”ඔබගෙන් කවරෙකු අකුසල් කි‍්‍රයාවක් දකින්නේ ද ඔහු එය තම දෑතින් වැළක්විය යුතුයි. එය ඔහු විසින් කළ නොහැකි වුණොත් ඔහු තම මුවින් (දිවෙන්* එය වැළැක්විය යුතුයි. එය ද ඔහු විසින් කළ නොහැකි වූ විට තම සිතින් එය පිළිකුල් කළ යුතුයි. මෙයයි විශ්වාසයේ අවම මට්ටම” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ.
වාර්තාකරන්නේ:අබූ සඊදුල් කුද්රි (රලි*. (මූලාශ‍්‍රය: මුස්ලිම්*.
කෙතරම් වැදගත් ප‍්‍රකාශයක්ද! සමාජ යහපත තකන සෑම පුරවැසියෙකුම මෙම ඔවදන කෙරෙහි මදකට අවධානය යොමු කළ යුතුයි. වරදක් දකින විට අහක බලාගෙන යෑම උසස් කි‍්‍රයා පිළිවෙතක් යනුවෙන් සිතන වත්මන් සමාජයට මෙම ප‍්‍රකාශය ඉතා වැදගත් වනු ඇත. සමාජයෙහි යම් පුරවැසියෙකු අයහපත් පුද්ගලයෙකු වීම මුළු සමාජ සංස්ථාවටම තර්ජනයකි. සමාජයෙහි යම් පුරවැසියෙකු යහපත් වීම මුළු සමාජයටම යහපතකි. මෙය සුළු කොට නොතැකිය යුතුයි.
දරුවන් වරදක් කළ විට අහක බලාගෙන සිටීම දෙමාපියන් අතර දැන් නවීන විලාසිතාවක් වී ඇත. දෙමාපියන් අතුරින් කිහිප දෙනෙකු තම දරුවා වරදක් කළ විට දඬුවම් කරයි නම්, එය මානව අයිතිවාසිකම් උල්ළංගනය කිරීමකි. බටහිරට ආවඩන්නන් තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ඇත. රෝගයක් වැළඳුනු විගස එයට ප‍්‍රතිකාර කිරීමයි කව්රුත් අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත. ඒ වෙනුවට ඔහු නොසැලකිළිමත්ව සිටියේ නම් එය වසංගතයක් වී ඔහුගේ ජීවිතයටද හානියක් වීමට ඉඩ තිබේ. මෙය කව්රුත් පිළිගන්නා කරුණකි. නමුත් කුඩා වරදක් සිදුවූ විගස එයින් වැළැක්වීම බලවත් අපරාධයන් කාරා යෑමෙන් ඔහු වැළැක්වීමක් වනවාට කිසිදු සැකයක් නැත. කුඩා වැරදින් කරන විට අහක බලා සිටින්නේ නම් කෙමින් කෙමින් ඔහු මහත් අපරාධයන් කරා පියමනිමින් සිටි, කිසිදු බුද්ධිමතෙකු, යහපත් අනාගත පරපුරක් සඳහා පෙරුම් පුරන කිසි කෙනෙකු මෙය අනුමත නොකරයි.
එසේ නම් ඉහත සඳහන් ප‍්‍රකාශය තුළින් සමාජයෙහි සෑම කෙනෙකුටම ඉතා මහඟු වගකීමක් පැවරෙයි. එනම් යහපත පමණක් අනුමත කර යුතුයි, අයහපත දැක දැක නිහඬව නොසිටිය යුතුයි. අයහපත සමාජයෙන් තුරන් කළ යුතුයි. බලය යොදා කරන්නට ශක්තිය ඇති අය එසේ කර යුතුයි.
මෙහිදී බලයෙහි සිටින රජයක කාර්්‍ය භාර්්‍ය ඉතා වැදගත් වනු ඇත. වැරදි කරන්නන් නීතියෙහි පවතින දුර්වලකම් නිසා පැනයන්නට සිතයි නම්, නැතහොත් ඔවුන් කරන වැරදි කි‍්‍රයාවන්ට සරිලන දඬුවම් පනවා ඔවුන් එවැනි කි‍්‍රයාවන්ගෙන් නොවළක්වන්නේ නම් එම සමාජයෙහි පරිහානිය මෙතරම් යැයි කිව නොහැක.
තම දරුවන් වරදක් කළ විට නුවණක්කාරී ලෙස ඔවුන්ට එය පහදා දී එම වැරදි ක‍්‍රියාවෙන් ඔවුන් වළක්වාලිය යුතුයි. එම වරද දිගටම ඔවුන්ගෙන් සිදුවෙයි නම් සුළුවෙන් දඬුවම් කිරීමටත් අමතක නොකර යුතුයි, එය ඔහුගේ යහපත් අනාගතය සඳහායි. වරද දැක දැකත් අහක බලාගෙන සිටින්නේ නම් එයින් පසුතැවිල්ලට පත්විය යුත්තේ දෙමාපියන්මයි.
බලය යොදා වැළැක්වීමට ශක්තිය නොමැති අය තම දිවෙන් එය වැළැක්විය යුතුයි. මෙම කාර්්‍ය භාර්්‍ය හැමෝම කළ යුතුයි. අපේ වචනයෙන් කෙනෙකුට යහ මග ලැබෙයි නම්, වැරදි කි‍්‍රයාවකින් කෙනෙකු මිදෙයි නම් ඊටත් වඩා වටිනා දෙයක් මෙම විශ්වයෙහි නොමැත. වැරදි කි‍්‍රයාවන් දැක එය නොවළක්වා සිටින සමාජයට ශාස්තෘවරයානන් ලස්සන උපමාවක් පෙන්වූහ.
”නැවක පිරිසක් ගමන් කරති, යට තට්ටුවෙහි ගමන් කරන්නන්ට ජලය අවශ්‍යවූ විට උඩ තට්ටුවට ගොස් ඔවුන් ජලය ලබාගනිති. (මෙය කරදරයක් යනුවෙන් සිතන* යට තට්ටුවෙහි උදවිය නැවෙහි සිදුරක් ඇති කරන්නට කල්පනා කරති. උඩ තට්ටුවෙහි සිටින්නන් යට තට්ටුවෙහි සිටින්නන්ගේ මෙම අනූවන කි‍්‍රයාව දැක අපට මොකක්ද? යනුවෙන් සිතා නොසැළකිලිමත්ව සිටී නම් දෙපිරිසම විනාශ වී යනු ඇත” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ.
නබි (සල්* තුමන් මෙම උපමාව තුළින් අදහස් කළේ යම් සමාජයක සිදුවන වැරදි කි‍්‍රයාවන් දැක අන් අය නිහඬව සිටී නම් එයින් ඇති වන විපාකය හැමෝටම පොදුය. නමුත් වත්මන් යුගයෙහි කනගාටු දායක කරුණ නම්, විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ පවා වැරදි කි‍්‍රයාවන් කරා සමාජය පොළඹවනු ලැබීමයි. එබැවින් සමාජයෙහි බුද්ධිමත් සෑම පුරවැසියෙකුම මෙම වගකීම පැහැර හැරීමෙන් වැළකිය යුතුයි.
කෙනෙකුට එම වැරදි කි‍්‍රයාව මුවින් වැළැක්වීමටත් නොහැකි අවස්ථාවක සිතෙන් එම කි‍්‍රයාව පිළිකුල් කළ යුතුයි. එසේ කෙනෙකු පිළිකුල් කරන විට ඔහුගේ භාහිර කි‍්‍රයා කලාපයන් තුළින් එය ඉස්මතු වෙයි. වැරදි කරන්නාට ඔහුගේ මෙම කි‍්‍රයා කලාපය තුළින් පණිවුඩයක් ලැබෙන වාට කිසිම සැකයක් නැත. එයත් ඔහු එම වැරදි ක‍්‍රියාවෙන් මිදීමට රුකුලක් වනු නියතය. කුඩා දරුවෙකු වරදක් කළ විට තම දෙමාපියන්ව බලයි, එම කි‍්‍රයාව දෙමාපියන් පිළිකුල් කරන විට ඔහු දිගටම එම කි‍්‍රයාවෙහි නිරත නොවෙයි.
වැරදි කි‍්‍රයාවක් දැක කෙනෙකු සතුටට පත්වෙයි නම් ඔහු තුළ විශ්වාසයක් නැතැයි ඉහත සඳහන් ප‍්‍රකාශය තුළින් සක්සුදක්සේ පැහැදිළි වෙයි.
By: Abu Asma
www.yayuthumaga.com