අල්ලාහ්ගේ දූතවරයා වෙනුවෙන් අල්ලාහ්ගෙන් ඔබ මෙසේ ප්‍රාර්ථනා කරන විට:
“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මද්”
යා අල්ලාහ්! නුඹේ දයාව මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන් වෙත හා එතුමන්ගේ පවුලේ ඥාතීන් වෙත පිරිනමනු මැනව.
1- 10 වරක් අල්ලාහ්ගේ දයාව ඔබ වෙත හිමිවෙයි.
2- ඔබේ පායන් 10 ක් සමා කරනු ලබයි.
3- ඔබේ පදවීන් 10 ක් ස්වර්ගයෙහි උසස් කරනු ලබයි.
(විස්තර කරන්නේ: අනස් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමා, මූලාශ්‍රය: තිර්මිදි 1297).
===========================================
නරක සිතුවිලි පහළ වූ විට මෙය පවසන්න:
අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්.
පළවා හරින ලද ෂෙයිතාන්ගෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.
===========================================
විත්ර්, සලාතුල් ලෙයිල්, කියාමුල් ලෙයිල්, සලාතුත් තරාවීහ්, තහජ්ජුද් යන නාමයන් රාත්‍රි කාලයෙහි ඉටු කරන සලාතයන්ට භාවිතා වේ. විත්ර් යනු ඔත්තේ සංඛ්්යා වෙන් අවසන් වීම එහි අදහසයි. තහජ්ජුද් යනු නින්දෙන් අවදිවී ඉටු කරන සලාතයට භාවිතා වුනද, රාත්‍රි කාලයෙහි ඉටු කරන සලාතය තහජ්ජුද් යනුවෙන් හැදින්වේ යනු බහුතර ආගමික විද්වතුන්ගේ මතයයි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි 17: 79 පාඨයද මෙයට සාධක වේ.
විත්ර් සලාතය රාත්‍රිෙයහි අවසන් සලාතය විය යුතුය. නින්දෙන් අවදිවී රිත්රිෙයහි අවසන් හෝරාවේ සලාතය කරන කෙනෙකු විත්ර් ඉන් පසුවයි කළ යුත්තේ. එක් රාත්‍රියක විත්ර් සලාතයන් දෙකක් කළ නොහැක. විත්ර් සලාතය කළ කෙනෙකුට රාත්‍රි යෙහි වෙනත් සලාතයක් කිරීමට කිසිදු අවසරයක් නැත යනුවෙන් මෙයින් අදහස් නොකෙරේ. නමුත් එය පුරුද්දක් වශයෙන් නොකළ යුතුය.
===========================================
නබි සල්ලල්ලාහු අලෙහිවසල්ලම් තුමන්ගේ මිතුරන්ගේ නම කියන විට රලියල්ලාහු අන්හු (එතුමන්ව අල්ලාහ් පිළිගනිත්වා) යනු පැවසීම මුස්ලිම් විද්වතුන් අතර අතීතයේ පටන් පිළිගනු ලැබූ ඉතා උසස් ක්රමයකි. ඉස්ලාම් දහම වෙනුවෙන් ඇප කැපවූ එතුමන්ගේ මිතුරන් වෙනුවෙන් අපි කළ යුතු යුතුකමකි.
රලියල්ලාහු අන්හු යනුවෙන් එතුමන්ගේ මිතුරන් හැර වෙනත් ඉස්ලාමීය විද්වතුන්ට ද ඉස්ලාම් දහම වෙනුවෙන් කැපවූ අයට ද භාවිතා කිරීමට කිසිදු තහනමක් නැත. නමුත් එතුමන්ගේ මිතුරන් හැර අන් උගත් අයට රහිමහුල්ලාහ් (අල්ලාහ්ගේ කරුණාව එතුමන්ට හිමිවේවා) යනුවෙන් පැවසීමයි පැවත එන ක්‍රමය වන්නේ. ජීවතුන් අතර සිටින අාගමික විද්වතෙකු නම් හෆිලහුල්ලාහ් (අල්ලාහ් එතුමන්ව ආරක්ෂා කරත්වා) යනුවෙන් පැවසීම.
රලියල්ලාහු අන්හු යනුවෙන් පවසන විට අපට ඉක්මනින් මතකයට එන දේ තමයි සහාබා මිතුරෙකු යන කාරණාව. ඉස්ලාම් දහම අනූව සිල්වත් ජීවිතයක් ගත කළ අයටද රලියල්ලාහු අන්හු යනුවෙන් පොදුවේ ප්‍රාර්ථාන කළ හැක යන්නට ශුද්ධවූ අල්කුර්ආනයෙහි පහත සදහන් පාඨයන් සාධක වේ.
“මුහාජිරූන් (සංක්‍රමණිකයින්) සහ අන්සාර්වරුන්(ඔවුනට උදව් කළවුන්) අතුරින් (ඊමාන්-විශ්වාසය පිළිබඳ ඇරියුමට) මුලින්ම ප්‍රතිචාර දැක්වූ අය ගැනද සිල්වත් කමින් ඔවුන් පිළිපැදි අය ගැනද අල්ලාහ් ප්‍රසාදයට පත් විය. ඔවුහුද අල්ලාහ් ගැන සතුටට පත් වූහ. යටින් දියදහර ගලාබස්නා ස්වර්ගයන් ඔහු(අල්ලාහ්) ඔවුනට පිළියෙළ කර ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය මෙයයි”. (ශු අල්කුර්ආනය 9: 100).
===========================================
“අල්ලාහ් ඉදිරියේ ඔවුන්ගේ ප්‍රතිඑල වන්නේ ස්වර්ග උයන්ය. එහි පහලින් ගංගා ගලා බසි. ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. ඔවුහු ද ඔහු පිළිගත්තෝය. මෙය තම රක්ෂිතයාට බියබැතිමත් වන අයට හිමිය.” (ශු අල්කුර්ආනය 98: .
===========================================
(සල්) යනුවෙන් කෙටියෙන් ලියන වචනය කිවයවන විට සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් යනුවෙන් සම්පූර්ණයෙන් කියවන්න. මෙහි තේරුම: එතුමන්ට අල්ලාහ්ගේ දයාව හා ශාන්තිය හිමිවේවා.
(රලි) යනුවෙන් කෙටියෙන් ලියන වචනය කියවන විට රලියල්ලාහු අන්හු යනුවෙන් සම්පූර්ණයෙන් කියවන්න. මෙහි තේරුම: එතුමන්ව අල්ලාහ් පිළිගනිත්වා.
===========================================
“සෑම මිනිසෙකුම වැරදි කරති. වැරදි කරන්නන් අතුරින් ශ්‍රේෂ්ඨවන්නේ (අල්ලාහ්ගෙන්) සමාව අයදින්නන්ය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අනස් (රලි) තුමන්, මූලාශ්‍රය: ඉබ්නු මාජා 4251).
===========================================
ශුද්ධවූ අල්කුර්ආනය වෙනුවෙන් කළ යුතු යුතුකම්:
1- එය පාරායනය කිරීම.
2- එය කට පාඩම් කිරීම.
3- එය අධ්‍යයනය කිරීම.
4- ඒ අනූව ජීවත් වීම.
5- එය අන් අයටද ඉගැන්වීම.
6- එය කරා ජනයාව කැදවීම.
===========================================
“සෑම මිනිසෙකුම වැරදි කරති. වැරදි කරන්නන් අතුරින් ශ්‍රේෂ්ඨවන්නේ (අල්ලාහ්ගෙන්) සමාව අයදින්නන්ය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අනස් (රලි) තුමන්, මූලාශ්‍රය: ඉබ්නු මාජා 4251).
===========================================
මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්:
අවසාන දූතවරයාය
මුළු ලොවටම එවන ලද දූතවරයාය
අවසාන දිව්යමයම හෙළිරව්ව වූ ශුද්ධවූ අල්කුර්ආනය පහළවූයේ එතුමන්ටය.
===========================================
“අපි මිනිසාට මෙම කුර්ආනයේ සියලු ආදර්ශයන් පැහැදිලි කර ඇත්තෙමු. (නමුත්) මිනිසා අනවශ්‍ය විවාද වල නියලී සිටියි”. (ශුද්ධවූ අල්කුර්ආන් 18:54).
===========================================
ඔබේ දරුවා අමතා නුඹ සලාතය නොකළ විට අපායටයි යන්නට වෙන්නේ යනුවෙන් නොපවසන්න. ඒ වෙනුවට එන්න අපි දෙදෙනාම සලාතය කළ එක්ව ස්වර්ගයට පිවිසෙමු යනුවෙන් කියන්න.
===========================================
අද මා අරාබියෙන් කියවූ දෙනෙත් කඳුලින් තෙත්වූ අපූරු වැකිය:
දරුවා පියාගෙන් මෙසේ අසයි: තාත්තේ! මාගේ මදහස හා ඔබේ මදහස අතර වෙනස කුමක්ද?
එයට පියා: ආදරණිය මාගේ පුතේ ඔබේ මදහස යනු ඔබ සතුටෙන් සිටින විටයි. මාගේ මදහස යනු ඔබව සතුටින් දකින විටයි.
කුඩා වියෙහි මා කරුණාවෙෙන් හදා වඩා ගත්තාසේ යා අල්ලාහ් ඔවුන්ට කරුණාව දක්වනු මැනව.
===========================================
“අපි මිනිසාට මෙම කුර්ආනයේ සියලු ආදර්ශයන් පැහැදිලි කර ඇත්තෙමු. (නමුත්) මිනිසා අනවශ්‍ය විවාද වල නියලී සිටියි”. (ශුද්ධවූ අල්කුර්ආන් 18:54).