“හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට (සඳුට) රටාවන් (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) නියම කළෙත් ඔහු(අල්ලාහ්)මය. එමගින් අවුරුදු සංක්‍යාවද මාසයන්හි ගණනයද ඔබ දැන ගැනීම පිණිසය. සත්‍ය වූ (නියමිත) කාරණාවක් නොමැතිව මේවා අල්ලාහ් උත්පාදනය කළේ නැත. දැන ගත හැකි ජනතාව වෙනුවෙන් (තම බලසම්පන්නකමට අයත්) සාධකයන් (මෙසේ) විවරණය කරන්නේය.” අල්- කුර්ආන් 10:5

“පින් පව් දෙක එක සමාන වන්නේ නැත. එබැවින් ඔබ පින් මගින් පාපයන් වළක්වා (පළවා) හරිනු. එසේ වුවහොත්, ඔහුත් ඔබත් අතර ඇති වෛරය වෙනස් වී ඔබගේ (දරුණු) සතුරා (ඒ අතරම) ඔබගේ සත්‍යය (ඉතාමත් සමීප) මිතුරෙකු බවට පත් වනු ඇත.” අල්- කුර්ආන් 41:34

“තවද ඔවුන්ට “සෙසු මිනිසුන් විශ්වාස කළ ආකාරයටම ඔබත් විශ්වාස කරනු” යයි පවසනු ලැබුවහොත් (එයට) ඔවුන් “මෝඩයින් විශ්වාස කළාක් මෙන් අපිත් විශ්වාස කළ යුතුද?”යයි විමසන්නාහ. නියත වශයෙන්ම මෝඩයින් ඔවුන්මය නමුත් ඔවුන් එය දැන ගන්නේ නැත.” අල්- කුර්ආන් 2:13

“කවුරුන් අපගේ මාර්ගයෙහි (යාමට) උත්සාහ දරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි අපගේ (ඍජු) මාර්ගයෙහි ඇතුළු කරන්නෙමු. පින් කරන අය සමග අල්ලාහ් සිටින්නේය.” (ශු. අල්කුර්ආනය 29:69)

“මිථයාදෘෂ්ටික කාලයේ නීති රිතිද මොවුන් කැමති වන්නේ? ස්ථිර වශයෙන් විශ්වාසය තැබූ ජනතාවට විනිශ්චය දීමෙහි අල්ලාහ්ට වඩා අලංකාරවත් කෙනා කවරෙක්ද?” (ශු. අල්කුර්ආනය 5:50)

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලදී. ”අල්ලාහ්ගේ මාර්ගයේ උදේ හෝ හවස සහභාගි වීම මේ ලෝකය හා එහි ඇති දේවල්වලට වඩා අගනේය” යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

අනස් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. ”යමෙක් මියගිය විට ඔහු පසුපස කරුණු තුනක් යයි. 1. ඔහුගේ පවුලේ අය. 2. ඔහුගේ වස්තුව 3. ඔහුගේ ක‍්‍රියා(හොද හා නරක) ඉන් දෙකක් ආපසු එයි එනම් පවුල හා වස්තුවයි. අනෙක ඔහු සමග නවතී. ඒ ඔහුගේ ජීවිතයේ හොඳ හා නරක(ක‍්‍රියාවන්)” යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ ප‍්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි මුස්ලිම්)

ඔවුන් මෙලොව ජීවිතයෙහි ඇති පිටස්තර දැයම දැන (අවධානය) කරන්නාහ. නමුත් පරලොව ගැන ඔවුන් සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත්ව සිටින්නාහ. (ශු. අල්කුර්ආනය 30:7)

අබූ අබස් නැමති අබ්දුර් රහ්මාන් ඉබ්නු ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වන ලදී. ”අල්ලාහ්ගේ මාර්ගයේ දූවිලි තැවරුණු දෙපය අපාගත නොවන්නේයැ”යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප‍්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි)

අල්ලාහ්ගේ දුතයාණන් (සල්ලල්ලාහු අලෛයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව මුස්තව්රිද් බින් ෂද්දාද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “පරලොව ඉදිරියේ මෙලොව සසඳා බැලීමේදීනුඹලාගේ කෙනෙකු තම ඇඟිල්ල මහ මුහුදේ ගිල්වා ගොඩට ගත්කල ඇඟිල්ලේ රැඳෙන ජල ප‍්‍රමාණයට සමාන වන්නේය.” (මූලාශ්‍රය: මුස්ලිම්)

අහස්හී සහ මහපොළොවෙහි බලපරාක්‍රමය අල්ලාහ්ටය. (සියලු දෙනාගේම) ආපසු යෑම අල්ලාහ් වෙතය. (ශු. අල්කුර්ආනය 24:42) පරිච්චේදය 24- අන් නුර් (ආලෝකය)

“මරියම්ගේ පුත‍්‍රයා මසීහ් නියත වශයෙන්ම දෙවියන්වහන්සේ යැයි පැවසූ අය සැබවින්ම අවිශ්වාසවන්තයින් වේ. ඉස්රායිල් දරුවනි ! මාගේ ස්වාමිවූද, නුඹලාගේ ස්වාමිවූද (එකම) දෙවියන්වහන්සේ නමදිනු. නියතවශයෙන්ම දෙවියන්වහන්සේට ආදේශයක් තබන්නන්ට දෙවියන්වහන්සේ ස්වර්ගය තහනම් කරන ලදී. ඔවුන්ගේ නිවහන අපාය වේ. (මෙවැනි) වැරදිකාරයින්ට කිසිවෙකු පිහිට වන්නේ නැතැයි මසීහ් පැවසූහ”. (ශු අල් කුර්ආනය 5: 72)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *