විශ්වයේ බිහිවීම ගැන නොයෙකුත් මත සහ විශ්වාසයන් ඇත. ආගමික විශ්වාසයන් අනුව එය දෙවියන්ගේ මැවීමකි. විද්‍යාඥයින්ගේ වාදයන්ට අනුව එය ඉබේ ඇතිවී තිබේ. මේ දෙකෙන් කවරක් පිළිගන්නේදැයි මිනිසා තීරණය කළ යුතුව ඇත. කෙසේවෙතත් යම් තීරණයකට පැමිණීමට පෙර පහත දැක්වෙන කරුණු ගැන අවධානය යොමුකළ යුතුය. එනම් ආගමින් පවසන දේ නිවැරදි යැයි පිළිගන්නේ නම් එම ආගම නිවැරදි බව මුලින් සනාථ කර ගෙන සිටිය යුතුය. එසේ නොවී විද්‍යාඥයින් පවසන දේ නිවැරදි යැයි පිළිගන්නේ නම් එය ඔප්පු කොට පෙන්විය යුතුය.
මෙහිදී විශේෂයෙන්ම ඉස්ලාම් ආගම නිවැරදි බව සනාථ කිරීම සඳහා කුරානය තුලම නිර්නායකයන් ලබා දී ඇත. එහෙත් විශ්වය ගැන විද්‍යාවෙන් කියැවෙන දේවල් උපකල්පන මත පිහිටා ඇත. තවද විශ්වය පිලිබඳ විද්‍යාවෙන් පවසන දේවල්වල තවමත් බොහෝ අඩුපාඩු දක්නට ලැබේ. විශ්වයේ බිහිවීම පිලිබඳ නොයෙකුත් මත විද්‍යාඥයින් පවසා ඇති අතර ඉන් එකක් වන්නේ මහා පිපුරුම් වාදයයි. එය එසේ තිබියදී ඇතැම් විද්‍යාඥයින්ට අනුව විශ්වයටද පුනරුත්පතියක් බඳු දෙයක් ඇත. එනම් විශ්වයේ බිහිවීම සහ විනාශ වීම නැවත නැවත සිදු වන්නක් බව ඔවුන් පවසති.
එය එසේ තිබියදී මහාපිපුරුම් වාදයාට මුලික පදනම දැමුනේ එඩ්වින් හබල් විසින් 1924 දි අභ්‍යාවකාශ විද්‍යාවේ නව පිටුවක් පෙරලමින් විශ්වය ප්‍රසාරණය වන බව සොයාගැනීමත් සමගය. කෙසේ වෙතත් විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව 7වන සියවසේදී පහළ වූ අල්-කුරානයේ ද සඳහන් කොට තිබීම මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.
“තවද අපි අහස ශක්තිමත්ව මවා ඇත්තෙමු, එය අපිම විස්තීරණය කරන්නෙමු” (කුරානය 51:47).
අභාවකාශවිද්‍යාව පිලිබඳ තවත් වටිනා නිගමනයක් වන්නේ අහස සහ පොලව එකම ප්‍රභවයකින් හට ගන්නා බව විද්‍යාඥයින් විසින් පවසා තිබීමය. එහෙත් එම නිගමනය අල්-කුරානයේ පැහැදිලිවම සඳහන් කොට තිබීම මෙහිදී පෙන්වා දිය යුතුය.
“අහස සහ පොලව පොදු මුලරම්භයකින් ඇතිවන බව විශ්වාස නොකරන්නවුන් දැනගන්නේ නැද්ද? පසුව අපි එය වෙන් කළෙමු” (Q 21:30).
ඉහත අල්-කුර්ආන් වැකිය සම්බන්දයෙන් අචාර්ය ඇල්ෆ්‍රඩ් ක්‍රෝනර් මහතා එක් අවස්ථාවකදී මෙසේ සඳහන් කොට ඇත. (අචාර්ය ඇල්ෆ්‍රඩ් ක්‍රෝනර් මහතා සුප්‍රසිද්ධ භූ විද්‍යාඥයෙකි. ඔහු ජර්මනියේ පිහිගි ජෝහාන්ස් ගටබර්ග් විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු මෙන්ම සභාපතිවරයාය)
“මුහම්මද් පැමිණෙන (කාලය) දෙස බලන විට …….ඔහු විසින් නවීන විද්‍යාවෙන් මෑතක සොයාගත් දේවල් සමහ විශ්වයේ පොදු ආරම්භය සිදුවූ ආකාරය සඳහන් කිරීම කිසිසේත් ම සිදු විය නොහැකිය. මා එසේ කියන්නේ මෙවැනි කරුණු සොයාගනු ලැබුවේ ඉතා සංකීර්ණ ක්‍රම සහ නවීන තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ඉතා මෑතක දී වීමයි”.
තවදුරත් ඔහු කියා සිටියේ න්‍යෂ්ටික බෞතික විද්‍යාව ගැන කිසිවක් නොදැන වසර 1400 කට පෙර පෘථිවිය සහ විශ්වය එකම මුළාරම්භයකින් ඇතිවිය යුතු බව මුහම්මද් තුමාට කිසි සේත්ම කිව නොහැකි බවයි.
{Dr. Alfred Kroner is one of the world’s renowned geologists. He is Professor of Geology and the Chairman of the Department of Geology at the Institute of Geosciences, Johannes Gutenberg University, Mainz, Germany. He said: “Thinking where Muhammad came from . . . I think it is almost impossible that he could have known about things like the common origin of the universe, because scientists have only found out within the last few years, with very complicated and advanced technological methods, that this is the case.” Also he said: “Somebody who did not know something about nuclear physics fourteen hundred years ago could not, I think, be in a position to find out from his own mind, for instance, that the earth and the heavens had the same origin.”
කරුණු කෙසේවෙතත් මහා පිපුරුම්වාදයෙන් පමණක් විශ්වය අරම්හ වු අන්දම විස්තර කළ නොහැකිය. මේ බව සුප්‍රසිද්ධ විද්‍යාඥයින්ගේ ප්‍රකාශනවලින් පැහැදිලිවේ. මහාචාර්ය ජෝසෆ් සිලික් මහතාට අනුව මහාපිපුරුමට අවශ්‍ය පසුබිම ඇති වූ අකාරය කිසිවෙකු දන්නේ නැත. මෙම කරුණ පහත දැක්වෙන මහාචාර්ය ජෝසෆ් සිලික් මහතාගේ ප්‍රකාශනයෙන් පැහැදිලිවේ.
“මහා පිපුරුම් වාදය මහින් මෙතෙක් මුලික ප්‍රශ්න තුනක් විසදා නොමැත. එනම් (මහාපිපුරුමට) මත්තෙන් කුමක් සිදුවුයේ ද, ස්වභාවික නීති ක්‍රියාත්මක නොවන අවස්තාව (singularity) පිළිබද ඇතැම් කරුණු, මන්දාකිණිවල ආරම්භක අවස්තාව.”
මහාචාර්‍ය ස්ටෙෆාන් හෝකින් මහතා දැනට ලෝකයේ සිටින ශේෂ්ඨ විද්‍යාඥයෙකි. ඔහු පැමිණි නිගමනය අනුවද විශ්වයේ ආරම්භය විස්තර කිරීමට මැවුම් වාදයයේ පිහිට පැතීමට අවශ්‍ය වේ. ඔහුගේ එම ප්‍රකාශනය පහත දැක්වේ.
“(විශ්වයේ ආරම්භය) සිදුවූ බව ගෙනහැර දැක්වීමට දිය හැකි පිළිතුර දෙවියන් විසින් විශ්වයේ මුලික වින්‍යාසය (configuration) යම් හේතුවක් උදෙසා නිර්මානය කළත් එය කෙසේ සිදුවුයේ ද යන්න තේරුම් ගැනීම අපේක්ෂා කල නොහැකි බවයි. මෙය නිශ්චිචය වශයෙන්ම සර්වබලධාරී (omnipotent being) කෙනෙකුගේ බලයට යටත් වූ ක්‍රියාවකි, එහෙත් ඔහු එම ක්‍රියාවලිය තේරුම්ගත නොහැකි ආකාරයකට සිදුකර ඇති අතර, එම සිද්දිය අපට තේරුම් ගත හැකි නීති වලට යටත් කර පරිනාමනය වීමට ඉඩ සලසා ඇත්තේය. විද්‍යාවේ සම්පුර්ණ ඉතිහාසයම ගෙනහැර දක්වන්නේ කිසිදෙයක් හිතුමතේට (arbitrary) සිදුනොවන බවය්, එහෙත් ඒවා පිලිබිබු කරන්නේ යම්කිසි තේරුම්ගත හැකි පිළිවෙලකි, එය දෙවියන්ගේ අනුග්‍රහයෙන් හෝ අනුග්‍රහය නොමැතිව විය හැකිය.”
(A brief history of time from big bang to black hole by Stephan W Hawking 1st edition 1988 april -page 122).
ඉහත දැක්වෙන කරුණුවලට අමතරව විසිවන සියවසේ ශ්‍රේෂ්ටතම විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් පවා මැවුම්වාදය පිළිගෙන තිබේ. ඔහු පවසන අන්දමට මැවීමකින් තොර විශ්වයක් ගැන පිළිගත නොහැකිය. ඔහු පවසන්නේ “දෙවියන් දාදු කැට සෙල්ලම් කරන්නේ නැත” යනුවෙනි. තවද ඔහු පිළිගත් දෙවියන් පිළිබඳව ඔහුගේ අදහස මෙලෙස ප්‍රකාශ කොට ඇත. “ආගමෙන් තොර විද්‍යාව අබ්බඝාතය, එසේම විද්‍යාවෙන් තොර දහම අන්දය” යනුවෙනි.
Albert Einstein (1879-1955)
Einstein is probably the best known and most highly revered scientist of the twentieth century, and is associated with major revolutions in our thinking about time, gravity, and the conversion of matter to energy (E=mc2). Although never coming to belief in a personal God, he recognized the impossibility of a non-created universe. The Encyclopedia Britannica says of him: “Firmly denying atheism, Einstein expressed a belief in “Spinoza’s God who reveals himself in the harmony of what exists.” This actually motivated his interest in science, as he once remarked to a young physicist: “I want to know how God created this world, I am not interested in this or that phenomenon, in the spectrum of this or that element. I want to know His thoughts, the rest are details.” Einstein’s famous epithet on the “uncertainty principle” was “God does not play dice” – and to him this was a real statement about a God in whom he believed. A famous saying of his was “Science without religion is lame, religion without science is blind.”
By Fasy Ajward. B.Sc(Sp,Phy) Hons.