(01) මුළු විශ්වයම මවා පාලනය කරන එකම දෙවියා  අල්ලාහ් පමණක් බව විශ්වාස කර ඔහුට පමණක් යාඥා කළ යුතුය. ඔහු හැර වෙන කිසිදු දෙවි කෙනෙකු නැත..

(02) නබි මුහම්මද් ﷺ තුමා අල්ලාහ්ගේ දූතයා ලෙස පිළිගත යුතුය.

(03) මිනිසුන් විසින් නිර්මාණය කරන ලද කිසිදු මිනිසෙකු හෝ වස්තුවක් දෙවියන් ලෙස සලකා නමස්කාර නොකළ යුතුය.

(04) දෙවියන් විසින් මැවූ මිනිසුන් කිසිවිටෙකත් දෙවියන් බවට පත් විය නොහැක.

(05) ඉස්ලාමය යන්නෙන් අදහස් වන්නේ අවනතවභාවය හා සාමය යන්නයි.

(06) මෙලොව ජීවිතය, පරලොව ජීවිතය කේන්ද්‍ර කරගෙන ගත කළ යුතු ආකාරය ඉස්ලාමය මඟ පෙන්වයි.

(07) මෙලොව ජීවිතයේ යහපත් ක්‍රියාවන් කළහොත්, පරලොවදී විමුක්තිය හා ස්වර්ගය ලැබෙනු ඇත.

(08) මෙලොව ජීවිතයේ නපුරු හා අයහපත් ක්‍රියාවන් කළහොත්, පරලොවදී නිරය ලැබෙනු ඇත.

(09) තමන් කළ පාප ගැන සිතා අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ඉල්ලා සිටියහොත්, නියත වශයෙන්ම අල්ලාහ් සමාව දී තම කරුණාව පිරිනමනු ඇත.

ඉස්ලාමය මඟ පෙන්වන යහපත් ක්‍රියාවන්…

(10) මනුෂ්‍යත්වයෙන් හා දයාවෙන් යුතුව, අන් අය සමඟ කරුණාවෙන් හා අනුකම්පාවෙන් කටයුතු කළ යුතුය.

(11) අසල්වැසියන් සමඟ යහපත් ලෙස හා මිත්‍රශීලීව කටයුතු කළ යුතුය.

(12) ආහාර පිසූ විට අසල්වැසියන් සමඟද ආහාර බෙදා හදා ගත යුතුය.

(13) ඥාතීන් සමඟ එකමුතුව හා යහපත් සබඳතාවෙන් කටයුතු කළ යුතුය. ඔවුන්ගෙන් වෙන්වී ජීවත් නොවිය යුතුය.

(14) බිරිඳගේ අවශ්‍යතා ස්වාමිපුරුෂයා නිසි ලෙස ඉටු කළ යුතුය.

(15) ස්වාමිපුරුෂයාගේ අවශ්‍යතා බිරිඳ නිසි ලෙස ඉටු කළ යුතුය.

(16) වැඩෙමින් සිටින තම දරුවන්ට යහපත් විනය හා උතුම් ගුණාංග ලබාදී, සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට මඟ පෙන්විය යුතුය.

(17) රෝගීන් හමුවී ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමත්, අවශ්‍ය උපකාර කිරීමත් කළ යුතුය.

(18) දුෂ්කරතා විඳින හා අවශ්‍යතා ඇති ජනතාවට අවශ්‍ය උපකාර ලබා දිය යුතුය.

(19) කිසිවෙකුට අපහාස නොකළ යුතුය.

(20) අන් අය ගැන පසුපසින් නරක ලෙස කතා නොකළ යුතුය.

(21) කේලාම් නොකිය යුතුය.

(22) බොරු ගොතා කතා නොකළ යුතුය.

(23) අසත්‍ය චෝදනා හා අපහාස පතුරවා නොහැරිය යුතුය.

(24) කිසිවෙකුට වංචා නොකළ යුතුය.

(25) කිසිවෙකු රැවටිය නොයුතුය.

(26) කිසිවෙකුට අයුක්තියක් නොකළ යුතුය.

(27) කිසිවෙකුට කිසිදු ආකාරයක කුමන්ත්‍රණයක් හෝ කපටිකමක් නොකළ යුතුය.

(28) අශෝභන ලෙස කතා නොකළ යුතුය. බොරු නොකිය යුතුය.

(29) කතා කරන්නේ නම් යහපත් දෙයක් කතා කළ යුතුය. එසේ නොමැති නම් නිහඬව සිටිය යුතුය. තම දිව පාලනය කරගත යුතුය.

(30) අන් අය හමුවන විට සලාම් පවසා, සිනාමුසු මුහුණින් ඔවුන් හමුවිය යුතුය.

(31) දෙමාපියන් සමඟ ගෞරවයෙන් හා කීකරුකමින් කටයුතු කළ යුතුය.

(32) කුඩා දරුවන් සමඟ කරුණාවෙන් හා සෙනෙහසින් කටයුතු කළ යුතුය.

(33) වැඩිහිටියන්ට ගෞරවයෙන් කටයුතු කළ යුතුය.

මෙවැනි දහස් ගණනක් වූ උපදේශයන් ඉස්ලාමය මිනිසාට දිනපතාම සිහිපත් කරමින් සිටී.

මිනිසාව යහපත් ලෙස හැඩගස්වා, පරලොවදී සාර්ථකත්වය ලබා දීම ඉස්ලාමයේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *