සමීප \ාතීන් හා නෑදෑයෝ සමග ඇසුර!
තම \ාතීන් හා සමීප සම්බන්ධකම් පැවත්වීම කෙරෙහි නබි (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමාට* හිමි වූයේ සුවිශාල තැනකි, ඵසේම ඵතුමා මු`ඵ මිනිස් සංහතියේම පරිපූර්ණ වන්තයා ද විය, ¥තත්වයට පෙර ද ඵකල කුෙරෙෂි – මිථ්‍යයා මත දරන්නන් – ප්රතික්ෂේපකයින් පවා ”විශ්වාස වන්තයා, සත්‍යය වන්තයා” යනුවෙන් ඵතුමාව ගෞරව නාමයෙන් ඇමතුවෝය. වරක් ඵතුමාගේ ආදරණීය බිරිඳ කදීජා (රලි* තුමිය ”ඔබ නෑදෑයන් සමග සමීප සම්බන්ධකම් පවත්වන්නේය, සත්‍යය කථා කරනනේය…. ” යනුවෙන් වර්ණා කළාය.
මදක් අවධානය යොමු කරන්න! එම උදාර පුරුෂයා වෙත, යුතුකම් අතුරින් ඉතා අගනා යුතුකමක් වෙත, අග්‍ර ගනයේ වගකීමක් වෙත ඵතුමා යොමුවූ ආකාරය කෙසේ ද කියා. ඵනම්, ඵතුමා, තමාව අවුරුදු හයක දරුවෙකුව සිටියදී හැර ගිය තම ආදරණීය මෑණියන් මිහිදන් කළ ස්ථානය බැහැදකින්නට ගිය අවස්ථාව.
අබූ හුෙරෙයිරා (රලි* තුමා මෙසේ විස්තර කරයි:- නබි (සල්* තුමා වරක් තම මෑණියන්ගේ සොහොන බැහැදැක්කේය, ඵවිට ඵතුමා හැ`ඩුවේය එය දුටු අවට සිටියවුන්ද අ`ඩන්නට විය, ඵවිට ඵතුමා:‐ ((මා මාගේ මෑණියන් වෙනුවෙන් සමාව අයදීමට, අල්ලාහ්ගෙන් අවසර පැතුවෙමි ඵ් ස`දහා මට අවසරයක් නොලැබුනි, ඇයගේ සොහොන බැහැදැකීමට අවසර පැතුවෙමි ඵයට අවසර ලැබුනි, ඔබලාද සොහොන් බැහැ දකින්න ඵය ඔබට මරණය සිහිපත් කරයි** යනුවෙන් පැවසුහ. (මූලාශ්‍රය:- මුස්ලිම්*.
මදකට හැරෙන්න එම උතුම්වූ චරිතය වෙත!, ඵතුමන් සිය ඥාතීන් යහපත කරා කැඳවීම කෙරෙහි, ඔවුන් අපා ගින්නෙන් මුදවා ගැනීම කෙරෙහි, සත්‍යයට නැඹුරු කිරීම කෙරෙහි කෙතරම් යුහුසු`ඵව හා කාර්්යයක්ෂමව කි‍්‍රයා කළා ද? ඒ වෙනුවෙන් තම ඥාති සම්බන්ධතාවයන් පැවත්වූයේද කියා,… ඔවුන්ගෙන් වි`දින්නට සිදුවූ සිය`ඵ තාඩන පීඩන, උසු`ඵ විසු`ඵ ද ඉවසා දරාගනිමින් එතුමන් එම සම්බන්ධතාවයන් ගොඩනැගීම කොතරම් වැදගත් ද?
”(¥තවරයානනි!* ඔබගේ සමීප \ාතීන්ට අවවාද කරනු!” – (ශුද්ධවූ අල්කුර්ආනය 26: 114* යන පාඨය පහළ වූ විට (අබ්දුෂ් ෂම්ස් ගේ පුත්‍රයනි!, කඅබ් ඉබ්නු ලූඅවීගේ පුත්‍රයනි! ඔබලාව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න, අබ්ද් මනාෆ්ගේ පුත්‍රයනි! ඔබලාව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න, හාෂිම්ගේ පුත්‍රයනි! ඔබලාව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න, අබ්දුල් මුත්තලීබ්ගේ පුත්‍රයනි! ඔබලාව අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න, (මාගේ දියණිය* ෆාතිමා! ඔබව ඔබම අපා ගින්නෙන් ආරක්ෂා කර ගන්න, මන්ද, ඵදින අල්ලාහ් ඉදිරියේ ඔබලා වෙනුවෙන් ඵදින අල්ලාහ් ඉදිරියේ ඔබලා වෙනුවෙන් කිසිවක් ලබාදීමට මා අසමත්ය. \ාති සම්බන්ධතා ආරක්ෂා කිරීම පිණිස ඔබලා සමග ඵකමුතුව ජීවත්වෙමි*, යනුවෙන් ඔවුන් සියල්ල රැුස්වූ පසු එක් එක් ගෝත්‍රයේ නම් සඳහන් කරමින් ද, පොදුවේ ද, නමින්ම අමතා පුද්ගලිකව ද දේශනා කරන්නට විය”. (මූලාශ්‍රය: මුස්ලිම්*.
මදක් සිටින්න! මෙම ආදර්ශය ඉදිරියේ, ඉමහත් කරුණාවන්තයෙකු වූ මුහම්මද් නබි (සල්* තුමන්, තම සුළු පියා යහපත කරා කැඳවීම, සත්‍ය දහම කරා කැඳවීම බරක් ලෙස නොසලකා කිසිදු අලසකමකින් තොරව නැවත නැවත සත්‍යවූ ඉස්ලාම් කරා කැඳවමින් සිටි අයුරු. ඵය කෙතරම් ද කිවහොත්, සුළු පියාගේ මරණ මංචකයේදී පවා සත්‍යය පිළිගන්නා ලෙස ආයාචනා කරමින් සිටියේය. සුළු පියාවූ අබූ තාලිබ්ට මරණය ළ`ගා වූ අවස්ථාවේ ඔහුගේ නිවස තුලට උතුම්වූ නබි (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්* තුමා පිවිසි අවස්ථාවේ අබූ ජහ්ල් හා අබ්දුල්ලාහ් ඉබ්නු උමයියාද එහි විය. දයාවේ උල්පත වූ නබි තුමන්:‐ ((මාගේ සුළු පියාණනි!, යාඥා කරනු ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොමැති බව පිළිගන්න! ඔබ වෙනුවෙන් මා අල්ලාහ් ඉදිරියේ සමාව අයද සිටිමි යනුවෙන් පැවසුවේය. ඵවිට අබූ ජහ්ල් හා අබ්දුල්ලා ඉබ්නු උමයියා යන මිථ්‍යා දෘෂ්ටිකයින් දෙදෙනා:‐ අබූ තාලිබ් අමතා ඔබ, ඔබගේ පියාවන අබ්දුල් මුත්තලීබ්ගේ දෙවියාට වඩා තවත් දෙවි කෙනෙකුට පි‍්‍රය කරන්නේ ද? යනුවෙන් නොකඩවාම නිරය කරා කැඳවූ බැවින් ඔහුගේ අවසන් වචනයද ඵසේම විය.
බුහාරි, මුස්ලිම් හා අහ්මද් වැනි මූලාශ්‍ර වල සඳහන් පුවතට අනූව, ඵවිට නබි නායක තුමා තම සුළු පියා කෙරෙහි පැවතුනු දැඩි සෙනෙහස නිසා මෙසේ පවසන්නට විය:‐ ”නියත වශයෙන්ම මා ඔබ වෙනුවෙන් අල්ලාහ් ඉදිරියේ සමාව අයදිමි. නමුත් ඵම අවස්ථාවේ සර්ව බලධාරි අල්ලාහ් මෙසේ ශුද්ධවූ අල්කුර්ආන් පාඨයක් අනාවරණය කළේය: ”ඔවුන් සමීපිත ඥාතීන් වූව ද ඔවුන් නිරයට අයත්වූවන් යැයි ප්රත්යයක්ශ වූ පසු අල්ලාහ්ට යමක් ආදේශ කරන්නන් වෙනුවෙන් සමාව අයදීම නබි තුමාට හෝ විශ්වාස වන්තයන්ට අයුතු කාර්්‍යයකි” (ශුද්ධවූ අල්කුර්ආනය 9: 113*. එම අවස්ථාවේ අනාවරණය වූ තවත් පාඨයක් නම්: ”(¥තවරයානනි!* නියත වශයෙන්ම ඔබ ප්‍රියකරන්නන්ට යහ මඟ ලබා දීමට ඔබට නොහැකිය” (ශුද්ධවූ අල්කුර්ආනය – 28: 56*.
මුළු ලොවටම දයාව වූ නබි (සල්* තුමන්, තම සුළු පියාට කිහිප අවස්ථාවකම සත්‍ය කරා ඇරයුම් කළේය, ඔහුගේ අවසන් මොහොතේ පවා එම උත්සහය අත්හැරියේ නැත. අල්ලාහ්ගේ තහනම පැමිණෙන තෙක් ඔහුගේ මරණින් පසුවූවද ඔහුගේ යහපත උදෙසා සමාව අයද සිටියේය. තහනම් යැයි සඳහන් කුර්ආන් පාඨය අනාවරණය වීමත් සමග සිය \ාතීන් අතුරින් කවුරුන් මිථ්‍යා දෘෂ්ටිකයින් වශයෙන් මිය ගියේ ද ඒ සියල්ලන් වෙනුවෙන් සමාව අයද සිටීම නතර කළහ. ඉහත සිදුවීම තුළින් එතුමන් සිය ලේ ඥාතීන්ගේ යුතුකම් කොතරම් මනා ලෙස ඉටු කළා ද? අල්ලාහ්ට ආදේශයන් ගෙන කටයුතු කරන්නන් ලේ ඥාතීන් වූව ද ඔවුන් එවන් තත්ත්වයක මිය යන්නේ නම් ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ඉදිරියේ සමාව අයදීමට කිසිදු අවසරයක් නැත යන කාරණයද පැහැදිළි වේ.
මුළු විශ්වයටම කරුණා වූ, මුළු විශ්වයටම ආදර්ශය වූ මුහම්මද් (සල්* තුමන්ගේ අඩි පාරේ අපි ද ගමන් කරමින් සදාතනිකවූ ජයග්‍රහණයට උරුමකම් කියමු!.
සකස් කිරීම: සෆ්රාස් නවුෆර්, කැඳවුම් කරු අල් අහ්සා