ක්වාසි උසාවිය ගැන සඳහන් කිරීමට ප්‍රථමයෙන් ලංකාවේ උසාවි ව්‍යුහය ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්ය. ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණ සහ ප්‍රාථමික යන අධිකරණවලින් ය. මෙම අධිකරණවලට අමතරව විනිශ්චය සභාවලින්ද සුළු නඩු විභාග කරනු තිබේ. මේ අතර සාපරාධී නීතිය සම්බන්ධ සිද්ධින්වලදී ප්‍රාථමික අධිකරණ බලය පැවරෙන එකම අධිකරණය වනාහි මහේස්ත්‍රාත් උසාවිය හෝ මහාධිකරණය වේ. ලංකාව තුල ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ රෝමානු ලන්දේසි නිතිය, උඩරට නිතිය (උඩරට පමණක් බලපායි), තේසවලාම නිතිය (යාපනයට පමණක් බලපායි), ඉස්ලාම් ෂරියා නීතිය (මුස්ලිම්වරුන්ට පමණක් බලපායි), බෞද්ධ සහ හින්දු නීතිය (බෞද්ධයින්ට සහ හින්දුන්ගෙන් කොටසකට පමණක් බලපායි) වේ. මේවාට අමතරව මුළු රටටම බලපාන දණ්ඩ නීති සංග්‍රහාහක් ඇත.

ලංකාවේ ජිවත්වන ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය රටේ පවතින ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් තහවුරු කොට තිබේ. තවද සෑම ආගමිකයෙකුටම තමන් අදහන දහමට අයිති නීති සහාය ලබා ගැනීමට තිබෙන නෛතික අයිතිය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබේ. මේ අනුව තෝරාගත් ඇතැම් කරුණු වලට ආදාළ නඩු හබ පමණක් ක්වාසි උසාවිවල විභාග කිරීමට අවසර ලැබෙන්නේය.

මෙහිදී සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ මුස්ලිම්වරයෙකුගේ විවාහය සහ දික්කසාදය දහම හා සම්භන්ද කාරණාවන් බවයි. එබැවින් ඒවා විසඳිය යුත්තේ අල්කුරානයෙන් නියම කොට ඇති ආකාරයට ය. මේ අනුව එය කල හැකි සුදුසුම පුද්ගලයා වන්නේ ඉස්ලාම් දහම ගැන මනා දැනුමක් සහ අවබෝධයක් ඇති කෙනෙකි. මේ නිසා එම නඩු  ක්වාසි උසාවිවල විභාග කිරීමට පියවර ගෙන තිබේ. 

ක්වාසි උසාවියක් යනු ප්‍රධාන වශයෙන්ම මුස්ලිම්වරුන්ගේ විවාහ සහ දික්කසාද නඩු පමණක් විභාග කරනු ලබන අධිකරණයකි. සැබවින්ම මෙය උසාවියකට වඩා සමත මණ්ඩලයකට සමාන මඩුල්ලක් බව කිව හැකිය. එහිදී විභාග කරනු ලබන නඩු ඇසීම සඳහා නීතිඥවරයෙක් ම අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව එහි කටයුතු වෙනත්පාලකයෙකුට ද සිදු කල හැකිය. ක්වාසි උසාවියේදී සමතයකට පත්කළ නොහැකි ආරවුල් මහේස්ත්‍රාත් උසාවිය වෙත යොමු කරනු ලබන්නේය.

By Fasy Ajward.B.Sc(special)Hons,

Ex: Research officer at former Scientific and Industrial Research Institute. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *