දේව විශ්වාසයෙහි සළකුණු:
1- අල්ලාහ්ව හා අල්ලාහ්ගේ දූතවරයාව සියල්ලට වඩා අධිකව ප්රිය කිරීම.
2- අල්ලාහ්ගේ හා අල්ලාහ්ගේ දූතවරයාගේ අණට මුළුමනින් අවනත වීම.
3- ප්රිය කිරීම හා පිළිකුල් කිරීම අල්ලාහ් වෙනුවෙන්ම පැවතීම.
4- මෙලොවට වඩා මතු ලොවට මුල්තැන දී ක්රියා කිරීම.
5- යහපත ප්රිය කිරීම හා අයහපත පිළිකුල් කිරීම.
6- අල්ලාහ්ගේ නියමය මුළු සිතින් පිළිගැනීම.

සීමාවකින් තොර කුසල් හිමිවන යහපත ක්රියාවන්:
1- උපවාස ශිලය. (මෙයට සාධක: බුහාරි 7492).
2- ඉවසීමෙන් සිටින ඉවසිලිවන්තයින්. (මෙයට සාධක: ශු අල්කුර්ආනය 39: 10).
3- වරද සමා කර, සමාදානය ඇති කරන්නා. (මෙයට සාධක: ශු අල්කුර්ආනය 42: 40).
එනම් උපවාසය රකින්න, ඉවසන්න, වරද සමා කර සමාදානය ඇති කරන්න, සීමාවකින් තොර කුසල් හිමි කරගන්න!
ඔබ දැනුම ලබාගන්නා විට මෙම කරුණු වෙත හොඳින් අවධානය යොමු කරන්න:
1- නිහඬව හොඳින් ශ්රවණය කිරීම.
2- හොඳින් ග්රහණය කිරීම.
3- මැනවින් හැදෑරීම
4- හොඳින් ප්රශ්න කිරීම.
5- සිතේ රඳවා ගැනීම.
6- ඒ අනූව ක්රියා කිරීම.
දිනපතා පස් වතාවක් සලාතය සඳහා ඔබව කැඳවනු ලබන විට
“හයිය අලල් ෆලාහ්” යනුවෙන් දෙරවක් පවසා ඔබ කැඳවනු ලබයි
එහි අර්ථය නම් “ජයග්රහණය කරා ඉක්මනින් පැමිණෙන්න”
ඔබ සොයන ජයග්රහණය තිබෙන්නේ කොහේදයි දැන් ඔබට පැහැදිළියි යනු සිතමි.
”අධිකව අල්ලාහ් සිහිපත් කරන පිරිමින්ට හා කාන්තාවන්ට සමාව හා උතුම් වූ පරසාදයන් අල්ලාහ් සූදානම් කර ඇත.” (ශු අල්කුර්ආනය 33:35)
”විශ්වාසවන්තයිනි, නුඹලාගේ ජයගරහණය පිණිස නුඹ සියලූ දෙනා පසුතැවිලි වී (සමාව අයද) අල්ලාහ් දෙසට හැරෙනු” (ශු අල්කුර්ආනය 24: 31).
වරද අන් අය මත පටවන්නන්ට දැඩි අවවාදය!
“වදරක් හෝ පාපයක් උපයා එය නිර්දෝෂියෙකු වෙත එල්ල කරයි නම්, ඔහු මිථ්යාපවාදයක් හා ප්රකට පාපයක් නියත වශයෙන්ම උසුලා ගත්තේය” (ශු අල්කුර්ආනය 4: 112).
“පාපය උපයන්නා තමාට එරෙහිවම එය උපයයි. අල්ලාහ් සර්වඥයෙකු ද ප්රඥාවන්තයෙකු ද වේ” (ශු අල්කුර්ආනය 4: 111).
මරණයට වඩා කණගාටුව ගෙන දුන් ආරංචිය නම්!!!
දෙබිඩි පිළිවෙතෙහි ඉරණම ඉතා භයානකය:
”මෙලොව දෙබිඩි පිළිවෙතින් යුත් පුද්ගලයා අවසන් විනිශ්ච දිනයෙහි මිනිසුන් අතුරින් ඉතා නින්දිතම පුද්ගලයකු වශයෙන් ඔබ දකින්නේය. ඔහු සමහරුන් ඉදිරියේ එක් මුහුණක් ද, තවත් සමහරුන් ඉදිරියේ තවත් මුහුණක් ද පෙන්වයි.” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (වාර්තා කරන්නේ: අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු, තුමන් මූලාශරය: බුහාරි, මුස්ලිම්)
ඔබ ඉදිරියෙහි ඔහුගේ ජීවමාන සාක්ෂීන් අනන්තව පවතින විට කෙසේ නම් සැබෑවූ මැවුම්කරුවා ඔබ ප්රතික්ෂේප කළ හැක්කේ??
“ඔබ පානය කරන්නා වූ ජලය දෙස බැලූවේද? එය වලාකුළු මතින් ඔබ පතිත කරන්නේද? නො එසේනම් අප පතිත කරන්නෙමුද? අප සිතුවේ නම් එය පානය කළ නොහැකි නීරස බවට හරවන්නෙමු. ඊට ඔබ ස්තුති පූර්වක විය යුතු නොවේද?” (ශු කුර්ආනය 56: 68-70).
කළ පාපය පිළිබඳ පසුතැවිලි නොවී සිටීම, පාපයට වඩා දරුණුය.
ඉවසීමේ වටිනාකම:
“අල්ලාහ් කෙනෙකුට පිරිනැමූ භාග්යයන් අතුරින් ඉවසීමට වඩා විශාල වෙන යමක් නැත” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ.
(මූලාශ්රය: අබූදාවුද් 1646).
“අල්ලාහ් සියළු දැහි නිර්මාතෘය. ඔහු සියළු දැහි භාරකරුය” (ශු අල්කුර්ආනය 39: 62).
එක් යහපතක් හෝ ඉතුරු නොකර යහපත් සියල්ල විනාශ කරන එකම පාපය?
අල්ලාහ්ට සමානයන් තැබීමයි (ෂිර්ක්)
ශුද්ධවූ අල්කුර්ආනයේ අවසන් වශයෙන් පහළ වූ පාඨය සඳහන් කරන කරුණු තුන කුමක්ද?
1- ඔබලා අල්ලාහ් වෙත යළි ගෙන එනු ලබන දිනයට බියවන්න.
2- සෑම අාත්මයක්ම (මෙලොව) ජීවිතය තුළ උපයා ගත් දේ මුළුමනින් ඔවුන්ට පිරිනමනු ලබයි.
3- ඔවුන් අසාධාරණයට ලක් නොවෙති. (ශු අල්කුර්ආනය 2: 281).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *