වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ පරිනාම වාදය මුල්වරට ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් එම වාදය ඉදිරිපත් කරන විට විද්‍යාව අද මෙන් දියුණු තත්වයක නොතිබුනේය. එම හේතුවෙන් ඔහු එම වාදය ගොඩ නගා ඇත්තේ ඔහුගේ නිරීක්ෂණයන් මතය. එම වාදය පිලිබඳ අඩුපාඩු ඩාවින් විසින්ම ඔහුගේ කෘතියක පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත. “පරම්පරා ගණනාවක් ඔස්සේ පැවතීගෙන එන යම් ජීවී කුලකයක් වෙනත් ජීවී වර්ගයකට ඉතා සියුම් ලෙස පරිණාමනය වන්නේනම් අපට ඒවා අතරතුර සංක්‍රාන්ති අවස්ථාවන් අපිරිමිත ලෙස හමුවිය යුතුය. එහෙත් අද අපි දකින ව්‍යාකූලතාවයක් නොමැති නිශ්චිත රූපයක් සහිත සත්ව කුලයන් ඒ ඒ වර්ගයාට ආවේණික ලක්ෂණ සමඟ දැකිය හැකිවී තිබේ. එහෙත් මගේ වාදය අනුව අනන්ත සංඛ්‍යවක් අතරමැදි අවස්ථාවල සත්වයන්ගේ පොසිල හමු වී තිබිය යුතුය. එහෙත් මෙම මිහිතලය තුළ එවැනි පොසිල කිසිවක් හමුවී නොමැත…..පොළෝ තලයේ සෑම ස්ථරයකින්ම මෙවන් විශාල අතරමැදි අවස්ථා නොදැකීම මගේ වාදයේ ඇති අඩුවකි. ඇත්තෙන්ම කිසිම කැණීමකින් එවන් සම්බන්ධතාවයන් අනාවරණය කරගැනීමට මෙතෙක් හැකිවී නොමැත. ඇතැම්විට එම කරුණ මගේ වාදයට එල්ල විය හැකි බලවත්ම විරෝධතාවය විය හැකිය” (Charles Darwin, The Origin of Species, pp. 172, 280)
ඉහත සඳහන් කල කරුණුවලට අමතරව එම වාදයේ තිබෙන ලොකුම අඩු ලුහුඩුකමක් වන්නේ මුල්ම ජිවය ඇතිවූනු අන්දම පැහැදිලි නොකර මග හැරීමය. තවද මිනිසාට සුවිශේෂී බුද්ධියක් ඇතිවුයේ කෙසේදැයි එම වාදයෙන් විස්තර කෙරෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන හේතුව වන්නේ බුද්ධිය ඉබේ ඇතිවන දෙයක් බවයි. තවද ඩාවින්ට අනුව මිනිසාටත් සත්වයින්ටත් බුද්ධියේ පැහැදිලි වෙනසක් නොමැත. ඩාවින් එසේ පවසද්දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාර්ක් හවුසර් කල පර්යේෂණ ප්‍රථිපල ‘Scientific American’ සගරාවේ පළකරමින් සඳහන් කරන්නේ දැනට ලැබී ඇති සාක්ෂි අනුව මිනිසාට සෙසු ජීවීන්ට වඩා ඉතා ඉහල කල්පනා කිරීමේ ශක්තියක් තිබෙන බවයි. ඒ අනුව ඩාවින් ඉදිරිපත් කල මතය පිළිගැනීමට නොහැකි වන්නේය.
මාර්ක් හවුසර් ඔහුගේ මිතුරන් සමග කරන ලද පර්යේෂණවලට අනුව මිනිසා සෙසු ජීවින්ගෙන් වෙනස් වීමට බලපාන ප්‍රධාන හේතු හතරක් ඇත. ඉන් එකක් වන්නේ මිනිසාට වෙන කිසිම ජීවියෙකුට නැති තරම් වචන සහ සංකල්ප ජනනය කල හැකි වීමය. මේ හේතුව නිසා මිනිසාට වෙනත් ජිවින්ට වඩා බොහෝ වචන ජනනය කිරීමේ හැකියාවක් ලැබී ඇත. තවද එම පර්යේෂණවලින් සොයා ගත් කරුණු අනුව මිනිසාට විවිධ අදහස් සහ සංකල්ප මිශ්‍ර කොට අළුත් නිර්මාණයන් සිදු කල හැකිය. ඒ අනුව මිත්‍රත්වයන්, සමාජ ආශ්‍රයන්, නීති රීති, තාක්ෂනවේදයන් වැනි දේවල් සිදු කිරීමට මිනිසාට හැකි වන්නේය. තවද සංවේදනිය සිද්ධීන් මනසින් තේරුම් ගැනීමට කැකියාව මිනිසාට ඇත. එම කරුණ භාෂාවන් සහ සන්නිවේදනය සිදු කිරීමට අවශ්‍ය මුලික අත්තිවාරම බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. තවද මිනිසාට එම දේවල් තමන් තුලම රඳවා ගැනීමට හෝ වෙනත් කෙනෙකු සමග බෙදා ගැනීමට ද හැකියාව තිබේ. මිට අමතරව මිනිසාට ලැබී ඇති කල්පනා ශක්තිය හේතුවෙන් පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබෙන දැනුමට ඔබ්බට යමින් ඒවා ගැන සිතීමට හැකියාව ලැබී ඇත. මෙම කරුණු කිසිවක් ඩාවින්ගේ වාදයෙන් විස්තර වන්නේ නැත.
ඩාවින්ගේ වාදය අනුව එක් ජීවී කුලකයකින් තවත් ජීවී කුලකයක් ඇතිවන බව පැවසුවත් එවැනි දෙයක් සිදු විය නොහැකි බව නවීන විද්‍යාවෙන් පවසන්නේය. කෙසේ වෙතත් විද්‍යාඥයින්ගේ මතය අනුව DNA හෙලික්සයක් ඕනෑම ආකාරයකට වෙනස් කල නොහැකි අතර සුළු වෙනස්කම් පමණක් සිදු කල හැකිය. මේ නිසා සුනඛයෙකුගේන් ලබා ගත් DNA වලින් බළලෙකු බිහිකළ නොහැකිය. එහෙත් සුනඛයෙකුගේ DNA වලින් විශේෂ ලක්ෂණ ඇති සුනඛයන් බිහි කල හැකි වන්නේය. තවද DNA අණුවල සුවිශේෂ වෙනස්කම් සිදු කිරීමෙන් මල්, පළතුරු සහ එළවළුවල යම් සිමා සහිත වෙනස්කම් පමණක් සිදුකළ හැකිය. මෙවැනි හේතුන් නිසා පරිණාමවාදය අද බොහෝ විද්‍යාඥයින් විසින් ප්‍රතික්ෂේප කරන්නේය.
DNA හෙලික්සයක පවතින තොරතුරු ලිවිම සඳහා විශ්වකෝෂ පිටු මිලියනයක් පමණ අවශ්‍ය බව විද්‍යාඥයින් පවසන්නේය. ඒවා කියවිය හැකි අක්ෂර ක්‍රමයකට සකස් වී ඇත. මෙවැනි සුවිශේෂී දෙයක් ඉබේ සිදු සිදුවීමට නොහැකිය. එබැවින් එවැනි දෙයක් සිදු කල හැක්කේ සර්වඥානි දෙවිකෙනෙකුට පමණි.
පරිනාම වාදයට තවත් පහරක් වන්නේ අප්‍රිකාවෙන් හමුවී ඇති ඉපැරණි මිනිස් හිස් කබලකි. එය වර්තමානයේ ජිවත්වන මිනිසාගේ හිස්කබලට ඉතාමත්ම සමානය. මෙය ඩාවින්ගේ වාදයට මාරු පහරකි. එසේම අනෙක් ජිවින්ගේ පොසිල විශ්ලේෂණය කිරීමේදී අවශ්‍යතරම් සංක්‍රාන්ති අවස්ථාවන් හමු නොවීමද ඩාවින් වාදයට අභියෝගයකි.
By Fasy Ajward.B.Sc(Special)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.