පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න!
ෆස්ලි ශහීද්
පිළිතුර: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ පහත සඳහන් වේ.
ජනාසා සලාතයට සහභාගිවීමේ
වැදගත්කම:
දේහයක් පසු පසින් ගමන් කිරීම, එය වෙනුවෙන් පවත්වනු ලබන අවසන් සලාතයට සහභාගිවීම අධික ප‍්‍රසාදයන් අල්ලාහ් ඉදිරියේ ලැබීමට හේතු වේ. කෙනෙකු ජනාසා සලාතය ඉටු කර, භූමිදාන කටයුතු නිමවන තෙක් සිටියේ නම් මහා කඳු පර්වතයක ප‍්‍රමාණයට කුසල් සම්භාරයන් ලබාගෙන හැරෙන්නේය. මෙසේ කුසල් වැඩි වශයෙන් ලබාගත හැකි යහපත් කටයුතු වලට සහභාගි වීම සඳහා උත්සුක විය යුතුය.
”මුස්ලිමෙක් තම මුස්ලිම් සහෝදරයා වෙනුවෙන් කළ යුතු යුතුකම් පහකි: සලාමයට පිළිතුරු සැපයීම, ඔහු රෝගාතුරවූ විට සුව දුක් විමසීම, ඔහුගේ දේහය පසු පසින් ගමන් කිරීම, ඔහුගේ ආරාධනාව පිළිගැනීම, කිඹුහුම් ගිය අවස්ථාවේ ඔහු අල්ලාහ් ප‍්‍රශංසා කළ විට ඔහු වෙනුවෙන් ප‍්‍රාර්ථනා කිරීම” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. විස්තරකරන්නේ: අබූහුෙරෙරා රලියල්ලාහු අන්හු තුමා. මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්.
”විශ්වාසයෙන් යුතුව, ප‍්‍රසාදයන් අපේක්‍ෂා කරමින්, යම් මුස්ලිමෙකුගේ දේහය පසු පසින් ගමන් කර, ඒ වෙනුවෙන් සලාතය කර, භූමිදාන කටයුතු නිමවන තෙක් කෙනෙකු සිටියේ නම් ඔහු ”කීරාත්” දෙකක ප‍්‍රමාණයේ කුසල් ලබාගෙන හැරෙන්නේය. කීරාතයක් යනු උහද් පර්වතය මෙන් සුවිශාලය. කෙනෙකු සලාතයට පමණක් සහභාගිවී භූමිදාන කටයුතුවලට සහභාගි නොවී හැරෙන විට කීරාතයක කුසල් ඔහුට ලැබෙන්නේය.” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. විස්තරකරන්නේ: අබූහුෙරෙරා රලියල්ලාහු අන්හු තුමා. මූලාශ‍්‍රය: බුහාරි.
”දවසක් නබි (ﷺ) තුමන් රැස්ව සිටී සිය මිතුරන්ගෙන් ඔබලා අතුරින් අද උපවාසයෙන් පසුවන්නේ කවුදැයි විමසූ විට අබුබක්කර් රලියල්ලාහු අන්හු තුමා තමන් යැයි පිළිතුරු දුන්හ. අද ඔබලා අතුරින් රෝගියෙකුගේ සුවදුක් විමසුවේ කවුදැයි? එතුමන් ප‍්‍රශ්න කළ විට ද, අබූබක්ර් රලියල්ලාහු අන්හු තුමා තමන් යැයි පිළිතුරු දුන්හ. අද දින ඔබලා අතුරින් කවුරුන් හෝ කෙනෙකුගේ අවසන් කටයුතු වලට සහභාගිවූයේ ද? යනුවෙන් විමසූ විට ද, අබූබක්ර් රලියල්ලාහු අන්හු තුමා තමන් යැයි පිළිතුරු දුන්හ. අද දින ඔබලා අතුරින් දිළිඳෙකුට ආහාර සැපයුවේ කව්දැයි විමසූ විට ද, තමන් යැයි අබුබක්ර් රලියල්ලාහු අන්හු තුමා පිළිතුරු දුන්හ. එවිට නබි (ﷺ) තුමන් කව්රුන් වෙත ඉහත සඳහන් කරුණු (දිනක් ඇතුලත) කිරීමට භාග්‍යය උදාවෙයි ද ඔහු සැබවින්ම ස්වර්ගයට පිවිසෙනු ඇත යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ.විස්තරකරන්නේ: අබූහුෙරෙරා (රලියල්ලාහු අන්හු තුමා). මූලාශ‍්‍රය: මුස්ලිම්.
ජනාසාව පසු පසින් ගමන් කිරීම :
”ජනාසාව පසු පසින් ගමන් කරන්නන් වාහනයක හෝ පා ගමනින් ගමන් කළ හැක. එනමුත් වාහනවල ගමන් කරන්නන් ජනාසාව පසු පසින් හා පා ගමනින් ගමන් කරන්නන් ජනාසාව ඉදිරියෙන්, පසු පසින්, දකුණු පසින්, වම් පසින් එය පිරිවරාගෙන එයට සමීපව ගමන් කළ යුතුය.
”වාහනයක ගමන් කරන්නා ජනාසාවට පසුපසින් හා පා ගමනින් ගමන් කරන්නා ඉදිරියෙන්, පසුපසින්, දකුණු පසින්, වම් පසින් එයට සමීපව ගමන් කළ යුතුය” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. වාර්තාකරන්නේ: මුඊරා ඉබ්නු ෂුඃබා රලියල්ලාහු අන්හු තුමා. මූලාශ‍්‍රයන්: අබූදාවූද්, තිර්මිදි, හාකිම්, ෙබෙහකි, අහ්මද්, ඉබ්නු අබී ෙෂෙබා.
ජනාසාව (දේහය) තම උරහිස මත තබා ඔසවාගෙන යන්නනන් ඉක්මනින් එය රැගෙන යා යුතුය තමන්ගේ උරහිසෙහි අධික වේලාවක් තබා නොසිටිය යුතුය!
”ජනාසාව (දේහය) ඉක්මනින් රැගෙන යන්න! එය යහපත් නම් යහපත් (අවසානය වෙත) එය රැගෙන ගියවුන් වන්නේය. එය අයහපත් නම් ඔබගේ උරහිසෙන් (ඉක්මනින් එය) බැස තැබූ අය වන්නෝය” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. වාර්තාකරන්නේ: අබුහුෙරෙරා රලියල්ලාහු අන්හු තුමා. මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්, අහ්මද්, අබූදාවුද්, නසයි, තිර්මිදි, ඉබ්නු මාජා.
”ජනාසාවක (දේහයක කටයුතු නිමවීමත් සමග) එය පිරිමින් තමන්ගේ උර හිස මත තබා ඔසවන්නෝය, එවිට (එම දේහය* යහපත් වේ නම් මා ඉක්මනින් රැුගෙන යන ලෙස! එය පවසයි. එය අයහපත් නම්, අහෝ! මාගේ ඥාතීන්ගෙන් (ඈත් කර) මා රැගෙන යන්නේ කොහේද? යනුවෙන් හඬ නගයි. මෙම ශබ්දය මිනිසා හැර අන් සියල්ල ශ‍්‍රවණය කරයි. යම් විටක මෙම ශබ්දය මිනිසාට ශ‍්‍රවණය කිරීමට සිදුවූයේ නම් ඔහුගේ හුස්ම හිරවනු ඇත” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. වාර්තාකරන්නේ: අබූසයීද් අල් කුද්රි රලියල්ලාහු අන්හු තුමා, මූලාශ‍්‍රය: බුහාරි.
භූමිදාන කටයුතු කිරීම සඳහා
තහනම්ව පවතින වේලාවන් :
ජනාසා සලාතය ඉටු නොකළ යුතු වේලාවන් තුනක් පවති අතර එම වේලාව තුළ මිහිදන් කටයුතු ද නොකළ යුතුය!
”හිරු උදාවීමට ආරම්භවී එය සම්පූර්ණයෙන් පායන තෙක්, හිරු මුදුන් වූ විට, හිරු බැස යෑම පටන් ගෙන සම්පූර්ණයෙන් බැස යන තෙක්, මේ වේලාවන් තුළ (ජනාසා) සලාතය කිරීම හා මිහිදන් කිරීම නබි (ﷺ) තුමන් තහනම් කළහ.
වාර්තාකරන්නේ: උක්බා ඉබ්නු ආමිර් රලියල්ලාහු අන්හු තුමා. මූලාශ‍්‍රයන්: නසායි, ඉබ්නුමාජා.
ජනාසා සලාතය අනිවාර්්‍යයද?
කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් ජනාසා සලාතය කිරීම සෑම පුද්ගලයෙකු වෙතම අනිවාර්්‍යය නොවේ. ඒ වෙනූවට එය සමාජීය වගකීමකි. ගමක වැසියන් අතුරින් කිහිප දෙනෙකු එය ඉටු කිරීමවූවද ප‍්‍රමාණවත් වේ.
”ණය බරින් යුත් කෙනෙකුගේ දේහයක් ගෙන එනූ ලැබූ අවස්ථාවේ මෙම දේහයට ඔබලා සලාතය ඉටු කරන්න යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. සෙසු අය ඉටු කළ මෙම සලාතයට නබි (ﷺ) තුමන් සහභාගිවූයේ නැත.” (මූලාශ‍්‍රය: බුහාරි).
අවම වශයෙන් තිදෙනෙකු ජනාසා සලාතයකට සහභාගිවූ පුවතක් වාර්තා වෙයි.
”අබූ තල්හා (රලි* තුමන්ගේ පුත‍්‍රයා ”උමෙයිර්” මිය ගිය අවස්ථාවේ, නබි (ﷺ) තුමන්ට අබූ තල්හා (රලි) ඇරයුම් කළේය. අබූ තල්හා (රලි) තුමන්ගේ නිවසට පැමිණී නබි (ﷺ) තුමන් එම නිවසෙහිම ජනාසා සලාතය ඉටු කළහ. නබි (ﷺ) තුමන් ට පසු පසින් අබූ තල්හා ද අබූ තල්හාට පසු පසින් (දරුවාගේ මව වන) උම්මු සුලෙයිම් රලි ද සිටගෙන සලාතය ඉටු කළහ. ඒ හැර වෙන කිසිවෙකු සහභාගිවූයේ නැන.” (මූලාශ‍්‍රය: හාකිම්).
මෙම පුවත තුළින් තහවුරු වන කරුණු මෙසේය:
ජනාසා සලාතය ඉටු කළ යුත්තේ මස්ජිදයෙහි පමණි යනු වැරදි මතයකි. නිවසේවූවද ජනාසා සලාතය ඉටු කළ හැක.
කාන්තාවන් ජනාසා සලාතයට සහභාගිවීමේ කිසිදු තහනමක් නැත. කාන්තාවන්ට ද ජනාසා සලාතය ඉටු කළහැක.
ජනාසා සලාතයේදී ඉමාම් සමග සිටින්නේ කෙනෙකුවූව ද ඔහු ඉමාම් සමග නොව ඉමාම්ට පසු පසින් සිටිය යුතුයි.
කාන්තාවන් පිරිමීන්ට පසුපසින් සිටිය යුතුයි.
ජනාසා සලාතයෙහි ඉමාමත් කිරීම සඳහා ඉතා සුදුසු කවුද?
කෙනෙකු මිය ගිය විට ඔහු වෙනුවෙන් ජනාසා සලාතය පැවැත්වීම සඳහා ඉතා සුදුසුම අය වන්නේ ඔහුගේ ලේ ඥාතීන්ය. ඔවුන් එම අවස්ථාව වෙනත් අයට ලබාදුන් විට පමණයි ඔවුන්ට කළ හැක්කේ.
”කිසියම් මිනිසෙකෙුගේ පරමාධිපත්‍ය සම්බන්ධව හෝ පවුලේ උදවිය සම්බන්ධව හෝ ඔබ ඉමාම් (නායකයා) බවට පත්නොවන්න” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ: අබූ මස්ඌද් (රලි) තුමන්. මූලාශ‍්‍රය: මුස්ලිම්).
එයට අදාළ අයගේ අවසරයකින් තොර තම අණසක පතුරුවාලීම මෙයින් තහනම් කෙරේ. මෙම නියෝගයට විවාහ ගිවිසුම, ජනාසා සලාතය සෙසු සියළු කටයුතු අන්තර්ගත වේ.
ජනාසා සලාතය අවස්ථාවේදී
සිටිය යුතු ස්ථානය:
දේහය පිරිමියෙකුගේ නම් සලාතය මෙහෙයවන ඉමාම්, ජනාසාව ඉදිරියෙන් හරස් අතට තබා එහි හිසට කෙළින් ද, කාන්තාවකගේ නම් එම දේහයට මධ්‍යස්ථව ද සිට සලාතය මෙහෙයවිය යුතුය.
”කාන්තාවක් පාචනය වැළඳීම නිසා මිය ගියේය. ඇය වෙනුවෙන් සලාතය ඉටු කළ නබි (ﷺ) තුමන් එම දේහයට මධ්‍යස්ථව සිටියේය” (විස්තර කරන්නේ: සමුරා බින් ජුන්දුබ් (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි).
”අනස් (රලි) තුමන් පිරිමියෙකුගේ දේහයක් සඳහා (ජනාසා) සලාතය, එහි හිසට කෙළින් සිට ඉටු කළහ. මද වේලාවකින් පසු කාන්තාවකගේ දේහයක් රැුගෙන එනු ලැබීය, එම දේහයට මධ්‍යස්ථව සිට සලාතය ඉටු කළහ. නබි (ﷺ) තුමන් (ජනාසා) සලාතය ඉටු කළේ මෙසේදැයි එතුමන්ගෙන් විමසන ලදී. එයට එතුමන් එසේය” යනුවෙන් පිළිතුරු දුන්හ. (වාර්තාකරන්නේ: අබූකාලිබ්. මූලාශ‍්‍රයන්: අහ්මද්, තිර්මිදි, ඉබ්නුමාජා).
දෝවනය අනිවාර්්‍යයද?
ජනාසා සලාතයෙහි රුකු, සුජූද් නොමැති බැවින් මෙයට දෝවනය අනිවාර්්‍යය නොවන බව සමහර විද්වතුන්ගේ මතය වූවද එයට සාධක නොපවතී.
”සලාතයෙහි යතුර දෝවනය වේ. එහි ආරම්භය තහ්රීමා (අල්ලාහු අක්බර් පැවසීම) ද එහි නිමාව තස්ලීම් (සලාම් පැවසීම) යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අලි (රලි), මූලාශ‍්‍රයන්: අබූදාවුද්, තිර්මිදි).
ජනාස සලාතය ද තක්බීර් පවසා ආරම්භ කර සලාම් පවසා නිම කරන බැවින් මෙයට ද දෝවනය අනිවාර්්‍යය වේ.
කිබ්ලාවට මුහුණලා සිටීම:
සෙසු සලාතයන් සඳහා කිබ්ලාවට මුහුණලා සිටීම කෙසේ අනිවාර්්‍යයද එසේම ජනාසා සලාතය සඳහා ද කිබ්ලාවට මුහුණලා සිටීම අනිවාර්්‍යය.
”ඔබ සලාතය සඳහා සිටින විට දෝවනය පරීපූර්ණව කර, කිබ්ලාවට මුහුණලා සිටින්න” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි), මූලාශ‍්‍රය: බුහාරි).
මස්ජිදයෙහි ජනාසා සලාතය කිරීම:
ජනාසා සලාතය මස්ජිදයෙහි ඉටු කිරීමට කිසිදු තහනමක් නැත. නමුත් අපේ වත්මන් සමාජය හුරු වී සිටින්නාසේ මස්ජිදයෙහි පමණයි කළ යුත්තේ යනු වැරදි මතයකි.
”සහ්ල් (රලි) හා ඔහුගේ සහෝදරයා මරණයට පත්වූ විට මස්ජිදයෙහි ඔවුන් වෙනුවෙන් නබි (ﷺ) තුමන් (ජනාසා) සලාතය ඉටු කළහ”. (වාර්තා කරන්නේ: ආයිෂා (රලි), මූලාශ‍්‍රය: මුස්ලිම්).
ජනාසා සලාතය කළ යුතු ආකාරය :
ජනාසා සලාතයෙහි රුකුඃ, සුජූද් නොමැත, සිටගෙන සිටින එම ඉරියව්වේම තක්බීර් හතරක් පැවසිය යුතුය. මුල්ම තක්බීරය පැවසීමෙන් පසු සූරතුල් ෆාතිහා පාරායනය කළ යුතුය. දෙවැනි තක්බීරයෙන් පසු නබි (ﷺ) තුමන්ගේ නමින් සලවාත් කිව යුතුය. තෙවැනි හා සිව්වැනි තක්බීරයන් අතර තුර එම ජනාසාව වෙනුවෙන් ප‍්‍රාර්ථනා (දුආ) කළ යුතුය. පසුව දෙපැත්තට හැරි සලාම් කිව යුතුය.
”නබි (ﷺ) තුමන් නජ්ජාෂි (රලි) වෙනුවෙන් (ජනාසා) සලාතය කළ විට තක්බීර් හතරක් පැවසූහ.”
වාර්තාකරන්නේ: අබුහුෙරෙරා (රලි). මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්.
”ජනාසා සලාතයෙහි ඉමාම් තක්බීර් පැවසීමෙන් පසු, අල් හම්දු සූරාව පාරායනය කිරීම ද, පසුව සෙසු තක්බීරයන් අතර තුර සලවාත් පැවසීම, මරණයට පත්වූ පුද්ගලයා වෙනුවෙන් දුආ (ප‍්‍රාර්ථනා) කිරීම, මෙම තක්බීරයන් අතර තුර කිසිදු කුර්ආන් පාඨයක් පාරායනය නොකර සිටීම නබි (ﷺ) තුමන්ගේ මගපෙන්වීම විය.” යනුවෙන් මිත‍්‍රයෙකු පවසයි.
වාර්තාකරන්නේ: අබූ උමාමා ඉබ්නු සහ්ල් (රලි). මූලාශ‍්‍රය : නසායි.
”නබි (සල්) තුමන් (ජනාසා සලාතයෙහි) තක්බීර් හතරක් පැවසූහ. (සිව්වැනි තක්බීරයෙන් පසු) පස් වැනි තක්බීරය පවසයිදෝ යනු මා සිතු විට දකුණු පසට හා වම් පසට හැරි සලාම් කීවේය”. වාර්තාකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබු අව්ෆා (රලි). මූලාශ‍්‍රය : බයිහකි.
පස් වරක් තක්බීර් පැවසීම:
පස් වරක් තක්බීර් පවසා ජනාසා සලාතය කිරීමට ද සාධක පවතී. ”සෙයිද් (රලි) සිව් වරක් තක්බීර් පවසා ජනාසා සලාතය ඉටු කරයි. වරක් ජනාසා සලාතය පස් වතාවක් තක්බීර් පවසා ඉටු කළේය. මේ පිළිබඳ පසුව මා එතුමන්ගෙන් විමසුවෙමි. එයට නබි (ﷺ) තුමන් පස් වරක් තක්බීර් පවසා ජනාසා සලාතය ඉටු කර ඇත” යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: අබ්දුර් රහ්මාන් බින් අබීලයිලා. මූලාශ‍්‍රය: මුස්ලිම්).
සිව් වරක් තක්බීර් පැවසීමයි නබි (ﷺ) තුමන් බහලුව කර ඇත්තේ. නමුත් කලාතුරකින් පස් වරක් තක්බීර් පවසා ඇත යනු මෙයින් ගම්‍යයමාන වෙයි.
පස් වතාවකට අධිකව හය වරක්, හත් වරක්, නම වරක් නබි (ﷺ) තුමන් තක්බීර් පැවසූ බව සමහර පුවත් වල සඳහන් වූව ද ඒ සියල්ල දුර්වල වේ.
මිය ගිය දේහයක් වෙනුවෙන් සලාතය කරන විට පිවිතුරු චේතනාවෙන් ඔහු වෙනුවෙන් ප‍්‍රාර්ථනා කළ යුතුය.
”ඔබ මියි ගිය (දේහය) වෙනුවෙන් සලාතය කළේ නම් පිවිතුරු සිතකින් ඔහු වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්න” යනුවෙන් නබි (ﷺ) තුමන් ප‍්‍රකාශ කළහ. (වාර්තාකරන්නේ: අබූහුරෙයිරා (රලි). මූලාශ‍්‍රය: අබූදාවූද්).
ජනාසා සලාතයෙහි
ප‍්‍රථම තක්බීරය පැවසීමෙන් පසු :
ජනාසා සලාතයෙහි මුල්ම තක්බීරයෙන් පසු අල්ෆාතිහා පරිච්ඡේදය පාරායනය කළ යුතුය.
”මා ඉබ්නු අබ්බාස් (රලි) තුමන් සමග ජනාසා සලාතයකට සහභාගිවූයෙමි. එවිට එතුමන් අල් හම්දු සූරාව (ශබ්ද නගා) පාරායනය කළහ. සලාතය නිමවීමෙන් පසු මෙය නබි (ﷺ) තුමන්ගේ මග පෙන්වීමක් යැයි ජනතාව දැන ගැනීම පණිසයි මා ශබ්ද නගා පාරායනය කළේ” යනුවෙන් පැවසූහ. (වාර්තාකරන්නේ: තල්හා ඉබ්නු අව්ෆ් (රලි). මූලාශ‍්‍රයන්: බුහාරි, තිර්මිදි, අබූ දාවූද්.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) තුමන් පසු පසින් සලාතයෙහි නිරතවූ අයට ඇසෙන ආකාරයට අල්ෆාතිහා පරිච්ඡේදය පාරායනය කළේ මෙය නබි (ﷺ) තුමන් මඟ පෙන්වීමක් යනු ජනතාව දැනගැනීම පිණිසයි.
මෙය සමග අපට දන්නා වෙනත් පරිච්ඡෙදයක් පාරායනය කිරීමට ද සාධක පවති.
”ඉබ්නු අබ්බාස් (රලි) පසු පස සිට ජනාසා සලාතයකට සහභාගිවූයෙමි, එතුමන් අල්හම්ද් පරිච්ඡේදය හා තවත් පරිච්ඡේදයක් අපට ඇසෙන අයුරින් පාරායන කළහ. සලාතය නිමවීමත් සමග එතුමන්ගේ අතින් අල්ලා මේ පිළිබඳ ප‍්‍රශ්න කළෙමි. මෙය නබි (ﷺ) තුමන්ගේ ආදර්ශය හා සත්‍යය වේ” යනුවෙන් පිළිතුරු දුන්හ. (විස්තර කරන්නේ: තල්හා ඉබ්නු අබ්දුල්ලාහ් (රලි), මූලාශ‍්‍රය: නසායි).
”මුල්ම තක්බීරෙයෙන් පසු අල්හම්දු පරිච්ඡේදය තමන්ට ඇසෙන අයුරින් පාරායනය කිරීම. පසුව තුන් වරක් තක්බීර් පැවසීම, අවසන් වශයෙන් සලාම් කීම නබි (සල්) තුමන්ගේ මඟ පෙන්වීම වේ. (විස්තර කරන්නේ: අබූ උමාමා (රලි), මූලාශ‍්‍රය: නසායි).
අල්ෆාතිහා පරිච්ඡේදය පමණක් පාරායනය කිරීමට ද ඒ සමග තවත් පරිච්ඡේදයක් පාරායනය කිරීමට ද සාධකපවති.
අල්-ෆාතිහා පරිච්ඡේදය:
”බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර් රහීම්. මාලිකි යව්මිද්දීන්. ඉයියාක නඃබුදු වඉයියාක නස්තඊන්. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. සිරාතල්ලදීන අන්අම්ත අෙලෙහිම්, ගයිරිල් මඃලූබි අෙලෙහිම් වලල්ලාල්ලීන්.
තේරුම: මහා දයාන්විත පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. විශ්වයේ අධ්පතිවූ අල්ලාහ්ට සියළු පැසසුම් හිමිවේ. ඔහු අසීමිත කරුණාවන්තයා ද, අපරිමිත දයාවන්තයා ද වේ. ඔහු විනිශ්ච දිනයෙහි අධිපති වේ. අපි ඔබම නමදිමු ඔබගෙන්ම පිහිට පතමු. අපට සෘජු මාර්ගය පෙන්වා දෙනු මැනව. ඔබගේ උදහසට භාජනවු හෝ උන්මාර්ගගාමි අයගේ (මාගර්ය) හෝ හැර, ඔබ ආශිර්වාද කළ අයගේ මාර්ගය (අපට පෙන්වා දෙනු මැනව).
දෙවැනි තක්බීරයෙන් පසු :
දෙවැනි තක්බීරයෙන් පසු නබි (ﷺ) තුමන්ගේ නමින් සලවාත් පැවසීම.
”මුලින්ම ඉමාම් තක්බීර් පැවසීම ද, මුල්ම තක්බීරයෙන් පසු අල් හම්දු සූරාව තමන් තුළ පාරායනය කිරීම ද, පසුව ඇති තක්බීරයන් අතර තුර අල්කුර්ආනයේ කිසිවක් පාරායනය නොකර නබි (ﷺ) තුමන්ගේ නමින් සලවාත් පවසා, මියගිය පුද්ගලයා වෙනුවෙන් පිවිතුරුව දුආ (ප‍්‍රාර්ථනා) කිරීම, සිතින් සලාම් පැවසීම ජනාසා සලාතයෙහි නබි (ﷺ) තුමන්ගේ මගපෙන්වීම විය.” යනුවෙන් මිත‍්‍රයෙකු පවසයි. (වාර්තාකරන්නේ: අබූ උමාමා ඉබ්නු සහ්ල් (රලි). මූලාශ‍්‍රය : බයිහකි).
සලාතයෙහි පාරායනය සඳහා නබි (ﷺ) තුමන් ඉගැන්වූ එම සලවාතයම පැවසීම යහපත්ය.
”අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ෙලෙත අලා ඉබ්රහීම වආල ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම ව අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.” (වාර්තා කරන්නේ: කඃබ් ඉබ්නු උජ්රා (රලි). මූලාශ‍්‍රයන්: බුහාරි, නසායි, අබූදාවූද්, ඉබ්නුමාජා).
තේරුම: යා අල්ලාහ්! මුහම්මද් (ﷺ) තුමන් වෙත හා, එතුමන්ගේ පවුලේ ඥාතීන් වෙත, නබි ඉබ්රාහීම් අලෙයිහිස් සලාම් තුමන් වෙත හා එතුමන්ගේ පවුලේ ඥාතීන් වෙත අශිර්වාදය පිදුවා සේ අශිර්වාදය පුදනු මැන!. හිමියනි! නියතයෙන්ම ඔබ ප‍්‍රශංසනීය හා, උත්තරීතර වේ. යා අල්ලාහ්! මුහම්මද් (ﷺ) තුමන් වෙත හා, එතුමන්ගේ පවුලේ ඥාතීන් වෙත නබි ඉබ්රාහීම් අලෙයිහිස් සලාම් තුමන් හා එතුමන්ගේ පවුලේ ඥාතීන් වෙත සෞභාග්‍යය පිදු වා සේ සෞභාග්‍යය පුදනු මැන! නියතයෙන්ම ඔබ ප‍්‍රශංසනීය හා උත්තරීතර වේ.
තෙවැනි හා සිව්වැනි තක්බීරයෙන් පසු :
තෙවැනි හා සිව්වැනි තක්බීරෙයෙන් පසු මිය ගිය අයගේ පාපයන්ට සමාව පතා, මතු දිවියේ යහපත උදෙසා පිවිතුරු සිතකින් ප‍්‍රාර්ථනා කළ යුතුය.
ජනාසා සලාතයෙහි නබි (ﷺ) තුමන් විවිධ ප‍්‍රාර්ථනා කර ඇත. ඒ සියල්ල හෝ එයින් කිහිපයක් හෝ අපි කිව යුතුය.
ප‍්‍රාර්ථනාවන් නම්:
اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ وَعَافِهِ وَاعْفُ عَنْهُ وَأَكْرِمْ نُزُلَهُ وَوَسِّعْ مَدْخَلَهُ وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ وَأَهْلاً خَيْرًا مِنْ أَهْلِهِ وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ وَأَدْخِلْهُ الْجَنَّةَ وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ أَوْ مِنْ عَذَابِ النَّارِ
”අල්ලාහුම්මඃ ෆිර්ලහු වර්හම්හු වආෆිහි වඅඃෆු අන්හු වඅක්රිම් නුස්ලහු වවස්සිඃ මද්හලහු ලඅඃසිල්හු බීල්මාඉ වස්සල්ජි වල්බරදි, වනක්කිහි මිනල් හතායා කමා නක්කයිතස් සව්බල් අබ්යල මිනද් දනසි. වඅබ්දිල්හු දාරන් හයිරම් මින් දාරිහි, වඅහ්ලන් හයිරමි මින් අහ්ලිහි, වසව්ජන් හයිරම් මින් සව්ජිහි, වඅද්හිල්හුල් ජන්නත වඅඉද්හු මින් අදාබිල් කබ්රි අව් මින් අදාබින් නාරි”.
තේරුම: යා අල්ලාහ්! ඔහුට සමාව පුදනු මැනව! ඔහුට දයාව දක්වනු මැනව! ඔහුට සුවය ලබාදෙනු මැනව! ඔහුගේ පාපයන් කමා කරනු මැනව! ඔහුගේ නවාතැන උසස් ස්ථානයක් බවට පත්කරනු මැනව! ඔහු ඇතුල් වන ස්ථානය විශාල ස්ථානයක් බවට පත්කරනු! අපවිත‍්‍රවූ සුදු ඇඳුම පිරිසිදු කරන අයුරින් ඔහුගේ පාපයන් ජලයෙන්, සීතල වතුරෙන්, පිණි බිඳුවලින් පිරිසිදු කරනු මැනව! ඔහුගේ ඥාතීන්ට වඩා උසස් ඥාතීන් ද ඔහුගේ භාර්්‍යාවට ශ්‍රේෂ්ඨ භාර්්‍යාවක් ද පිරිනමනු මැනව! ඔහු ස්වර්ගයට ඇතුල් කර මිනී වලෙහි දඬුවමෙන්, නිරයෙහි දඬුවමෙන් ආරකක්‍ෂා කරනු මැනව!.
(මූලාශ‍්‍රයන්: මුස්ලිම්, නසායි).
اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا وَشَاهِدِنَا وَغَائِبِنَا وَصَغِيرِنَا وَكَبِيرِنَا وَذَكَرِنَا وَأُنْثَانَا، اللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الإِسْلاَمِ ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الإِيمَانِ
”අල්ලාහුම්මඃ ෆිර්ලිහයියිනා වමයියිතිනා වෂාහිදිනා වආයිබිනා වසඊරිනා වකබිරීනා වදකරිනා වඋන්සානා අල්ලාහුම්ම මන් අහ්යයිතහු මින්නා ෆඅහ්යිහි අලල් ඉල්ස්ලාමි වමන් තවෆ්ෆයිතහු මින්නා ෆතවෆ්ෆහු අලල් ඊමාන්”.
තේරුම: අපගෙන් ජීවතුන් අතර සිටින්නන්ටද, මරණයට පත්වූවන්ටද, මෙහි පැමිණ සිටින්නන්ටද, නොපැමිණියවුන්ටද, කුඩා අයටද, ලොකු අයටද, පිරිමීන්ට ද, කාන්තාවන්ට ද හිමියනි! සමාව පිරිනමනු මැනව! අප අතුරින් කවුරුන් ඔබ ජීවත් කරවන්නේ ද ඔහු ඉස්ලාම් අනුකූලව ජීවත් කරවනු මැනව! අප අතුරින් කවුරුන් මරණයට පත්කරන්නේද ඔහු විශ්වාසයෙන් යුතු කෙනෙකු බවට මරණයට පත්කරනු මැනව!.
(මූලාශ‍්‍රයන්: නසායි, අහ්මද්).
සලාම් පැවසීම:
”අවසන් තක්බීරය පවසා ප‍්‍රාර්ථනා කිරීමෙන් පසු සලාම් කියා සලාතය අවසන් කළ යුතුය. ”නබි (ﷺ) තුමන් කරුණු තුනක් කරමින් සිටියේය. එය ජනතාව මගහැරියේය. සලාතයෙහි සලාම් දෙන ආකාරයටම ජනාසා සලාතයෙහි සලාම් දීම ද ඒ අතුරින් එකකි.” (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි), මූලාශ‍්‍රයන්: බයිහකි, තබරානි).
වෙනත් සලාතයන්හි සේම දෙපැත්තට හැරී සලාම් පැවසිය යුතු බව මෙම පුවතින් ගම්‍යමාන වෙයි.
නබි (ﷺ) තුමන් එක් පැත්තකට පමණක් හැරී සලාම් දුන් බවට හාකිම්, බයිහකි වැනි මූලාශ‍්‍රවල පුවතක් සඳහන්වූව ද එය දුර්වල වේ.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) එක් පැත්තකට පමණක් හැරී සලාම් දුන් බවට පුවතක සඳහන් වෙයි. (මූලාශ‍්‍රය: මුසන්නෆ් ඉබ්නු අබී ෂයිබා).
සෑම තක්බීරයක් පවසන විටම
දෙඅත් එසවිය යුතුද?
වෙනත් සලාතයන්හි සේ මුල්ම තක්බීරය පවසන විට පමණක් දෙඅත් එසවිය යුතුයි යනු සමහර ආගමික විද්වතුන්ගේ මතයයි.
”අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) ජනාසා සලාතයෙහි සෑම තක්බීරයක් පවස විට ම දෙඅත් ඔසවයි” (මූලාශ‍්‍රයන්: බුහාරි, බයිහකි).
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්ගේ කි‍්‍රයාව මුල්කරගෙන කෙනෙකුට කි‍්‍රයා කළ හැක. මන්ද, නබි (ﷺ) තුමන්ගේ සුන්නාව (මඟ පෙන්වීම) ඒ අයුරින්ම අනුගමනය කරන මිතුරෙකු වශයෙන් එතුමන් නම් දරා සිටී.
පිළිතුරු සපයන්නේ: මව්ලවි අස්හර් යූසුෆ්
www.yayuthumaga.com