නබිතුමා ජිවතුන් අතර සිටියදීම ඉස්ලාම් දහම සම්පුර්ණ කොට තිබුනේය. ඒ අනුව නබිතුමාගෙන් පසු කිසිවෙකුට එම දහම ට කොටස් එකතුකිරීමට හෝ එහි ඇති කොටස්  අඩු කිරීමට හෝ ඉඩ තබා නැත. එසේ තිබියදී යම් කිසිවෙකු ඉස්ලාම් දහම තුලට අළුතින් කොටස් එකතු කලේ නම් ඒවා පිළිගැනෙන්නේ ද නැත.ඉස්ලාම් දහම තුලට නබිතුමා පෙන්වා නොදුන් දේවල් එකතු කලේ නම් ඒවා නිෂ්ප්‍රභා කල යුතු බවට නබිතුමා තරයේ අවවාද කොට ඇත. තවද එසේ එකතු කරන දේවල් නිරයට මාර්ගය බවද එතුමා පවසා තිබේ. නබිතුමා විසින් මෙවැනි දැඩි අවවාදයක් සිදු කොට තිබියදීත් ඔහුගේ අභාවයෙන් පසු ඉස්ලාම් දහම තුල අළුත් නිකායන් බොහොමයක් ආරම්භ කොට ඇත. ඉන් එකක් වන්නේ සුෆි මග පෙන්වීමයි. මෙහිදී සලකා බලන්නේ ඉන් කරුණු කිහිපයක් පමණි.

සුෆිවරුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ගුප්ත පුජා විදි අනුගමනය කරමින් දෙවියන් සමග එක්වීම ය. එහෙත් ඉස්ලාම් දහම අනුව දෙවියන්ට සමීප විය හැක්කේ කුරානය සහ නබිතුමා පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කිරීමෙන්ය. ඒ අනුව ෂරියා නිතිය සහ මුහම්මද් නබිතුමාගේ මග පෙන්වීම අත්‍යාවශ්‍ය වේ.

සුෆි වරුන් අල්-කුරානය වෙනස් කිරීමට නොහැකි බව හොඳින් තේරුම් ගෙන තිබුනේය. එබැවින්  ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා සිදු කොට ඇත්තේ කුරානයට ගුප්ත අරුත් ඇතැයි පවසමින් නබිතුමා පෙන්වා නොදුන් අළුත් අදහස් ඉස්ලාම් දහම තුල රිංගවීමය. එහෙත් කුරානය සහ නබි වදන් ඉතා හොඳින් වටහාගෙන සිටි නබිතුමාගේ අනුගාමිකයින් විසින් එවැනි දේවල් පෙන්වා දුන් බවට කිසිම මුලාශ්‍රයක් නොමැත.

අද ඇති සුෆි නිකායේ ඉස්ලාම් දහම පෙන්වා නුදුන්  එහෙත් වෙනත් ආගම්වල දැකිය හැකි බොහෝ දේවල් සම්මිශ්‍රණය කොට ඇත. ඒ අනුව එහි කිතුනු දහමේ කොටස් මෙන්ම හින්දු දහමේ කොටස් ද දැකිය හැකිය. ඒවා ඉස්ලාම් දහම අනුමත නොකරන දේවල්ය.

සුෆි වරුන් පවසන අන්දමට ඔවුන් දකින සෑම දෙයකින්ම අල්ලාහ්ව නියෝජනය කරන්නේය. මෙය හින්දු සංකල්පයකි. තවද ඔවුන් අල්ලාහ්ගේ සිෆත් ඔවුන්ගේ මනාපය පරිදි වෙනස් කොට ඇත. මෙහි මුලිකත්වය ගෙන ක්‍රියා කලේ බාසේzයිදුල් බිස්තාමි යන තැනැත්තාය. ඔහු විසින් නබිතුමා පෙන්වා නොදුන් බොහෝ අළුත් සංකල්ප දහම තුල ඇතුලත් කොට තිබේ. එක් අවස්ථාවකදී ඔහු තමන් පරිශුද්දවන්තයා ලෙස පවසා ඇත. එහෙත් එය අල්ලාහ්ට පමණක් අයත් වුවකි. එබැවින් ඔහු පවසන ලද එම වදන ඉස්ලාම් දහම අනුව විශාල වරදකි.

බාසේzයිදුල් බිස්තාමිගෙන් පසු 12 වන සිය වසේදී පමණ ඉබ්නු අරබි නම් තැනැත්තා විසින් සුෆි සංකල්පය තව දුරටත් ප්‍රවර්දනය කොට ඇත. ඉස්ලාම් දහම සහ සුෆි වරුන් අතර පැහැදිලි වෙනසක් ඇති කිරීමට ඔහු මුලිකව කටයුතු කොට තිබේ. ඔහුගෙන් පසු ජුනේයිදුල් බග්දාදී සහ මන්සුර් අල්-හලාජ් යන දෙදෙනාද සුෆි වරුන්ගේ ප්‍රධානින් ලෙස කටයුතු කොට ඇත. එසේ තිබියදී එක්තරා අවස්ථාවක මන්සුර් අල්-හලාජ් මමයි සත්‍යය යැයි පවසා තිබේ. මෙම වරද නිසා එකල පැවති රජය විසින් ඔහුගේ හිස ගසා මරණයට පත් කොට ඇත.

සුෆිවරුන් ඉස්ලාම් දහම තුල අළුතින් ඇතිකළ දේවල් අතර නබිතුමා පෙන්වා නොදුන් අන්දමේ කණ්ඩායම් වශයෙන් සිදුකරනු ලබන සිzක්ර් ක්‍රමය ද ඇතුලත් ය. එහිදී ඔවුන් නබිතුමා පෙන්වා නොදුන් වදන් උපයෝගී කරගනිමින් ඒවා සිදු කරති. එහෙත් එවැනි දේවල් සහාබාවරුන් කිසිම විටක සිදු කොට නැත. තවද ඒවා අල්-කුරානයේ හෝ නබිතුමාගේ හදිස් වල උගන්වා නොමැත. එබැවින් ඒවා නිෂ්ප්‍රභා කල යුතුව ඇත.

ඉබ්නු ජව්සිz ඔහුගේ තල්බිස් ඉබ්ලිස් නම් ග්‍රන්ථයේ පහත සඳහන් පරිදි පවසන්නේය.

“සුෆි සංකල්පයේ ආරම්භය ලෞකික කටයුතුවලින් වැලකී සිටීම වේ. ඒ සඳහා ජනතාව එකතු වූ පසු ඔවුන්ට ගැලපෙන අන්දමට තවත් කරුණු ඇතුලත් කොට ඇත. ඒ අනුව ගායනා කිරීමට සහ නැටුම් වලට ඔවුන් ඉඩ සලසා දී තිබේ. එසේම තම අනුගාමිකයින් සඳහා සටන් කිරීම, දේශපාලනය, දැනුම ලබාගැනීම සහ එය අනෙක් අයට ඉගැන්වීම අවශ්‍ය නැතැයි පෙන්වා දෙන්නේය. තවද සංගීතය, මැජික් සහ අනෙකුත් තහනම් ක්‍රියාවන් සඳහා ඔවුන් අනුමැතිය ලබා දී ඇත”

සුෆිවරුන්ගේ ඉගැන්වීම අනුව ෂෙයික් වරයාට සම්පුර්නයෙන්ම යටත් විය යුතුය. සවර්ගය ලැබිය හැක්කේ ඔහුගේ මාර්ගය අනුගමනය කිරීමෙනි. ඔවුන් සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ ආගමික නායකයාට තමන්ගේ අනුගාමිකයින් කොතැනක සිටියත් දැකිය හැකිය. එසේම ඔවුන් තම නායකයාගෙන් උදව් පතන අවස්ථාවේදී ඔවුන් කොපමණ දුරින් සිටියත් උදව් කළ හැකිය. මෙය ඉස්ලාම් දහම අනුව සිදු විය නොහැකි කාර්යයකි. එවැනි දෙයක් කළ හැක්කේ දෙවියන්ට පමණි. මේ අනුව බලන කළ සුෆි මතවාදයට ඉස්ලාම් දහම තුල ඉඩක් ලැබෙන්නේ නැත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *