දෙමාපියන් ආදරයෙන් හා සෙනෙහසෙන් හදා වඩා ගන්නා තම දරුවන් තමන්ගෙන් සමුගන්නේ නම්, එවැනි අවස්ථාවන්හි දෙමාපියන්ට ඇතිවන පීඩනය හා කම්පනය වචනවලින් කිව නොහැකිය. මෙවැනි අවස්ථාවන්හි පවා දෙමාපියන් මෙය අල්ලාහ්ගේ නියමය යනුවෙන් මුළු සිතින් පිළිගත යුතුයි. අල්ලාහ්ගේ නියමය පිළිබඳ අඩුවෙන් තක්සේරු කිරීම හෝ ඔහුට කෝපය ගෙනදෙන සේ කථා කිරීම හෝ සපුරා තහනම්ය.
මානවයා අතුරින් ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන මුහම්මද් නබි (සල්* තුමන්ට දරුවන් හත් දෙනෙකු විය. එයින් තිදෙනෙකු පිරිමි දරුවන් හා සිව් දෙනෙකු ගැහැණු දරුවන් විය. පිරිමි දරුවන් සියල්ල කුඩා වියෙහිදීම මෙලොවින් සමුගත්හ. මුළු ලොවටම ශාස්තෘවරයා වශයෙන් එවනු ලැබූ එම උදාර පුරුෂයා අල්ලාහ්ගේ නියමය මුළු සිතින් පිළිගෙන ඉවසීමෙන් කටයුතු කළේය. එතුමන්ගේ සතුරන් විසින් ”පිරිමි දරු පරපුරෙහි භාග්‍ය නොලද කෙනෙකි” යනුවෙන්ද අවලාද නගනු ලැබිනි. එම උත්තමයානන් අල්ලාහ්ගේ නියමය අවංකව පිළිගෙන ඉවසීමෙන් කටයුතු කළේය. එතුමන්ගේ ජීවිතය තුළ සෑම මුස්ලිමෙකුටම මහඟු ආදර්ශයන් ඇත.
”ඔබලා අතුරින් යම් කාන්තාවකගේ දරුවන් තිදෙනෙකු මෙලොවින් සමුගෙන සිටියේ නම් එම දරුවන් ඇයව නිරයට යෑමෙන් තිරයක්ව සිට (වළක්වනු ඇත*. කාන්තාවක් නැගිට දරුවන් දෙදෙනෙකු මිය ගියේ නම් යැයි ප‍්‍රශ්න කළේය. එවිට ශාස්තෘවරයානන් දෙදෙනෙකු මියගියත් යනුවෙන් පැවසූහ” (මූලාශ‍්‍රය: බුහාරි*.
”නබි (සල්* තුමන්ගේ සභාවට පැමිණෙන කෙනෙකු තමන්ගේ පුත‍්‍රයාවද කැටුව එ්මට පුරුදුවී සිටියේය. වරක් නබි (සල්* තුමන් ඔහුගෙන් ඔබ ඔබගේ දරුවා පි‍්‍රය කරන්නේදැයි ප‍්‍රශ්න කළේය. එසේය මා ඔහු පි‍්‍රය කරන්නාසේ අල්ලාහ්ද ඔබ ප‍්‍රිය කරත්වා යනුවෙන් ඔහු පැවසුවේය. වරක් නබි (සල්* තුමන්ගේ සභාවට පැමිණී ඔහුත් සමග ඔහුගේ පුතු නුවන් නොවීය. නබි (සල්* තුමන් ඔහුගෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කළේය. එයට ඔහු මාගේ පුතු නුවන් මිය ගිය බව පැවසුවේය. එවිට නබි (සල්* තුමන් ඔබ ස්වර්ගයට පිවිසෙන විට එම දොරටුවෙහි සිට ඔබගේ දරුවා ඔබ මග බලා සිටීම ඔබ ප‍්‍රිය නොකරන්නේද? එවිට ඔහු මෙය (මෙම භාග්‍ය* මට පමණක්ද? නැතහොත් සියල්ලන්ටද? යනුවෙන් ප‍්‍රශ්න කළේය. සියල්ලන්ට” යැයි නබි (සල්* තුමන් පිළිතුරු දුන්හ.
(මූලාශ‍්‍රය: අහ්මද්*.
උසාමතිබ්නු ෙසෙද් (රලි* විස්තර කරයි: ”නබි (සල්* තුමන්ගේ දියණිය මා නබි (සල්* තුමන් වෙත ඇයගේ දරුවා මියගිය බව පවසා එව්වේය. මා ගොස් එතුමන්ට සිද්ධිය පිළිබඳ සැළකළෙමි. එවිට නබි (සල්* තුමන් සලාම් කියන ලෙස පවසා ”සැබවින්ම අල්ලාහ් විසින් දෙන ලද දේ යළි ගැනීමට ඔහුට අයිතිය ඇත. සියල්ල ඔහු ඉදිරියෙහි (ඔහු විසින්* නියම කරන ලද කාල සීමාවකටයි, එබැවින් ඉවසීමෙන් හා අල්ලාහ්ගෙන් යහපත අපෙක්‍ෂා කර කටයුතු කරන ලෙස පවසන්න” යනුවෙන් ඇයට පවසන ලෙස මා එව්වේය.
මා ගොස් නබි (සල්* තුමන් පැවසූ දේ ඇයට කීවේමි. අල්ලාහ් මත දිවුරා අනිවාර්ේයන් නබි (සල්* තුමන් පැමිණිය යුතුයි ඇය කීවාය. මා පැමිණ එය එතුමන්ට කීවේමි. එවිට එතුමන් ගැගිට්ටේය, එතුමන් සමග සඃදිබ්නු උබ්බාදා, මුආදිබ්නු ජබල්, උෙබෙ ඉබ්නු කඃබ්, ෙසෙදිබ්නු සාබිත් යන මිත‍්‍රවරුන්ද සිටියේය. නබි (සල්* තුමන් පැමිණ තම මුණුබුරා ඔසවා ගත් විට අමාරුවෙන් දඟලන්නට විය, එවිට නබි (සල්* තුමන්ගේ දෑස්වලින් කඳුළු සැලෙන්නට විය. එය දුටු සඃද් ශාස්තෘවරයානනි! මේ කුමක්ද? අල්ලාහ් තම දාසයන්ගේ සිත් තුළ දමා ඇති දයාවයි. කව්රුන් දයාවෙන් සෙනෙහසින් කටයුතු කරයිද ඔවුන්ට අල්ලාහ්ගේ දයාව හිමිවනු ඇත! යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (මූලාශ‍්‍රය: බුහාරි*.
මේ පුවත තුළින් කෙනෙකු කුමන අර්බුදයක් ඉදිරියේ වූවත් අල්ලාහ්ගේ නියමය පිළිගෙන ඉවසීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සක්සුදක්සේ පැහැදිළි කරන අතර, ශබ්ද නගා හඬා වැළපීමට නොව කඳුළු සැළීමට පමණක් අනුමැතිය ඇති බව තහවුරු වෙයි.
දරුවන් කුමක් සඳහාද?
මිනිස් ජීවිතයෙහි විවිධ අදියරයන් පවතින බව අපි දනිමු. එක් එක් අදියරයන්හි පවතින අවශ්‍යතාවන්ද විවිධාකර වේ. විවාහ ජීවිතයට පා තබන සෑම කෙනෙකුම එයින් පතන්නේ සැනසීමයි.
ශුද්ධවූ අල්කුර්ආනයද එය මෙසේ සඳහන් කරයි:
”ඇයගෙන් ඔබ සැනසීම ලබා ගැනීම පිණිස, ඔබගෙන්ම ඔබේ සහකාරිය මවා තවද ඔබලා අතර ආදරය හා සෙනෙහස ඔහු ඇති කළේය. මෙය ඔහුගේ සාක්‍ෂි අතුරින් වේ. කල්පනා කරන ජනතාවට මෙහි බොහෝ සාක්‍ෂීන් ඇත” (ශු අල්කුර්ආනය 30ථ 21*
ඔවුන්ගේ යුග දිවිය තව තවත් බැබළීම සඳහා ඔවුන් දු දරුවන් අපේක්‍ෂා කරති. තමන්ගේ නම කියන්නටත්, තමන් මහළු වියට පත්වන විට තමන්ට ආව තේව කිරීම සඳහාත් මේ ආදී විවිධ හේතු කාරණා මත දු දරුවන් අපේක්‍ෂා කරති.
නබි ඉබ්රාහීම් (අෙලෙ* පැතු ප‍්‍රාර්ථනාවක් පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:
”මාගේ හිමියනි! මා හට යහපත් පුතෙකු පිරිනමනු (යනුවෙන් ප‍්‍රාර්ථනා කළේය*” අපි ඔහුට ඉවසීමෙන් යුත් පුතෙකු පිළිබඳ සුබ පැතුවෙමු” (ශු අල්කුර්ආනය 37 ථ 100 101*
හුදෙක් ලෞකීක අවශ්‍යතාවන් පමණක් මුල්කොටගෙන දරුවන් නොපැතිය යුතුයි යනු ඉහත සඳහන් ප‍්‍රාර්ථනාවෙන් තහවුරු කරගත හැක. ශ‍්‍රද්ධාවන්ත, උසස් ගුණාංගයන්ගෙන් සමන්විත, අල්ලාහ්ගේ දහම මුළු ලොවටම ප‍්‍රචාරය කරන යහපත් දරු පරපුරක් අපි ඔහුගෙන් පැතිය යුතුයි.
සකරියියා (අෙලෙ* කළ ප‍්‍රාර්ථනාවක් ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සිහිපත් කරයි:
”හිමියනි! ඔබගෙන් මා හට පරිශුද්ධ පරපුරක් පිරිනමනු මැන. සැබවින්ම නුඹ ප‍්‍රාර්ථනාවන්ට ඇහුම් කන් දෙන්නාය” (ශු අල්කුර්ආනය3 – 38*
යහපත්, උගත් පුද්ගලයින් අල්ලාහ්ගෙන් පතන ප‍්‍රාර්ථනාවක් පිළිබඳ අල්ලාහ් අල්කුර්ආනයෙහි සිහිපත් කරයි:
”තවද ඔවුන් අප හිමියනි! අපේ භාර්යාවන්ගෙන්, අපේ දුදරුවන්ගෙන් අපේ දෙනෙත් කුල්මත් කරවනු මැන! තවද බිය බැතියන්ට අපව ප‍්‍රමුඛයන් ලෙස පත්කරව යනුවෙන් ප‍්‍රාර්ථනා කරති! (ශු අල්කුර්ආනය 25ථ 74*
ඉහත සඳහන් මේ සියළු ප‍්‍රාර්ථනාවන්ගෙන් පෙනීයන්නේ, කෙනෙකු දරු සම්පත පතන විට හුදු ලෞකීක ප‍්‍රතිලාභයන්, ආඩම්බරයන් සඳහා පමණක් නොව අල්ලාහ්ගේ දහම මිහි තලය මත ස්ථාපිත කරන්නන් වශයෙන්, අල්ලාහ්ගේ දහම මුළු ලොවටම ප‍්‍රචාරය කරන උදාර පුරුෂයන් වීමට පැතිය යුතුයි.
දෙමාපියන්ගේ වගකීම :
දුදරුවන් නිසා යුග දිවියේ ප‍්‍රීතියට ප‍්‍රමෝදයට පත්වන දෙමාපියන් එම දුදරුවන් හදා වඩා ගැනීමේ මහඟු කර්තව්‍ය අමතක නොකළ යුතුයි.
”ඔවුන්ට පිරිනමනු ලැබූ සෑම භාග්‍යක් පිළිබඳවම ඔවුන් ප‍්‍රශ්නකරනු ලබයි” (ශු අල්කුර්ආනය 102ථ 8*
අල්ලාහ් විසින් පිරිනමනු ලබන හැම භාග්‍යක් පිළිබඳම ඔහු මතු දිනයෙහිදි ප‍්‍රශ්න කරයි. ඒ ඒ භාග්‍යන්ට හිමි නිසි වගකීම් කොටස අපි ඉටු කළ යුතුයි.
”විශ්වාසවන්තයිනි! ඔබව හා ඔබේ පවුලේ සාමාජිකයින්ව නිරයෙහි ගින්නෙන් ආරක්‍ෂාකරගන්න. ගල්, හා මිනිසුන් එහි ඉන්ධනය වේ.” (ශු අල්කුර්ආනය 66ථ 6*
ඉහත සඳහන් කුර්ආන් පාඨය තුළින් ඉතා මහඟු වගකීමක් දෙමාපියන්ට පැවරේ. මෙලොව ජීවිතයෙහි දරුවන්ට සුළු හිසරදයක් ඇතිවූවත් එය දරාගන්නට නොහැකි දෙමාපියන්, තමන්ගේ කුස ගින්න අමතක කොට දරුවන්ගේ කුස ගින්න නිවන්නට යම් දෙයක් නොලැබෙයිදෝ යැයි පෙරුම් පුරන දෙමාපියන්, අපා ගින්නෙහි තම දරුවන් දැවෙන විට කෙසේ එය බලා ඉවසා සිටිවීද? එය කෙසේ දරාගනීද?.
එබැවින් කොයි කව්රුත් තම ¥දරුවන් ඉස්ලාමීය පරිසරයක් තුළ හදා වඩාගැනීමට වග බලාගත යුතුයි. එවිට පමණයි ඔවුන් අපා ගින්නෙන් මුදවාගත හැක්කේ.
එම තීරණාත්මක දිනයෙහිදි කිසිදු නෑ සම්බන්ධකමක්, හිතවත්කමක් පිහිට නොවන්නේය.
”(තීරණාත්මක* එම දිනයෙහි මිළ මුදල් හා දුදරුවන් කිසිදු පිහිටක් නොවන්නේය, කව්රුන් පවිත‍්‍ර සිතකින් පැමිණෙන්නේද ඔවුන් (විමුක්තිය ලබති*” (ශු අල්කුර්ආනය 26ථ 88 89*
වරක් නබි (සල්* තුමන් පැවසූහ: ”ඔබ සියල්ලන් වගකීම් පැවරුනු ලැබූවන්ය. ඔබේ වගකීම පිළිබඳ ඔබ ප‍්‍රශ්න කරනු ලබන්නේය” (මූලාශ‍්‍රය: බුහාරි*.
මතු සඳහන් ප‍්‍රකාශයන් දෙමාපියන්, තම දරුවන් නිසි ලෙස හදා වඩා ගැනීමේ මහඟු වගකීම පැහැර හරින විට ඇතිවන භයානක විපාකයන් ගැන මොනවට පැහැදිළි කරයි. තම ¥දරුවන්ට යහපත තකන දෙමාපියන් ඔවුන්ගේ මෙලොව ජීවිතය පමණක් අරමුණු කොටගෙන ඔවුන්ට මග පෙන්වයි නම් ඔවුන් තම දරුවන්ට කරන්නේ විනාශයකි. මෙලොව ජීවිතයට මග පෙන්වන අතරම ඔවුන්ගේ මතු ලොව සදාතනික ජීවිතයට මග පෙන්විය යුතුයි.
දරුවෙකු රෝගාතුර වූ විට එම දරුවා අකමැති වූවත් හඬා වැළපුනත් බෙහෙත් ටික ලබා දීමට දෙමාපියන් පසුබට නොවෙති. හේතුව දරුවාට එම අවස්ථාවෙහි අමාරුවක් දැනුනත් එය තුළින් අපේක්‍ෂා කරන්නේ දරුවාගේ සෙත හා නිරෝගිමත් ජීවිතයයි. එසේ නම් මුදලට වහල් වී, මුදල පමණක් අරමුණු කොටගෙන මෙලොව ජීවිතයට පමණක් මග පෙන්වන දෙමාපියන් ඔවුන්ගේ සදාතනික මතු ලොව ජීවිතය පිළිබඳ මොහොතකට හෝ නොසිතන්නේ මන්ද?
”මඃකල් ඉබ්නු යසාර් (රලි* රෝගාතුරව සිටී අවස්ථාවෙහි බැහැ දැකීමට ගිය උෙබෙදුල්ලාහ් ඉබ්නු සියාද් (රලි* අමතා මා නබි (සල්* තුමන්ගෙන් ඇසූ ප‍්‍රකාශයක් ඔබට පවසමි. යම් කිසි දාසයෙකුට වගකීමක් පවරා එම වගකීම නිසි උපදෙස් තුළින් ඔහු ඉටු නොකළේ නම්, ස්වර්ගයෙහි සුවඳ පවා විඳින්නට ඔහුට නොලැබෙන්නේය! යනුවෙන් පැවසූහ.
(මූලාශ‍්‍රය: බුහාරි*.
”අල්ලාහ් යම් දාසයෙකුට වගකීම පවරා, (තම වගකීම නිසි ලෙස ඉටු නොකර* තම වගකීම යටතේ සිටියවුන්ව මං මුළා කර ඔහු මිය යයි නම්, ඔහුට අල්ලාහ් ස්වර්ගය තහනම් කළේය” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: මුස්ලිම්*.
දරුවන් හදා වඩා ගැනීම මහඟු වගකීමකි, එම වගකීම පිළිබඳවත් මතු දිනයෙහිදී කෙනෙකු ප‍්‍රශ්න කරනු ලබයි. වත්මන් ලෝකයෙහි දරුවන්ගේ ලෞකීක අවශ්‍යතාවන් ඉටු කිරීමට පමණක් මුල්තැන දෙනු ලබයි. ඔවුන්ගේ අධ්‍යාත්මික වර්ධනයට නිසි වැඩ පිළිවෙලක් දෙමාපයන් ඉදිරියේ නැත. යහපත් සමාජයක් සඳහා පෙරුම් පුරන හැම කෙනෙකුම එම වැඩපිළිවෙල පවුල් සංස්ථාවෙන් ඇරඹිය යුතුයි යන්න ඇයිදෝ අමතක කරති. පවුල් සංස්ථාව පිරිහෙන විට යහපත් සමාජය පිළිබඳ සිහිනය හුදු හීනයක් පමණි.
සකස් කිරීම: අබූ අස්මා
www.yayuthumaga.com