මුහර්රම් ඉස්ලාමීය දින දර්ශනය අනූව මුල්ම මාසය බව ඔබ මීට පෙර දැන සිටියාද? එහි මාසයන් අනුපිළිවෙලට මෙසේය:
1- මුහර්රම්
2- සෆර්
3- රබීඋල් අව්වල්
4- රබීඋස් සානි
5- ජමාදුල් අව්වල්
6- ජමාදුස් සානි
7- රජබ්
8- ෂඃබාන්
9- රමළාන්
10- ෂව්වාල්
11- දුල්කඃදා
12- දුල්හිජ්ජා
අපෙන් හිජ්රි 1445 සමුගෙන ගිය මෙම මොහොතේ, එම ගෙවී ගිය වසර වෙත ආපසු හැරී බැලීම අපි කොයි කාගෙත් වගකීමයි. හිජ්රි යනු කුමක්දැයි සමහර උදවිය නොදන්නවා විය හැක. මහත්මා පුරුෂයන් හා මුළු ලොවටම මෛත්‍රියක් වශයෙන් එවන ලද ශාස්තෘවරයානන් වූ මුහම්මද් නබි (සල්) තුමන්ගේ ජීවිතය තුළ සිදු වූ ඓතිහාසික ගමන “හිජ්රත්” යනුවෙන් හැඳින්වේ.
එතුමන්ගේ 53 වැනි වියහි දී මෙය සිදුවිය. එතුමන් පරිශුද්ධවූ මක්කාවෙහි උපත ලද අතර, එතුමන්ට 40 වැනි වියහි දී ශාස්තෘ පදවිය පිරිනැමිනි. එතැන් පටන් සමාජය යහපත් මගට යොමු කිරීම සඳහා, මිථ්‍යා විශ්වාසයන්ගෙන්, පිළිම වන්දනයෙන් හා මිනිසා මිනිසාට වහල්වීමෙන් මුදවා විශ්වයේ නිර්මාතෘ වරයා සර්ව බලධාරි අල්ලාහ්ට පමණක් යාඥා කර ඔහු විසින් මානව සංහතියට පිරිනමන ලද ජීවන සැලැස්ම වන ඉස්ලාම් දහම අනූව ජීවත් වීම සඳහා සමාජය කැඳවූහ.
මෙම පිවිතුරු වූ සංකල්පය එවකට මක්කාවෙහි ජීවත් වූ පුරවැසියන් ඉදිරියේ තැබීමත් සමග,ඊට පෙර මොහොත තෙක් ඔවුන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වශයෙන් විරුදාවලිය ලැබූ එම උතුම් චරිතයට හතුරුකම් කරන්නට පටන් ගත්තෝය, විවිධ තාඩන පීඩන එල්ල කළහ, ඔහු හූණියම් කාරයකු, මානසික රෝගියෙකු යන අභූත චෝදනා එල්ල කළහ. එතුමන්ව පිළිගෙන ඉස්ලාම් අනූව ජීවත්වූවන්ට විවිධ කායික වද හිංසා පමුණුවීමටත් ඔවුන් ඝාතනය කිරීමටත් මෙම මිලේච්ඡයන් පසුබට නොවූහ. මෙම විරෝධතාවන් එන්න එන්න උග්රවීම නිසා නබි (සල්) තුමන්ගේ ජීවිතයටම අවදානම් තත්ත්වයක් මතුවීම නිසා “යස්රිබය (මදීනාව)” බලා වූ හිජ්රා ගමනට අඩි තාලම දමන ලදී. ඒ අනූව මෙම ඓතිහාසික ගමන නබි (සල්) තුමන්ගේ 53 වැනි වියහිදී සිදුවිය.
අපෙන් තවත් වසරක් ගෙවී ගිය මෙම මොහොතේ මදකට හෝ අපි ආපසු හැරී බැලීම වටී. ඒ තුළිනුයි අපේ ජීවිතයේ වැරදි හදාගෙන සාර්ථක ජිවිතයක් ගොඩනැගිය හැක්කේ.
බුහාරි වැනි මූලාශ්රවල සඳහන් අලි (රලි) තුමාගේ ප්‍රකාශයක් මෙම අවස්ථාවේ දී සිහිපත් කිරීම උචිතයි කියා මා සිතමි. “සැබවින්ම මෙම දිවිය යහපත කිරීම සඳහාවූ අවස්ථාවයි මෙහි ඔබ ප්‍රශ්න කරනු ලබන්නේ නැත. නමුත් හෙට දින ඔබ ප්‍රශ්න කිරීමට ලක්වනු ඇත එහි යහපත කිරීමට ඔබට කිසිදු අවකාශයක් නැත” කෙතරම් හරවත් අපූරු ප්‍රකාශයක් ද?
උමර් (රලි) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: “(සකල ලොව හිමියන් ඉදිරියේ) ඔබ විනිශ්චයට ලක්වීමට පෙර ඔබව ඔබ විසින්ම විනිශ්චයට ලක් කරගන්න” අපව අපි විනිශ්චයට ලක් කිරීම තුළිනුයි තීරණාත්මක දිනයෙහි විනිශ්චයට අපව සූදනාම් කරගත හැකිවන්නේ.
අවසන් විනිශ්ච දිනයෙහි සෑම පුද්ගලයකුම සර්ව බලසම්පන්න අල්ලාහ් ඉදිරියෙහි පැනයන් හතරකට පිළිතුරු සැපයිය යුතුය, එම ප්‍රශ්නයන්ට පිළිතුරු නොදී දෙපා සෙලවීමට පවා නොහැකි බව නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ: “ඔබගේ ආයු කාලය ඔබ ගත කළේ කෙසේද? ඔබේ යොවුන් විය ඔබ ගත කළේ කෙසේ ද? ඔබ මුදල් හරි හම්බ කළේ කෙසේද? එය වියදම් කළේ කෙසේද?” (මූලාශ්‍රය: තිර්මිදි).
ඇත්ත වශයෙන්ම අපි මෙම ප්රශ්නයන් ඉදිරියේ නිරුත්ත නොවී සිටීමට නම් අල්ලාහ් අපට පිරිනැමූ ජීවන සැලැස්ම වන ඉස්ලාම් අනූව ජීවත් විය යුතුය.
පහත සඳහන් ප්රශ්නයන් ඉදිරියේ ඔබ හරි ද? වැරදි ද? යනු පමණක් සටහන් කරන්න. පිළිතුරු සැපයීමට පෙර මොහොතකට නවතින්න! “සැබවින්ම සෑම නිමේෂයකම අල්ලාහ් ඔබව නිරීකෂණය කරන බව අමතක නොකරන්න! ඔබේ බාහිරය හා අභ්‍යන්තරය පිළිබඳ මනා දැනුමක් ඔහු සතු බව සිහි තබාගන්න!
සෑම ප්‍රශ්නයක් ඉදිරියේම ඔබ √ ද X ද යනු ලකුණු කරන්න!
1- අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ වූ විශ්වාසයක් ඔබ තුළ පවතී ද?
2- ඔබ අල්ලාහ් කෙරෙහි ඔබගේ ප්‍රාණයටත් වඩා ආදරේ ද?
3- ශාස්තෘවරයානන් වන මුහම්මද් නබි (සල්) තුමන් ව ඔබගේ ප්‍රාණයටත් වඩා ආදරය කරනවා ද?
4- ඔබ නබි (සල්) තුමන්ගේ මග පෙන්වීමට වඩා වෙනත් කෙනෙකුගේ මග පෙන්වීම උසස් කොට සළකනවාද?
5- ඔබ නබි (සල්) තුමන්ගේ චරිතාපදානය හැදෑරු කෙනෙකු ද?
6- ඔබ යහපත් ක්‍රියාවක් කරන්නේ අල්ලාහ්ගේ තෘප්තිය අපේකෂාවෙන් ද? වෙනත් කෙනෙකුගේ ප්‍රශංසාව අපේකෂාවෙන් ද?
7- ඔබ ප්‍රසිද්ධිය ප්‍රිය කරන කෙනෙකු ද?
8- ඔබ යමක් කළ විට අන් අය එය පැසසිය යුතු බව අපේකෂා කරනවා ද?
9- ඔබට කරදරයන් ඇතිවූ මොහොතක අල්ලාහ්ගේ නියමය සතුටින් භාරගන්නවා ද?
10- ඔබට කරදරයක් ඇතිවූ මොහොතක අල්ලාහ්ගෙන් උදව් පතා රක්අත් දෙකක් ඔබ සලාතය ඉටු කරනවාද?
11- ඔබ පස් වේල සලාතය ඉටු කරනවා ද?
12- ඔබ පස්වේල සලාතය සමූහව ඉටු කරනවා ද?
13- ඔබ ෆජ්ර් (හිමිදිරි) සලාතය මග හරින කෙනෙකු ද?
14- ඔබේ මිළ මුදල් දේපළ සම්පත්වලින් ගත වූ අවුරුද්දේ සියයට දෙකහාමාරක් ගණන් බාල සකාත් (ශුද්ධ කාරක) බද්ධ ඔබ ඉටු කළා ද?
15- ගතවූ වසරේ රමළාන් මස උපවාසයන් සියල්ල ඔබ ඉටු කළා ද?
16- ජීවිතයේ එක් වරක් ඉටු කිරීමට අනිවාර්්‍ය වූ හජ් කර්තව්‍ය ඔබ ඉටු කළා ද?
17- දෙමාපියන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් නිසි ලෙස ඔබ ඉටු කරනවා ද?
18- සෑම සලාතයකින් පසුවම දෙමාපියන්ගේ යහපත වෙනුවෙන් ඔබ ප්‍රාර්ථනා කරනවාද?
19- ඔබ ඥාතීන් සමග සුහදශීලීව කටයුතු කරන කෙනෙකු ද?
20- ඔබ ඥාතීන් කිසිවෙකු සමග හෝ විරසක වී සිටිනවා ද?
21- ඔබ ඥාතීන්ට පිහිටවන්නේ අල්ලාහ්ගේ තෘප්තිය පමණක් අපේකෂා කරමින් ද?
22- ඔබගේ අසල් වැසියාට ඔබ හිරි හැරයක් ද?
23- ඔබ මිතුරන් ඇසුරු කරන්නේ ලෞකීක ලාභාපේකෂාවෙන් ද?
24- ඔබේ මිතුරන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි ද?
25- ඔබ ඇසුරු කරන මිතුරන් අල්ලාහ්ට අවනතවී ජීවත්වන්නන් ද?
26- ඔබ විසින් කව්රුන් හෝ අසාධාරණයට ලක්වී ඇත් ද?
27- ඔබ කථා කරන සෑම වචනයක්ම සටහන් වන බව ඔබ දන්නවාද?
28- අල්ලාහ්ගේ තෘප්තිය ලැඛෙන වචන පමණක් කථා කරන කෙනෙකු ද ඔබ?
29- අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන වචන ඔබ කථා කරනවා ද?
30- ඔබ අන් අය නැති තැන ඔවුන් පිළිබඳ ඕපා දූප කථා කරනවා ද?
31- ඔබ කේලම් කියන කෙනෙකු ද?
32- ඔබ යටතේ සේවය කරන්නන්ගේ අයිතීන් ඔබ ආරකෂා කරනවා ද?
33- ඔබ මුදල් උපයන්නේ ඉස්ලාම් අනුමත කළ මාර්ගයෙන් ද?
34- ඔබ අන් අයට ණය පියවන්නට තිඛෙන කෙනෙකු ද?
35- හරාම්, හළාල් පිළිබඳ නිසි ඥානයක් ඔබ සතු ද?
36- ඔබ අල්කුර්ආනය පාරායනය කරනවාද?
37- අවම වශයෙන් මසකට වරක් හෝ ඔබ අල්කුර්ආනය පාරායනය කර නිම කරනවාද?
38- ඔබ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පරිවර්තනය කියවන කෙනෙකු ද?
39- ඔබට ශුද්ධවූ අල්කුර්ආනය නිසි අයුරින් පාරායනය කළ හැකි ද?
40- ඔබ කළ වැරදි ක්‍රියාවන්ට පසුතැවිලිවී නිරතුරුව අල්ලාහ්ගෙන් සමාව අයදිනවා ද?
41- යම් වරදක් කළ විට ඔබේ සිත දුක් වෙනවාද?
42- ඔබ ලූහා සලාතය ඉටු කරන කෙනෙකුද?
43- රාත්‍රි කාලයේ අවසන් වෛකල්පිත සලාතය වන විත්ර් සලාතය ඔබ ඉටු කරනවා ද?
44- ඔබගේ දෙඅත් ඔසවා අල්ලාහ්ගෙන් ඔබ ප්‍රාර්ථනා කරනවා ද?
45- උදේ හා සවස උසුරිය යුතු ප්‍රාර්ථනාවන් ඔබ කියනවා ද?
46- දෛනික ජීවිතයට අවශ්‍ය කරන ප්‍රාර්ථනාවන් ඔබ කියනවා ද?
47- ඔබේ දරුවන්ට නිවැරදි ඉස්ලාමීය මග පෙන්වීමක් ඔබ විසින් ලබා දී තිඛෙනවා ද?
48- ඔබ ස්වාමි පුරුෂයාගේ තෘප්තියට වඩා අල්ලාහ්ගේ තෘප්තිය මුල් කොට සළකන බිරිඳක් ද?
49- ඔබ බිරිඳගේ තෘප්තියට වඩා අල්ලාහ්ගේ තෘප්තිය මුල් කොට සළකන ස්වාමි පුරුෂයෙක් ද?
50- ඔබේ නිවස ඉස්ලාමීය පරිසරයෙන් යුතු ද?
51- ඔබ ඉස්ලාම් දහම ප්‍රචාරය කරන කෙනෙකු ද?
52- ඔබගේ ජීවිත කාලය තුළ අල්ලාහ්ගේ දහමේ උන්නතිය වෙනුවෙන් ඔබ වේලාවක් වෙන් කරනවාද?
53- ඔබ මුළුමනින් අල්ලාහ්ට අවනත වූ මුස්ලිමෙකු ද?
54- ඔබගේ සියළු කි‍්‍රයා කලාපයන් සඳහා අල්ලාහ් ඉදිරියෙහි ඔබ විනිශ්චයට ලක්වන බව ඔබ දන්නවාද?
ඔබ ගත කරන හැම දවසක් ම ඔබේ ජීවිතයේ අවසන් දවස බව මොහොතකට හෝ සිතන්න!
වැරදි නිවැරදි කර උදාවී ඇති හිජ්රි 1444 නව වසර නැවුම් උද්‍යයෝගයකින් පිළිගමු. දෙලොව ජය උදෙසා අළුත් මිනිසෙකු සේ පිය නගමු.
මෙම මාතෘකාවට අදාළ දේශණය නරඹන්න: