සෑම දහමක් සම්බන්ධයෙන්ම මිහිතලය මත යම් ආරම්භක ශාස්තෘවරයෙකු හෝ එයට මුල් වූ ධර්ම දුතයෙකු හෝ පිරිසක් හෝ පිළිබඳ සඳහනක් ඇත. මෙම ආරම්භක කර්තෘවරුන් පදනම් කර ගෙන එම දහමේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පහසු කරුණකි. මෙම මතය මුල් කර ගෙන ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන් දැ’යි විමසුමක යෙදීමෙන් එම දහමේ අරමුණු, ස්වභාවය මෙන්ම අපේක්ෂාවන් කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීම පහසු වනු ඇත. 

ෂියා දහමේ ආරම්භකයින් පිළිබඳ ව විමසුමක යෙදීමේදී යුදෙව් ඉතිහාසය ගැන එක්තරා ප්‍රමාණයක දැනුමක් ලබා ගැනීම වැදගත් සාධකයක් ලෙස අපි දකින්නෙමු. ‘යුදෙව්වාදී කුමන්ත්‍රණ’ නමින් පළ කොට ඇති ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“යුදෙව් කුමන්ත්‍රණකරුවන් ඉස්ලාමය අඩපණ කිරීමට අවස්ථා බල බලා කල් මැරූ බව ඉතිහාසය පෙන්වා දෙයි. විශේෂ පුහුණුවක් ලද ඇතැම් යුදෙව්වෝ මුස්ලිම් සමාජයට බැඳී එහි ආගමික විශ්වාසය කෙලසීමේ අදහසින් අනිටු නවීකරණ ද ධර්ම විරෝධී සංකල්ප ද යෝජනා කළහ. ඒවා සිදු කෙරුණේ ඉතා සූක්ෂම ආකාරයෙනි. එහෙත් ඔවුන්ගේ කුමන්ත්‍රණ කෙතරම් සාර්ථක වූවා දැ’යි කිවහොත් ඒකීය දෙවියාගේ අවසන් දූත මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසු මුස්ලිම් සමාජයෙහි සිදු වූ යම් මතභේදකාරී කරුණු ගැන අදට ද විවාද කෙරේ. යුදෙව් අනුග්‍රහයෙන් මුස්ලිම් සමාජයට වෑහුණු ව්‍යාජ අදහස් සහ අණ පනත් ඉවත් කිරීමට බොහෝ මුස්ලිම් විශාරදයෝ සිය කාලය වියදම් කර දැඩි වෙහෙසක් දැරූහ. අවාසනාවකට දෝ මුස්ලිම් සමාජයට කෙරුණු අති සූක්ෂම යුදෙව් විනාශ කිරීම් වලින් එහි ඉතිහාසය පිරී ඉතිරී ඇත. මුස්ලිම් ඉතිහාසයෙහි මුණ ගැසෙන සියලු උපද්‍රවයන්ට යම් ආකාරයක යුදෙව් බලපෑමක් ඇත. වෙනත් ජාතීන්ට ආගම් වලට හා මුස්ලිම් සමාජය සමඟ ගැටුම් ඇති වීමට යුදෙව්වෝ උපකාර කළහ. මුස්ලිම් සමාජයට හානි කිරීමට ඉදිරියට ආ අරාබි පිළිම වන්දනාකරුවන්ට ඔවුහු සහයෝගය දැක්වූහ”. (“යුදෙව්වාදී කුමන්ත්‍රණ” – සංස්කාරක ආචාර්ය ඒ. කරුණාරත්න – පිටු 10 – 11).

යුදෙව්වන්ගේ ඉතිහාසය මෙන්ම වර්තමාන ක්‍රියාකාරකම් දෙස විමසා බැලීමේදී අපට එක් වැදගත් කරුණක් පැහැදිලි ව දකින්නට ඇත. ඔවුන්ගෙන් බහුතරයක් තම අරමුණු හා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස විවිධ ආකාරයේ කපටි හා කුහක උපක්‍රම උපයෝගී කර ගැනීම ඔවුන් අතර පිළිගත් සම්ප්‍රදායක් ව පවතී. විශ්වයේ අධිපති මහා කාරුණික අල්ලාහ් විසින් ඊසා ධර්ම දුතයාණන් වෙත පහළ කරන ලද ‘ඉන්ජීල්’ දේව පණිවිඩය එම යුගයේ ජනයා අතරේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීමට බලය යෙදීම අසාර්ථක බව අවබෝධ කර ගත් යුදෙව්වන් මෙම සත්‍යය දහම විනාශ කිරීම පිණිස අලුත් උපායක් ක්‍රියාත්මක කළහ. මේ අනුව ඊසා ධර්ම දුතයාණන්ගේ දහම අභ්‍යන්තරයෙන් විනාශ කිරීම පිණිස නව වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට උපාය සකස් කළහ. ඊසා ධර්ම දුතයාණන් මෙලොවින් ඉවත් ව දෙවිඳුන් වෙත ගියායින් පසුව එම දහමේ වගකිව යුත්තෙක් ලෙස Paul නොහොත් Saul යන නම් වලින් හැඳින් වූ පාවුලු නම් වූ තැනැත්තා ව ඇතුළත් කොට ඊසා ධර්ම දුතයාණන් මගින් පහළ කරන ලද සත්‍යය දහම එම දහමේ ඇතුළාන්තයේ සිට විකෘති කිරීමට කටයුතු කරන ලදී. සත්‍යය දහම අවබෝධ කර ගෙන සිටි අවංක පිරිස කොතෙක් විරුද්ධතාවන් දැක්වුව ද නිරතුරු ව යුදෙව්වන්ගෙන් ලද නොමද සහයෝගය මත පාවුලුගේ විකෘති කිරීම් සාර්ථක අයුරින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අප වෙත ලැබී ඇත්තේ ඊසා ධර්ම දූතයාණන් දේශිත දහමට වඩා පාවුලුගේ විකෘති කිරීම් අන්තර්ගත කිතුනු දහමය.

විශ්වයේ අධිපති දෙවිඳුන් විසින් මුහම්මද් ධර්ම දුතයාණන් වෙත අල් කුර්ආනය පහළ කොට මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම අදාළ ලොව අවසානය දක්වා පවතින දෙවිඳුන්ගේ අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය ලබා දුන් විට යුදෙව්වන් නැවතත් මෙම දහම තිඹිරි ගෙයිදීම ගෙල සිඳ දමන්නට විවිධ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් හි නියැලුණහ. මෙම කුමන්ත්‍රණ විවිධ පැතිකඩයන් ඔස්සේ ක්‍රියාත්මක කරන ලදී. මෙම උත්සාහයන් හි කොටසක් ලෙස ආරම්භයේ මුහම්මද් තුමාණන් ව ඝාතනය කිරීමට විවිධ උපක්‍රම යෙදුහ. මෙම උපක්‍රමයන් අතරතුර ඉස්ලාමයට හා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව සන්නද්ධ ක්‍රියාවන් හි ද නියැලුණහ. තවත් විටෙක මුස්ලිම් ප්‍රජාව සමග සාමය හා සහයෝගීතා ව පිළිබඳ ගිවිසුම් අත්සන් කොට මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව යුද කිරීමට එන සතුරාට රහසිගත ව උපකාරී කිරීමට ද ඔවුන් විසින් කටයුතු කොට ඇති අවස්ථා ඉතිහාසයේ පිටු අපට හඬ නගා පවසමින් සිටියි. මෙවන් සියලු කුමන්ත්‍රණකාරී එදිරිවාදිකම් මගින් ඊසා ධර්ම දුතයාණන් වෙත පහළ කරන ලද සත්‍යය දහම විනාශ කිරීමට වෙර දරා එම සියලු උත්සාහයන් අසාර්ථක වූ විට එම දහම අභ්‍යන්තරයේ සිට විකෘති කොට විනාශ කිරීමට පාවුළු කෙනෙකු උපයෝගී කර ගත් අයුරින් ම යුදෙව්වන් විසින් ඔවුන්ගේ නියෝජිතයෙකු මගින් ඉස්ලාමය විකෘති කොට විනාශ කිරීමට කටයුතු කරන ලදී. මෙමගින් ඉස්ලාමයේ සත්‍යය මඟ පෙන්වීම විකෘති කිරීම හා මුස්ලිම් ප්‍රජාව භේදබින්න කිරීම ඔවුන්ගේ අරමුණ වූ බව පැහැදිලි ව දකින්නට ඇත. පාවුළු විසින් ඊසා ධර්ම දුතයාණන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ලෙස ම යෙමෙනයේ සිට පැමිණි අබ්දුල්ලා බින් සබා නම් වූ යුදෙව්වෙකු ව ඉස්ලාමිකයෙකු ලෙස කටයුතු කිරීමට සලස්වා ඔවුන්ගේ කුහක න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සහගත ව ඉදිරිපත් වූහ.

මුළුමහත් මනුෂ්‍ය වර්ගයාටම ලොව අවසන් වනතුරු පවතින සත්‍යය දහම ලෙස අල් කුර්ආනය මගින් පහළ කරන ලද අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය සුවිශේෂී ලක්ෂණයන්ගෙන් යුක්ත වූවකි. විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන් විසින් අල් කුර්ආනයට පෙර පහළ කරන ලද සියලු දිව්‍යමය මාර්ගෝපදේශයන් එක් යුගයකට හෝ එක් ජන කොට්ඨාසයකට පමණක් සීමා වූවකි. මෙම හේතුව නිසාම එම දිව්‍යමය මාර්ගෝපදේශයන් සදා සුරක්ෂිත ව තබා ගැනීමේ අවශ්‍යතාව මතු නොවීය. අල් කුර්ආනය ලොව අවසන් වනතුරු සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ඇති අතර එය එලෙසම සුරක්ෂිත කිරීමේ වගකීම විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන් විසින් සහතික කොට ඇත.

“සැබවින්ම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ අපමය. තවද සැබවින්ම එය ආරක්ෂා කරන්නන් වන්නේ ද අපමය”. (අල් කුර්ආන් 15 : 9).

ඉහත අල් කුර්ආන් වැකිය සැබෑ කරමින් යුදෙව් හෝ අන් කිසිදු කුමන්ත්‍රණයකට ඊසා ධර්ම දුතයාණන්ගේ දිව්‍යමය පණිවිඩය විකෘති කළාක් මෙන් අල් කුර්ආනය විකෘති කිරීමට හැකියාවක් කිසිවෙකුටවත් ලැබී නොමැත. මෙය ලොව අවසන් දිනය දක්වා එලෙසම සුරක්ෂිත ව පවතිනු ඇත. නමුත් අබ්දුල්ලාහ් බින් සබා උත්මාන් බින් අෆ්ෆාන් තුමාගේ රාජ්‍ය පාලන කාලයේ මදීනා නගරයට පැමිණ ඉස්ලාමිකයෙකු ලෙස වෙස්වලා ගෙන දෙවිඳුන්ගේ සත්‍යය දහම අනුගමනය කළ පිරිස අතර භේද ඇති කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ෂියා දහමේ මුල් බීජය වැපිරීමේ කටයුතු සිදු වන්නේ අබ්දුල්ලාහ් බින් සබා නම් වූ ඉස්ලාමිකයෙකු ලෙස වෙස්වලා ගත් මෙම යුදෙව් වංචනික හා කුහකයාගේ කපටි ක්‍රියා ආරම්භ කිරීමත් සමගය.

ෂියා දහම ඉස්ලාමයේ ප්‍රභේදයක් ලෙස හුවා දැක්වීමට වෙර දරන ෂියා නායකයින්ට තම ආගමික සංකල්පයේ නායකයා වූ මෙම අබ්දුල්ලාහ් බින් සබා කුහකයාගේ ඉතිහාසය අති බරපතළ අවමානයක් වී ඇති හෙයින් මෑතක දී ඇතැම් ෂියා නායකයින් විසින් අබ්දුල්ලාහ් බින් සබා නමින් කිසිවෙකු ඉතිහාසයේ නොසිටි බවත් එය සැබවින් ම මනඃකල්පිත චරිතයක් පමණක් බවත් දක්වා ඇත. ෂියා දහමේ ආගමික සංකල්පයේ නායකයා වූ අබ්දුල්ලාහ් බින් සබා ඔවුන්ට ඉමහත් අවමානයක් බව අපි පිළිගන්නෙමු. අපගේ ප්‍රශ්නය වී ඇත්තේ ශත වර්ෂ දාහතරක් තිස්සේ ඔවුන්ගේ සියලු ආගමික විද්වතුන් විසින් මෙම චරිතය පිළිබඳ මුණිවත රැක ෂියා දහම ඇති කිරීමේ ක්‍රියාවලියේ දී ඔහුගේ කාර්යභාරය පිළිබඳ කිසිදු මත වෙනසක නොසිටියේ කුමන හේතුවක් නිසාද යන්නය. අබ්දුල්ලාහ් බින් සබා ඓතිහාසික ව මිත්‍යා චරිතයක් බව හුවා දක්වන්නට වෙර දරන ෂියා දහමේ නායකයින්ගේ මතවාදයන් හා ඒ පිළිබඳ ෂියා දහමේ මුලාශ්‍ර ම උපයෝගී කර ගනිමින් මෙම මතවාදයන් හි අර්ථ ශූන්‍යත්වය ඔප්පු කරන තොරතුරු පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් සවිස්තරාත්මක ව ලබා ගත හැක.

http://www.shia.bs/…/the-founder-of-the-shia-sect-is-abdull…
අබ්දුල්ලාහ් බින් සබා සහතික වශයෙන් ම ඓතිහාසික සත්‍යය චරිතයක් බවත් ෂියා දහම බිහි කිරීමේ කටයුත්තේ දී ඔහුගේ දායකත්වය පිළිබඳ අදහස් දක්වන ඔවුන්ගේ ආගමික විද්වතුන් හා කිසි විටෙක වැරදි සිදු විය නොහැකි යැයි ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ මෙම ඉමාම් වරුන් පිළිබඳ ව මෙම නුතන ෂියා මතවාදීන් දක්වන ස්ථාවරය කුමක් ද යන්න ගැන ද දැනගන්නට කැමැත්තෙමු.

අබ්දුල්ලාහ් ඉබ්න් සබා පිළිබඳ ඉස්ලාමීය, බටහිර හෝ ප්‍රාචීනවේදීන්ගේ මුලාශ්‍ර උපුටා නොදක්වා ෂියා දහමේ විශ්වාසය අනුව මිහිතලය මත අල්ලාහ්ගේ නියෝජිතයින් හා කිසි විටෙක වැරදි සිදු විය නොහැකි යැයි ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ ඉමාම් වරුන් දරන මතයන් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. විශ්වයේ අධිපති මහා කාරුණික අල්ලාහ් පිළිබඳ මෙවන් අභූත මත ලියන්නට සිදුවීම පිළිබඳ අල්ලාහ්ගේ සමාව ඇයද සිටින්නෙමු.

පළමුව ෂියා දහමේ අති දැවැන්ත නායකයෙකු, ඉතිහාසඥයෙකු හා වැරදි සිදුවීමෙන් සුරක්ෂිත යැයි විශ්වාස කරන ෂියා ඉමාම් වරයෙකු වූ අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති පිළිබඳ අනෙකුත් පිළිගත් ෂියා නායකයින් පවසන දෑ විමසා පසුව ඔහු අබ්දුල්ලාහ්හ බින් සබා ගැන දක්වන අදහස් විමසා බලමු.

“හිජ්රි වර්ෂ 300 ට පෙර හා පසු භාෂා දැනුමෙන් ශ්‍රේෂ්ඨයෙකු වූ අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති ඔහුගේ සියලු සමකාලිකයින් අබිබවා ගිය අයෙකු විය”. (Al Fihrist: Al Najashi, Page 47 – From Ash Shia was Sunnah Page 22).

“අබූ මුහම්මද්, භාෂා විශාරදයෙක්, දාර්ශනිකයෙක්, (ෂියා) ඉමාම් වරයෙක්, ආගමික විශ්වාසය පිළිබඳ අවංක ලෙස කටයුතු කරන්නෙක්, අති විශ්වසනීයත්වයකින් යුක්ත වූවෙක් හා විද්වතුන් අතුරින් ප්‍රමුඛයෙකු ද විය”. (Al Fihrist: At Tusi, Page 98 – From Ash Shia was Sunnah Page 22).

“අල් හසන් බින් මූසා මෙම ආගමික සම්ප්‍රදායේ කීර්තිමත් පුද්ගලයෙකු වන අතර එහි ශ්‍රේෂ්ඨ විද්වතෙකු ද වෙයි. එතුමා භාෂා විශාරදයෙකු වන අතර මෙම ආගමික විශ්වාසයේ ඉමාම් වරයෙකු ද වෙයි”. (Majaalis al Mumineen – Nurallah At Tasturi – Page 177 – from Ash Shia was Sunnah Page 22)
ෂියා මුලාශ්‍ර පදනම් කර ගනිමින් අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති නම් වූ මෙම ෂියා ඉතිහාසඥයා, විද්වතා හා වැරදි සිදුවීමෙන් සුරක්ෂිත යැයි විශ්වාස කරනු ලබන මෙම ෂියා ඉමාම් වරයා විසින් අබ්දල්ලාහ් බින් සබා පිළිබඳ ව පවසා ඇති දෑ විමසා බලමු.

“අබ්දල්ලාහ් බින් සබා විසින් අබු බක්ර්, උමර්, උත්මාන් සහ මුහම්මද් තුමාණන්ගේ අනෙකුත් සහගාමීන් (සමීප මිතුරන්) ගැන අපවාද නගමින් ඔවුන් ව ප්‍රතික්ෂේප කරන ලදී. මෙලෙස අපවාද නගන ලෙස ඔහු ව දිරිගන්වුයේ අලි තුමා විසින් යැයි ද ඔහු පවසා සිටියේය. අලි තුමා විසින් ඔහු ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහුට එරෙහිව තිබු චෝදනා පිළිගත් අතර අවසානයේදී ඔහුට මරණ දඬුවම නියම කරන ලදී. මේ අවස්ථාවේ අවට සිටි පිරිස ‘අහෝ! විශ්වාසවන්තයින්ගේ නායකයාණෙනි, ඔබතුමා කෙරෙහි හා නබි තුමාණන්ගේ නිවැසියන් වෙත සෙනෙහස හා ඔබතුමාට පක්ෂපාතිත්වය වෙත ජනයා ඇරයුම් කරන්නෙකු කෙරෙහි කෙලෙස නම් මරණ දඬුවම නියම කරන්නේ දැ’යි හඬ නගමින් අසා සිටින්නට වූහ. අලි තුමා විසින් අබ්දල්ලාහ් බින් සබා ව අල් මදායින් (එවකට ඉරානයේ අග නුවර) නගරයට පිටුවහල් කරන ලදී. අලි තුමාගේ දැනුම් තේරුම් ඇති සහායකින් පවසා සිටියේ අබ්දල්ලාහ් බින් සබා යුදෙව්වෙකු වූ අතර ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු අලි තුමාට පක්ෂපාතී ව කටයුතු කළ බව ය. ඔහු යුදෙව්වෙකු ව සිටි අවධියේ ඔහුගේ මතය වූයේ මූසා නබි තුමාණන්ට පසුව වගකීම් පැවරිය යුතු ව තිබුණේ යූෂා බින් නූන් (Yusha Bin Noon – Biblical name Joshua) වෙත බවය. එලෙසම ඉස්ලාමය වැලඳ ගත්තායින් පසු මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසු අලි තුමාණන්ට නායකත්වය දිය යුතු බව ඔහු විසින් හඬ නගන ලදී. අලි තුමාණන්ට (දැනට ෂියා දහමේ ඇති ඉමාම් සංකල්පය අනුව) ඉමාමත්වය ප්‍රසිද්ධියේ පවසා සිටින ලද්දේත් ඔහු විසිනි. එවක් පටන් ෂියා දහමට එරෙහි වන්නන් එම දහමේ මුලාරම්භය යුදෙව් දහමේ පිහිටා ඇති බව පවසති”. (Firaq Al Shia – Nubakthi Pages 43 – 44).

වැරදි කිරීමෙන් හා සිදුවීමෙන් සුරක්ෂිත යැයි ෂියා දහමේ අනුගාමිකයින් විසින් විශ්වාස කරනු ලබන ඉහත අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති නම් වූ ෂියා ඉමාම් වරයා විසින් අබ්දල්ලාහ් බින් සබා පිළිබඳ ව පවසා ඇති දෑ අනුව අපට එළඹිය හැකි නිගමනයන් වෙත අවධානය යොමු කරමු.

1. ෂියා දහමේ වර්තමාන අනුගාමිකයින් විසින් අබ්දල්ලාහ් බින් සබා අනුගමනය කරමින් මහා කාරුණික දෙවිඳුන්ගේ අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ ඉමහත් ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ එතුමාණන්ගේ මිතුරන් වූ අබූ බක්ර්, උමර් උත්මාන් හා අනෙකුත් සහාබාවරුන් (නබි තුමාණන්ගේ සමීප මිතුරන්) හට අපහාස කිරීම ප්‍රසිද්ධියේ කර ගෙන යති. මෙම කරුණ සම්බන්ධයෙන් වර්තමාන ෂියා දහමේ සාමාජිකයින් කිසිදු පැකිලීමකින් තොර ව අබ්දල්ලාහ් බින් සබා ව අනුගමනය කරමින් සිටිති.

2. අබ්දල්ලාහ් බින් සබා කළාක් මෙන් වර්තමාන ෂියා අනුගාමිකයින් ඉතා වංචනික අයුරින් තමන්ගේ ඉස්ලාම් විරෝධී ක්‍රියාවන් සඳහා අලි තුමාගේ නම යොදා ගනිති. ෂියා දහමේ නායකයා වූ අබ්දල්ලාහ් බින් සබා එවකට මෙලෙස කටයුතු කළ ද අලිතු මාණන් ඉතා පැහැදිලි ලෙස ම තමන් ව මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ගෙන් දුරස්ථ කරගත් බව ඔහුට දුන් දඬුවම් මගින් පැහැදිලි ලෙස ම දක්නට ඇත.

3. වර්තමාන ෂියා දහමේ ඇති මූලික සංකල්පයක් වූ සියලු වැරදි සිදුවීමෙන් හා කිරීමෙන් සුරක්ෂිත යැයි විශ්වාස කරනු ලබන ‘ඉමාමත්’ තනතුර පළමු වරට ලොවට ඉදිරිපත් කරන ලද්දේ අබ්දල්ලාහ් බින් සබා විසින් බව ඉහත ෂියා ඉමාම් වරයාගේ ප්‍රකාශනයෙන් පැහැදිලි ලෙස ම ඔප්පු වෙයි.

4. ෂියා දහමේ අනුගාමිකයින්ගේ ප්‍රතිපත්තියක් වූ දහම සම්බන්ධ ව සත්‍යය වසන් කොට අසත්‍ය ප්‍රකාශ කිරීමේ ‘අල් තක්යා’ පිළිවෙතේ නිර්මාතෘවරයා ද වන්නේ අබ්දල්ලාහ් බින් සබා බව ඉහත කරුණු ඔප්පු කරයි.

මෙම කරුණු සියල්ල වෙත අවධානය යොමු කිරීමේදී ෂියා දහමේ ආරම්භකයා සහතික වශයෙන්ම කුමන්ත්‍රණකාරී මෙන් ම ඉතා වංචනික අයුරින් කටයුතු කළ යුදෙව්වකු ව සිටි අබ්දල්ලාහ් බින් සබා බව කිසිදු සැකයකින් තොරව ඔප්පු වන සත්‍යයකි. මෙම මතය ඔප්පු කිරීමට ඉහත සාක්ෂි ප්‍රමාණවත් නොවේ යැයි යමෙක් තර්ක කරන්නේ නම් ඔවුන්ගේ අවධානය පිණිස ෂියා සම්ප්‍රදායේ පිළිගත් සාක්ෂි අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළ හැක. එයින් තවත් එක් වැදගත් සාක්ෂියක් පහතින් ඔබගේ අවධානය පිණිස උපුටා දක්වා ඇත්තෙමු.

අබු අම්ර් බින් අබ්දුල් අසීස් අල් කෂි, ෂියා දහමේ ආරම්භක චරිතාපදාන ගත් කතුවරයෙකු වන අතර ඔහු විසින් ලියන ලද ‘රිජාල් අල් කෂි’ නම් ග්‍රන්ථයට හැඳින්වීමක් සපයන්නා විසින් ඔහු පිළිබඳ ව ලියා තිබු කරුණු කෙරෙහි පළමු ව අවධානය යොමු කරමු.

“ඔහු විශ්වාසවන්තය, නිපුණතාවන්ගෙන් යුක්තය, සාම්ප්‍රදායන් හා පුද්ගල විස්තර පිළිබඳ විශේෂඥවරයෙකි, (ෂියා) දහම පිළිබඳ අවංක ලෙස කටයුතු කරන්නෙකි. චරිතාපදාන පිළිබඳ වැදගත් ග්‍රන්ථ හතරකි. මේ අතුරින් වඩාත් ආරම්භක යුගයට අයත් ග්‍රන්ථය නම් ‘මාරිෆත් අල් නඛීලීන් අනිල් අයිමාහ් අස් සාදිඛීන් නම් වූ ග්‍රන්ථය වන අතර එම ග්‍රන්ථය පොදුවේ ජනයා අතර ප්‍රසිද්ධ වී තිබුණේ රිජාල් අල් කෂි නමිනි.” (Rijaal Al Kashshi – Introduction by Al Najaashi).

මෙලෙස අප උපුටා දක්වන්නට තෝරා ගනු ලැබූ විද්වතා පිළිබඳ ෂියා දහමේ ඇති විශ්වසනීයත්වය පැහැදිලි ලෙස ස්ථාපිත කර ගැනීමෙන් පසු මෙම ෂියා විද්වතා දක්වන අදහස් වෙත අපගේ අවධානය යොමු කරමු.

“දැනුම් තේරුම් ඇති පිරිස පවසා සිටියේ අබ්දල්ලාහ් බින් සබා යුදෙව්වෙකු වූ අතර ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු අලි තුමාට පක්ෂපාතී ව කටයුතු කළ බව ය. ඔහු යුදෙව්වෙකු ව සිටි අවධියේ ඉතා අන්තවාදී ලෙස කටයුතු කරමින් අදහස් දක්වා ඇති බව සඳහන් වේ. ඔහුගේ මතය වූයේ මූසා නබි තුමාණන්ට පසුව වගකීම් පැවරිය යුතු ව තිබුණේ යූෂා බින් නූන් (Yusha Bin Noon – Biblical name Joshua) වෙත බවය. එලෙසම ඉස්ලාමය වැලඳ ගත්තායින් පසු මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසු අලි තුමාණන්ට නායකත්වය දිය යුතු බව පවසා සිටිනු ලැබුවේ ඔහු විසිනි. අලි තුමාණන්ට (දැනට ෂියා දහමේ ඇති ඉමාම් සංකල්පය අනුව) ඉමාමත්වය ප්‍රසිද්ධියේ පවසා සිටින ලද්දේත් ඔහු විසිනි. ඔහුගේ විරුද්ධවාදීන් සමග ඔහු විවාද කළ අතර ඔහුගේ මතවාදයන්ට එරෙහි වූවන් ව ඔහු විසින් ප්‍රතික්ෂේපකයින් (කාෆිර්) ලෙස හඳුන් වන ලදී. එවක් පටන් ෂියා දහමට එරෙහි වන්නන් එම දහමේ හා එහි ප්‍රභේදයක් වූ රාෆිදා වරුන්ගේ මුලාරම්භය යුදෙව් දහමේ පිහිටා ඇති බව පවසති”. (Rijal Al Kashshi – Abu Amr Bin Abdul Aziz Al Kashshi – Page 101).

ඉහතින් ගෙන හැර දක්වන ලද ෂියා දහමේ පිළිගත් ඉමාම් සහ තවත් විද්වතෙකුගේ කරුණු දැක්වීම් අනුව ෂියා දහමේ ආරම්භකයා හා ආදී කර්තෘ වරයා අන් කිසිවෙකු නොව යුදෙව්වෙකු වූ අබ්දල්ලාහ් බින් සබා නම් වංචනික හා කුමන්ත්‍රණකාරී යුදෙව්වා බව පැහැදිලි ලෙසම ඔප්පු වන කරුණකි. යමෙකුට මේ පිළිබඳ මෙයට වඩා සාක්ෂි අවශ්‍ය නම් තවත් නොබිඳිය හැකි ෂියා මුලාශ්‍රයන්ගෙන් කරුණු ගෙන හැර දක්වන්නට සූදානමින් සිටින්නෙමු.

ඉහතින් ගෙන හැර දැක් වූ විස්තරයන් සනාථ කරන තොරතුරු ‘යුදෙව්වාදී කුමන්ත්‍රණ’ නම් වූ ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“යුදෙව්වෝ එක් අපකාරයකින් තවත් අපකාරයකට පිවිසෙමින් කාර්ය බහුල වූහ. එහෙත් පාලක උමර් තුමාගේ කාලයේ අග ඔවුහු සමාජ දූෂණ පැතිර වීමට බල රහිත වූහ. මුල් මුස්ලිම් තෙවැනි පාලක උත්මාන් තුමාගේ කාලයේ දී ඔවුහු නැවත ක්‍රියාශීලී වූහ. ඔවුන් අතින් සමාජය නොමඟ යවන ලදී. ඉක්බිති බනු හාෂිම් සහ බනු උමය්යද් යන මුස්ලිම් ගෝත්‍ර අතර ගෝත්‍රවාදී අරගලයක් උපදවීමට අවස්ථාවක් එවක යුදෙව් නායක අබ්දල්ලාහ් බින් සබාට සහ ඔහුගේ කල්ලියට පිරිනැමිණි. එහි දී ඔවුන් යෙදුණේ අහිංසක ලීලාවෙනි. ඔවුහු ඒකීය දෙවියාගේ අවසන් දූතයාගේ අනුප්‍රාප්තිකයින්ගේ නීත්‍යනුකුලභාවය ගැන විමසූහ. ඉන් ඉපදුණු අරගලය නිසා පාලක උත්මාන් තුමා ඝාතනය කෙරිණි. ඉක්බිති ව පත් පාලක අලි තුමා ද මුස්ලිම් සහෝදරත්වයේ කෙලසීමෙන් දුක් වින්දේය. නොයෙක් ගැටුම් වල දී මුස්ලිම් සහෝදරත්වයේ කල්ලිවාදයෙන් ඔහු අපහසුතාවකට ලක් විය. මුස්ලිම් ලේ වැගිරීම් වල අවසානය දුටුවේ අලිගේ ඝාතනයෙනි. එතැනින් යුදෙව් පළිගැනීම් හමාර නොවීය. මුල් මුස්ලිම් යහ මඟ ලද පාලන හතර හෙවත් අබු බක්ර්, උමර්, උත්මාන් සහ අලි ගේ පාලන ඉස්ලාමීය විශ්වාසයේ වර්ධනයට ද එහි පැවැත්මට ද වැදගත් ය. යුදෙව් නායක අබ්දල්ලාහ් බින් සබා එය වැනසීමට යෙදිණ. දූෂිත උමයියද් පාලන සමයේ දී ඉස්ලාමීය මූල ධර්ම වලින් ඉවතට ගිය නායක ග්‍රහණයට මුස්ලිම් පාලනය හසු කරවීමට සබා කුමන්ත්‍රණ කළේය. අවාසනාවකට දෝ ඔහු ජය ගත්තේය”. (“යුදෙව්වාදී කුමන්ත්‍රණ” සංස්කාරක ආචාර්ය ඒ. කරුණාරත්න – පිටු 9 – 10).

ෂියා දහමේ පියවරුන් යුදෙව්වන් බවත් එම යුදෙව්වාදී කුමන්ත්‍රණයන් හි ප්‍රතිඵලයක් වශයෙන් ෂියා දහම බිහි වූ බවත් ඉහත කරුණු අපට පැහැදිලි අයුරින් ඔප්පු කර පෙන්වයි. වර්තමානයේදී ද මෙම යුදෙව්වාදී කුමන්ත්‍රණ අප සමාජය තුළ ක්‍රියාත්මක වීමට වෙර දරමින් සිටින බව දකින්නට ඇත. නිවැරදි මඟ අනුගමනය කරමින් සිටි පිරිසෙන් අල්පයක් ජනයා ඔවුන්ගේ කපටි උපක්‍රම හා මුදලට යට වීමේ ප්‍රතිඵලයක් ලෙස නොමග ගොස් ඇති බව ද දකින්නෙමු. මෙලෙස වැරදි පිළිවෙතට පිවිසි අල්පයක් ජනයා කෙරෙහි සානුකම්පිත ලෙස කටයුතු කොට ඔවුන් ව නිවැරදි මෙන්ම මොලොව හා මරණින් මතු ලොව ජය අත්පත් කර ගැනීමට ඇති සත්‍යයේ එකම මාවතට ආරාධනා කරන්නට කටයුතු කරමු. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට විශ්වයේ අධිපති මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරය නිරතුරුව ඇයද සිටින්නෙමු.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *