දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වාදීම දෙමව්පියන්ට පැවරෙන විශාල වගකීමකි. එය නිසිපරිදි ක්‍රියාත්මක නොකළහොත් දෙමව්පියන් මෙන්ම මුළු මහත් සමාජයටම නොයෙකුත් අර්බුදයන්ට මුහුණ දීමට සිදු වනු ඇත. මේ නිසා දරුවන්ට නිසි මග පෙන්වීමේ වගකීම ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතුය. අල්කුරානයේ සඳහන් වන අන්දමට මරණයෙන් පසු එම වගකීම ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. දරුවන් නොමග යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් ගැන නිසි සොයා බැලීමක් නොමැති විටය. මේ නිසා ඔවුන්ගේ ලෞකික අධ්‍යාපනයට පමණක් මුල් තැන නොදී ආගමික අධ්‍යාපනය ගැනත් සැලකිල්ල යොමු කල යුතුය. තවද පාසලේදී මෙන්ම වෙනත් අවස්ථාවලදී ඔවුන් ආශ්‍රය කරන යහළු මිත්‍රයන් ගැනද ඔවුන් භාවිතා කරන දේවල් පිළිබඳවද සොයා බැලීම අනිවාර්ය කරුණක් ලෙස සැලකිය යුතුය. ඇයිද යත් නවීන සමාජය තුල ළමයින්ගේ ජීවිතය නොමග යැවිය හැකි බොහෝ දේවල් තිබෙන නිසාය. ඒ අතර මත්කුඩු සහ සමාජ ජාලවල ඇති අසභ්‍ය දේවල් මුල් තැනක් ගන්නේය. මේවායින් ඇතිවිය හැකි අනිසි ප්‍රතිපලවලින් ළමයින්ව ගලවා ගැනීමට නම් ඔවුන්ට ඉන් ඇතිවිය හැකි නරක ප්‍රතිපල ගැන නිතර නිතර අවවාද කල යුතුය. මෙය කල හැක්කේ දෙමව්පියන් සහ දරුවන් අතර සමීප සම්බන්දයක් තිබුනොත් පමණි. මේ නිසා දෙමව්පියන්ට කොපමණ වැඩ රාජකාරි තිබුනත් ළමුන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට වග බලාගත යුතුය. එය මග හැරී යාමෙන් සිදු වන්නේ ඔවුන් දෙමව්පියන්ගෙන් ඈත්වී යහළු මිත්‍රයින්ට සමීප වීමය. යම් විදියකින් එම යහළුවන් නරක පුරුදු සහ නරක අදහස් ඇති අය වුයේ නම් දෙමව්පියන් කොතරම් හොඳ වුවත් ඔවුන්ගේ ළමයින් නොමග යෑම වැළැක්විය නොහැකිය.
ළමයින් නිවැරදි මාර්ගයේ ගමන් කිරීම අපේක්ෂා කරන සෑම කෙනෙක්ම ඔවුන්ගේ කුඩා කාලයේදීම නිවැරදි ආගමික අධ්‍යාපනය නිවසේදීම ලබා දීමට කටයුතු කල යුතුය. එසේ නොකළහොත් ඔවුන් නොයෙකුත් රැඩිකල් අදහස් දරන පුද්ගලයින්ගේ ග්‍රහණයට හසුවිය හැකිය. එය ඉතා භයානක තත්වයකි. අද හතු පිපෙන ආකාරයට නොයෙකුත් සංවිදාන බිහිවී ඇත්තේ එහි ප්‍රතිපලයක් ලෙසය. තරුණ පිරිස ඒවාට බඳවා ගැනීම ඉතා පහසුය. මේ නිසා දෙමව්පියන් ඒ ගැන වැඩි අවදානයෙන් සිටිය යුතුය.
ඉස්ලාම් දහම තුල බිහිවී ඇති isis සංවිදානයේ ඉලක්කය වී ඇත්තේ ඉස්ලාම් දහම තුලින්ම ඉස්ලාම් දහම විනාශ කිරීමය. එම සංවිදානයට මුදල් සහ ආයුද සපයනු ලබන්නේද මුස්ලිම් නොවන රාජ්‍යයන් බවට තොරතුරු හෙළිවී ඇත. මෙම සංවිදානය මගින් කරනු ලබන බොහෝ දේවල් අල් කුරානයට සහ නබි මගට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ ඉලක්කය දෙවියන්ගේ මාර්ගය තෝරා ගැනීමට වඩා ලෞකික ජීවිතය සම්බන්ද දේවල්ය. ඒ අනුව ඔවුන් අමු අමුවේ මිනිසුන් ඝාතනය කරති. එහෙත් අල් කුරානයේ කිසිම තැනක එවැනි දෙයක් කිරීම සඳහා අවසර ලබා දී නොමැත. මේ නිසා ළමුන්ව එවැනි උවදුරකින් ගලවා ගැනීම සඳහා කුඩා කාලයේදීම ඉස්ලාම් දහමේ මුලික ඉගැන්වීම නිවැරදිව ලබා දිය යුතුය. නැතහොත් ඔවුන් කරන වැරදි වලට දෙමව්පියන් වග කිව යුතු වන්නේය. අල් කුරානයේ මෙලෙස සඳහන් වේ. “විශ්වාසවන්තයෙනි! ඔබ ද, ඔබගේ පව්ලේ උදවිය ද නිරයේ හින්නෙන් ආරක්ෂා කරගනු. එහි ඉන්දන ගල් සහ මිනිසුන් වන්නෝය. එයට ඉහලින් දයාවක් නැති ශක්තිසම්පන්න මලායිකා වරුන්ව පත්කරනු ලැබ ඇත්තෝය. ඔවුන්ට අල්ලාහ් නියෝගකර ඇති දැයෙන් වෙනසක් නොකරනු ලබන්නෝය. ඔවුන්ට දෙනුලැබූ නියෝග එලෙසින්ම ඉටු කරමින් සිටින්නෝය”. මෙය ඉතා භයානක අනතුරු හැඟවීමකි.
ඉස්ලාමයේ මුලික ඉගැන්වීම තව්හිද් හෙවත් දෙවියන්ගේ ඒකීයත්වය මත ගොඩ නැගී ඇත. එහෙත් ඒ සඳහා සංගම් පිහිටවා ගැනීම කිසිම ආකාරයකින් අවශ්‍ය නොවේ. නබි තුමා හෝ ඔහුගේ අනුගාමිකයින් එවැනි බැනර් ඉදිරියේ සිටගෙන දහම ඉගැන්වුයේ නැත. නබිතුමාගේ කාලයේදී සෑම මුස්ලිම්වයෙකුම කුරානය මගින් එකමුතුව ජිවත් වුහ. එම මග පෙන්වීම අදටත් ඉතා වැදගත් ය. එහෙත් අවාසනාවකට මෙන් බොහෝ දෙනා කුරානයේ ඇති දේවල් ගැන දන්නේ නැත. ඉන් ප්‍රයෝජන ගන්නේ අතරමැදියන් ය. මේ නිසා ඇතැම් රැඩිකල්වාදී අදහස් දරන උදවිය ඉන් ප්‍රයෝජන ලබති. ඔවුන් කුරානයට වැරදි අර්ථකතන දෙමින් තරුණ පිරිසගේ ශ්‍රමය ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා යොදා ගන්නේය. කෙසේ වෙතත් ඔවුන් ඉස්ලාම් දහමේ නම විකුණමින් කරන වැරදි නිසා මුස්ලිම් නොවන අයට ඉස්ලාම් දහම ගැන බියක් සහ පිළිකුලක් ඇති වීමට හේතුවක් වී තිබේ.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.