෙසත් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති.
3- ඔවුන්ගේ දෙමාපියන්, මුතුන් මිත්තන් වෙනුවෙන් හා ඔවුන්ගේ අඹු දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කර ඔවුන්වද ස්වර්ගයට ඇතුල් කරන ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති.
4- තවද ඔවුන්ව පාපයෙන් ආරක්ෂා කරන ලෙසද අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති.
මෙවන් අති ශ්‍රේෂ්ඨ වූ දේව දූතවරුන්ගේ ප්‍රාර්ථනාවන් කෙනෙකුට ලැබීම යනු කෙතරම් මහඟු භාග්‍යයක්ද? මෙයට සුදුසු පුද්ගලයන් බවට අපි පත්විය යුතු නොවේද? ඉහත ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තවත් වරක් මැනවින් කියවන්න.