පවුල් ජීවිතය පිළිබඳව වෙන කිසිම දහමකට වඩා වැඩියෙන් අල්-කුරානයෙන් සහ නබි වදන්වල සඳහන් කොට ඇත. නබිතුමාගේ ජිවිත ආදර්ශය තුලින්ද එය වඩාත් හොඳින් විදහා දැක්වෙන්නේය.
නබිතුමා පවසා ඇති හදිසයකට අනුව මිනිසෙකු මිය යන විට ඉතිරිකොට යාමට ඇති හොඳම දේවල් තුනකි. එනම් ඔහු වෙනුවෙන් ආයාචනා කරන යහපත් දරුවන්, සෑමදාම කුලිය ලැබෙන පරිදි ඉතිරිකර ඇති පරිත්‍යාග, මිනිසුන්ට ප්‍රයෝජනවත් වන දැනුම වේ (ඉබ්නු හිබ්බාන්). මේවායින් කෙනෙක් මැරුණු පසුද කුලිය ලැබෙමින් පවතින්නේය.
නබි වදනක සඳහන් වන අන්දමට මුස්ලිම්වරයෙකුගේ ස්වර්ගය මවගේ දෙපාමුල ඇත්තේය. තවද පියාගේ සන්තුෂ්ටිය තුල දෙවියන්ගේ සතුට රඳා පවතින්නේය. එය අත්කර ගැනීම සඳහා දෙමව්පියන්ද ධාර්මික විය යුතුය.
“මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත හැකි හොද ක්‍රියාවන් කරන මෙන් ඔබ මා හට ශක්තිය ලබා දෙනු මැනව!, තවද මාගේ දු දරුවෝ යහපත් දරුවන් කරනු මැනව!” (Q 46:15).
ඉහත කුර්ආන් වැකිය අනුව දරුවන්ගෙන් හොඳක් බලාපොරොත්තු විය හැක්කේ දෙමව්පියන් ඊට සුදුසු පසුබිම සකස් කලේ නම් පමණි. ඒ සඳහා ඔවුන්ට ලෞකික අධ්‍යාපනයට අමතරව දහම් දැනුම ලබා දිය යුතුය. එසේ නොකළේ නම් ළමුන් පවතින සමාජ ක්‍රමය තුල තිබෙන ශිර්ක් සහ බිද්අත් (Innovations) වලට ඇබ්බැහි වනු ඇත. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් දැනුම් දෙන්නේ දෙමව්පියන් පෙන්වා දෙන දහමට පටහැනි දේවල් සිදු කිරීම වරදක් බවයි.
“දෙමාපියන්ට හොඳ කරනමෙන් සහ කීකරුවන මෙන් අපි මිනිසාට නියමකර ඇත්තෙමු. එහෙත් ඔවුන් ඔබට දැනුම නොමැති දෙයක් මා සමග (සමාන කිරීමට) උත්සාහ කරන්නේනම් ඔවුන්ට අවනත නොවනු” (Q 29:8).
නවීන සමාජයේ පෙර නොතිබුණු බොහෝ දේවල් දැකිය හැකිය. ඒවායින් ළමයින්ගේ ජිවිතයට බොහෝ බලපෑම් ඇතිවිය හැකිය. ඔවුන් දහමින් ඈත්වීමටද ඒවායින් බලපෑම් එල්ල වන්නේය. එබැවින් එවැනි දේවල්වලින් වැළැක්වීමට නම් ඔවුන්ට නිවැරැදි දහම් දැනුම ලබා දීම අනිවාර්ය වේ. මේ නිසා සෑම නිවසකම ආගමික පරිසරයක් ඇතිකළ යුතු අතර කුර්ආන් පරිවර්තනයක් මෙන්ම ඉස්ලාමිය පොත් පත් තිබිය යුතුය.
බොහෝ දරුවන් නොමග යාමට එක් හේතුවක් වන්නේ බොහෝ ළමුන්ට නිවැරදි ආගමික දැනුමක් නොමැති කමය. බොහෝ අය ජිවිතයේ එක් වතාවක් හෝ කුරානයේ අර්ථය කියවා නොමැත. එහෙත් කුරානයේ දෙමව්පියන් ගැන බොහෝ දේවල් පවසා ඇත. ඉන් එක් කුර්ආන් වැකියක් පහත දැක්වේ.
“ඔබගේ දෙවියන් ඔහුට පමණක් නමදින ලෙස ඔබට නියම කර ඇත. තවද ඔබ ඔබගේ දෙමව්පියන්ට කෘතඥවිය යුතුය. ඔවුන් දෙදෙනාම හෝ එක්කෙනෙකු ඔබගේ ජිවිත කාලය තුල දී මහලු වියට පත් වූයේනම් ඔවුන්ට අගව්රවවන ආකාරයේ කිසිම වචනයක් නොකියනු. ඔවුන්වෙත බැන නොවදිනු, ඔවුන්ට ගෞරවයෙන් ආමන්ත්රණ කරනු. ඔවුන්හට යටහත් පහත්ව නිහතමානීව කරුණාව දක්වනු. තවද පවසනු: මාගේ දෙවියනි, මා කුඩාකල සිට හදාවඩාගත් ඔවූන් වෙනුවෙන් ඔබගේ කරුණාව දක්වනු මැනව, ” (Q 17:23-24).
ඉහත කුර්ආන් වැකිය දැනගත් ළමයින් දෙමව්පියන්ට අනිවාර්යයන්ම කෘතගුණ සලකනු ඇත. නැතහොත් ඔවුන් කරන්නේ විශාල වරදකි. පහත දැක්වෙන හදිසය අනුවද දෙමව්පියන්ට අකීකරු වීම මහා පාපයක් වන්නේය.
“අබුහුරෛරා රලි තුමා පවසන වගනම්: “ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා! ඔහු දුවිලි මෙන් අවමානයට පත්වේවා!” එවිට සහාබාවරු ඔවුන් කව්රුන්දැය නබිතුමාගෙන් ඇසුවේය. එවිට නබිතුමා, ඔවුන් තම දෙමව්පියන් දෙදෙනාම හෝ ඉන් එක්කෙනෙකු මහලු වියට පත් වූ පසු ඔවුන් ට උපකාර කිරීමෙන් ස්වර්ගය ට නොයන තැනැත්තා යනුවෙන් පවසා සිටියේය”(මුස්ලිම් 6189).
පවුල් ජිවියතය සාර්ථක වීමට නම් විවාහ වන අවස්ථාවේදීම ඊට සුදානම් විය යුතුය. විවාහයේදී ලෞකික දේවල් වලට වඩා දහමට මුල් තැන දීම ඉතා වැදගත්ය. දෙමව්පියන්ට දහම ගැන දැනුමක් තිබේ නම් මෙලොව ජීවිතය පමණක් නොව මතු ජිවිතයද සාර්ථක කර ගත හැකි වනු ඇත.
By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.