සියලුම ආගම් මැවුම්වාදය මත පදනම් වන බැවින් විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙක් ආගමක් අදහන්නේ නැත. එහෙත් ආගම් අදහන විද්‍යාඥයින් නැතුවා නොවේ. 2005 සහ 2007 අතරතුර කාලයේදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව නිව්යෝක් හි පිහිටි ඊලීන් හවඩ් එක්ලුන්ඩ් (Elaine Howard Ecklund) විශ්වවිද්‍යාලයේ ස්වාභාවික හා සමාජ විද්‍යා මහාචාර්යවරුන් 1646 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකට අනුව එම විද්‍යාඥයින්ගෙන් 60% ක් දෙවියන් විශ්වාස නොකරන හෝ ඒ ගැන කිසිවක් පැවසීමට නොහැකි බව පවසා ඇති අතර ඉන් 30% කට වැඩි පිරිසක් දෙවියන් විශ්වාස කරන බව පවසා තිබේ. කෙසේ වෙතත් ඒවා ඔවුන්ගේ පෞද්ගලික අදහස් මිස විද්‍යාව මත පදනම් වූ සත්‍ය කරුණු නොවේ. විද්‍යාව කොතරම් විශාල දියුණුවක් ලබා තිබුනත් දෙවියන් සිටින බව හෝ දෙවියන් නැති බව හෝ ඔප්පුකිරීමට මෙතෙක් සමත් වී නොමැත. එහෙත් විශ්වය පුරා ඇති සෑම දෙයක්ම දෙවිකෙනෙක් සිටිය යුතු බවට කදිම සාක්ෂි සපයන්නේය.
විද්‍යාඥයින්ට මෙතෙක් ‘විශ්වය’ බිහිවූ ආකාරය හෝ ‘ජීවය’ ඇතිවූ අකාරය පෙන්වා දීමට හැකිවී නැත. මේ නිසා ඒවා විස්තර කිරීමට ඔවුන්ගේ විශ්වාසය අනුව වාදයන් ඉදිරිපත් කොට තිබේ. එසේ තිබියදී සෑම දහමකින්ම පාරභෞතික දේවල් ගැන විස්තර කරන්නේය. දෙවියන්ගෙන් පහළ වූ සියලුම දහම්වලින් විශ්වය දෙවියන්ගේ මැවීමක් බව සඳහන් වේ. එය තහවුරු කිරීම සඳහා දෙවියන්ගේ නියෝජිතයින් වන නබිවරුන් ප්‍රාතිහාරයන් පා තිබේ. එම ප්‍රතිහාර ඔවුන්ටම මිස වෙන කිසිවෙකුට කල නොහැකි විමන් ඔවුන් පවසන දේවල් සත්‍ය බව ඒත්තු ගැන්වීමට ක්‍රියා කොට ඇත.
කෙසේ වෙතත් විශ්වය ගැන පුළුල් දැනුමක් ලබා ගැනීමට විද්‍යාව උපකාරී වන්නේය. එම දැනුම දෙවියන් ගැන අවබෝධ කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකිය. ඇයිද යත් විශ්වය ගැන හැදැරීමේදී එය ඉබේ ඇතිවිය නොහැකි බව තේරුම් ගත හැකිවන නිසාය. එහෙත් එය මැරෙන තුරු තේරුම් නොගන්නේ නම් ඉන් එහා සිදුවන දේවල්වලට තමන් මුහුණ දීමට සුදානම් විය යුතුය.
ඉතිහාසය දෙස බලන කල කිතුනු දහම විද්‍යාවේ සොයාගැනීම්වලට ඉඩ හැරියේ නැත. මේ නිසා බොහෝ විද්‍යාඥයින්ට කතෝලික පල්ලිය විසින් මරණ දඬුවම පවා නියම කොට තිබේ. එහෙත් අල්කුරානය මගින් විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා දිරි ගන්වා තිබේ. නවීන විද්‍යාවේ අරම්හය සිදු වනෙන් මේ නිසාය. ඒ අනුව තාරකා විද්‍යාව, භෞතික විද්‍යව, රසායන විද්‍යව, වෛද්‍ය විද්‍යව, ගණිතය යන විෂයයන්ට මුස්ලිම්වරුන්ගේ විශාල දායකත්වයක් ලැබී තිබේ.
අල්කුරානය හත්වන සිය වසේදී පහළ වුවත් එහි බොහෝ විද්‍යාත්මක සංකල්පයන් ගැබ් වී තිබේ. ඒ අනුව සුර්යයා ගමන් කරන බව විද්‍යාඥයින් සොයා ගැනීමට සියවස් ගණනාවකට පෙරම කුරානයේ සඳහන් වන්නේය. තවද විශ්වය ප්‍රසාරණය වන බව විසිවන සිය වසේදී යොයා ගනු ලැබුවත් හත්වන සියවසේදී ඒ බව අල්කුරානයේ සඳහන් කොට ඇත. තවද මිනිස් කළලය පිළිබඳව දැනට සියවස් කිහිපයකට පෙර සොයාගත් බොහෝ දේවල් ඉතා නිවැරදිව හත්වන සියවසේදී පහළ වූ කුරානයේ සඳහන් වන්නේය. එපමණක් නොව විසිවන සියවසේදී ඉදිරිපත් කල සාපෙක්ෂතාවාදයේ එන කාලයේ විස්තාරණය පිලිබඳ කරුණු අල් කුරානයේ සඳහන් වන්නේය. මේ සෑම එකකින්ම පෙනෙන්නේ විද්‍යාවේ දියුණුව ඉස්ලාම් දහමට අභියෝගයක් නොවන බවයි. සැබවින්ම විද්‍යාවෙන් කෙරෙන්නේ අල්කුරානයේ සඳහන් වන කරුණු තහවුරු කිරීමකි.
ඉහත සඳහන් කරුණු අනුව අල්කුරානය දෙවියන් විසින් පහළ කරනු ලැබූ දහම් පණිවිඩයක් බව මානව පැහැදිලි වේ. තවද විද්‍යාත්මක සොයා ගැනීම නිසා කුරානයේ ඇති විද්‍යාත්මක සංකල්පයන් තවත් හොඳින් ඔප්පු වන්නේය. මේ නිසා නිවැරදිව විද්‍යාව හදාරන්නේ නම් එය දෙවියන් කෙරෙහි විශ්වාසය තහවුරු කර ගැනීමට වඩාත් හොඳින් උපකාරි වන්නේය.
By Fasy Ajward B.Sc(Sp.Phy) Hons.Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.