නවීන ලෝකයේ දහමට ඇති ආකර්ෂණය හීනවෙමින් තිබියදී මුස්ලිම්වරුන් දහමට දක්වන උනන්දුව අගය කළ යුතුය. කෙසේ වෙතත් ඔවුන් අතරද ආගමින දැනුම අඩුවීගෙන යන බව නොකියාම බැරිය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ ශ්‍රද්ධාව ද බෙලහීනවෙමින් පවතින්නේය. එය අලාහ්ගෙන් ඈත් වීමට හේතුවක්ව වී තිබේ. එහෙත් නබිතුමාගේ අනුගාමිකයින් දහම සමග ඉතා සමීපයෙන් කටයුතු කලෝය. ඔවුන්ගේ ජීවිතයත් කුරානයේ ඉගැන්වීමත් අතර වෙනසක් තිබුනේ නැත. තවද ඔවුන් නබිතුමාව ඉතා ඕනෑකමින් අනුගමනය කලෝය. ඔවුන්ට නබිතුමාගේ ජිවිත රටාව රෝල් මොඩලයක් විය. අදටත් එය සත්‍යයක් බව මුස්ලිම්වරුන් තේරුම් ගත යුතුව ඇත.
හොඳ මුස්ලිම්වරයෙකු වීමට කල යුතු ප්‍රධාන කාර්ය වන්නේ මොන තරම් බාධක පැමිණියත් අල් කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම තම ජිවන සැලැස්ම කර ගැනීමය. ඒ තුල අනිවාර්යයෙන්ම මෙලොව සහ මරණයෙන් මතු ජිවිතයේ ජයග්‍රහණය තිබෙන්නේය. එය චකිතයෙන් බලන තාක් කල් ජයග්‍රණයක් නැත.
ඉස්ලාමිය මග පෙන්වීම පසෙක තිබියදී පොළී මුදල්වලින් ව්‍යාපාර කරන්නේ නම් අනිවාර්යෙන්ම එය අසාර්ථක වන්නේය. බොහෝ අයගේ ජිවිතයේ එය අත්විඳ ඇත. රේස් බුකිවල කාලය ගත කරමින් එහි තුන්ඩු දමන්නේ නම් අල්ලාහ්ට ලං වීම වෙනුවට ඔහුගෙන් දුරස් වීමට හේතුවක් වන්නේය. එබැවින් දහමින් තහනම් කල දේවල් වලින් වැලකී අල්ලාහ් අනිවාර්ය කොට ඇති සලාතය, සකාතය, උපවාසය නිසි පරිදි ඉටු කිරීමට සෑම මුස්ලිම්වරයෙකුම අධිෂ්ඨාන කර ගත යුතුය. හැකියාව ඇති සියළුදෙනාම හජ් වන්දනය ඉටු කල යුතුය. මේවා නිසි ලෙස නොකර ඒවායේ අඩුපාඩු සිදු කරමින් ලෞකික ජයග්‍රහණය යොයා යෑම මිරිඟුව පසු පස යෑමක් හා සමානය.
අල් කුරානය පෙන්වා දෙන අන්දමට සියළුම මුස්ලිම්වරු කුරානය මගින් එකමුතු විය යුතුය. ඔවුන් අතර ඇතිවන ප්‍රශ්න වලට කුරානය මගින් විසඳුම් සෙවීමෙන් ඔවුන්ගේ එකමුතු කම රැකගත හැකි වන්නේය. ඒ වෙනුවට වෙනත් විකල්ප වලට යෑමෙන් සිදු වන්නේ අල්ලාහ්ගෙන් දුරස් වීමය. අල් කුරානයට තමන්ගේ පහත් අසාවන්ට ගැලපෙන අර්ථ දීමෙන් වැලකි සිටිය යුතුය.
අද බොහෝ මුස්ලිම්වරුන් දහම පසෙක තිබියදී ඔවුන්ගේ ෂෙයික් වරුන් පෙන්වා දෙන දහම අනුගමනය කිරීමට යෑමෙන් සත්‍ය ඉස්ලාම් දහමින් බැහැර වී ඇත. ඉස්ලාම් දහම අනුව සොහොන්කොත් වලට ගොස් උත්සව පැවැත්වීම බලවත් වරදකි. එවැනි සම්ප්රදායක් නබිතුමා හෝ ඔහුගේ අනුගාමිකයින් පෙන්වා දුන්නේ නැත. එසේ තිබියදී එවැනි දේවල් අද සුලබව සිදුවන්නේය. එපමණක් නොව එවැනි දේවල් නොකරන අය ඉස්ලාම් විරෝදින් ලෙස සලකන අතර මුලාශ්‍ර සහිතව නිවැරදි දහම පැහැදිලි කලත් එය පිළිගන්නේද නැත. මෙය ඉතා කනගාටු දායක තත්වයකි.
හොඳ මුස්ලිම්වරයෙකු කිසිම අවස්ථාවක අනුන් රවටන්නේ නැත, බොරු කියන්නේ නැත, පොරොන්දු කඩකරන්නේ නැත. මෙය ඔවුන්ගේ එදිනෙදා ජීවිතය තුලින් පෙන්නුම් කරන්නේ නම් ඔවුන් අල්ලාහ්ට වඩවඩාත් සමීප වන අතර මුස්ලිම් නොවන අයගේ ගෞරවයට ද පාත්‍ර වනු ඇත.
By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.