ඇය මෙසේ පවසයි:
අපි උසස් පාසලේ ඉගෙන ගනිමින් සිටි කාලයක සිදු වූ සිදුවීමකි මෙය. විවේක කාලයේදී අපි මිතුරියන් කිහිපදෙනෙකු එකතු වී, කවුරුන් කුමන ආහාරයක් රැගෙනවිත් තිබේදැයි අනෙක් අයට නොදැනෙන පරිදි, අපගේ උදෑසන ආහාර සියල්ල එකට තබාගෙන බෙදාගෙන ආහාර ගන්නෙමු.

අප අතර එක් දුප්පත් ශිෂ්යාවක් සිටියාය. ඇය කිසිදු ආහාරයක් තමන් සමඟ රැගෙන එන්නේ නැත. ආහාරය කවුරුන් රැගෙන ආවේදැයි කිසිවෙකු නොදන්නා බැවින්, ඇයත් අප සමඟ පැමිණ වාඩි වී ආහාර ගන්නා ලෙස මම ඇයව කැමති කරවා ගත්තෙමි.
බොහෝ කාලයක් තිස්සේ තත්ත්වය මෙසේම පැවතුණි. අපගේ උසස් පාසල් අධ්යාපනය අවසන් කර පිටව යන කාලය ළං වූ විට, ඇගේ පියා මිය ගියේය.
ඉන් පසුව එම දුප්පත් ශිෂ්යාවගේ තත්ත්වය වෙනස් විය. ඇය පෙරට වඩා යහපත් තත්ත්වයකට පත්වූවාය. ඇය තම ඇඳුම් පිළිබඳ සැලකිලිමත් වූවාය. ආහාරද රැගෙන පැමිණියාය. එනම්, ඇය යහපත් ආර්ථික තත්ත්වයකට පත්ව සිටියාය.
ඇගේ පියාගෙන් කිසියම් දේපළක් හෝ උරුමයක් ඇයට ලැබී ඇති බව මම සිතුවෙමි.
එබැවින් මම ඇය සමඟ වාඩි වී, “ඔබට සිදු වූයේ කුමක්ද? මේ වෙනසට හේතුව කුමක්ද?” යනුවෙන් ඇසුවෙමි.
ඇය මගේ දෑත් අල්ලාගෙන හඬමින් මෙසේ පැවසුවාය:
“අල්ලාහ් මත දිවුරා කියමි! අපි රාත්රී ආහාර නොමැතිව කුසගින්නේ නිදාගන්නෙමු. කුසගින්නෙහි දැඩි වේදනාව නිසා, ඔබලා සමඟ එක්ව ආහාර ගැනීමට හැකි වන පරිදි උදෑසන උදාවන්නේ කවදාද, පාසලට යන්නේ කවදාද යන්න මම බලා සිටියෙමි.
මගේ මව රාත්රී ආහාරයේ රොටි මගේ සහෝදරයන්ගේ උදෑසන ආහාරය සඳහා සඟවා තබන්නීය. ඒ නිසා ඔවුන්ට තවත් ටිකක් ආහාර ඉතිරි කර දීමට හැකි වනු පිණිස, මම හිතාමතාම අලුයමම නිවසින් පිටත්ව යන්නෙමි…”
ඇය තවදුරටත් මෙසේ පැවසුවාය:
“දැන් මගේ පියා මියගිය පසු, අපි අනාථයන් බවට පත්වූ නිසා, අප වටා සිටින ඥාතීන්, හඳුනන අය සහ මිතුරන් සියලුදෙනාම අපට බොහෝ දේ ලබා දෙමින්, අප ගැන සැලකිලිමත් වෙමින් සිටිති.”
ඇය මට වචනයක් වචනයක් පාසා මෙසේ පැවසුවාය:
“මගේ පියා මිය යාමට පෙර, අවම වශයෙන් එක් වරක් හෝ කුස පිරෙන්නට ආහාරයක් අනුභව කර තිබුණා නම් කොතරම් හොඳදැයි මම ආශා කළෙමි.”
ඇගේ වචනවල සෑම අකුරකටම කඳුළු මුසු වී තිබුණි. විස්තර කළ නොහැකි තරම් වූ වේදනාවකින් ඇය මේ වචන පැවසුවාය.
ඇය මගෙන් මෙසේ ඇසුවාය:
“මගේ පියා මිය ගිය පසුව පමණක් අපට උපකාර අවශ්ය බව මේ මිනිසුන් දැනගත්තේද?”
මෙම වචන පවසන විට ඇගේ හදවත දැඩි වේදනාවෙන් පිරී ඇය හඬා වැටුණාය.
ඇගේ කඳුළුවල උණුසුමත්, ඇගේ දුකේ බලපෑමත් අද දක්වාම මගේ හදවත තුළ ඒ ආකාරයෙන්ම රැඳී තිබේ.
ශුද්ධවූ අල්කුර්ආනය දුප්පතුන් අතුරින් මෙවැනි පාර්ශ්වයක් පිළිබඳ පවසයි ඔවුන් පිළිබඳව ද සැළකලිමත්වන්න
“තවද ඔවුහු කවුරුන්ද යත් ඔවුන්ගේ ධනයෙහි නියම වූ උරුමයක් ඇත. එනම් අයදින්නාට ද අයදීමෙන් වළකින (දිළින්දාට) ද උරුමයක් ඇත” (ශු අල්කුර්ආනය 70: 24, 25)
ඔබ අවට වෙසෙන දුප්පත්කම ප්රදර්ශණය නොකරන දුප්පතුන් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න.
www.yayuthumaga.com

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *