මත් ද්‍රව්‍යවලින් මිනිසාට අයහපතක් මිස හොඳක් නැත. එබැවින් ආගම් වලින් මෙන්ම රජයන්ද මත්ද්‍රව්‍ය තහනම් කොට ඇත. මත්ද්‍රව්‍ය නිසා දිනපතා විශාල සංඛ්‍යාවක් මරණයට පත් වන බව කව්රුත් දන්නා කරුණකි. ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ ජිවිත කාලය වසර දහයකින් හෝ පහළොවකින් අඩු වන බව සංඛ්‍යාලේකන වලනි පෙන්නුම් කරන්නේය. එපමණක් නොව මතට ඇබ්බැහි වුවන්ට වයසට ගිය පෙනුමක් ලැබෙන්නේය. එසේ තිබියදීත් මත්ද්‍රව්‍ය උවදුර දිනෙන් දින ව්‍යාප්ත වෙමින් තිබීම ගැන අපගේ අවධානය යොමු විය යුතුව ඇත.
බොහෝ අය තම ප්‍රශ්නවලට විසඳුමක් ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙති. සමහරු සමාජ ආශ්‍රය නිසා ඊට හුරු වෙති. අද වන විට එය පාසල් සිසුන් අතරත් පැතිර ගොස් තිබේ. මේ නිසා බොහෝ දෙමව්පියන් අන්ත අසරණ තත්වයකට ඇද වැටී ඇත. මේ අතර විද්‍යුත් සහ ලිඛිත මාධ්‍යයන් මුදලට ඇති කෑදර කම නිසා මත්ද්‍රවය ප්‍රවර්ධනය සඳහා සහාය දෙන්නේය. මේ අනුව ඇතැම් ලිපිවලින් මත්ද්‍රවය වලට එරෙහිව ලිව්වත් ඒවා හොඳින් විශ්ලේෂණ කොට බැලීමේදී පෙනී යන්නේ ඉන් තරුණ පිරිස ඇදගැනීමට ඔවුන් ක්‍රියා කරන බවකි.
තරුණයින් ඕනෑම දෙයක් අත්හදා බැලීමට කැමතිය. මෙම ලක්ෂණය මත් කුඩු නිෂ්පාදකයින් ඔවුන්ගේ වෙළඳාම ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. මුලදී නොමිලයේ ඔවුන්ට මත්කුඩු ලබා දී ඊට ඇබ්බැහි කිරීම සිදු වන්නේය.
මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා රජය මෙන්ම ස්වෙජ්ජා සංවිදාන විශාල උත්සාහයක යෙදුනත් එම උත්සාහයන්ගෙන් නිසි පල ලැබිය හැක්කේ මත්කුඩු වලින් සිදු විය හැකි බැරෑරුම් ප්‍රතිපල ගැන ඒවා භාවිතා කරන උදවිය හොඳින් වටහාගෙන ඊට එරෙහි වීමට අධිෂ්ඨානය කර ගත්තොත් පමණි. එසේ නොවී එහි නරක පැත්ත ගැන කොතරම් කියා දුන්නත් ඉන් වැඩක් වන්නේ නැත. මේ සඳහා විශාල කාර්ය භාරයක් දහමින් කල හැකිය. විශේෂයෙන්ම අල් කුරානයේ සහ නබි වදන්වලින් මත්ද්‍රව්‍ය වලින් සිදුවන ආනිසංස ගැන දැනුවත් කොට ඇත.
ගෝලීය දුම්කොළ කර්මාන්තය ගැන සලකා බැලීමේදී එය 2013 වසරේ දී මෙට්‍රික් ටොන් මිලියන 7.44 ක් නිෂ්පාදනය කර ඇත. එහි ප්‍රධාන නිෂ්පාදකයා වන්නේ චීනයයි. එම වසරේදී දුම්කොළ මෙට්‍රික් ටොන් දශලක්ෂ 3.15 ක් පමණ අස්වැද්දී තිබේ. අනෙකුත් ප්‍රධාන නිෂ්පාදකයින් වන්නේ බ්රසියල සහ ඉන්දියාවයි. ලොව පුරා දුම්කොළ සමාගමක් වන ඉම්පීරියල් දුම්කොළ සමූහය 2016 දී ඩොලර් බිලියන 39.1 ක ආදායමක් උපයා ඇත (The Statistics Portal).
දුම් පානය නිසා ඇතිවන හානිය ගැන සලකා බලන කල එය එක්සත් ජනපදයේ පිරිමි සහ ගැහැණු ළමයින් අතර ඇති සමස්ත මරණ අනුපාතය, දුම් පානය නොකළ සමාන පුද්ගලයින්ට වඩා තුන් ගුණයක් පමණ ඉහල අගයක් ගන්නේය.
දුම් පානය කරන්නන්ගේ මරණයට ප්‍රධාන හේතු වන්නේ පෙනහළු පිළිකා සහ ස්වසන රෝග වේ. මේ සඳහා ප්‍රතිකාර කිරීමට ඉතා විශාල වියදමක් දැරීමට සිදු වන්නේය.
දුම්කොළ, පෙනහළු පිළිකාව සඳහා ප්‍රධාන හේතුවක් වේ. මීට අමතරව දුම්කොළවල ඇති නිකොටින් නිසා හදවත නිසි ලෙස ස්පන්දනය නොවීමේ තත්වය ඇතිවන අතර හදිසි මරණවල අවදානම ඉන් වැඩි විය හැක.
මත් උවදුර මැඩලීමට දෙමව්පියන්, ගුරුවරුන්, ආගමික නායකයින් ක්‍රියා කලත් ඉන් උපරිම ප්‍රතිපල ලැබිය හැක්කේ ඊට ඇබ්බැහි වන අයගේ අදිෂ්ඨාන ය මතය.
By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.