අදත් ඊට පෙරත් ඇතැම් මුස්ලිම් පාලකයන් ඉස්ලාම් ආගම නමින් ගත් දෙය, අප අපේ අනුගාමිකයන්ට ජීවිතයේ මාර්ගෝපදේශකයා වශයෙන් ගැනීමට කියන ඉස්ලාම් ආගම ම නොවේ. ඔවුන් තුළ දිව්‍යමය නීතියට ගෞරවයක් හෝ සැලකිල්ලක් නැති බැවින්, කැමැත්තෙන්ම එය කැඩීමට ඔවුන් පසුබට වන්නේ බොහෝම කලාතුරකිනි. තම කටයුතු තීරණය කිරීමේ දී දිව්‍යමය නීතිය අවස්ථානුකූලව ඔවුන්ගේ අවශ්‍යතාවන් හා ආශාවන්ට ගැළපුනත්, සමහර විට යුරෝපයෙන් ණයට ගත් මිනිසා විසින් නිර්මාණය කරන ලද නීතිය අනුගමනය කරමින්, දිව්‍යමය නීතියට පක‍ෂපාතී වීමේ අවශ්‍යතාවය ඇතැයි ඔවුහු නොසිතති. මේ අනූව ඔවුහු මිනිසාට හා දෙවියන් වහන්සේට යන දෙපක‍ෂයට ම තමා කළ අසාධාරණය ගැන වරදකරුවෝය. කුමක් නිසා ද? ඔවුන් තෝරා ගෙන ඇත්තේ තමන්ගේ හිතට විරුද්ධ පැත්තක්, තමන්ගේ පෞද්ගලික අපේක‍ෂා, කෑදරකම හා රාගය මුදුන්පත් කර ගැනීමේ පැත්තක් නිසාය.

අප දන්නා ඉස්ලාම් ආගම නම්, හිතුවක්කාර රජවරුන් හා දඩබ්බර දුෂ්ටයන් ඔවුන්ගේ බලස්ථානයන්ගෙන් සොලවා දමන්නක්. එය, සියලූ ස්ත්‍රී පුරුෂයන් සමග ඔවුන් දිව්‍යමය නීතියට යටත් කරවයි. සදාකල්හි ම එය ඔවුන්ගෙන් ඈත් වෙයි.

ඉස්ලාම් ආගම දුෂ්ටභාවය අනුමත නොකරන හෙයින්, ඉස්ලාම් ආගමේ පාලනය පවත්නා ප්‍රදේශයෙහි, එහි ප්‍රතිඵලයක් වශයෙන් දුෂ්ටයන් ඇති නොවිය යුතුය. කිසිම මිනිසෙකුට අනෙක් මිනිසුන් මර්දනය කිරීමටත්, තමාගේ කැමැත්ත අනිකුත් අය කෙරෙහි බල පැවැත්වීමටත් ඉස්ලාම් ආගම ඉඩ නොදෙයි. එබඳු ආඥාවක් පැවැත්විය හැක්කේ දෙවියන් වහන්සේට හා උන් වහන්සේගේ ධර්මදූතයන්ට පමණකි. එසේ කරන්නේ ද යහපත් හෝ සාධාරණ වේ නම් පමණකි. එබඳු ජන සමාජයක පාලකයා විසින් මිනිසුනට හා දෙවියන් වහන්සේට ඇති බැඳීම්වල කොටසක් වශයෙන් දිව්‍යමය නීතිය බල පැවැත්විය යුත්තේ යයි අපේක‍ෂා කරනු ලැබේ. එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, ඔහුට තව දුරටත් තම යටත් වැසියන්ගේ අවශ්‍යතාවය පිළිබඳ නීත්‍යානුකූල බලාපොරොත්තුවක් තැබිය නොහැකිය. ඔවුහු එබඳු අවස්ථාවකදී පාලකයාගේ නියෝග නීත්‍යානුකූලව ම නොසලකා හරිති. මෙම කරුණ මැනවින් සඳහන් කොට ඇත්තේ පළමුවැනි අබූබකර් පාලක තුමා විසිනි. (දෙවියන් වහන්සේ ඔහුට ප්‍රසාදය පළ කරන සේක්වා) ඔහු මෙසේ කීය: මා ඔබ කෙරෙහි ගෞරවයක් ඇතිව, දෙවියන් වහන්සේට සුවච කීකරු වන තාක් කල් මට කීකරු වන්න. යම් හෙයකින් දෙවියන් වහන්සේ කෙරෙහි මගේ සුවච බව පිරිහුණහොත්, එම ක්ෂණයෙහි දී මගේ කීකරු බව තව දුරටත් ඔබ මත බල නොපවත්වන්නේ ය. මේ අයුරින් ඉස්ලාම් පාලකයාට, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට හෝ රාජ්‍ය ව්‍යවස්ථාදායකට ඇඟිලි ගැසීමේ අයිතිය සාමාන්‍ය වැසියෙකුට තරම්වත් නැත. තව ද, ස්වාධීන සාධාරණ හා අපක‍ෂපාත ලෙස පවත්වන ලද ඡන්ද විමසීමක දී යුක්තිය, ගුණධර්මය හා විනීතභාවය යන කරුණු අතින් ඡන්ද දායකයාට කරන ලද බලපෑමකින් හා සෙසු සාමාජිකයන් සිය කැමැත්තෙන්ම තනතුරක් සඳහා තෝරා ගත්තහුව මිස වෙන කෙනෙකුට අන් අය පාලනය කිරීමට අයිතියක් ඉස්ලාම් රාජ්‍යයක නැත.

එබඳු ඉස්ලාම් රාජ්‍යයක් තම රටේ ම හිතුවක්කාර යන්ගෙන් පුරවැසියන් නිදහස් කරයි. අධිරාජ්‍යවාදී සූරා කෑමකින් හෝ මහා තර්ජනයකින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ පැමිණෙන විදේශිය හිතුවක්කාර කමින් ද තම පුරවැසියන් බේරා ගනියි. මෙය මෙසේ වන්නේ ඉස්ලාම් ආගම කීර්තිමත් හා බලවත් නිසාය. මේ හේතුවෙන් අධිරාජ්‍යවාදයේ බොරු දෙවිවරුන් අබියස මුණින් වැටි මිනිසුන් පහත් තත්ත්වයට පත්වීම ඉස්ලාම් ආගම නො ඉවසයි. ඉස්ලාම් ආගම ඉතා සරල ජීවන ක්‍රමයක් මිනිසා සඳහා නියම කරන්නේ ය. එය මැවුම්කරුගේ ප්‍රීතිය ලබා ගැනීම සඳහා උත්සාහ කරන ලෙස මිනිසා පොළඹවයි. ඔහුගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් කොට තබා ගැනීමට හා උන් වහන්සේගේ ආඥා පිළිපැදීමටත් පොළඹවයි. අධිරාජ්‍ය වාදයේ හා අත්ත නොමතික භාවයේ අවතාරයට විරුද්ධ ව සටන් කිරීමට හැකි හැම දෙයක් ම තම කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන් ඉදිරියට එන ලෙසද පොළඹවයි.

අධිරාජ්‍ය වාදයේ සියලූ පිය සටහන් පොළෝ මතුපිටින් අතුගා දැමීමට මිනිසුන් ඒකරාශි විය යුතු හොඳම කාලය දැන් එළඹ ඇති බැවින්, ඒ සඳහා සියලූම මිනිසුන් ඉස්ලාම් ආගම දෙසට හැරිය යුතුය. ලෝකය තවමත් අන්ධකාර කරමින් සිටින මේ අවතාරයේ ග්‍රහණයෙන් මනුෂ්‍යත්වය මුදවා ගැනීමට ඇති අඩමාන බලාපොරොත්තුව පවා රැඳී ඇත්තේ ඉස්ලාම් ආගම කෙරෙහි ය. වහල් භාවයට ඉඩ නොදෙන, හැම කෙනෙකුට ම සිතීමේ නිදහස, කි්‍රයා කිරීමේ නිදහස, දේපල අයිති කරගැනීමේ නිදහස, ආගම ඇදහීමේ නිදහස සහතික කරන, ඔහුගේ තත්ත්වය හා ගෞරවය ඕනෑකමින් ආරක‍ෂා කරන ඉස්ලාම් ආගම නියම නිදහසට ඇති මාර්ගයයි. යමෙකුගේ මාර්ගයෙහි අපි ගමන් කරමු ද, යමෙක් අපට මාර්ගය තෝරා දුන් සේක් ද, ඒ අපගේ අලංකාරය වූ දෙවියන් වහන්සේට වැදගත් වන අයුරින් මුස්ලිම් භක්තිකයෙකු විය හැක්කේ ඒ අයුරිනි.

—ඔබගේ ආගම මා තහවුරු කළේ එදින ය. ඔබට මාගෙන් ඉටු විය යුතු යුතුකම සම්පූර්ණ වූයේ එදින ය. ඉස්ලාමය ආගමක් වශයෙන් ඔබ සඳහා තෝරා දුන්නේ එදින ය.˜ (ශ= කුර්ආනය 5: 3).

ඉස්ලාම් ආගම විසින් ඇති කරන ලද එබඳු ප්‍රතිසංස්කරණයක් මුස්ලිම් ජනයාට පමණක් සීමා වූ පටු එකක් වනවාට සැකයක් නැත. එහෙත්, අනෙක් අතින්, එය ස්වරූපය අතින් බැලූ විට විශ්ව සාධාරණ ලක‍ෂණ ඇත්තේ ය. අන්‍යෝන්‍ය වශයෙන් විපත්ති දායක යුද්ධවලින් තැති ගැනී සිටින හා තුන් වැනි ලෝක යුද්ධයක් සඳහා අර අදින අද ලෝකයට ඉස්ලාම් ආගම ආශිර්වාදයකි.

ලෝක වෙළඳ පොළවල් අල්ලා ගැනීමටත්, පෘථීවියෙහි වැදගත් ස්ථාන අල්ලා ගැනීමටත් ඔවුනොවුන් තරඟ වැදී සිටින අද ලෝකය, ධනේශ්වර හා කොමියුනිස්ට් යන ප්‍රධාන බල මුළු අදහසකට ඛෙදී තිබේ. පෙනුමෙන් වෙස්කම් තිබුණද මේ දෙපක‍ෂයම ඒකාධිපති ස්වරූපයක් දරන අතර ම ලෝකයේ මිනිසුන් වාලූන් කර ගැනීමට සූදානම් වී සිටිති. මෙම පරමාර්ථය ඇති ව ඔවුහු මානුෂික හා ද්‍රව්‍යමය සම්පත් ඇති තරම් අල්ලා ගැනීමට කැමැත්තෙන් සිටිති. අනිකුත් මනුෂ්‍යයන් ද්‍රව්‍යයකට වඩා වැදගත් බවක් ඔවුන්ගේ දර්ශනය අනූව නැත. එසේ නැතහොත්, ඔවුන්ගේ කෘෘර සැලසුම් කි්‍රයාත්මක කිරීම සඳහා යොදා ගත හැකි හුදු ආවුද පමණි.

ඉස්ලාමීය ලෝකය, වර්තමාන අධිරාජ්‍යවාදී බල වතුන්ගේ මිලේච්ඡ අත්තනෝමතිකත්වයට, විරුද්ධ ව එකා මෙන් නැගී සිටියහොත් ලෝකයේ ආරක‍ෂාවට හා සාමයට භයානක තර්ජනයක් වූ ආරාවුල් සහ අන්තර්ජාතික තරඟකාරී බව බලවත් ලෙස නිමාවට පත් කළ හැකිය. මුස්ලිම් රටවල් එක්සත් වුවහොත් ඔවුන්ගේ ම බල මුළුවක් ලෙහෙසියෙන් ගොඩනැගිය හැකිය. පැරණි ලෝකයට හා නව ලෝකයට අතරමැදිව මුස්ලිම් ජාතීන්ගේ එම බලමුළුව පිහිටුවීමේ භූගෝලීය ලක‍ෂණ අනූව, ලෝක ජාතීන් අතර සුහද බවක් ඇති කිරීමේ දී බල තුලනය කිරීමට එම බල මුළුවට පුළුවන් වෙයි. මේ අනූව ඔවුනට තමන් කැමැති පැත්තක් තෝරා ගැනීමට නිදහස ලැඛෙන අතර, පෙරදිග හෝ අපරදිග අධිරාජ්‍ය වාදයට ගැති වනවාට වඩා තමාගේ ම සාමූහික වගකීම්වලින් බැඳීමට ඔවුනට හැකි වනු ඇත.

ඉස්ලාම් ආගම මනුෂ්‍යත්වය පිළිබඳ එකම අනාගත බලාපොරොත්තුවයි. වර්තමාන දෘෂ්ටි සංග්‍රාමය තුළින් කැපී පෙනේ එකී ජයග්‍රාහී පැවැත්ම මිනිසාගේ ගැළවීමේ එකම සහතිකයයි. ඉස්ලාම් ආගමේ ජයග්‍රහණය මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සඳහා වැදගත් වන්නාක් සේ ම එය අවබෝධ කර ගැනීම ද හුදු මායාවක් නොවේ. දැනටමත් ඉස්ලාම් ආගම තුළ ජීවත් වන අය එයට පක‍ෂපාතී භාවය ප්‍රකාශ කරන අයත් එහි බැබලීම හා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන බැවිනි. මේ කරුණ සඳහා ඔවුනට පිටස්තර කිසිම උපකාරයක් අවශ්‍ය බවක් නොපෙනේ. වර්තමාන මිනිසා ඉස්ලාම් ආගමේ එබඳු ජයග්‍රහණයකින් අදහස් කරන්නේ සදාකාලිකව විපත් ගෙන දෙන, ලෝ පුරා පැතිරෙමින් පවත්නා මහා ගින්දරක් නිවා දැමීමකි. එයින් අදහස් කරන්නේ ස්නායු පතනයක් නොවේ. ශාරීරික හෝ මානසික තැතිගැන්මක්ද නොවේ. ඇත්ත වශයෙන් ම එයින් අදහස් කරන්නේ ප්‍රීතිමත් නිවසකි. ප්‍රීතිමත් සාමකාමී ලෝකයකි.

මේ කරුණෙහි තවත් පැත්තක් ද ඇත. වර්තමාන අපරදිග විද්‍යා ක්ෂේත්‍රය තුළ විශාල සාර්ථකත්වයක් ලබා ඇත. එහෙත්, මානුෂික ක්ෂේත්‍රය තුළ එය තවම මිලේච්ඡ බවක් හා පසුබෑමක් පෙන්වයි. විද්‍යාව මහත් තේජසින් යුතුව දියුණු විය. එහෙත් මිනිසාæ ඔහු මනුෂ්‍ය ජීවිතය තුළ ඇති උතුම් හර කෙරෙහි ගෞරවය නැතිකර ගනිමින් පසුපසින් ගාටමින් එයි. වර්තමාන ශිෂ්ටාචාරය ආධ්‍යාත්මික දියුණුවට වඩා භෞතිකයට වැඩි සැලකිල්ලක් දක්වයි. අභ්‍යන්තර දියුණුවට වඩා ඉන්ද්‍රීය සන්තර්පනයට වැදගත් තැනක් දෙයි. එහී ඵලයක් වශයෙන් මිනිස්සු පොදු යහපත වෙනුවෙන් උත්සාහ දරනු වෙනුවට, කරදර වනු වෙනුවට තමන්ගේ පෞද්ගලික් ප්‍රීතිය මත ආත්මාර්ථකාමී ආශාවනට වැඩි වැදගත් තැනක් දෙති. වර්තමාන මිනිසා තමාගේ ඉන්ද්‍රීය සන්තර්පණයෙහි ඛෙහෙවින් යෙදී සිටින්නේ යයි අප කියන්නේ මේ නිසාය. එබඳු තත්ත්වයක් යටතේ, එය මිනිසාගේ ප්‍රගතියක් යයි කියා හෝ මනුෂ්‍යත්වයේ දියුණුවක් යයි කියා හෝ නම් කිරීමට බැරිය. කුමක් නිසාද යත්, එයින් අදහස් කෙරෙන්නේ ද්‍රව්‍යමය ප්‍රගතියක් හෝ විද්‍යාත්මක දියුණුවක් හෝ පමණක් නොව තමා තුළ පවත්නා තිරිසන් ආසාවන්ගේ බල පැවැත්මෙන් මිදීමක් ද වන බැවිනි. ඉස්ලාම් ආගම ඉදිරියට එන්නේ මෙතැනදී ය. මිනිසා ප්‍රගතියට හා දියුණුවට පත් කළ හැක්කේ ඉස්ලාම් ආගමට පමණි.

මතු සම්බන්ධයි………

කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ්.
පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *