ෂීආවරුන්ගේ තිරස්චීන දර්ශණය හා සැලසුම් පතුරුවනු වස් යෙමන් රාජ්‍යයට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් ඇරඹූහ. එම ව්‍යාපාරයේ නිර්මාතෘ හා අධ්‍යාත්මික නායක “හුසෙයින් බද්රුද්දීන් අල් හූතීගේ” නාමය මුල්කොටගෙන ඔවුන් “හූතීන්” වශයෙන් හඳුන්වනු ලබයි.

2004 වසරේ සැප්තැම්බර් මස යෙමන් රාජ්‍යය නිල හමුදාව විසින් ඔහු ඝාතනය කරනු ලැබීය. වර්තමානයේදී ඔහුගේ බාල සොයුරු “අබ්දුල් මාලික් අල්හූති”ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම සංවිධානය 2014 – 2015 ගෙන ගිය  කැරැල්ලේ ප්‍රතිපලයක් වශයෙන් යෙමන් රාජ්‍යය බලය බි වැටුනි.

ඉන් පසු යෙමන් අග නුවර සන්ආ ඇතුළු ප්‍රධාන නගර  ඔවුන්ගේ අධමි පාලනයට නතුවිය. “අන්සාරුල්ලාහ්” නැතහොත් “අෂ්ෂබාබුල් මුමින්” යන නමින්ද මෙම සංවිධානය හඳුන්වනු ලබයි. යෙමනයේ බලය නතු කරගෙන සිටින මොවුන් අසල්වැසි රටවල් වන සවුදි අරාබියාව, කටාර්, බහ්රෙයින්, එක්සත් එමිර් රාජ්‍යයන්හි අභ්‍යයන්තර ආරක්ෂාවට හා ස්වෙයිරි භාවයට බලවත් තර්ජනයක් වී ඇත. ඔවුන්ට ඉරාන් රාජ්‍යය හරහා අවි ආයුධ හා යුද පුහුණු නොමදව ලැබෙන බව චෝදනා එල්ලවෙමින් පවති.

ඔවුන්ගේ පදනම හා ස්වරූපය:

අරාබි වසන්තය යනුවෙන් හඳුන්වනු ලබන 2004 වසරේ ජන නැගිටීම මොවුන්ගේ ව්‍යාපාරයට අඩිතාලම වූ බව නිගමනය කෙරේ. නමුත් පසුගිය සත වර්ශයේ අසූව දශකයේදී ඔවුන්ගේ ව්‍යාපාරයට අඩිතාලම වැටුනු බව පෙනී යයි.

යෙමන් රාජ්‍යයේ ඊනියා ෂීආ චින්තනයේ පෝෂනය ලැබූ තවත් එක් කුලයක් වන “සෙයිදි” පාර්ෂ්වයේ තරුණයන්ව මග පෙන්වන නාමයෙන් 1986 වසරේ “සලාහ් අහ්මද් බල්ලීදාහ්” විසින් නිර්මාණය කරන ලද යොවුන් පෙරමුණ හරහා මෙම ව්‍යාපාරයේ අඩිතාලම වැටුනු බව විශ්ලේෂකයෝ පවසයි.

“අලි අබ්දුල්ලාහ් සාලිහ්ගේ” රාජ්‍යය පාලනය යටතේ එවකට පැවති ආණ්ඩුව මගින් එම රටේ ඉහත කී “සෙයිදි” පාර්ශ්වය නොසලකා හරින බවත්, ඔවුන්ගේ අයිතිවාසකම් පිළිනොගන්නා බවත්, ඔවුන්ගේ ඇදහීමේ නිදහස පාගා යටපත් කරන බවත්, සෙයිදි පාර්ශ්වයේ බුද්ධිමතුන් නොසලකා හරින බවත් චෝදනා නගමින් කැරැල්ලකට පෙළඹුනහ. මෙම පෙළඹීමම ඔවුන්ගේ අඩිතාලමේ මුල විය.

මතවාදි මූලධර්ම:

“අබ්දුල්ලාහ් ඉබ්නු සබා” නම් දුෂ්ඨ යුදෙව්වාගේ පුරෝගාමිත්වයම, මෙම ෂීආ මූලධර්මය යටතේම යෙමන් හූති ව්‍යාපාරය බිහිවිය.

සම කාලීනව ඉරානය අනුග්‍රහය යටතේ පවතින්නාවූ ෂීආ කණ්ඩායම් මුස්ලිම්වරුන්ව ඉලක්ක කොටගෙන මහා පරිමාණයේ ඔවුන්ගේ පහත් ව්‍යාපාර දියත් කරයි. මැද පෙරදිග තම ආධිපත්‍යය පතුරුවනු වස් නොයෙකුත් අර්බුද දේශපාලන වයාකූලතවයන් උසිගන්වයි. එහි ක්‍රියාත්මක වන ත්‍රස්තවාදි ව්‍යාපාරයන්ට එළිපිට සහ රහසිගතව ආයුධ සැපයීම හරහා නිත්‍යානුකූල රාජ්‍යයන් අස්ථාවර කරන්න කැසකවයි. එය මෙසේ සිදුවෙද්දී මැද පෙරදිග පමණක් නොව ශ්‍රීලංකා ඉන්දියා ඇතුළු සෙසු රටවල්වලටද මොවුන්ගේ මෙම දුෂ්ඨ මතවාදය පතුරුවමින් සිටී.

මෙම සංවිධානයේ පුරෝගාමි සහ අධ්‍යාත්මික නායකයා වන “හුසෙයින්ගේ” පියාවන “බද්රුද් දීන්” දුෂ්ඨ ෂීආ චින්තනයෙන් මහා පරිමාණයෙන් මුලාවී සිටියේය. මොහු හා මොහුගේ පුත් එක්ව ඉරාන් හා ලෙබනන්  ඇතුළු ෂීආ  රාජ්‍යයන්ට ගොස් ෂීආ දුෂ්ට මත වාද ප්‍රගුණ කරමින් යුධ පුහුණුව ලබාගත්තේය. මෙම ව්‍යාපාරයේ ඇරඹුමත් සමගම නොමග ගිය දුෂ්ඨ ෂීආ මතවාදයට මුල් තැනක් දිය යුතු බව යෙමන් පාලනයට බල කළහ. මෙය යෙමන් රාජ්‍යය ප්‍රතික්ෂේප කළහ. මෙයම ඔවුන් හා රාජ්‍යය අතර ගැටුම් ඇතිවන්නට හේතු කාරක විය.

දේශපාලන දැක්ම:

1990 වසරේ මැයි මාසයේ යෙමන් රාජ්‍යය එක්සේසත් කර බහු පක්ෂ පාලනයට අවසර ලැබුනු විට සෙයිදි පාර්ශ්වයට අනුයුක්ත තරුණයන් මග පෙන්වන නාමයෙන් බිහිවූ යොවුන් පෙරමුණ අධ්‍යාපන ප්‍රමුඛතාවය පසෙකලා දේශපාලනය ප්‍රවාහයකට අවතීර්ණ විය. “හිස්බුල් හක්” යන නමින් සංවිධාන ගතවූ එම පක්ෂය 1992 වසරෙන් පසුව “අෂ්ෂබාබුල් මුමින්” යන නමින් හඳුන්වනු ලැබීය.

2004 යෙමන් රාජ්‍යය හමුදාව හා මොවුන් අතර ගැටුම් ඇතිවූ අවස්ථාවේ පාර්ලිමේන්තු සාමාජික වී සිටී “හුසෙයින් අල්හූති” මෙම සංවිධානයට නායකත්වය දෙමින් ඉදිරියට ගෙන ගියේය. 2004 සැප්තැම්බර් මාසයේ යෙමන් රාජ්‍යය හමුදාව විසින් ඔහු ඝානතය කළ විට  ඔහුගේ පියා වන “බද්රුද්දීන්” සංවිධානය මෙහෙයවිය.  ඉන් පසු ඔහුගේ පුත් පක්ෂයේ වගකීම් බාරගත්තේය.

2011 වසර තෙක් යෙමන් රාජ්‍යය හමුදාව සමග බොහෝ ගැටුම් හූති කැරලිකරුවන් ඇති කරගත්හ. 2009 වසරේ “සායිදා” යන දේශ සීමාවේදී සවුදි රාජ්‍යය හමුදාව සමග මොවුම් ගැටුම් ඇති කරගත්හ. 2011 වසරේ යෙමන් රාජ්‍යය නායක “අලි අබ්දුල්ලාහ් සාලිහ්”ගේ පාලනයට එරෙහිව   කැරුල්ල හටගත් අවස්ථාවේ හූති කැරලිකරුවන්ගේ විරෝධතා සහ කැරැල්ල සහා ඔවුන්ගේ දායකත්වය විශාල තැනක් ගනු ලැබීය.

සාලිහ්ගේ රාජ්‍යය ගිලිහීමෙන් පසු රාජ්‍යය බලය අත්පත් කරගත් යෙමන් ජනාධිපති “අබ්දුර් රබ්බාහ් මන්සූර් හාදී” ට එරෙහිව 2014 අගෝස්තු 18 කැරලි ගසා යෙමන් අගනුවර වන “සන්ආ” නගරයට ඇතුල් වූහ. පදවියෙන් නෙරපන ලද එවකට නායක “අලි අබ්දුල්ලාහ් සාලිහ්”ගේ විශ්වාසනීය හමුදාවත් සමග එක්වී එම වසරේම සැප්තැම්බර් 21 මුළු නගරයම අත්පරත් කරගත්හ. ජනාධිපති කාර්්‍යාලය, ආරක්ෂක අමාත්‍යංශය අනේකුත් අමාත්‍යංශයේ මූලස්ථාන ඔවුන්ගේ යටපත් කරගත්හ.

ඉන් පසු හූති කැරලිකරුවන් විසින් නිවාස අඩැස්සියේ සිටී යෙමන් රාජ්‍යය නායක “අබ්දුර් රබ්බාහ් මන්සූර්” හාදි 2015 පෙබරවාරි 20 පලා ගොස් තම පාලන කටයුතු ඉදිරියට ගෙනගිය අතර තම රජයත් ජනතාවත් ආරක්ෂා කර දෙන ලෙස සවුදි රජයෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස හූතී කැරළිකරුවන්ට එරෙහිව  2015 මාර්තු 26 “ආසිෆතුල් හස්ම්” හමුදා මෙහෙයුම ආරම්භ විය. සවුදි අරාබියානු නායකත්වයෙන් ආරම්භ වූ මෙම හමුදා මෙහෙයුම රටවල් 10 කට වැඩි අරාබි රටවල සහයෝගයෙන් හූතී වරුන්ට විරුද්ධව ප්‍රහාර දියත්කොට ඔවුන් භාරයේ තිබූ නගර කීපයක්ම ඔවුන් ගෙන් මුදවා ගෙන නැවත අත්පත් කරගත් අතර යෙමනයේ භූමිභාගයෙන් 85 කට වඩා වැඩි ප්‍රදේශයක් නැවත යෙමනයේ නීත්‍යානුකූල රජයට ලබාදෙන ලදි. මෙහි ප්‍රතිපලයක් වශයෙන් යෙමන් රජයේ කටයුතු සාමාන්‍යය තත්ත්වයට හැරී ඇති බව සඳහන් කළ යුතුයි.

ස්තූති: ඉස්ලාම් හවුස්

සිංහල පරිවර්තනය: මොහොමද් ෆවාස්z

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *