උදෑසන සලාතයෙන් එන කැඳවීම නම්!
“අස්සලාතු හයිරුම් මිනන් නව්ම්”
 
තේරුම: නින්දට වඩා සලාතය උතුම්ය!

ෆජ්ර් සලාතයට සහභාගිවන්නන් පිළිබඳව දේවු දූතවරුන් අල්ලාහ් ඉදිරියෙහි (ප්‍රශංසා මුඛයෙන්) සිහිපත් කරති. (මූලාශ්‍රය: බුහාරි 648).
ෆජ්ර් සලාතය ඉටු කරන්නන් අල්ලාහ්ගේ රැකවරණයෙහි සිටිති. (මූලාශ්‍රය: මුස්ලිම් 1525).
ඉෂා හා ෆජ්ර් සලාතය සමූහව ඉටු කරන්නන් රාත්‍රිය පුරාම යාඥා කළා හා සමාන කුසල් හිමි කරගනිති. (මූලාශ්‍රය: මුස්ලිම් 1523).
ඉෂා හා ෆජ්ර් සලාතයට හිමිවන කුසල් පිළිබඳ ඔවුන් දැන සිටියේ නම් දන ගසා හෝ එයට සහභාගි වෙති. (මූලාශ්‍රය: බුහාරි 615).
අසර් හා ෆජ්ර් සලාතය ඉටු කරන්නන් නිරයට නොපිවිසෙයි. (මූලාශ්‍රය: මුස්ලිම් 1468).
අසර් හා ෆජ්ර් සලාතය ඉටු කරන්නන් ස්වර්ගයට පිවිසෙයි. (මූලාශ්‍රය: බුහාරි 574).
මතු දිනයෙහි පියවී ඇසින් අල්ලාහ් දැක බලා ගැනීමේ ඉතා මහඟු භාග්‍යය අසර් හා ෆජ්ර් සලාතය ඉටු කරන්නන්ට උදාවෙයි. (මූලාශ්‍රය: බුහාරි 554).
ෆජ්ර් සලාතය ඉටු කළ පුද්ගලයා නැවුම් උද්‍යෙයා්ගයකින් එම උදෑසන ලබයි. (මූලාශ්‍රය: බුහාරි 1142).
ෆජ්ර් සලාතයට පෙර ඉටු කරන අතිරේක රක්අත් දෙක මෙලොව හා මෙලොව පවතින සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය. (මූලාශ්‍රය: මුස්ලිම් 1721).
එසේ නම් ෆජ්ර් සලාතයට ලැබෙන භාග්‍යය කෙතරම් උසස් විය යුතුද?
 
“නින්දට වඩා සලාතය උතුම්” යන කැඳවීම එන මොහොතේ නින්දට අවනත වීම යනු ආශාවට අවනත විමයි. නමුත් සලාතයට පිළිතුරු දීම යනු අල්ලාහ්ට අවනත වීමයි.
 
නින්ද යනු මරණයයි, සලාතය යනු ජීවිතයයි.
 
නින්ද යනු ශරීරයට විවේකයයි. සලාතය යනු ආත්මාවට සැනසීමයි.
 
සියල්ලන් සුව නින්දෙන් පසුවන එම මොහොතේ දේව භක්තිකයා පමණක් නැගිට සලාතය කරයි.
 
නින්දට වඩා සලාතය උතුම් වන්නේ කෙසේදැයි දැන් ඔබට පැහැදිළිද?
සකස් කිරීම: අස්හර් යූසුෆ්
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *