ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇතත් බොහෝ අයට එම දහම ගැන නිවැරදි අවබෝදයක් නොමැත. ඇතැම් අය සිතන්නේ එය දෙවියන් පිලිබඳ මිත්‍යා විශ්වාසයන් මත පදනම් වූ දහමක් හැටියට ය.කිසිවෙකු විසින් දෙවියන්ව දැක නැතත් එම විශ්වාසය මිත්‍යාවක් නොවීමට බොහෝ හේතු සාදක තිබේ. විශ්වාසයෙන් තොරව කිසිම දෙයක් කල නොහැකිය. ඒ අනුව කෙනෙක් අඩියක් ඉස්සරහට තබන්නේත් යම් විශ්වාසයක් ඇතිවය. විද්‍යාඥයින් පර්යේෂණ කරන්නෙත් යම් විශ්වාසයක් ඇතුවය. මේ නිසා මිනිසා දරන සෑම විශ්වාසයක්ම මිත්‍යා දෘෂ්ටික නොවේ.

මහාචාර්ය ස්ටෙෆාන් හොකින් මහතා එක්තරා අවස්තවකදී ඔහු විසින් ප්‍රකාශිත “A brief history of time from big bang to black hole” යන ග්‍රන්ථයේ සඳහන් කොට තිබුනේ විශ්වය සර්වබලධාරී දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. ඔහු එම නිගමයට පැමිණ ඇත්තේ විශ්වය ගැන මනා අධ්‍යනයකින් පසුවය. එසේ තිබියදී එම සුප්‍රකට විද්‍යාඥයා මිත්‍යා දෘෂ්ටිකයෙක් විය හැකිද?

කෙසේවෙතත් ස්ටෙෆාන් හොකින් මහතාගේ නවතම මතයෙන් කියැවෙන්නේ විශ්වය ඉබේ ඇතිවූ එකක් බවයි. එහෙත් බොහෝ විද්‍යාඥයින් මෙම මතය ප්‍රත්ක්ෂේප කරන්නේය. විශේෂයෙන්ම මහාචාර්‍ය ගෙරල්ඩ් ශ්‍රෝඩර් (Prof Gerald Schroeder) පවසන්නේ ස්ටෙෆාන් හොකින් මහතා පවසන ආකාරයට ස්වභාවික නීතිවලින් විශ්වය බිහිවන්නේ නම් කාලය ඇතිවීමට පෙර ස්වභාවික නීති ඇතිවී තිබිය යුතු බවයි. ඇයිද යත් කාලය ආරම්හ වන්නේ විශ්වය බිහිවූ පසුව නිසාය. ඔහුගේ නව මතය බොහෝ විද්‍යාඥයින් ප්‍රතික්ෂේප කරති.

ඉහත සඳහන් කල පරිදි ඉස්ලාම් දහම විද්‍යාත්මක පදනමක පිහිටා ඇත. එය තවත් හොඳින් තහවුරු වන්නේ කුරානයෙන් ඉදිරිපත් කරනු ලබන සෑම විද්‍යා සංකල්පයක්ම 100% නිවැරදි නිසාය. යම් කෙනෙක් ඉස්ලාම් දහම මිත්‍යාව මත පදනම් වන බව පවසන්නේ නම් ඔහුට අනුව විද්‍යාවත් එම තත්වයෙන්ම බැලිය යුතුය. එය මුග්ධ ක්‍රියාවකි.

ඉස්ලාම් දහමේ මිත්‍යා විශ්වාසයන්ට ඉඩක් නොමැති බව තවත් හොඳින් පැහැදිලි වන්නේ එම දහම තුල ග්‍රහ වස්තුවලින් මිනිසාගේ දෛවය වෙනස් කල හැකිය යන විශ්වාසය තරයේම බැහැර කරන නිසාය. තවද ඉස්ලාම් දහමේ කේන්දර බැලීම, නැකත් බැලීම, සාස්තර බැලීමට ඉඩක් නැත. ඒවා මිත්‍යා විශ්වාසයන් ලෙස බැහැර කරන අතර ඒවායේ නියැලීම දෙවියන්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. තවද ඉස්ලාම් දහම අනුව එය විශාල වරදකි.

ඉස්ලාම් දහම අනුව මිනිසා විවිධ සත්ව ආත්ම වල උපදින බව විශ්වාස කරන්නේ නැත. ඒවා මිත්‍යා විශ්වාසයන්  ලෙස සලකනු ලබන්නේය. තවද සත්වයින්ට දහමක් නොමැති වීම නිසා ද උන්ට සවභාවයෙන්ම ලැබී ඇති ගති ලක්ෂණ නිසා ද කිසිම ආකාරයකින් සත්ව ආතමයකින් පසු මිනිස් ආත්මයක් ලැබිය නොහැකි ය. ඒ අනුව ඉස්ලාම් දහම පවසන්නේ මුල්ම මිනිසාව දෙවියන් මැවූ බවයි. බොහෝ විද්‍යාඥයින් පවා පරිනාම වාදය ප්‍රත්ක්ෂේප කරන හේතුවෙන් ආදම් තුමා දෙවියන්ගේ මැවීමක් බව පිළිගත යුතු වන්නේය.

නැමදුම් ලැබිය යතු සර්වබලධාරී අල්ලාහ්ට මිස වෙනත් කිසිම දෙයකට හෝ කෙනෙකුට වැඳීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. එහෙත් ගරු කල යුතු සියළු දේවල් සඳහා ගරු කිරීම අනිවාර්ය කොට තිබේ. ඒ අනුව දෙමව්පියන්, පුජන තුමන්ලා, වැඩිහිටියන්, ආගමික සිද්දස්ඨාන ආදී සියළු දේවල් වලට ගරු කල යුතුය. එහෙත් මිනිසා, මිනිසා ඉදිරියේ හෝ වෙනත් වස්තුන් ඉදිරියේ දනින් වැටී වැඳීම මිත්‍යා විශ්වාසයක් ලෙස බැහැර කරන්නේය.

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *