සකස්කිරීම:ඉබ්නු මන්සූර්
තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමුකොට “The Bible Quran and Modern Science” නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීන විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකේල් තම ග්‍රන්ථයේ පහත සදහන් අයුරින් කරුණු පැහැදිළි කිරීමක යෙදින.“අල්-කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව ශත වර්ෂ 14 කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේද?” (125 පිටුව)
ෆිර්අව්න්ගේ සිරුර මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට අවවාදයක් ලෙසින් ආරක්ෂා කරන බව අල්-කුර්ආන් 7වන සියවසේ සඳහන් කළද මෙම තොරතුරු සනාථ වුයේ 19 වන සියවසේ එම සිරුර සොයාගැනීමෙන් අනතුරුවයි. අල්-කුර්ආනය විශ්වයේ පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩය බවට සහතික කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය දැයි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු.
එමෙන්ම අල්-කුර්ආනයේ සත්‍යතාවය තහවුරු කරන තවත් මවිතකර සාක්ෂියක් ඔබගේ විචාර බුද්ධියේ විමසුමට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. පළමුව අල්-කුර්ආනයේ පහත සඳහන් වාක්‍යයන් දෙසට අවධානය යොමු කරමු.
“ඉරම් නගරයේ (ඉතා උස්වු) කුළුණු මෙන්වු ආද් ජනයා සම්බන්ධව නුඹගේ පරමාධිපති කෙසේ (දඩුවම්) කළේ දැයි ඔබ අවධානය නොකළෙහිද? ඔවුන් මෙන් (ශක්තිවන්තයින් ලෝකයේ කිසිම) නගරයක නිර්මාණය කරනු ලැබුවේ නැත”. (අල්-කුර්ආනය -89 වනපරිච්ඡේදය 6/8 වාක්‍යයන්)
අල්-කුර්ආනයේ සඳහන් නගර සියල්ල සොයා ගෙන තිබු අතර ඉරම් නගරය සොයා ගැනීම පිළිබඳව ඇති තොරතුරු අතිශයින්ම මවිතකරය. 1978 දෙසැම්බර් කලාපයෙන් ඇමරිකාවේ පළකරනු ලබන National Geography සගරාවේ ඉතා සුවිශේෂි වාර්තාවක් පළ කර තිබුණි. එනම් 1973 දි දකුණු සිරියාවේ පුරා විද්‍යාත්මක කැනීම් වලින් වැලිවලින් යටවි තිබු අවුරුදු 4300 ක් ඉපැරණි එල්බා නගරය සොයා ගන්නා ලදී. මෙම නගරයේ පුස්තකාලය ද ඔවුන්ට සොයා ගැනීමට හැකිවිය. එල්බා නගරය වානිජ සම්බන්ධතාවයන් පවත්වා ගෙන ගිය නගරයන්හි නම් අඩංගු මැටි ඵලකයන්ද ඔවුන්ට සොයා ගැනීමට හැකි විය. එම ලැයිස්තුවේ සඳහන් නගරයන් අතර ඉරම් නගරයද සදහන් වී තිබුණි. අවුරුදු 1400 පෙර පහළ කරනු ලැබු අල්-කුර්ආනයේ වැකියක සදහන් මෙතරම් ඉපැරණී නගරයක නාමය සැබැවින්ම සත්‍යය නගරයක නාමයක් බව සොයා ගන්නට හැකි වුයේ 1973 දී නම් අල්-කුර්ආනයේ ප්රාතිහාර්ය ජනක භාවය මෙන්ම එහි පරම සත්යබවද මෙය සහතික කරන්නක් නොවන්නේද? තවත් විශ්මය ජනක සිදුවීමක් නම් ඉරම් නගරය නිශ්චිත වශයෙන්ම සොයා ගනු ලැබුවේ 1992 දී විමය. ඉහත අල්-කුර්ආන් වැකිය සඳහන් කරන්නේ ඉරම් වැසියන් කුළුණු මෙන් උස්වු ද ශක්ති සම්පන්න ජන කොට්ඨාශයක් බවය. ඉරම් නගරයේ 2010 දි කරන ලද කැණීම් වලින් ඉතා උස්වු ද ශරීර ප්‍රමාණය විශාල වුද මනුෂ්‍ය කොට්ඨාශයක ඇට සැකිලි සොයා ගන්නා ලදී. මෙයින් පැහැදිළි වන්නේ අල්-කුර්ආනයේ සත්‍යතාවය දිනෙන් දින අළුත් සාධකයන්ගේ හෙළිදරව්වීමත් සමගම වඩ වඩාත් තහවුරු වෙමින් පවතින බව නොවේද? ඉරම් නගරයේ මෙම සියළු විස්තර ඔබට අන්තර්ජාලයෙන් ලබා ගත හැක.
“(නබිවරයාණෙනි) නුඹ මෙසේ විමසනු (මෙම පුස්තකය) අල්ලාහ්ගෙන් පහළ වි තිබියදී මෙය නුඹලා ප්‍රතික්ෂේප කළ හොත් (මෙසේ) ප්‍රසිද්ධියේ විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක්දැයි නුඹ අවධාරණය කර බැලුවෙහිද? ඇත්තෙන්ම මෙය සත්‍යය යැයි ඔවුන්ට පැහැදිලි වන තෙක් අපගේ සාධකයන් (ලෝකයේ) බොහෝ ප්‍රදේශයන්හි ද ඔවුන් මාර්ගයෙන් ද ඉතාමත් ඉක්මණින් අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (නබිවරයාණෙනි) ඇත්තෙන්ම නුඹගේ පරමාධිපති සියල්ල නිරික්ෂණය කරමින් සිටින්නේ යැයි සෑහීමට පත් නොවුයේද?” අල්කුර්ආනය 41 වන පරිච්ඡේදය – 51/53 වාක්‍යයන්)
ඉහත දෙවිඳුන් අපට දන්වන්නේ අල්-කුර්ආනයේ සත්‍යභාවය තහවුරු කරන සාධකයන් මිහිතලය මතින් හා මිනිසා තුළින් නිරන්තරයෙන් හෙළිදරව් කරමින් සිටිනා බවය. අද අප සැබැවින්ම අත්දකිමින් සිටින්නේ මෙම සත්‍යතාවය තහවුරු කරන සාධකයන්ගේ හෙළිරව්වයි. අල්-කුර්ආනයට පසුව දෙවිඳුන්ගෙන් මනුෂ්‍ය වර්ගයාට මගපෙන්විම සදහා තවත් දහමක් හෝ පණිවිඩයක් පහළ නොවන බව අල්-කුර්ආන වැකි මගින් දෙවිඳුන්ම සහතික වී ඇත. එසේ නම් අල්-කුර්ආනය මිහිතලයේ හා විශ්වයේ අවසානය දක්වා මනුෂ්‍ය වර්ගයාට මග පෙන්වන ග්රන්ථයක් විය යුතු අතර එය මෙසේ විමට නම් අනිවාර්යෙන්ම කරුණු දෙකක් සත්‍යය විය යුතුය. පළමුවැන්න නම් එහි අඩංගු උපදෙස් මගපෙන්වීම් හා ඉන්පෙන්වනු ලබන ජීවන රටාව කාලයාගේ ඇවෑමෙන් යල්පැනගිය එකක් බවට පත් නොවිය යුතුය. දෙවැනි සාධකය නම් මෙම පණිවිඩය පහළ කළ භාෂාව සදා ජීවමාන භාෂාවක්ව පැවතිය යුතුය.