මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් බොහෝ අය කරන්නේ එම අරමුණ ජය ගැනීම වෙනුවට ලෞකික සැපත වෙනුවෙන් සම්පුර්ණ ජිවිත කාලයම ගත කිරීමයි. මේ නිසා ජීවිතය ජය ගැනීමට ලැබී ඇති එකම අවස්තාව ගිලිහී යන්නේය.ලෞකික දැනුම මෙලොව ජීවිතයත් සමග කෙලවර වුවත් ආගමික දැනුම මිනිසාට මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමට උපකාරී වන්නේය. කෙසේ වෙතත් දෙවියන්ගේ වචනය විශ්වාස නොකරන අයට මෙම කරුණ දැනගත හැක්කේ මරණයට පත් වූ පසුය. එය අශ්වයා ගිය පසු ඉස්තාලය වැසුවාට සමානය.
මව් කුස තුලදී මිනිසාට ඇස්, කන්, නාසය ප්‍රයෝජනවත් නැත. එහෙත් මිනිසා මෙලොවට බිහි වූ පසු ඒවා අවශ්‍ය බව දෙවියන් දන්නා නිසා ඒවා මවා ඇත.
“නුඹලා කිසිවක් නොදන්නන්ව සිටි තත්වයෙහි නුඹලාගේ මෑණිවරුන්ගේ කුසවලින් අල්ලාහ්ම නුඹලාව පිට කළේය. තවද ඔහුම නුඹලා තුති කරනු පිණිස ශ්‍රවනයද, දෘෂ්ටින්ද, සිත්ද ඇති කළේය” (කුරානය 16:78).
මිනිසාට මේ අවයව සියල්ලම ලබා දී තිබියදීත් ඇතැම් අය දෙවින් නැතැයි වාද කරන්නේ ඔවුන්ගේ මුග්ධ කම පෙන්නුම් කරමින් ය. එහෙත් මරණයෙන් පසු අපට ලබා දී තිබුණු ආශින්ෂණයන් ගැන ප්‍රශ්න කරනු ඇත.
“නුඹට කුමක් ගැන දැනුම නැත්තේද නුඹ එය නොපිළිපැදිය යුතුය. නියතව ශ්‍රවණය, දෘෂ්ටිය, හදවත යනාදිය ගැන ප්‍රශ්න කරනු ඇත” (කුරානය 17:36).
කුරානයේ පහළ වූ මුල්ම වැකියේ ඇති “කියවනු!” යන්නෙන් පැහැදිලි වන්නේ මිනිසා දැනුම ලබා ගැනීම වෙනුවන් මුල්තැන දිය යුතු බවයි. එම වැකිය පහත දැක්වේ.
“නුඹගේ අධිපතියාගේ නාමයෙන් කියවනු!…..”
විශ්වයේ අධිපති එකම දෙවියන් ගැන දැනගැනීමට මිනිසාට ලැබී ඇති අවයවයන් සහ දැනුම හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් ඉන් ප්‍රයෝජනයක් නොලබන්නේ නම් එහි පාඩුව මිනිසාටමය.
කිසිම දෙයක් ඉබේ ඇතිවිය නොහැකි බව මිනිසා හොඳාකාරවම දන්නේය. එහෙත් ඒවා නොදන්නා ගානේ ක්‍රියා කිරීමෙන් සිදුවන පාඩුව මිනිසාටමය. උදාහරණයකට ඔරලෝසුවක් ක්‍රියා කිරීමට නම් එහි ඇති සියළුම උපාංග නිවැරදිව සම්බන්ද විය යුතුය. ඒවායින් එකක් හෝ අඩු නම් එය වැඩ කරන්නේ නැත. එසේ නම් අපගේ සිරුරේ ඇති සෑම අවයවයක්ම නිසි පරිදි එකලස් කලේ කව්රුන්ද? ඔරලෝසුව ඉබේ ඇතිවිය නොහැකි නම් ඊට වඩා ඉතා සංකීරණ මිනිස් සිරුර ඉබේ ඇතිවිය හැකිද? මෙය සිතා බැලීමෙන් දෙවියන්ගේ බල මහිමය තේරුම් ගැනීමට නොහැකිද? අල්-කුරනෙය් මුලින්ම පවසා තිබෙන්නේ දෙවියන් ගැන දැනගන්නා ලෙසය. ඉන් පසු අපි ඔහුට නැමැදිය හැකිය.
“දැන ගනු! නියතව නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත …” (කුරානය 47:19).
මිනිසාගේ බුද්ධිය නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නේ නම් දෙවියන් ගැන දැනගැනීමට හැකිය. එහෙත් දෑස තියාගෙන අන්දයෙකු මෙන් ක්‍රියා කලේ නම් කිසිවිටක සත්‍ය වටහාගත හැකි වන්නේ නැත. මේ නිසා අල්-කුරානයේ බුද්ධිමතුන් ගැන මෙසේ පවසා ඇත.
“අල්ලාහ්ගේ ගැත්තන්ගෙන් ඔහුට බිය වන්නේ උගතුන්මය” (කුරානය 35:28).
ආගමික දැනුම ලබා තිබීම මිනිසා ලබන ඉතා ගෞරවයකි. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් විස්තර කොට ඇත,
“නුඹලාගෙන් කවරහු විශ්වාස කර, දැනුමද දෙනු ලැබ ඇත්තෝද ඔවුනට අල්ලාහ් තරාතිරම් උසස් කරන්නේය” (කුරානය 58:11).
දැනුමේ වැදගත්කම නිසාම දැනුම වැඩිකර දෙන මෙන් දෙවියන්ගෙන් ප්‍රර්ථනා කරන ලෙස මිනිසාට උගන්වා ඇත.
“මාගේ ‘රබ්’! මට දැනුම අධික කරනු මැනව’යි පවසන්න” (කුරානය 20:114).
දැනුම ඇති තැනැත්තා කිසිම අන්දමකින් දැනුම නැති කෙනෙකුට සම කළ නොහැකිය. මෙහි දැනුම යැයි කියන්නේ මිනිසාගේ අරමුණ ජයගැනීම සඳහා අවශ්‍ය දැනුම වේ.
“දැනුම ඇති අයත් දැනුම නොමැති අයත් සමාන වන්නේදැයි (නබි!) නුඹ අසන්න! බුද්ධිමත්හුම උපදෙස් ලබන්නෝය” (කුරානය 39:9).
බොහෝ අය තමන් උගතුන් යැයි සිතාගෙන ඇතත් ඔවුන් ක්‍රියා කරන්නේ මෝඩයින් මෙනි. මේ නිසා ඇතැම් අය දෙවියන්ට නමදිනු වෙනුවට හෙළුවෙන් සිටින මිනිසුන්ට වැඳුම් පිරුම් කරති තවත් සමහරු ගස් ගල් වලට වඳිති. එහෙත් සත්‍ය නම් ඒවා සියල්ලම මවා ඇත්තේ දෙවියන් වීමයි.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.