40 වැනි වියට පා තැබීමෙන් පසුව කෙනෙකු මෙසේ ප්රාර්ථනා කරයි යනුවෙන් පවසා, කරුණු පහකින් යුත් ඉතා උසස් ප්රාර්ථනාවක් අල්ලාහ් අපට ශුද්ධවූ අල්කුර්ආනය මගින් උගන්වයි:

1- මා වෙත හා මාගේ දෙමාපියන් වෙත නුඹ කළ දායාදයන් වෙනුවෙන් නුඹට කෘතඥ වීමට මට පිහිට වනු මැනව!.
2- නුඹේ අභියස පිළිගනු ලබන යහපත් ක්රියාවන් කිරීමට මට පිහිට වනු මැනව!.

3- මාගේ දරු පරපුර මා වෙනුවෙන් යහපත් කර දෙනු මැනව!.

4- මා සමාව අයද නුඹ වෙත හැරුනෙමි.

5- මා නුඹට මුළුමනින් අවනතවූ (මුස්ලිම්) කෙනෙකු වෙමි.

رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ

රබ්බි අව්සිඃනී අන් අෂ්කුර නිඃමතකල් ලතී අන් අම්ත අලයිය වඅලා වාලිදයිය වඅන් අඃමල සාලිහන් තර්ලාහු වඅස්ලිහ් ලී ෆී දුර්රියතී ඉන්නී තුබ්තු ඉලයික වඉන්නී මිනල් මුස්ලිමීන්

(ශු අල්කුර්ආනය 46: 15)

===========================================

මිළ කළ නොහැකි උතුම් භාග්යයකි!

සලාතය කරන කෝටි සංඛ්යයාත බැතිමතුන්ගේ ප්රාර්ථනාව නිරතුරුව ඔබට ලැබිය යුතු ද? ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබ ශ්රද්ධවාන්ත දැහැමි පුද්ගලයකු වීම පමණයි කළ යුත්තේ.

අල්ලාහ්ගේ දූවරයා (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය හිමිවේවා) මෙසේ පැවසූහ: සලාතයෙහි

السَّلاَمُ عَلَيْنَا ، وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ

“අස්සලාමු අලෙයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන”

(අප වෙත ද සියළු ශ්රද්ධාවන්ත දැහැමි දාසයන් වෙත ද ශාන්තිය, සාමය උදාවේවා) යනුවෙන් පවසන විට අහසෙහි හා පොළොවෙහි සිටින සියළු ශ්රද්ධාවන්තයින්ට එම උතුම් භාග්යය හිමිවනු ඇන. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමා, මූලාශ්රය: බුහාරි 6230).

ශ්රද්ධාවන්තයෙකු ලෙස ඔබ ජීවත්වී මිය ගිය විට, මරණින් මතුව ද ඔබ සොයා එන උතුම් භාග්යයකි මේ.

===========================================

නබි වදන් පහක්:

1- “කවුරුන් මාගේ නමින් එක් වරක් සලවාත් කියයි ද අල්ලාහ් දහ වරක් ඔහුට දයාව දක්වයි” යනුවෙන් අල්ලාහ්ගේ දූතවරයා පැවසූහ. විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන් ග්රන්ථය: මුස්ලිම්

2- “කවුරුන් මාගේ නමින් (දැනුවත්ව) ඕනෑකමින් බොරු කියියද ඔහු තම වාසස්ථානය නිරයට බවට පත්කර ගනිත්වා” යනුවෙන් අල්ලාහ්ගේ දූතවරයා පැවසූහ. විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන් ග්රන්ථය: බුහාරි

3- “මාගේ සමාජයේ සියළු අය ස්වර්ගයට පිවිසෙනු ඇත. මාව ප්රතික්ෂේප කළවුන් හැර. එවිට මිතුරන් ඔබව ප්රතික්ෂේප කළවුන් කවුද යනුවෙන් විිමසූහ මට පිටුපා ක්රියා කළවුන්” යනුවෙන් පිළිතුරු දුන්හ විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන් ග්රන්ථය: බුහාරි.

4- “කවුරුන් මාගේ මඟ පෙන්වීම පිළිකුල් කරයිද ඔහු මට අයත් නොවන්නේය” යනුවෙන් අල්ලාහ්ගේ දූතවරයා පැවසූහ. විස්තර කරන්නේ: අනස් ඉබ්නු මාලික් (රලි) තුමන් ග්රන්ථ: බුහාරි මුස්ලිම්.

5- “ඔබලාගෙන් කෙනෙකු තම දෙමාපියන්, දරුවන්, සියළු ජනයාට වඩා මාව ප්රිය කරන තෙක් විශ්වාසවන්තයකු නොවන්නේය” යනුවෙන් අල්ලාහ්ගේ දූතවරයා පැවසූහ. විස්තර කරන්නේ අනස් ඉබ්නු මාලික් (රලි) තුමන්. ග්රන්ථ: බුහාරි මුස්ලිම්

===========================================

ඔබ දැනුම ලබාගන්නා විට මෙම කරුණු වෙත හොඳින් අවධානය යොමු කරන්න:

1- නිහඬව හොඳින් ශ්රවණය කිරීම.
2- හොඳින් ග්රහණය කිරීම.
3- මැනවින් හැදෑරීම
4- හොඳින් ප්රශ්න කිරීම.
5- සිතේ රඳවා ගැනීම.
6- ඒ අනූව ක්රියා කිරීම.

===========================================

පැනය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි ﷺ තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද?

පිළිතුර:

1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය.

2- එතුමන් කෙරෙහි වූ ගරුතවය සිතේ පිරි පැවතිය යුතුය.

3- එතුමන්ගේ කිසිදු ආදර්ශයක් විහිළුවට පත් නොකළ යුතුය.

4- එතුමන්ගේ නාමයෙන් අධිකව සලවාත් පැවසිය යුතුය. අධිකව ආදරය කරන්නාව අධිකව සිහිපත් කරයි.

5- එතුමන්ගේ උසස්වූ ආදර්ශ නිරතුරුව සිහි කිරීම, එය අන් අයට ඉගැන්වීම, එතුමන් සමග මතු දිනයෙහි සිටීමට අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම. එම භාග්යය ලැබෙන යහපත් ක්රිායවන්හි නියැලීම.

6- එතුමන් ප්රිය කළ දේ ප්රිය කිරීම. එතුමන් පිළිකුල් කළ දේ පිළිකුල් කිරීම.

7- එතුමන්ගේ අති උතුම් ගුණාංග මුළු ලොවටම කියා පාමින්, අපි එම උතුම් ගුණාංග ක්රියාවට නැංවීම.

8- අපේ සේ සත ධනය, අඹු දරුවන්, දෙමාපියන්, අපේ ප්රාණයට වඩා එතුමන් කෙරෙහි ආදරය දැක්වීම.

9- එතුමන් සැම විටම අවවාද කළ ආගමේ නාමයෙන් නූතන, නොමග යවන බිද්අත් ක්රියාවන්ගෙන් වැළකී සිටීම.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *