මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ කොරෝනා වෛරසයයි. ඇතැම් අය පවසන්නේ එය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ජීව අවියක් බවයි. තවත් සමහරු පවසන්නේ එය දෙවියන් විසින් එවන ලද වෛරසයක් බවයි. කව්රු කෙසේ කීවත් එය දෙවියන්ගේ මැවීමක් බව නම් බැහැර කල නොහැකිය. මිනිසාට කල හැක්කේ දෙවියන් විසින් මවන ලද වෛරසය සීමාසහිත වෙනස්කම් වලට බඳුන් කිරීම පමණි. කිසිවෙකුට මෙම කරුණ ප්‍රතික්ෂේප කල නොහැකි ය. විද්‍යාඥයින් විසින් මෙතෙක් ජීවයක් නිෂ්පාදනය කර නොමැත.
අල්-කුරානයට අනුව පෘථිවිය හා ඒ මත ඇති සෑම දෙයක්ම දෙවියන් විසින් මවා තිබේ. තවද ඒවා සියල්ලම මිනිසාට වසඟ කර දී තිබේ. ඒ අනුව මිනිසා විසින් ඒවා උපයෝගී කරගෙන නොයෙකුත් ප්‍රයෝජන ලබන්නේය. කෙසේ වෙතත් මිනිසා ඒවා ප්‍රයෝජනයට ගන්නා අකාරය අනුව ඉන් ලැබෙන ප්‍රතිපල වෙනස් වනු ඇත. උදාහරණයක් වශයෙන් පරමාණු යොදාගෙන මිනිසාට ප්‍රයෝජනවත් ශක්තිය ලබා ගත හැකිය. නැතහොත් ඒවා උපයෝගී කරගෙන මිනිසාගේ විනාශය සඳහා බෝම්බ නිෂ්පාදනය කල හැකිය. ඒ ආකාරයටම වෛරස මගින් මිනිසාට ප්‍රයෝජනවත් දේවල් සිදු කල හැකිය. නැතහොත් ඒවා යොදාගෙන ජිව අවි නිෂ්පාදනය කල හැකිය. මිනිසා කුමක් කලත් ඔහු කරන සෑම දෙයකටම විනිශ්චය දිනයේදී දෙවියන් ඉදිරියේ වග කිව යුතු වන්නේය. තවද, මිනිසා මෙලොවදී කරන කියන සෑම දෙයකටම නියමිත ප්‍රතිපල මරණයෙන් පසු ඇති විනිශ්චය දිනයේදී ලැබීමට නියමිතය. එම නිසා මිනිසා කුමක් කලත් දෙවියන්ට වගකිව යුතු වහලෙකු වේ.
මෙම වෛරසය කව්රුන් විසින් නිර්මාණය කලත් එමගින් මිනිසාට විශාල පාඩමක් උගන්වා ඇත. අද බොහෝ බලවත් රටවල් ඇසට නොපෙනෙන මෙම කොරෝනා වෛරසය හමුවේ දනින් වැටී ඇත. ඒ අනුව ඔවුන්ට මොන ආයුද තිබුනත් කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකට පත්ව තිබේ. කෙසේ වෙතත් බෙහෙතක් මවන්නේ නැතුව දෙවියන් රෝගයක් නොයවන බව නබිතුමා පවසා ඇත. එම නිසා මෙම වසංගතයෙන් මිනිසා තාවකාලිකව පිඩාවට පත් වුවත් දෙවියන්ගේ නියමය පරිදි බෙහෙත් සොයාගෙන නැවතත් ගොඩ එනු ඇත.
අල්-කුරානය හරවා බලන කල මිට පෙර ජීවත්වූ ජනතාව තරම ඉක්මවා වැරදි කරන විට ඔවුන්ට දඬුවම් කල අවස්ථා දැකිය හැකිය. ඒ අනුව ලුත් නබිතුමාගේ කාලයේදී පොලව උඩු යටිකුරු කොට ඔවුන්ව පොලව යට වළලා තිබේ. තවද ආද් සමුද් වාසින්ව එක දිගට දින ගණනාවක් තිස්සේ හැමූ සුළි සුළඟින් විනාශයට පත්කොට ඇත. එසේම නුහ් නබිතුමාගේ කාලයේදී මහා ජලගැල්මක් මගින් ඔවුන්ව විනාශ කොට ඇත. මේවායින් මිනිසා පාඩම් ඉගෙන ගත යුතුය.
අද මිනිසා කරන වැරදි සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊට හේතුව බලවත් රටවල් කරන්නාවූ අසාදාරනයන්ය. බලවත් රටවල් ඔවුන්ගේ ආයුද බලය පෙන්වමින් දුප්පත් රටවල් සැමදාම මිරිකා තබාගෙන ඇත. බොහෝ රටවල්වල නොනිවෙන ගිනිදැල් දැකිය හැක්කේ බලවත් රටවල් කරන වැරදි නිසාය. මේවා සෑම දෙයක්ම කරන්නේ වස්තුව කොල්ල කෑමටය. මේවා දෙවියන් නොදකින්නේ නොවේ.
නවීන ලෝකයේ කිසිම සාදාරන හේතුවක් නොමැතිව ආගමික නිදහසට විශාල වශයෙන් බදා සිදු කොට ඇත. චීනය වැනි රටවල් මිනිසාගේ ආගමික නිසහස සහමුලින්ම උදුරාගෙන ඇත. මේවා පමණ ඉක්මවා යන විට ඉන් පිඩා විඳින ජනතාවගේ කඳුළු පිස දැමීමට දෙවියන් කුඩා සේනාවක් වන මෙම කොරෝනා වෛරසය යවන ලද්දේ දැයි කිව නොහැකිය. මේ සම්බන්දයෙන් කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.
“කව්රුන්ගේ සිත්වල (සැකය, අවිශ්වාසය, කුහකකම නමැති) රෝග ඇත්තේද ඒවා මගින් තවදුරටත් ඔවුන්ගේ සැකය අධික කළේය. ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් ලෙසම මරණයට පත් වුහ. තවද, නියත වශයෙන්ම එක් එක් වර්ෂයක් පාසාම වරක් හෝ දෙවරක් (නොයෙකුත් අකාරයේ ව්‍යසනයන්, ලෙඩ රෝග මගින්) ඔවුන්ව පරික්ෂා කොට බලන බව ඔවුන් බැලිය යුතු නොවේද? එහෙත් ඔවුන් සමාව අයදින්නේද නැත. උපදෙස් ලබන්නේද නැත” (කුරානය 9:125,126). මෙම කරුණ ගැන අපගේ අවධානය යොමු විය යුතුය.
දෛවයේ සරදමකට මෙන් අසාදාරන ලෙස මුහුණු ආවරණයට තහන්චි දැමු ප්රංසය මේ වන විට මුහුණු ආවරණය නොකළ අයට දඩ නියම කරන තත්වයට පත්ව තිබේ. මේවා ගැන මිනිසා සිතා බැලිය යුතුය.
By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.