සෑම මිනිසෙකුටම සහජයෙන්ම ආගම ගැන හැඟීමක් ලැබී තිබේ. එබැවින් ආගම ගැන අමුතුවෙන් අර්ථ දැක්වීමක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් ජීවින් අතුරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන්නේ මිනිසාට අනෙක් ජිවින්ට නොමැති සිතීමේ හැකියාවක් සහ ශරීරයක් ලැබී ඇති නිසාය. එබැවින් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා වන්නේය.
මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ ඔහුගේ මැවුම්කරු ගැන දැන ගැනීම සඳහාය. එමගින් තම ජිවිතයේ අරමුණ ලඟා කර ගැනීමට හැකි වනු ඇත. විශ්වයට ආරම්භයක් තිබෙන බව පරම සත්‍යයකි. එය විද්‍යාඥයින් පවා පිළිගෙන ඇත. තවද විශ්වය ගැන ගැඹුරින් හැදෑරීමේදී පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. එක් දෙවිකෙනෙකුට වඩා සිටින්නේ නම් අපට මෙවැනි ඒකාකාරී විශ්වයක් දැක ගැනීමට ලැබෙන්නේ නැත. එම නිසා බහු දේව වාදී ආගම් වලින් නිවැරදි මාර්ගය ලඟා කර ගත හකිදැයි ප්‍රශ්නයක් පැන නගින්නේය.
- දෙවියන් ගැන නිවැරදි සහ සත්‍ය වූ කරුණු
- දෙවියන්ගෙන් පහළ වූ දහමක් බව තහවුරු කල හැකි සාක්ෂි
- දහම පහලවූ මුල් භාෂාවෙන්ම එය තිබීම
- කිසිම වෙනසකට ලක් නොවී පහල වූ ආකාරයටම ආරක්ෂා වී තිබෙන බව සනාථ කල හැකි සාක්ෂි තිබීම
- මිනිසුන්ගේ උවමනාවන්ට සරිලන පරිදි වෙනස් නොවී තිබීම
- එම දහම තුල කිසිම පරස්පරතාවයක් නොතිබීම
- ලොව ඕනෑම තැනකදී පිළිපැදීමට හැකි වීම
- මිනිසාට පිළිපැදිය හැකි නිවැරදි මාර්ගය සරලව පෙන්වා දී තිබීම
- ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම එම දහමේ පෙන්වා දෙන ඇදහිලි ඉටු කිරීමට හැකි වීම
- මිනිසාගේ උපතේ සිට විපත දක්වා වූ සියළු කරුණු කාරනා එහි අඩංගු වී තිබීම
- දහමේ ඇති නීති රීති යල්පැන ගිය ඒවා නොවීම
- දහම පහළ කල යුගයේ පැවති අවිද්‍යාත්මක සංකල්පයන් සත්‍ය කරුණු ලෙස දහමින් ඉදිරිපත් නොවීම
- මරණයෙන් පසු ජීවිතය ගැන නිවැරදිව කරුණු ඉදිරිපත් කොට තිබීම
- එම ආගම තුලින් දෙවියන්ගේ නියෝගයන් නිවැරදිව ඉදිරිපත් කොට තිබීම
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,