සකස්කිරීම:ඉබ්නු මන්සූර්
පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවයන් අනුව හැඩගැසීම් සිදුවී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී. මෙම කරුණු සියල්ල කැටි කොට 1859 දී The Origin Of Species යන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. මෙම ග්‍රන්ථයේ ඔහු විසින්ම පිළිගත් ආකාරයට මෙම මතයන් ඉදිරිපත් කර ඇත්තේ තමා විසින් නිරීක්ෂණය කරන ලද කරුණ මත පදනම් කරගත් උපකල්පනයන් වශයෙනි. මෙම ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක සිරස්තලය වන්නේ මෙම වාදයේ දුෂ්කරතාවයන් (Difficulties of the Theory) යනුවෙනි. ඩාවින් අපේක්ෂා කළේ ඉදිරිකාලයේදි සිදුවිය හැකි විද්‍යාත්මක සොයා ගැනීම් මෙම දුෂ්කරතාවයන්ට විසදුම් සපයනු ඇතැයි යන්නයි. නමුත් සැබැවින්ම සිදුවුයේ නුතන විද්‍යාත්මක සොයාගැනීම් මගින් විසඳුම් ලබාදිය නොහැකි ආකාරයේ නව දුෂ්කරතාවයන් රාශියක් මතුකිරීම පමණි. මෙම හේතු පදනම් කරගෙන පරිනාමවාදය ඇමරිකානු පාසැල් පෙළපොත් වලින් ඉවත් කරන්නට එරට අධ්‍යාපන බලධාරින් විසින් වර්ෂ කිහිපයකට පෙර තීරණය කරන ලදී.
ඩාවින්ගේ යුගයත් සමග ලොව ඉතා පුළුල්ව පැතිරි ගිය මාක්ස්වාදි චින්තනයට පරිනාමවාදය නැතිවම බැරි කරුණක් විය. දෙවිඳුන් පිළිබඳ විශ්වාසයෙන් බැහැර වු භෞතික වාදි (Materialist) සංකල්පයක් වු මාක්ස්වාදය මිනිසාගේ සම්භවය පිළිබඳව විග්‍රහයට උපයෝගි කරගත්තේ පරිනාමවාදයයි. මේ හේතුවෙන් විද්‍යාත්මක පදනමක් නොතිබුනු පරිනාමවාදයට මාක්ස්වාදී රටවල් හා එම චින්තනය වැළඳ ගත් මාක්ස්වාදී නොවු රටවල උදවියත් ඉතා ඉහළින් මෙය විද්‍යාත්මක සංකල්පයක් බව ලොවට ඉදිරිපත් කිරීමට වෙර දැරූහ. මෙම වාදයේ අඩුපාඩු හා දුෂ්කරතාවයන් සාකච්ඡා කිරීමට ඉතා විශාල පිටු ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මෙම ලිපියේ සිමාවන් සැලකිල්ලට ගෙන කරුණු කිහිපයක් පමණක් ඔබට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
1. ඩාවින්ගේ පොතේ කොතැනකවත් ජීවයේ සම්භවය පිළිබඳව කිසිම සටහනක් නොමැත්තේය. ඔහුගේ යුගයේ උදවියගේ මතය වුයේ ජීවීන්ගේ ව්‍යුහය ඉතා සරළ එකක් බවයි. මෙයට එක් හේතුවක් වුයේ නුතන විද්‍යාත්මක උපකරණ එම යුගයේ සොයාගෙන නොතිබීම බව දැක්විය හැක. ජීවයේ නිර්මාතෘ දෙවිඳුන් බව පිලිනොගන්නා වූ පරිනාමවාදය ප්‍රකාශ කරන්නේ පළමු ජීව සෛලය ස්වභාවික තත්ත්වයක් තුළ කිසිම සැලැස්මක් හා සැකසුමකින් තොරව අහඹුවකින් ඇති වු බවයි. ඩී.එන්.ඒ.(DNA) සහ ආර්.එන්.ඒ. (RNA) පිළිබදව විද්‍යාත්මක සිද්ධාන්තයන් ඩාවින්ගේ යුගයේ සොයා ගෙන නොතිබුණු හෙයින් මේවායෙහි ඇති සංකීර්ණ ව්‍යුහාත්මක ස්වභාවය පිළිබඳව නියත වශයෙන්ම ඩාවින් දැන නොසිටි බව සත්‍යයකි. සෛලයක පුනර් නිර්මාණය සදහා ඩි.එන්.ඒ (සෛලයේ සැලසුම් ව්‍යුහය) හා ආර්.එන්.ඒ. (නව සෛලය නිර්මාණය කිරීමේ පිටපත් ක්‍රියාවලිය) අත්‍යවශ්‍ය වන්නේය. මිනිසාට සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ ඉතා සංකීර්ණ ව්‍යුහයක් ඇති මෙම සාධක දෙක අහම්බෙන් කෙසේ බිහිවුයේද නැතිනම් බිහිවිය හැක්කේද යන්න ඩාවින් හෝ නුතන විද්‍යාඥයෙකුට වුවද පැහැදිළි කිරීමක් ඉදිරිපත් කළ නොහැකි කරුණක් වී ඇත්තේය. ඩී.එන්.ඒ. එක් අණුවක් තුළ අඩංගු වී ඇති තොරතුරු සම්භාරය මුද්‍රණය කළ හොත් එය විශාල පුස්තකාලයක් පිරවිමට ප්‍රමාණවත්ය. එක් ජීව සෛලයක් පුනර් නිර්මාණය කිරීම සදහා අතවශ්‍ය ඩි.එන්.ඒ. සහ ආර්.එන්.ඒ.අණු කෙසේ නම් එක්වරම ඇති වුයේද යන්න ඩාවින්ට හෝ අන් අයෙකුට විග්‍රහ කළහැකි දෙයක් නොවේ. මෙම නිර්මාණ ක්‍රියාවලිය පිටුපස අතිශය බුද්ධිමත් සැලැස්මක් ඇති බව කාටත් පෙනෙන කරුණකි. මෙය නිසැකවම හා නිශ්චිත වශයෙන්ම සිදුවිය හැක්කේ සර්වඥානි නිර්මාතෘ කෙනෙකුගේ සැළසුම් සහගත නිර්මාණයක ප්‍රතිඵලයක් වශයෙන් පමණක් බව බොහෝ විද්‍යාඥයින්ට නුතනයේදී පිලිගැනීමට සිදු වි ඇත.
2.පරිනාමවාදය සත්‍යයක් නම් එය නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින්නාවු සංසිද්ධියක් විය යුතුය. මෙය සත්‍යය නම් අදත් අර්ධ වානර අර්ධ මිනිස් ජීවින් අප අතර සිටිය යුතුය. ඕනෑම අයෙකුට ඉතා සරළව තේරුම් ගත හැකි මෙම සාධකය පමණක් ඩාවින්ගේ පරිනාමවාදයේ අවිද්‍යාත්මක භාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
3. විද්‍යාඥයින් විසින් දැනට අවුරුදු මිලියන ගණනකට පෙර ජීවත් වු හා අදත් ජීවත් වන සතුන්ගේ පොසිල සොයා ගෙන ඇත. අවුරුදු මිලියන ගණනකට පෙර ජිවත් වු සතුන්ගේ මෙම පොසිල අතුරින් කිසියම් අතරමැදි අර්ධ පරිනාමයට ලක් වු සතෙකුගේ පොසිල හමු වි නොමැත. එදා ජීවත් වී වඳවී ගිය සතුන්ගේ පොසිල හමු වී ඇති අතර එය එසේ වීමට හේතුව කොහෙත්ම පරිනාමවාදයට විග්‍රහ කළ හැකි කරුණක් නොවේ. නුතන පරිනාමවාදීන් මේ පිළිබදව ඉදිරිපත් කරන කරුණු ද පරිනාමවාදයේ මුලික පදනමට පටහැණි එකකි. එම සතුන් ජීවත් වු පරිසරය ඔවුන්ට අහිතකර වුවා නම් වඳවී නොගොස් පරිනාමවාදය අනුව පරිසරයට හිතකර ආකාරයට තමන්ව හැඩ ගස්වා ගෙන අදත් පවතින්නට ඇති හැකියාවක් සාදාගන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුව තිබුණි. එසේ නොවුයේ මන්ද කියා විග්‍රහ කිරීමට පරිනාමවාදය අපොහොසත් වි ඇත. අනිත් අතින් අද ජීවත් වන සතුන්ගේ අවුරුදු මිලියන ගණනකට පෙර හමුවු පොසිල හා වත්මන් එම සත්තවයාගේ ඇට සැකිල්ල අතරේ වෙනසක් නොමැති බව විද්‍යාඥයින්ගේ සොයාගැනිමේ තවත් ප්‍රතිඵලයකි. මෙම තොරතුරු කොහෙත්ම පරිනාමවාදය හා සැසදෙන්නේ නැති අතර මෙම වාදයේ පදනම් විරහිත භාවය මෙයින් ඉතා පැහැදිළිව හෙළිදරව් වන්නේය.
4. පරිනාමවාදයේ අවිද්‍යාත්මකභාවය පෙන්වීම සදහා ඩි.ඇන්.ඒ. අනුවේ ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කළෙමු. ඒ පිළිබඳව තවදුරටත් විස්තරාත්මක සාකච්ඡා කළහොත් ජීවයේ සම්භවය පිළිබඳව අර්ථවත් අවබෝධයක් ලබාගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු. ඩි.එන්.ඒ. අනුව තුළ රසායනික ද්‍රව්‍ය හතරක් ඇත්තේය. ඒවා නම් ඇඩිනින්, තයිමින්, ගුඅනින් හා සයිටොසින් නම්වූ රසායනික ද්‍රව්‍ය හතරකි. මෙම රසායනික ද්‍රව්‍ය හතර සංක්ෂිප්තව A,T,G,C, යනුවෙන් හැදින්විය හැක. මෙම රසායනික ද්‍රව්‍ය හතර DNA අනුව තුළ සකස් වී ඇති ආකාරය අනුව මිනිස් ශරීරයේ සියළු විස්තර එහි අන්තර් ගත කොට ඇත. මෙහි අන්තර්ගත විස්තර ව්‍යවහාර බසට හැරවුවහොත් පිටු 500 ක පොත් නවසීයක් පමණක අන්තර්ගත කළ හැකි තොරතුරු දැනගත හැකිබව විද්‍යාඥයෝ පවසති. DNA අනුව තුළ මෙම ATGC රසායනික ද්‍රව්‍යය කටයුතු කරන්නේ භාෂාවක අක්ෂර ලෙසටය. DNA පිලිබඳව අධ්‍යනය කරන විද්‍යාඥයින්ගේ මතය වන්නේ DNA අනුව තරම් තොරතුරු ගබඩා කළ හැකි එම ප්‍රමාණයේ අනුවක් නුතන විද්‍යාව පදනම් කරගත් තාක්ෂණය තුලින් නිපදවීමට නොහැකි වි ඇති අතර එය කොහෙත්ම සිදු විය හැකි දෙයක් නොවන බවද ඔවුන්ගේ මතයයි.
ජාන විද්‍යාඥයින් DNA අනුවේ ඇති සංකේත භාෂා ව්‍යාවහර භාෂාවට පරිවර්තනය කොට එම සෛල හිමි ජිවියාගේ විශේෂයෙන්ම කායිකවේදී තොරතුරු ලබා ගනිති. මෙයින් පැහැදිළි වන්නේ DNA අනුව තුළ අති විශාල තොරතුරු ගබඩා කර තැබීමේ භාෂාවක් ඇති බවය. සංකේත භාෂා ඇතුළුව සියළු භාෂාවන්ට එහි අඩංගු විය යුතු කොටස් හතරක් ඇත්තේය. ඒවා නම් අක්ෂර‚ ව්‍යාකරණ‚ පද සංයෝජනය (syntax) හා අර්ථය යන කරුණය. මෙම කරුණු නොමැතිව භාෂාවක් මගින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකිවනු ඇත. එලෙස කරුණු දැක්වීම අවබෝධකර ගැනීමට ද නොහැකි වනු ඇත. සංකේත භාෂාවෙන් DNA අනුව තුළ ගබඩා කොට ඇති තොරතුරු කියවා තේරුම් ගැනීමට හැකිවී ඇත්තේ එය භාෂාවක් වන අතර එහි භාෂාවක අනිවාර්යෙන් අඩංගු විය යුතු ඉහත සඳහන් කරුණු හතරම ඇති නිසාත්ය. මෙතෙක් සාකච්ඡා කළ කරුණු වලින් මතුවන තර්කානුකුල හා යථාර්තවාදී නිගමනයන් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.
* යමක් ක්‍රියාත්මක කිරිමට පෙර අදහසක් චින්තනය තුල තිබිය යුතුය. අදහසක් චින්තනය තුල නොමැතිව කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකිය.
* සියළුම භාෂාවන් උත්පාදනය වන්නේ මනස හා චින්තනය පදනම් කරගෙනයි.
* මනස හා චින්තනයකින් තොරව බිහි වු කිසිම භාෂාවක් නැත්තේය.
* DNA අණුව තුළ ගබඩා කොට ඇති තොරතුරු අවබෝධ කරගත හැකි වී ඇත්තේ එය භාෂාවකින් සැකසී ඇති නිසාය.
* එමනිසා DNA අණුව නිර්මාණය කොට ඇත්තේ මනස හා චින්තනය පදනම් කරගෙනය. DNA අණුවෙහි ඇති සංකීර්ණතාවය ගැන සැළකිල්ලක් දක්වන විට නිසැකවම එය නිර්මාණයට මුල්වූ මනස හා චින්තනය සර්වඥානියෙකුට හිමි වුවක් විය යුතු බවය.
* DNA පිටුපස ඇති මනස හා චින්තනය එම අනුවේ නිර්මාතෘට හිමි බව අපට පිළිගන්නට සිදු වේ.
* එමනිසා DNA අණුව අහම්බෙන් බිහිවුවක් නොව සර්වඥානි මනසකින් හා චින්තනයෙන් නිර්මාණය වුවක් බවත් අපට පිලිගන්නට සිදු වේ.
* එම සර්වඥානි මනස ජීවයේ නිර්මාතෘ බවත් අපට පිලිගන්නට සිදුවේ.
අප මෙතෙක් කරුණු ඉදිරිපත් කළේ මිනිසාට පමණක් උරුම වු විචාර බුද්ධිය උපයෝගී කරගෙන විශ්වයේ හා මිනිසාගේ නිර්මාණය පිලිබඳව විචාරශීලීව සළකා බැලීමට ඇති තොරතුරු වලින් කොටසක් පිලිබඳවය. සතුන්ට විචාර බුද්ධිය නොමැති වුවත් ඔවුන්ගේ නිර්මාණයේ විචිත්‍ර භාවයේ හා ඔවුන්ට ජන්මයෙන් ලැබි ඇති ඥාණය ගැන කරුණු සොයා බැලීමේදි ඉතා මවිතකර කරුණු රාශියක් අපට දැනගන්නට ලැබෙන්නේය. මෙම තොරතුරු වලින් කොටසක් සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නෙමු. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ සතුන්ගේ නිර්මාණය පිටුපසින් සර්වඥානි නිර්මාතෘවරයෙකුගේ අදහාගත නොහැකි අලංකාර හා අර්ථවත් සැලසුමක් ඇති බව පෙන්වීමය. අප විවිධ නියාම ගැන කථා කළත් මෙම සියළු නියාම අභිබවා යන විශ්වයේ හා එහි අඩංගු සියල්ලෙහි නිර්මාතෘගේ විශ්ව නියාමයක් ඇති බවත් එය පමණක්ම සදා ක්‍රියාත්මකව පවතින බවත් මෙම සාකච්ඡාව තුළින් අපට අවබෝධ කර ගන්නට හැකිවේ යැයි සිතන්නෙමු.