1- ”ප‍්‍රති උපහාර කිරීමක් වශයෙන් ඥාති සම්බන්ධතාව සුරකින්නා සම්පූර්ණ ඥාති සම්බන්ධතාව සුරකින්නා නොවේ. තම ඥාතීහූ සම්බන්ධතාව විසන්ධි කළ විට පවා, ඔවුන් සමග සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන ඔවුන්ගේ අයිතීන් සුරකින්නේ කවුද, ඔහුයි සැබෑ ඥාති සම්බන්ධතාව සුරකින්නා වන්නේ” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි), මූලාශ‍්‍රය: බුහාරි).

2- “සැබැවින්ම අල්ලාහ් යුක්තිය ද යහකම ද ඥාතීන්ට ඔවුන්ගේ උරුමයන පිරිනැමීම ද අණ කරන්නේ ය. තවද ඔහු අශික්ෂිත දැයින් ද පළිකුල් සහගත දැයින් ද සීමාව ඉක්මවා යෑමෙන් ද වළක්වාලන්නේය. ඔබලා මෙනෙහි කරනු පිණිස ඔහු ඔබලාට උපදෙස් දෙන්නේය. (ශු අල්කුර්ආනය 18: 90)

3- ඉතා වටිනාම සම්පත කුමක් කියා ඔබ දන්නවාද?
“නබි (සල්) තුමා මා සතු සියල්ල ඔබලාට නොදී මා ඉතිරි කරගන්නේ නැත. (එහෙත්) ඔබලාගෙන් කවරෙක් විනය ගරුක (හික්මීමෙන් යුතු) වන්නේද, අල්ලාහ්ද ඔහුව විනයගරුක පුද්ගලයකු බවට පත් කරයි. කවරෙකු (අන් අයගෙන්) පිහිට අපේක්ෂා නොකරයිද, අල්ලාහ් ඔහුව අන් අයගෙන් අත නොපා ජීවත්වන්නට සලස්වයි (ජීවත්වන්න අවශ්‍ය පහසුකම් ලබා දෙයි). කවරෙකු ඉවසීමෙන් කටයුතු කිරීමට වෙරදරයිද අල්ලාහ් ඔහු ඉවසිලිවන්තයකු බවට පත්කරයි. ඉවසීමට වඩා වටිනා කිසිම සම්පතක් අල්ලාහ් විසින් කිසිවෙකුට ලබා දී නැත” යනුවෙන් පැවසූහ. (මූලාශ‍්‍රය: බුහාරි, මුස්ලිම්).

4- සතුරන් සමග වූවද යුක්ති සහගතව කටයුතු කළ යුතුයි
“විශ්වාස කළවුනි අල්ලාහ් වෙනුවෙන් (ඔහුගේ නියෝගයන් පිළිපැදීමට) ස්ථීර වූවන් ලෙස හා යුක්තිය සඳහා සාක්ෂිකරුවන් ලෙස වවු. තවද සැබැවින්ම පිරිසකගේ (නුඹලා කෙරෙහිවූ) ක්‍රෝධය නුඹලා යුක්තිය ඉටු නොකිරීම කෙරෙහි නුඹලාව පොලඹවිය නොයුතුය (සෑම අවස්ථාවකම) නුඹලා යුක්තිය ඉටු කරවු එය බිය භක්තියට ඉතා සමීපය” (ශු අල්කුර්ආනය 05: 08)

5- “තවද (දූතවරය) අපි ඔබව සමස්ත ජනයාටම ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් මිස නොයැව්වෙමු. එනමුත් ජනයින්ගෙන් බොහෝ දෙනා එය නොදනිති” (ශු අල්කුර්ආනය 34: 28)

6- අල්ලාහ්ගේ දූතයා අසලින් දේහයක් රැගෙන යන ලදී. එවිට එතුමන් (එයට ගරු කිරීමක් වශයෙන්) නැගිට්ටේය. එය යුදෙව්වවෙකුට අයත් දේහයක් බව දන්වන ලදී. එයට එතුමන් එයත් ජීවිතයක් නොවේද? යනුවෙන් විමසූහ. ඛුහාරි

7- ”විශ්වාසවන්තයිනි! පුරුෂයන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු සරදම් නොකළ යුතුය. මොවුන්ට වඩා ඔවුන් (සරදම් කරන්නන්ට වඩා සරදමට ලක්වන්නා) උසස් විය හැකිය. ස්ත‍්‍රීහූ ද ඇතැමෙක් ඇතැමෙකුට සරදම් නොකළ යුතුය. මොවුන්ට වඩා ඔවුන් (සරදම් කරන ස්ත‍්‍රීන්ට වඩා සරදමට ලක්වන ස්ත‍්‍රීන්) උසස් විය හැකිය. ඔබ එකිනෙකා අපහාසයට ලක් නොකළ යුතුය. තවද (ඔබගෙන්) කෙනෙකු තවත් කෙනෙකුට විකට නමින් නොඅමතන්න. විශ්වාසයෙන් පසු නපුරු නාම තැබීම නරකය. යම් කෙනෙක් (මෙවැනි කි‍්‍රයාවන්ගෙන්) පසුතැවිලි වී (යහමගට) නොහැරෙන්නේ ද, ඔවුන් අපරාධ කරුවෝ වෙති” (ශු අල්කුර්ආනය 49: 11).

8- ඉවසීමේ වටිනාකම:
“අල්ලාහ් කෙනෙකුට පිරිනැමූ භාග්‍යයන් අතුරින් ඉවසීමට වඩා විශාල වෙන යමක් නැත” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: අබූදාවුද් 1646).

9- ඉවසිලිවන්තයින්ට අල්ලාහ්ගෙන් ලැබෙන සුභාශිංෂණය:
“තවද බියෙන් හා සාගින්නෙන්ද වස්තූන්, ජීවිත හා බෝග(වල) පරිහානියෙන්ද අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. (මෙම පරීක්‍ෂණයන්හිදී නොසැළෙන) ඉවසිලිවන්තයින්ට (මුහම්මද්!) නුඹ ශුභ ආරාංච්ය දන්වා සිටිනු.
ඔවුන් කවරෙක්ද යත් ඔවුන් වෙත යම් විපතක් ඇති වූ විට ඔවුහු “අපි නියත වශයෙන්ම අල්ලාහ්ගේය. තවද අපි නියත වශයෙන්ම ආපසු යන්නේ ඔහු වෙතම යැයි” පවසති.
ඔවුන් හට ඔවුන්ගේ රබ්(පරමාධිපති) වෙතින් ආශීර්වාද හා දයාව ඇත. තවද යහමඟ ලද්දෝද ඔවුහුමය”. (ශු අල්කුර්ආනය 155-157).

10- 40 වැනි වියට පා තැබීමෙන් පසුව කෙනෙකු මෙසේ ප්‍රාර්ථනා කරයි යනුවෙන් පවසා, කරුණු පහකින් යුත් ඉතා උසස් ප්‍රාර්ථනාවක් අල්ලාහ් අපට ශුද්ධවූ අල්කුර්ආනය මගින් උගන්වයි:

1- මා වෙත හා මාගේ දෙමාපියන් වෙත නුඹ කළ දායාදයන් වෙනුවෙන් නුඹට කෘතඥ වීමට මට පිහිට වනු මැනව!.
2- නුඹේ අභියස පිළිගනු ලබන යහපත් ක්‍රියාවන් කිරීමට මට පිහිට වනු මැනව!.
3- මාගේ දරු පරපුර මා වෙනුවෙන් යහපත් කර දෙනු මැනව!.
4- මා සමාව අයද නුඹ වෙත හැරුනෙමි.
5- මා නුඹට මුළුමනින් අවනතවූ (මුස්ලිම්) කෙනෙකු වෙමි.

رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ

රබ්බි අව්සිඃනී අන් අෂ්කුර නිඃමතකල් ලතී අන් අම්ත අලයිය වඅලා වාලිදයිය වඅන් අඃමල සාලිහන් තර්ලාහු වඅස්ලිහ් ලී ෆී දුර්රියතී ඉන්නී තුබ්තු ඉලයික වඉන්නී මිනල් මුස්ලිමීන්

(ශු අල්කුර්ආනය 46: 15).

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *