1) ඉස්ලාමය අවධාරනය කරන්නේ යමෙකු මිය ගියහොත් ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගි වීම මුස්ලිම්වරයෙකුගේ යුතුකමක් බවයි.
2) ඉස්ලාමය දේශනා කරන්නේ මළවුන් ගැන නපුරු දේ නොකියන අතර යහපත් දේ පමණක් කිව යුතු බවයි. ඔවුන් කරපු වැරදිවලට සමාව දිය යුතු බව ඉස්ලාමය පවසයි.
3) අසල්වැසියන් මියගිය අයගේ පවුලට දින තුනක් ආහාර සැපයිය යුතුය.
4) මියගිය තැනැත්තාට ඉස්ලාමයේ කියන පරිදි හැම කටයුත්තක්ම අලංකාර ලෙස ඉටු කර ඔහුගේ දේහය භූමදානය කළ යුතුයි.
5) මියගිය තැනැත්තාව සුවඳ විළවුන් දමා පිරිසිදු කර, ස්නානය කරවන පුද්ගලයා මියගිය තැනැත්තාගේ ශරීරයේ සැඟවුණු අඩුපාඩු හෙළි කිරීම ඉස්ලාමයේ තහනම්ය.
6) මළවුන්ගේ අත් දෙපා කෙළින් කිරීමට ඔවුන්ගේ ඇටකටු කැඩීම ඉස්ලාමය තහනම් කර ඇත.
7) මියගිය අයගේ දේහය භූමදානය කිරීමට රැගෙන යන එක දුටුවා නම් , මුස්ලිම් නොවන ශරීරයක් වුවද, එම දේහයට අපි නැගිට ආචාර කළ යුතු බව ඉස්ලාමය පවසයි.
8) මියගිය තැනැත්තාගේ දේහය ඉදිරියේ තබා මළ සිරුර වෙනුවෙන් යාච්ඤා (pray) කිරීම ඉස්ලාමය මුස්ලිම්වරුන්ට අනිවාර්ය කර ඇති වගකීමක් වේ.
9) ඉස්ලාමය පවසන්නේ මියගිය තැනැත්තාට ඉටු කරන සියලු ක්‍රියාකාරකම් වලටම සහභාගී වීම යහපතක් බවයි.
10) මළවුන් භූමදානය කල ස්ථානය මත අසුන් ගැනීම,
එය මත සිට ගෙන සිටීම හෝ එය හරහා ඇවිද යෑම ඉස්ලාමය තහනම් කරයි.
මාගේ හිතවත් වෙනත් ආගමික සහෝදරවරුනි..!
මෙහි අරමුණ වන්නේ මළ සිරුර පුළුස්සා දැමීමට මුස්ලිම්වරු ප්‍රතික්ෂේප කිරීමට හේතුව පැහැදිලි කිරීමයි. මා ඉහත කියු දේ ඔබ නිරීක්ෂණය කරනු ඇති අතර සෑම මුස්ලිම්වරයෙකු විසින්ම පිළිපැදිය යුතු නීති මේවාය.
මියගිය අයගේ ශරීරය කෙළින් කිරීම සඳහා ඇටකටු කැඩීමට ඉස්ලාමය තහනම් කරන විට එම ඇටකටු පුළුස්සා දැමීමට කිසි විටෙකත් ඉඩනොදේ.
කෙනෙකුගේ වෙන්වීමෙන් අපේ හිත්වලට සැනසීමක් ලැබෙන්නේ ඔවුන් වෙනුවෙන් ඉටු කළ යුතු කටයුතු ක්‍රමානුකූලව කිරීමෙන්ය.
එබැවින් මුස්ලිම්වරුන්ගේ නිහතමානී ඉල්ලීම, ජාතිවාදය ලෙස හඳුනා ගැනීමෙන් වළකින්න. අපගේ ඉල්ලීම තේරුම් ගන්න. ඉස්ලාමය විසින් ජීවියෙකු ගින්නෙන් විනාශ කිරීම තහනම් කර ඇත. සෞඛ්‍යමය හේතු නොමැතිව මළවුන් පුළුස්සා දැමීම පිළිගන්නේ කෙසේද?
ඒ අතරම, COVID-19 වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයාගෙන් භූගත ජලය අපවිත්‍ර වන බව හෝ භූමදාන කරන ලද සිරුරෙන් වෛරසය නැවත සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති බව පෙන්නුම් කලහොත්, එය පිළිගැනීමට මුස්ලිම් ප්‍රජාව සූදානම් බව මා පවසමි.
By: මව්ලවි: ඉන්තිකාෆ් උමරි