”මස්ජිදය” යනු අල්ලාහ් සිහිපත් කිරීම සඳහා ඉදිකරන ලද ශුද්ධවූ ස්ථානයයි. තවද එය මුස්ලිම් සමාජයේ කේන්ද්‍රස්ථානයයි, ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ සංකේතයයි. දිනකට පස් වතාවක් ඉටු කළයුතු අනිවාර්්‍යය සලාතය සඳහාවූ කැඳවීම කරනු ලබන්නේ මස්ජිදයේ සිටයි. එය ශ‍්‍රවණය කළ සෑම පිරිමියෙකුම එම සලාතයන් ඉටු කිරීම සඳහා මස්ජිදය කරා ඉක්මනින් පිය මැනිය යුතුය.

අවසන් ශාස්තෘවරයා මුහම්මද් (සල්* තුමන්ගේ ජීවිතය තුළ ඉතා වැදගත් සිදුවීමක් වන හිජ්රත් ගමනේ දී මදීනාවට ඇතුලූවීමට පෙර කුබාවේ දින කිහිපයක් නවාතැන් ගත්හ. එවිට එතුමන් එහි එක් මස්ජිදයක් ඉදි කළහ. එය දැනටත් ”මස්ජිද් කුබාඃ” යන නමින් හැඳින් වේ. පසුව මදීනාවට ගොස් එහි ඉදි කළ මස්ජිදය ”මස්ජිදුන් නබවිය” යනුවෙන් හඳුන්වනු ලැබේ. ඉන් පසුව එයයි දැනුම හදාරන පාසල වශයෙන්, නීතිය ස්ථාපිත කරන අධිකරනය වශයෙන්, මානව සුභසෙත සඳහා ඉතා වැදගත් තීරණ ගන්නා රාජ්‍ය සභාව වශයෙන්, මුස්ලිමෙකුගේ දෛනික ජීවිතයේ නොවැළැක්විය හැකි අංගයක් වශයෙන් මස්ජිදය පත්වුනි. නබි (සල්* තුමන්ගේ ප‍්‍රකාශයක: ”අල්ලාහ්ගේ අර්ෂයේ සෙවනැල්ල හැර වෙනත් සෙවනැල්ලක් නොමැති ඒ අවසන් දිනයේදී හත් දෙනෙකු එම සෙවනැල්ලට හිමිකම් කියනු ඇත. ඒ අතුරින් කෙනෙකු නම්: තම සිත නිරතුරුව මස්ජිදයත් සමග බැඳී පැවතුනු පුද්ගලයාය” (බුහාරි*.
කෙනෙකු විසි හතර පැයේම මස්ජිදයෙහි රැුඳී සිටිය යුතුයි යනුවෙන් මෙයින් අදහස් නොකෙර්, අවංක බැඳීමක් නිරතුරුව මස්ජිදයත් සමග පැවැත්වීමයි මෙම ප‍්‍රකාශයෙන් අදහස් කෙරෙන්නේ.

ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ විස්තර කරයි: ”නියතයෙන්ම මස්ජිදයන් අල්ලාහ්ට අයිතිවේ, එහි අල්ලාහ් සමග වෙන කිසිවෙකු ප‍්‍රාර්ථනා නොකරන්න” (ශු අල්කුර්ආනය 72: 18*.

මස්ජිදය පාලනය කරන්නන් සතුව පැවතිය යුතු සුදුසුකම් පිළිබඳව
ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ විග‍්‍රහ කරයි:

”අල්ලාහ්ගේ මස්ජිදය පාලනය කරන්නන්, අල්ලාහ් කෙරෙහි ද අවසාන දිනය කෙරෙහි ද විශ්වාසය තබා, සලාතය ද ස්ථාපිත කර, සකාත් (ශුද්ධ කාරක බද්ධ* ද ගෙවා, අල්ලාහ් හැර වෙනකිසිවෙකුට නොබියව කටයුතු කරන්නන් වේ. එවැන්නන් යහ මාර්ගයේ සිටින්නට සුදුස්සන්ය” (ශු අල්කුර්ආනය 09: 18*.

මස්ජිදයට පැමිණෙන විට ඔබ අලංකාරමත් කරගන්න: ”ආදම්ගේ ජනතාවනි! (මනුෂ්‍යයිනි!* සෑම මස්ජිදයකම (සළුවලින්* ඔබ අලංකාරමත් කරගන්න, තවද (අල්ලාහ් අනුමත කළ දේ* ඔබ අනුභව කරන්න, තවද පානය කරන්න (නමුත්* නාස්ති නොකරන්න. මන්ද, නාස්ති කරන්නන්ව අල්ලාහ් ප‍්‍රිය නොකරයි” (ශු අල්කුර්ආනය 7: 31*.

මහා අපරාධ කරුවා කවුද? :

”තවද, අල්ලාහ්ගේ මස්ජිදයන්හි ඔහුගේ (ශ්‍රේෂ්ඨ* නාමය පැවසීම වළක්වා, එය ව්‍යාකූල කිරීමට උත්සහ කරන්නාට වඩා මහා අපරාධ කරුවෙකු සිටින්නේද?” (ශු අල්කුර්ආනය 2: 113*.

මස්ජිදයක් ඉදිකිරීමේ පවතින ශ්‍රේෂ්ඨත්වය:

අවශ්‍ය කරන ස්ථානයන්හි මස්ජිදයන් ඉදිකිරීමට නබි (සල්* තුමන් දිරිගැන්වූහ. නබි (සල්* තුමන් මෙසේ පැවසූහ: ”කවුරුන් අල්ලාහ් වෙනුවෙන් පරවියෙකුගේ කූඩුවක ප‍්‍රමාණයට හෝ කුඩා මස්ජිදයක් (දේව ස්ථානයක්* ඉදිකළේ නම් ඔහු වෙනුවෙන් ස්වර්ගයෙහි අල්ලාහ් මාළිගාවක් තනන්නේය” (මූලාශ‍්‍රයන්: ඉබ්නු හිබ්බාන්, තබරානි, අල්බස්සාර්*.
මස්ජිදය පිවිතුරුව හා අලංකාර ලෙස තබාගැනීම ඉස්ලාමීය ඉගැන්වීමයි:

 අබූ හුෙරෙරා (රලි* තුමන් වරක් මෙසේ විස්තර කළහ: ”කළු වර්ණයෙන් යුත් කාන්තාවක් අල්ලාහ්ගේ මස්ජිදය අතුගා පිරිසිදු කරන්නියෙකු වශයෙන් සේවය කළාය. එම කාන්තාව දින කිහිපයක් නොදුටු විට නබි (සල්* තුමන් ඇය පිළිබඳ විපරම් කළේය. මිත‍්‍රවරුන් ඇය මිය ගිය බව පැවසූහ. එයට නබි (සල්* තුමන් එම පුවත මට නොදැන්වූයේ මන්ද? ඇයගේ සොහොන මට පෙන්වන්න යනු පවසා එම ස්ථානයට ගොස් එම කාන්තාව වෙනුවෙන් ජනාසා සලාතය ඉටුකළහ” (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්, ඉබ්නුමාජා*.

 නබි (සල්* තුමන් මස්ජිදයෙහි කෙළ ගැසීම තහනම් කළහ. නබි (සල්* තුමන් ජනතාව අතර සලාතය කරමින් සිටින විට මස්ජිදයෙහි කිබ්ලාවෙහි (වේලි ගිය* කැහි දැක එය හූරා දැම්මේය. පසුව සලාතය නිමකර: ඔබලා අතුරින් යම් කෙනෙකු සලාතය කරන විට අල්ලාහ් ඔහු ඉදිරියෙන් සිටී. එබැවින් සලාතය කරන විට ඉදිරි පස කෙළ නොගසන්න. ඔබ අතුරින් කෙනෙකු තම රුවට කෙළින් කෙළ ගසා එය තම මුහුණේම යළි වැටීම ප‍්‍රිය කරයිද? (ඔහු පි‍්‍රය නොකරයි*. එබැවින් ඔබ අතුරින් කෙනෙකු සලාතය කරන විට කෙළ ගසන්නේ නම් තම වම් පස කෙල ගැසිය යුතුයි. නැතහොත් තම ඇඳුමෙහි එය තවරා පිස දමන්න.” (මූලාශ‍්‍රය: ඉබ්නුමාජා*.
අල්ලාහ්ට ඉතා ප‍්‍රිය දායි ස්ථානය මස්ජිද් වේ: නබි (සල්* තුමන් මෙසේ පැවසූහ: ”අල්ලාහ්ට ඉතා ප‍්‍රිය දායි ස්ථානය මස්ජිදය වේ, ඔහුට ප‍්‍රකෝපය ගෙන දෙන ස්ථානය කඩ වීථිය වේ” (මූලාශ‍්‍රය: මුස්ලිම්*.
කෙනෙකු මස්ජිදය තුළ අනුගමනය කළ යුතු උසස් සාදාචාරයන් කිහිපයක්:
මස්ජිදයෙහි සලාතය සඳහා කැඳවීම කළාට පසු
පිටත්ව යෑම පිළිබඳව පවතින තහනම:

  කෙනෙකු මස්ජිදයෙහි සිටින විට අදාන් (සලාතය සඳහාවූ කැඳවීම* කීමෙන් පසුව කිසිදු හේතුවකින් තොර පිටත්ව යෑම අනුමත නොවේ. නබි (සල්* තුමන් වරක් මෙසේ පැවසූහ: ”කවුරුන් මස්ජිදයෙහි සිටින විට අදාන් (කැඳවීමේ* ශබ්දය අසා කිසිදු (පිළිගත්* හේතුවකින් තොරව, යළි හැරි ඒමේ අරමුණද නොමැතිව පිටත්ව යයිද ඔහු කුහකයකු වේ” (මූලාශ‍්‍රය: ඉබ්නුමාජා*.

නැතිවුනු යමක් හඬ නගා සෙවීම, භාණ්ඩ විකිණීම, මිළදී ගැනීම
ආදී කි‍්‍රයාවන් මස්ජිදය තුළ කිරීම සපුරා තහනම් ය:

”මස්ජිදයෙහි යමෙකු භාණ්ඩ විකිණීම හා මිළදී ගැනීමේ ඔබ දුටුවේ නම්, අල්ලාහ් ඔහුගේ ව්‍යාපාරයෙහි ලාභයක් නොදිය යුතුයි යනු ඔබ ප‍්‍රාර්ථනා කරන්න. තවද, නැතිවුනු යමක් මස්ජිදය තුළ කවුරුන් හෝ හඬ නගා සෙවීම ඔබ දුටුවේ නම් අල්ලාහ් ඔහුට ඒ දේ නොදිය යුතුයි යනුවෙන් ඔබ ප‍්‍රාර්ථනා කරන්න” යැයි නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: තිර්මිදි නසායි*.

නබි (සල්* තුමන් මස්ජිදය මාර්ගයක් බවට පත්කිරීම තහනම් කළහ.
නබි (සල්* තුමන් මෙසේ පැවසූහ: ”සලාතය හා අල්ලාහ් සිහිපත් කිරීම හැර මස්ජිදයන් මාර්ගයන් බවට පත්කරගැනීමෙන් වළකින්න” (මූලාශ‍්‍රය: තබරානි*.

යහපතක් නොවන, සමාජයට කිසිදු සෙතක් නොවන අනවශ්‍ය දේ
මස්ජිදයෙහි කථා කිරීම තහනම් වේ:

නබි (සල්* තුමන් මෙසේ පැවසූහ: ”අවසන් කාල සමයෙහි පිරිසක් මස්ජිදයෙහි කථාකරමින් සිටිති, නමුත් ඔවුන්ගේ කථාවෙහි අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නැත.” (මූලාශ‍්‍රයන්: ඉබ්නු හුෙසෙමා, හාකිම්*.
සුදු ලූණු හා ලූණු අමුවෙන් අනුභව කර මස්ජිදයට පැමිණීම සම්බන්ධව පවතින තහනම:

සුදු ලූණු, ලූණු හා එහි අතු ආදි දේ අනුභව කිරීමෙන් නැතහොත් එම දුගඳත් සමග මස්ජිදයට පැමිණීම නබි (සල්* තුමන් තහනම් කළහ. ”ලූණු එහි අතු, සුදු ලූණු ආදීන් කවුරුන් හෝ අනුභව කළේ නම් අපේ මස්ජිදයට නොපැමිණෙන්න. මන්ද, එයින් මිනිසුන්ට හිරිහැරයක් වන්නාසේම දේව ¥තවරුන්ටද හිරිහැරයක් වේ” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්*.

තවද නබි (සල්* තුමන් මෙසේ ප‍්‍රකාශ කළහ: ”දුගඳ හමන මෙම පැළෑටි දෙක අනුභව කර මස්ජිදයට ප‍්‍රවිශ්ට වීම මා අවවාද කරමි. එසේ ඔබ අනුභව කරන්නේ නම් එය තම්බා අනුභව කරන්න” (මූලාශ‍්‍රය: තබරානි*.

සටහන: සුදු ලූණු හා ලූණු අරාබිවරුන් පැලයෙන් උදුරාගත් විගස අනුභව කිරීමට පුරුදුවී සිටීයහ, මේ නිසා දුගඳ හමයි. මෙය තම්බා අනුභව කරන විට එවැනි තත්ත්වයක් ඇති නොවෙයි. එබැවින්, කෙනෙකු මස්ජිදයට පැමිණෙන විට මෙය තම්බා අනුභව කරන්නේ නම් මස්ජිදයට ඒමට කිසිදු තහනමක් නැත. මෙය ඉහත සඳහන් හදීසය තුළින් ගම්‍යමාන වේ. මෙයින් පැහැදිළි වන තවත් කරුණක් නම් සිගරට්, බීඩි, දුං කොළ ආදී දුගඳ හමන දේ භාවිතා කරන්නන්ද, එවැනි තහනම් දේ භාවිතා කිරීමෙන් මුළුමනින් වැළකි සිටිය යුතුයි. එයින් ද අසල සිටින්නන්ට දැඩි පීඩනයක් ඇතිවනවාට කිසිදු සැකයක් නැත.

කෙනෙකු මස්ජිදයට අධික පා තබා ගමන් කිරීම පිං වැඩි වැඩියෙන් ලැබීමට ඉවහල් වේ: ”කවුරුන් සමූහ සලාතයට සහභාගිවීම සඳහා පා තබා ගමන් කරයිද ඔහු තබන එක් එක් පා සඳහා පාපයන් මකා යහපත සටහන් කරනු ලබයි” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: අහ්මද්*.

සකස් කිරීම: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *