මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.
සියළු ප‍්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා!
මිනිසාගේ ජීවිතයෙහි නොවැළක්විය හැකි අංගයන් අතුරින් එකකි ගමන් බිමන් යෑම. විවිධ අරමුණු මත ගමන් බිමන් යයි. ඈත පළාත්වල වෙසෙන තම ලේ ඥාතීන්, හිත මිතුරන්, සහෝදරයින්,  බැහැ දැකීම සඳහා නැතහොත් විශේෂිත, ඓතිහාසික ස්ථානයන් බැහැ දැක ප‍්‍රීතිවීම සඳහා නැතහොත් ව්‍යාපාරික කටයුතු සඳහා, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා, හජ් උම්රා වැනි යාඥාවන් ඉටු කිරීම සඳහා මේ ආදි විවිධ යහපත් අරමුණු උඩ ගමන් බිමන් යති.
විශ්වය මත ව්‍යාප්තව පවතින අල්ලාහ්ගේ බලය ශක්තිය නිදර්ශනාත්මකව දැක ඔහු පිළබඳ විශ්වාසය වැඩි දියුණු කර ගැනීම සඳහා කෙනෙකුට ගමන් බිමන් යා හැක. අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් කරයි:
 ”විශ්වාස කරන ජනයාට පොළොව මත විවිධ සාක්‍ෂීන් ඇත” (ශු අල්කුර්ආනය 51: 20*.
”(ශාස්තෘවරයානනි* පවසන්න! පොළොව මත ඔබලා ගමන් කර අල්ලාහ් තම (ප‍්‍රථම* මැවීම් කෙසේ ආරම්භ කළේදැයි බලන්න, පසුව තවත් වාරයක් ඔහු නිර්මාණය කරයි. සැබවින්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලවන්තයාය” (ශු අල්කුර්ආනය 29: 20*.
අල්ලාහ්ගේ නිර්මාණයන්හි බල පරාක‍්‍රමය දැකීම සඳහා ගමන් කරන ලෙස අල්ලාහ් අල්කුර්ආනය මගින් දිරිගන්වයි. එය තුළින් විශ්වාසවන්තයෙකුගේ විශ්වාසය තව තවත් ස්ථීරවනු ඇත.
ශාස්තෘවරුන්ට අවනත නොවූ අල්ලාහ්ගේ අණට පිටුපා කටයුතු කළ සමාජයන්ට අත්වූ අයහපත් ඉරණම පිළිබඳ කුර්ආනය පුරා සඳහන් වේ. එය තුළින් මතු පරම්පරාවට ලොකු පාඩමක් ඇත. අල්ලාහ් මෙසේ පවසයි:
”වැරදි කරුවන්ට අත්වූ ඉරණම පිළිබඳ පොළොව මත ගමන් කර බලන්නැයි (ශාස්තෘවරයානනි ඔවුන්ට* පවසන්න” (ශු අල්කුර්ආනය 27: 69*.
අල්ලාහ්ගේ අණට අවනත නොවූවන්ට අත්වූ අයහපත් ඉරණම පිළිබඳ කෙනෙකු තම දෙනෙත්වලින් දැක බලාගැනීම තුළින් ඔහුගේ ජීවිතයෙහි ලොකු වෙනසක් ඇතිවීමට ඉඩ ඇත.
ඉස්ලාම් ගමන් බිමන් පවා කළ යුතු ආකාරය එහි අනුගමනය කළ යුතු විවිධ පිළිවෙත් පිළිබඳ පහදා දෙයි. ඒ ඔස්සේ කෙනෙකු තමන්ගේ ගමන් බිමන් සකසා ගන්නා විට නියතයෙන්ම එය ඔහුගේ දෙලොව යහපත සඳහා ඉවලහ් වනු ඇත.
ගමනට සහයකයෙකු සෙවීම:
අම්රිබ්නු ෂුඅයිබ් ඔහුගේ පියා ඔහුගේ මුත්තා ගේ මාර්ගයෙන් වාර්තාකරන පුවතක නබි (සල්* තුමන් පවසයි: ”එක් මගියෙකු එක් ෙෂෙතානයකි, මගීන් දෙදෙනෙකු ෙෂෙතාන් දෙදෙනෙකි, තිදෙනෙකු මගීන්ය.” (මූලාශ‍්‍රයන් : මාලික්, අහ්මද්, අහ්ලූස් සුනන්*.
ඉහත නබි වදන තුළින් කෙනෙකු තනිව ගමන් කිරීමට වඩා තම ගමනට සහකයෙකු සොයාගැනීම යහපත් කි‍්‍රයාවක් හා සෑම අතින්ම ඔහුට එය ආරක්‍ෂාවක් වන බව සනාථ වෙයි. නමුත් කෙනෙකුට තනිව ගමන් කිරීමට තහනමක් මෙම ප‍්‍රකාශය තුළින් නොපැනවේ.

ගමනට එක් නායකයෙකු පත්කිරීම:
අබූ හුෙරෙරා (රලි*, අබූ සඊදුල් හුද්රි වාර්තා කරන පුවතක ”තිදෙනෙකු ගමනක් ඇරඹුවේ නම් එයින් කෙනෙකුව නායකයෙක් වශයෙන් පත්කරගන්න.” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (මූලාශ‍්‍රය : අබූදාවූද්*.

අලි (රලි* වාර්තාකරන පුවතක ”නබි (සල්* තුමන් සේනාංකයන් යවන විට එයින් කෙනෙකුව නායකයා වශයෙන් පත්කරයි, අන් සියල්ලන් ඔහුට ඇහුම් කන් දෙන ලෙසත් කීකරු වන ලෙසත් නියෝග කරයි.” (මූලාශ‍්‍රය :බුහාරි*.

කුමන හේතුවක් උඩ ගමන ඇරඹුවේද එය ඉෂ්ට වූ විගස යළි හැරීම:
නබි (සල්* තුමන් පවසයි: ”ගමන වේදනාවෙහි එක් කොටසකි, ඔබව නින්දෙන් හා ආහාර පාන ගැනීමෙන් වළක්වයි, ඔබේ අරමුණ ඉටුවූ විගස ඔබේ පවුල් ඥාතීන් වෙත හැරීම ඉක්මන් කරන්න.”
(මූලාශ‍්‍රයන් : මුත්තෆකුන් අෙලෙහි*.

ආගමික වන්දනාවන් ස්ථාන තුනකට පමණයි කළ හැක්කේ :-

”පිං කුසල් අපේක්‍ෂා කර ආගමික නාමයෙන් වන්දනාවන් ස්ථාන තුනකට පමණයි කළ හැක්කේ (එකක් මක්කාවෙහි පිහිටා ඇති* මස්ජිදුල් හරාම්, (දෙක මදීනාවෙහි පිහිටා ඇති මස්ජිදුන් නබවිය* මාගේ මස්ජිදය. (තුන ජෙරූසලමේ පිහිටා ඇති* මස්ජිදුල් අක්සා” යැයි නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (මූලාශ‍්‍රය : මුස්ලිම්*.

ආගමේ නාමයෙන් ස්ථාන තුනකට හැර ගමන් කළ නොහැකිය යන නබි (සල්* තුමන්ගේ ඉහත සඳහන් ප‍්‍රකාශය තුළින් වැදගත් කරුණු රාශියක් ඉස්මතු වේ.

වත්මන් මුස්ලිම් සමාජය තුළ ජෙයිලානි, කෙච්චිමලේ, දෙවට ගහ, නාහූර් මෙකි නොකී ස්ථානයන් රාශියකට විශේෂයෙන් සොහොන් කොත් තනා ඇති ස්ථානයන් කරා (අව්ලියාවරුන් බැහැ දැකීම සඳහා යනුවෙන් පවසා* ආගමෙහි නාමයෙන් ගමන් අරඹති. ඉහත සඳහන් නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශය එවැනි කි‍්‍රයාවන් සහමුලින්ම තහනම් කෙරේ. තවත් වරක් හොඳින් එම ප‍්‍රකාශය කියවන්න.

ගමන් බිමන් වලදී සමූහව සලාතය නොවරදවා ඉටු කිරීම :

”දෙදෙනෙකු නබි (සල්* තුමන් වෙත පැමිණ ගමනක නිරතවීමට කැමැත්තෙන් පසුවෙන බව සැලකළහ. ඒ දෙදෙනාට නබි (සල්* තුමන්, ඔබලා ගමනෙහි පිටත්ව ගියේ නම් (සලාතයෙහි වේලාව පැමිණුනු විට* කෙනෙකු බාංගු (සලාතය සඳහාවූ කැඳවීම* කියන්න, ඔබ අතුරින් දැනුමෙන්, වයසින් උගත් කෙනා සලාතයට නායකත්වය දරන්න යනුවෙන් පිළිතුරු දුන්හ.” වාර්තාකරන්නේ : මාලික් ඉබ්නුල් හුවෛරිස්, මූලාශ‍්‍රය : බුහාරි.

වාහනයකට ගොඩවීමේදි:

بِسْمِ اللهِ

”බිස්මිල්ලාහ්”
(අල්ලාහ්ගේ නාමයෙන්* යනු පැවසීම.

අසුනේ වාඩිවී
اَلْحَمْدُ للهِ

”අල්හම්දු ලිල්ලාහ්”
 
(සියළු ප‍්‍රශංසා අල්ලාහ්ට හිමිය* යනුවෙන් පැවසීම.

පසුව:

سُبْحَانَ الَّذِيْ سَخَّرَ لَنَاهَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِيْنَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُوْنَ

”සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහු මුක්රීනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්”

තේරුම: අපට පාලනය කළ නොහැකි වාහනය අපහට පාලනය කර දුන් අල්ලාහ් අති පරිශුද්ධ වන්තයාය. නියත වශයෙන්ම අපේ හිමියන් වන අල්ලාහ් වෙතම අපි සියලූ දෙනා නැවත හැරෙන්නෙමු.

ඉන් පසු:
اَلْحَمْدُ للهِ اَللهُ أَكْبَرْ

”අල්හම්දුලිල්ලාහ්, අල්ලාහු අක්බර්”

(සියළු ප‍්‍රශංසා අල්ලාහ්ට හිමිය, අල්ලාහ් ඉතා ශ්‍රේෂ්ඨය* තුන්වරක් කීමෙන් පසු

سُبْحَانَكَ إِنِّيْ ظَلَمْتُ نَفْسِيْ فَاغْفِرْلِيْ لاَيَغْفِرُ الذُّنُوْبَ إِلاَّ أَنْتَ

”සුබ්හානක ඉන්නී ලලම්තු නෆ්සී ෆඃෆිර්ලී ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත”

අර්ථය : ”හිමියනි! ඔබ අති පරිශුද්ධය” මා විසින් මටම අයුක්තිය ඇතිකර ගත්තෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. වැරදි ක‍්‍රියාවන් ක්‍ෂමා කිරීමට ඔබ හැර වෙන කිසිවෙකු නොමැත.” (මූලාශ‍්‍ර : තිර්මිදි*.

,اَللَّهُمَّ إِنَّا نَسْأَلُكَ فِيْ سَفَرِنَا هَذَا الْبِرَّ وَالتَّقْوَى وَمِنَ الْعَمَلِ مَاتَرْضَي اَللَّهُمَ هَوِّنْ عَلَيْنَا سَفَرَنَا هَذَا وَاطْوِعَنَّا بُعْدَهُ اَللَّهُمَّ اَنْتَ الصَّاحِبُ فِي السَّفَرِوَالْخَلِيْفَةُ فِي الْأَهْلِල اَللَّهُمَّ إِنِّيْ أَعُوْذُبِكَ مِنْ وَعْثَاءِ السَّفَرِල وَكَآبَةِ الْمَنْظَرِල وَسُوْءِ الْمُنْقَلَبِ فِي الْمَالِ وَالْأَهْلِ,

”අල්ලාහුම්ම ඉන්නා නස්අලූක ෆී සෆරීනා හාදල් බිර්ර වත්තක්වා වමිනල් අමලි මා තර්ලා අල්ලාහුම්ම හව්වින් අෙලෙනා සෆරනා හාදා වත්විඅන්නා බුඃදහ්, අල්ලාහුම්ම අන්තස් සාහිබු ෆිස්සෆරි වල් හලීෆතු ෆිල් අ්හලි අල්ලාහුම්ම ඉන්නි අඌදුබික මින් වඃසාඉස් සෆරි වකාබතිල් මන්ලරි වසූඉල් මුන්කලබි ෆිල්මාලි, වල්අ්හලි.”

අර්ථය: හිමියනි! අප සැබවින්ම ඔබගෙන් කුසල්, දේව භක්තිය හා ඔබ තෘප්තියට පත්වන කි‍්‍රයාවන් අපගේ මෙම ගමනේදි (ලැබීමට* පතන්නෙමු. හිමියනි! අපගේ මෙම ගමන අපට පහසුකර එහි දුර ද කෙටි කරනු මැන. හිමියනි! මෙම ගමනේ මිත‍්‍රයා ඔබම වේ. තවද අපගේ පවුලේ නියෝජිතයා ද ඔබම වේ. හිමියනි! සැබවින්ම ගමනේ පීඩාවෙන්ද, ස්වරූපය වෙනස් වීමෙන්ද සම්පත හා පවුලේ ඇති විය හැකි අයහපත් ප‍්‍රතිඵලයන්ගෙන්ද ආරක්‍ෂාව පතමි.

කඳු නැගීමේදී:
 اَللهُ أَكْبَرْ

”අල්ලාහු අක්බර්”

(අල්ලාහ් ඉතා ශ්‍රේෂ්ඨය* යනුවෙන් කිව යුතුය.

කඳු බැසීමේදී:
سُبْحَانَ اللهِ

”සුබ්හානල්ලාහ්”

(අල්ලාහ් ඉතා පරිශුද්ධයි* යනුවෙන් කිව යුතුය. (මූලාශ‍්‍රය: බුහාරි*.

ගමන නිම කොට නිවස බලා පිටත් වීමේදි :

آيِبُوْنَ تَائِبُوْنَ عَابِدُوْنَ لِرَبِّنَا حَامِدُوْنَ

”ආයිබූන තාඉබූන, ආබිදුන ලිරබ්බිනා හාමිදුන”

අර්ථය: ”පා පෝචිචාරණය කළාවූවද යාඥා කළාවූද අපගේ හිමියන් අල්ලාහ්ට ප‍්‍රශංසා කොට නැවත නිවසට ළඟාවූවෙමු.”

ගමන් අරඹන්නෙකු වෙත හිතවතුන් කරන ප‍්‍රාර්ථනා:

أَسْتَوْدِعُ الله دِيْنَك وَأَمَانَتَكَ وَخَوَاتِيْمَ عَمَلُكَ

”අස්තව්දි උල්ලාහ දීනක් ව අමානතක වහවාතීම අමලූක”

අර්ථය: ”ඔබගේ සුරක්‍ෂිතය හා ඔබගේ කි‍්‍රයාවන් හි අවසන් ප‍්‍රතිඵල ආරක්‍ෂා කරනු පිණිස ඔබව අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත භාරකරමි.”(මූලාශ‍්‍රය: තිර්මිදි*.

ගමන අරඹන්නා තම හිතවතුන්ට කරන ප‍්‍රාර්ථනාව:

أَسْتَوْدِعُكُمُ اللهُ الَّذِيْ لاَ تُضَيِّعُ وَدَائِعَهُ

”අස්තව්දි උකුමුල්ලාහුල් ලදී ලා තුලයියු වදාඉඋහු”

අර්ථය: ඔබව අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත භාරකරමි. ඔහු වෙත භාර කරන දේ කිසිවිටෙක නිෂ්ඵල නොවන්නේය. (මුලාශ‍්‍රය : ඉබ්නු මාජා*.

ගමන් බිමන් යන විට මෙම යහපත් පිළිවෙත් අනුගමනය කර අල්ලාහ්ගේ ආශිර්වාදය ලබාගමු.

සකස් කිරීම: අබූ අස්මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *