දෙවියන් මේ විශ්වය සහ එහි ඇති දේවල් සියල්ල මැවූ පමණින් ඔහු මේ විශ්වය තුල සිටීම අනිවාර්ය නොවේ. එබැවින් දෙවියන් විශ්වයෙන් පිට කොතැනක හෝ සිටිය හැකිය. ඔහු ගැන දැනගත හැක්කේ ඔහු දෙන පණිවිඩයකින් පමණි.
විශ්වය මැව්වේ දෙවියන් බව පිලි නොගන්නේ නම් මේ විශ්වය ඇතිවූ අන්දම පෙන්වා දීමට සුදානම් විය යුතුය. එසේ නොකර මේ විශ්වය ඉබේ ඇතිවුයේ යැයි කීම විසඳුමක් නොවේ. එවැනි ප්‍රකාශනයක් ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින් විසින් සිදු කළ පමණින්ම එය පිළිගනිම මුග්ධ කමකි. විද්‍යාඥයින් පවසන දේවල් මෙන් නොව දෙවියන්ගේ නියෝගිතයින් පවසන දේවල් සත්‍ය බව පෙන්වීමට ප්‍රතිහාරයන් පෙන්වා තිබේ. අද අප අතර ඇති ජීවමාන ප්‍රාතිහාරය වන්නේ අල් කුරානයයි. එහෙත් කුරානයේ පරිවර්තනය නොවේ.
ආගමක් අවශ්‍ය නැතැයි පවසන අයට සොරකම, කාමය වරදවා හැසිරීම, බේබදුකම වැරදි ක්‍රියාවන් බව කිව නොහැකිය. ඇයිද යත් ඒවා කරන අය එසේ කරන්නේ ඔවුන්ට ඒවා හරි නිසාය. ඒ අනුව ඔවුන්ට තම මව හෝ දියණිය සමග සංසර්ගයේ යෙදීම හෝ සතුන් සමග ලිංගිකව හැසිරීම වැරදි ක්‍රියාවන් නොවේ. එහෙත් දහමක් අදහන කෙනෙකුට මේවා වැරදි ක්‍රියාවන් වේ.
ආගමක් අදහන අය පමණක් නොව ආගමක් අවශ්‍ය නැතැයි කියන අයත් යම් දවසක මරණයට පත් වන්නේය. ඉන් පසු නැවත නැගිටවිමක් තිබුනේ නම් දෙවියන් අසන ප්‍රශ්නවලට ආගමක් අවශ්‍ය නැතැයි කියන අය දෙන පිළිතුර කුමක් විය හැකිද?