වහල් වෙළඳාමට දීර්ඝ ඉතිහාසයක් ඇත. එබැවින් එය එකල ජිවත් වු මිනිසුන් අතර සාමාන්‍ය දෙයක් විය. වහල් වෙළඳාම පෘතුගීසිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, අරාබිය මෙන්ම බටහිර අප්‍රිකානු රටවල්වල තිබී ඇත. අල්-කුරානය පහළ වන සමයේදී අරාබියාවේ ද වහල් වෙළඳාම තිබී ඇත. කෙසේ වෙතත් මෙම ලිපියෙන් සලකා බලන්නේ වහල් වෙළඳාම අහෝසි කිරීම සඳහා ඉස්ලාම ගෙන ඇති පියවරවල් ගැන පමණි.
ඉතිහාසයේදී නිදහස් පුද්ගලයින්ව වහළුන් ලෙස යොදාගෙන ඇත්තේ සාදාරන හේතුන් මත නොවේ. ඒ අනුව ණය ගෙවීමට නොහැකිවූ පුද්ගලයින්ව වහළුන් බවට පත් කොට ඇත. තවද ඇතැම් අවස්ථාවන්හිදී නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහළුන් ලෙස විකුණා ඇත. ඇතැම් අය දිළිඳු කම නිසා වහලුන් බවට පත්වී ඇත. මිට අමතරව ඇමරිකාව යුරෝපය වැනි රටවල්වල නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහළුන් ලෙස විකුණා තිබේ. ඉහත සඳහන් කළ කරුණු හැරුණු විට යුද්ධ වලදී අල්ලාගනු ලැබූ සිරකරුවන්ව වහළුන්බවට පත් කොට ඇත. ඉස්ලාම් දහම අනුව නිදහස් පුද්ගයින්ව පැහැර ගෙන ගොස් වහල් සේවයේ යෙදවිය නොහැකිය.
වහළුන්ව නිදහස් කිසිම සම්භන්දයෙන් බොහෝ කුර්ආන් වැකි දැකිය හැකිය. මේ අනුව මුස්ලිම්වරුන් කරන ඇතැම් වැරදි වලට දඬුවම් වශයෙන් වහළුන් නිසහස් කිරීමට නියෝග කොට ඇත. ඊට අමතරව වහළුන් නිදහස් කිරීම පුණ්‍ය ක්‍රියාවක් ලෙස ඉස්ලාම් දහමින් පෙන්වා දී තිබේ.
යුද සිරකරුවන්ව වහළුන් බවට පත් කිරීම ඉතිහාසයේ සිටම තිබී ඇත. ඉස්ලාම් දහම එය වෙනස් කොට නැතත් එම වහළුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට ඇත. ඒ අනුව යුද සිරකරුවන්ව කොන්දේසි විරහිතව නිදහස් කිරීම හෝ වන්දියක් ලබාගෙන ඔවුන්ව නිදහස් කිරීමට ඉඩ සලස්වා ඇත.
අල්-කුරානයේ වහළුන් නිදහස් කිරීම සඳහා zසකාත් බද්දෙන් කොටසක් වෙන් කොට තිබේ. තවද අත්වැරැද්දකින් යම් කෙනෙකුගේ අතින් මිනිස් ඝාතනයක් සිදු වුයේ නම් හෝ පොරොන්දුවක් කඩ කලේ නම් හෝ උපවාස සමයේදී සංසර්ගයේ යෙදුනේ නම් ඊට හිලව් වශයෙන් වහලෙක් නිදහස් කිරීමට නියෝග කොට ඇත. වහළුන් නැති අවස්ථවලදී වෙනත් විකල්ප ලබා දී ඇත.
ඉස්ලාම් දහමින් වහලුන් සඳහා පහත දැක්වෙන වරප්‍රසාද ලබා දී තිබේ.
- වහළුන්ට සිය ස්වාමියාට දෙන අන්දමේ ආහාර, ඇඳුම් පැළඳුම් ලබා දිය යුතුය
- වහළුන්ගේ ගරුත්වය ආරක්ෂා කළ යුතුය
- වහළුන් වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතු අතර ඔවුන්ට කරුණාව දැක්විය යුතුය
- වහළුන්ට ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ගෙවීමක් සිදු කොට නිසහස ලබා ගැනීමට ඉඩ සලසා දී ඇත.
ඉස්ලාම් දහම අනුව වහල් භාවයෙන් නිදහස ලබුවෙකුටත් සාමාන්‍ය පුද්ගලයෙකුටත් අතර වෙනසක් නැත. ඔවුන් දෙදෙනාට ම ලැබෙන්නේ එකම සැලකිලිය. ඒ අනුව වහලෙකුව සිට නිදහස ලැබූ බිලාල් රලි තුමා ඉස්ලාම් දහමේ මුල්ම මුඅස්සින් වරයා බවට පත් විය. එසේම වහල්භාවයෙන් නිසහස ලැබූ සෙzයිද් රලි තුමා යුද්ධයකදී නායකත්වය හොබවා ඇත.
නබිවදනකට අනුව තම නායකයා ලෙස වහලෙකුව පත්කරනු ලැබ තිබුනේ නම් ඔහුට කීකරු වීම අනිවාර්ය වේ.
By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.