ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. මෙහිදී සිදු කරනු ලබන වරද නිසා රට ආඝාදයට යා හැකිය. අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ.කෙනෙක් පාලකයෙකු බවට පත්වීම සහ කෙනෙකුව පාලකයා වශයෙන් පත්කර ගැනීම යන කරුණු දෙකම ඉතාමත්ම බැරෑරුම් කාර්යයන් වන්නේය. එබැවින් දුෂ්ට පාලකයෙකු තෝරා පත්කර ගන්නේ නම් ඒ සඳහා බලයට පත් වූ තැනැත්තා පමණක් නොව ඔහුට බලය ලබා දුන් අයත් වග කිව යුතුය.

ජන්දදායකයා කිසිම පක්ෂයක් ඔහුගේ ආගම ලෙස සැලකිය යුතු නැත. ඒ අනුව තමන් එකම පක්ෂයකට බැඳී සිටිය යුතු නොවේ. ජන්දය දීමේදී වඩාත් සැලකීමත් විය යුත්තේ ජන්දය ඉල්ලන අයගේ ස්වභාවය ගැනයි. ඔවුන් පොරොන්දු ඉටුකරන අය විය යුතුය. එබැවින් කිසිම ජන්ද දායකයෙකු නැවත නැවත රැවටීමට ලක් නොවී තම කාර්ය භාරය ඉටු කිරීමට වග බලා ගත යුතුය. මේ නිසා තමන් දෙන වටිනා ජන්දය සුදුස්සාට පමණක් ලබා දීමට අධිෂ්ඨාන කර ගත යුතුය. එසේ කලේ නම් තම අපේක්ෂකයා පරාජය උනත් සැනසීමට පත් විය හැකි වනු ඇත.

වරක් බලය ලබා දී තිබියදී සොරකම් කොට ඇත්නම් හෝ ඔහුගේ සේවය නිසියාකාරව ඉටු කර නොතිබුනේ නම් නැවත වරක් ඔහුට ම බලය ලබා දීම බලවත් වරදකි. අද බොහෝ විට සිදු වන්නේ මෙවැනි වරදවල් ය.

ඕනෑම පාලකයෙකු තමන්ගේ වගකීම් නිසියාකාරව ඉටු කිරීමට බැඳී සිටින්නෝය. ඔවුන් සෑම කෙනෙකුටම සාධාරණය ඉටු කළ යුතුය. පාලකයින් රටේ පොදු මුදල් අපහරණය කළහොත් ඒ සඳහා දෙවියන් ඉදිරියේ වගකිව යුතු බව මතක තබා ගත යුතුය. එබැවින් ජනතා මුදල් වලින් කොමිස් ගැසීම හෝ ඒවා අපයෝජනය කිරීම ගැන දෙවියන්ට වගකිව යුතු බව තරයේ මතක තබා ගත යුතුය.

යමෙක් තමන්ට කළ නොහැකි දෙයක් සඳහා බලය ලබාගැනීමෙන් සිදු වන්නේ කෙටි කාලයක් සැප විඳ විශාල කාලයක් නිරයේ දුක් විඳීමට ය. එබැවින් පාලන සඳහා ජනතාව විසින් ඊට සුදුසු අයම පමණක් තෝරා පත්කර ගත යුතුය. අද සිටින බොහෝ පාලකයින්ට අධ්‍යාපන සුදුසුකම් නොමැත. දහම ගැන දැනුමක්ද නොමැත. එහෙත් ඔවුන් දහමේ නාමයෙන් බලය ලබා ගැනීමට උත්සාහ කරති. එවැනි අයට ජන්දය දීම බලවත් වරදකි. ඔවුන් නිසා සමාජය බේද වන්නේය.

ඇතැම් අය ජන්දයට පෙර ජිවත් වූ අන්දම අමතක කරමින් බලයට පත් වු පසු සුකොපබෝගී වාහන ගැන සහ ඔවුන්ගේ අනෙක් සියළු පහසුකම් ගැන සිතා බලති. මෙවැනි දේවල් රටේ නිතිය කුමක් වුවත් කිසිම දහමකින් අනුමත කරන්නේ නැත. එවැනි අයට හෝ ඒවා අනුමත කරන පක්ෂයකට හෝ ජන්දය දීම රටට කරන ද්‍රෝහී කමකි.

ජනතා සේවකයෙක් කළ යුත්තේ ඔවුන්ගේ කාර්යාල අලුත්වැඩියාව සහ වාහන සඳහා කෝටි ගණන් වියදම් කිරීම නොව ජනතාවගේ දුවා දරුවන් යන පාසල දියුණු කිරීම වෛද්‍ය පහසුකම් ලබා දීම රටේ කර්මාන්ත ඇතිකොට රැකියා උත්පාදනය කිරීම වැනි දේවල්ය. එහෙත් ඒවා කළ හැක්කේ උගත් පළපුරුදු අය පත්කර ගත්තේ නම් පමණක් බව සිතා බැලිය යුතුය.

අද සිදු වන්නේ කුමක්ද? සෑම දෙයකටම පාලකයින්ගේ කකුල ළඟ වඳ වැටීමට සිදුව ඇත. රැකියාවක් වේවා ළමයෙක් පාසලට දැමීම වේවා ඒවාට පාලකයින්ගේ මැදිහත් වීම අවශ්‍ය වී ඇත. එසේ කිරීම ජනතව වහල් බාවයට පත් කිරීමක් නොවේද? මේවා වෙනස් වන්නේ කවදාද?

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *