දූත සංකල්පය පිළිගැනීම ඉස්ලාම් දහමෙහි මූලික විශ්වාසයන් අතුරින් එකකි. මෙම සංකල්පයෙහි හරයවන්නේ සැබෑ දේවමග පෙන්වීම වේ. මානව සංහතියට අල්ලාහ් විසින් අනාවරණය කරන ලද මාර්ගෝපදේශය හඳුන්වාදී, එය මගින් අධ්‍යාත්මික විප්ලවයක් ඇති කිරීම එහි අරමුණ විය. මිනිසා තම බුද්ධියෙන් ඇති කරගත් බොහෝ සංකල්පයන් ඔහු පිළිබඳ පැහැදිළි ප්‍රතිරූපයක් ලබාදීමට මගහැරියේය. තමන්ව නිසිලෙස හඳුනාගැනීමට නොහැකි මිනිසා තම ජීවිතය සකස්කරගැනීම අපහසු කාර්්‍යයකි.
මිනිසා කෙරෙහි මුළුමනින්ම අවදානය යොමුකර ඔහුට මගපෙන්වන්නේ දූතත්වය පමණයි. මිනිසාගේ බාහිර රූපය පමණක් බලා සැලැස්මක් කිරීම සම්පූර්ණ සැලැස්මක් නොවනු ඇත. මිනිසා තුළ පවතින සිත, ආත්මය ආදි කොටස්වලටත් අනිවාර්්‍යයෙන් මගපෙන්විය යුතුය. දූතත්වය මෙම රාජකාරිය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඉටුකළේය. ඉතිහාසයේ දූතත්වයට එරෙහිවූවන් හුදෙක් කායීක ආශාවන්ට පමණක් මූලිකත්වය දී භෞතික මතවලට වහල්වූවන් විය. මිනිස් ජීවිතය ව්‍යාකුල කිරීමේ කටයුත්ත මොවුන් කළහ.
තවත් කොටසක් ශරීරය බැහැර කොට ආත්මය පමණක් උතුම් කොට සළකා තමුන්ගේ ජීවිතයටම හානියක්කර විනාශය අත්පත් කරගත්හ. මෙම සියළු දුර්වලකම් නිසිලෙස හඳුනා එයට නිසි විසඳුම් ලබාදෙන්නේ දූතත්වය පමණයි. සෑම සමාජයකටම ශාස්තෘවරුන් පැමිණුනු බව ශ=ද්ධවූ අල්කුර්ආනය පවසයි. එම ශාස්තෘවරුන් මිනිසුන් අතුරින් තෝරාපත්ගනු ලැබු අතර ඔවුන් වැදගත් හා උසස් ගුණාංගවලට හිමිකම් කීහ. එම ශාස්තෘවරු පෙළේ අවසන් ශාස්තෘවරයා වශයෙන් පැමිණුනේ මුහම්මද් නබි (සල්) තුමන් වේ. මින් පසු ලෝක අවසානය තෙක් ශාස්තෘවරයෙකුගේ ප්‍රවේශයක් ලොවට නැත. ඊසා (අෙලෙ) (යේසූස් වහන්සේ පැමිණීම ලෝක අවසනායට පෙරවූවත්, එතුමන්ගේ පැමිණීම සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙනි, එවිය එතුමන්ගේ විනිශ්චයද ශ=ද්ධවූ අල්කුර්ආනය අනූවයි.
මෙලොව පැමිණුනු සෑම ශාස්තෘවරයෙකුම නීතිය හා සාධාරණය ස්ථාපිත කළහ, අසාධාරණයට අයුක්තියට එරෙහිව පෙනී සිටියහ, මිනිසුන් ඉදිරියේ වැඳවැටීම තහනම් කළහ. සියල්ලන්ව නිර්මාණය කළ අල්ලාහ්ට පමණක් අවනතවී ජීවත්වන ලෙස සමාජයට දේශනා කළහ.
යේසූස් වහන්සේ පිළිබඳ මුස්ලිම්වරු තුළ පවතින ආකල්පය කුමක්ද?:
මෙලොවට පැමිණුනු ශාස්තෘවරු අතුරින් යේසූස් වහන්සේද එක් ශාස්තෘවරයෙකු බව මුස්ලිම්හූ විශ්වාසකරති. මුස්ලිම්හූ යේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ නොසළකති. එය මහත් පාපයක් වශයෙනුත් බුද්ධිගෝචර නොවන සංකල්පයක් බවත් ඉස්ලාම් පවසයි.
—මරියා තුමියගේ පුත් අභිෂේක ලත් ශාස්තෘවරයෙකු මිස (ස්වාමීන් වහන්සේ හෝ ඔහුගේ පුත්‍රයෙක්ද) නොවේ. ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් ශාස්තෘවරු උකත්වූහ. ඔහුගේ මවද සත්‍යවන්තිනියකි. මේ දෙදෙනාද ආහාර අනුභව කළෝය. (ශාස්තෘවරයානනිæ) අපි (මේ) සලකුණුවලින් ඔවුන්ට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි සළකා බලන්න. පසුව ඔවුහු (සතයේයන්) කොපමණ දුර ඈත්වී ගියෝදැයි ඔබ සළකා බලන්නæ (ශ= අල්කුර්ආනය 5: 75).
මිනිසුන්ට ඇති සාමාන්‍ය අවශ්‍යතාවන්ගෙන් පිරිපුන් යේසු තුමන් හා එතුමන්ගේ මව කෙසේ දෙවිවරු විය හැක්කේ දැයි ශ=ද්ධවූ අල්කුර්ආනය මගින් අල්ලාහ් ප්‍රශ්නකරයි.
තවද අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: —අහස් හා පොළෝ කිසිදු ආකෘතියකින් තොර නිර්මාණය කළ අල්ලාහ්ට සහකාරියෙක්ම නොමැති තත්ත්වයක ඔහුට කෙසේ දරුවන් විය හැක්කේ? ඔහු සියල්ලෙහි මැවුම්කරු, තවද ඔහු සියල්ල දනි˜ (ශ= අල්කුර්ආනය 6: 101).
—අසීමිත දයාවන්තයා දරුවන් ඇතිකරගත් බව ඔවුන් පවසයි. ඔබලා චෝදනාවම රැගෙනාවේය. අසීමිත දයාවන්තයාට දරුවන් යැයි ඔවුන් තෙපලීමෙන් අහස් හා පොළෝ පිපිරි, පර්වතයන් විනාශවෙන්නට යයි. දරුවන් ඇතිකරගැනීමේ අවශ්‍යතාවය අසීමිත දයාවන්තයාට නැත˜ (ශ= අල්කුර්ආනය 19: 88- 92).
—එකම දෙවියන් හැර (වැඳුම් පිඳුම් කිරීමට) අන් දෙවියෙක් නැතිව සිටියදී අල්ලාහ් තිදෙනාගෙන් එක් කෙනෙක් යැයි කියූ අය ප්‍රතිෙකෂ්ප කරන්නෝ ම වෙයි. ඔවුන් කියන දැයින් නොවැළකී සිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතිෙකෂ්ප කරන්නන්ට වේදනීය ද~ුවම් ලැබීම නියතය˜ (ශ= අල්කුර්ආනය 5: 73).
—මර්යම්ගේ පුත් මසීහ් තමයි අල්ලාහ්æ යැයි පැවසූවන් (ඒකීය දෙවියන්ව) ප්‍රතිෙකෂ්ප කළෝය. මර්යම්ගේ පුත් මසීහ්, ඔහුගේ මව, පෘථීවියෙහි සියල්ල විනාශකරන්න අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් (එය වළක්වන්න) අල්ප බලයක් හෝ තිඛෙන්නේ කාහටද? යැයි (ශාස්තෘවරයානනිæ) ඔබ අසන්නæ අහස් හා පොළෝ ඒ දෙක අතර පවතින සියල්ලලෙහි පාලනය ඔහුට හිමිය˜ (ශ= අල්කුර්ආනය 5: 17).
ජේසූස් වහන්සේගේ උපත පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ පවසයි: —සැබවින්ම අල්ලාහ් ඉදිරියෙහි ජේසූස් වහන්සේට උපමාව ආදම් තුමාගේ උපමාව බඳුය. ඔහු ආදම්ව මැටියෙන් ඇඹ පසු එයට (මිනිසා) වවæ යැයි කීවේය. ඔහු කෙණෙිහිම විය˜ (ශ= අල්කුර්ආනය 3: 59).
ජේසූස් තුමාගේ උපත මුල්කොට ගෙනයි විවිධ මිථ්‍යා සංකල්පයන් බිහිවුනේ. එතුමන්ව දෙවියන් ලෙසත් දෙවියන්ගේ කුමාරයන් ලෙසත් සැළකීමට හේතුවුනේ එතුමන්ගේ උපතයි. එනමුත් ඊටත් වඩා ප්‍රාතිහාර්්‍යයකින් මවන ලද ආදම් තුමා දෙවියන් වශයෙන් හෝ දෙවියන්ගේ කුමාරයන් වශයෙන් හෝ කිතු බැතිමතුන් නොසළක්නනේ මන්ද? මෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ්ගේ අද්විතීය ශක්තිය මොනවට පිළිබිඹු වෙයි. ඒ හැර මෙහි ජෙAසූස් වහන්සේට ආඩම්බරවීමට කිසි දෙයක් නැත.
ශ=ද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:
—ජේසු තුමාව අපි ඝාතනය කළෙමුයි ඔවුන් කීවෝය. එහෙත් ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. කුරුසියේ තබා අණගැසුවේද නැත. එහෙත් ඔවුන්ට එවැන්නක් මවා පෙන්වනු ලැබුවේය. ඇත්තෙන්ම, එහි මේ පිළිබඳව මතභේදවූ අය ඒ ගැන තවදුරටත් සැකයෙහිමය. සිතුවිලි අනුගමනය කිරීමක් මිස ඒ සම්බන්ධව ඔවුන්ට කිසිදු දැනුමක් නැත. එහෙත් නිශ්චය වශයෙන්ම, ඔවුන් ඔහුව නොමැරුවෝය. එහෙත් අල්ලාහ් (ජේසු තුමාව) ඔහුව තමා වෙතට එසෙව්වේය. අල්ලාහ් සර්ව බල සම්පන්නේය, සර්ව ඥානාන්විතය˜ (ශ= කුර්ආනය 4: 157- 158).
ජේසූස් වහන්සේ දෙවියන් වශයෙන් හෝ දේව කුමාරයන් වශයෙන් හෝ විශ්වාස කළවුන්ට අවසන් විනිශ්ච දිනයෙහිදි අත්වන ඉරණම පිළිබඳ ශ=ද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි : —අල්ලාහ් වෙනුවට ඔබ හා ඔබගේ මව දෙවියන් සේ සළකන්නයි ඔබ මිනිසුන්ට පැවසුවෙහිදැයි මරියතුමිගේ පුත් ජේසුතුමාගෙන් අල්ලාහ් අසන කල්හි ජේසු තුමා මෙසේ පිළිතුරු දෙයි. ඔබ සුවිශ=ද්ධය මා කිසිදාක මට අයත් නොවන දැයක් පිළිබඳව සඳහන් කිරීම මට යුතු නොවේ. මා එසේ කීවෙමි නම් ඇත්තෙන්ම, ඔබ එය දන්නෙහිය මන්ද ඔබ මාගේ සිත්තුල ඇත් දේ ගැන ඔබ දන්නෙහිය. ඔබේ සිත්හි දෙය මා නොදන්නෙමි. නිශ්චය වශයෙන්ම ඔබ අදෘශ්‍යමාන සියළු දේ දන්නෙහිය˜ (ශ= අල්කුර්ආන් 5: 116).
එම අවසන් විනිශ්ච දිනයෙහිදී ජේසූ තුමා තමන්ගේ නිර්දෝශි භාවය අල්ලාහ් ඉදිරියේ කියා පා ඈත්වන විට ඔවුන්ගේ අනුගාමිකයින්ට ගැලවුම් කරුවෙකු නොවන්නේය. ඒ නිසාදෝ ශ=ද්ධවූ අල්කුර්ආනය වෙනත් ස්ථානයක මෙසේ සඳහන්කරන්නේ:
—ඔහු (අල්ලාහ්)ද~ුවම් පමුණුවන විට, ලෝකයේ දී ඔවුන් අනුගමනය කළ ඒ නායකයන් හා මග පෙන්වන්නන් විසින්ම ඔවුන් හැර දමනු ඇත. එහෙත් ඔවුන්ට ද~ුවම් ලැබීම නියතය. ඔවුන්ගේ සියළුම බැමි කපා දමනු ඇත˜ (ශ= අල්කුර්ආනය 2: 166).
මුළු විශ්වයටම මෛති්‍රයානන් වූ අවසන් ශාස්තෘවරයා:
ඊසා (අෙලෙහි) (යේසුස් වහන්සේට) අවුරුදු 600 කට පසු මුළු විශ්වයම අපේකෂාවෙන් සිටී අවදියක එම එළිය අරාබි කරයේ කි.ව. 570 වැනි වර්ෂයේ උදාවිය. මුළු ලොවම අන්ධකාරය වෙලාගත් එම අවදියෙහි, තිරිසන්නු වශයෙන් ජීවත් වූ මිනිස් සමාජය ශිෂ්ටාචරයෙන් පරිසමාප්ත සමාජයක් බවට පත්කිරීමට මඟපෙන්වීමක් අවශ්‍ය සමයෙහි නබි (සල්)තුමන් මුළු ලොවටම මඟ පෙන්වීමක් වශයෙන් එවනු ලැබූහ.
ලොවට එවනු ලැබූ ශාස්තෘවරු හා මෙම ශාස්තෘවරයා අතර කැපි පෙනෙන විශේෂත්වයන් මොනවාද? විශ්වයෙහි උපත ලද සියළු ශාස්තෘවරු යම් කිසි සමාජයකට, ජාතියකට, නියමිත දේශයකට නියමිත රටකට එවනු ලැබූහ. නමුත් අවසන් වශයෙන් පැමිණුනු ශාස්තෘවරයා මුළු ලොවටම මගපෙන්වීම සඳහා එවනු ලැබූ ශාස්තෘවරයා විය. තවද එතුමන්ගේ ශාස්තෘ පදවිය අවසන් දිනය තෙක් වළංගුවෙයි. ශ=ද්ධවූ අල්කුර්ආනය පවසයි: —කව්රුන් ලියන්නට කියවන්නට බැරි අප දූතවරයා පිළිපදින්නේද, ඔවුන් තමන් සතුව තිඛෙන තව්රාත්, ඉන්ජීල් වැනි ග්‍රන්ථයන්හීද එතුමන් පිළිබඳ සඳහන් වී ඇති දේ දකින්නේය˜ (ශ= කුර්ආනය 7:157).
—මුහම්මද්˜ නම් ශාස්තෘවරයානන් පිළිබඳ පෙර ශාස්තෘවරුන්ට අනාවරණයවූ ආගමික ග්‍රන්ථයන්හිද සඳහන් වී ඇති බව ශ=ද්ධවූ අල්-කුර්ආනය පවසයි. නමුත් පෙර පහළවූ ග්‍රන්ථයන් පහළවුනු ස්වභාවයෙන් නොතිබීම ශෝචනීය තත්වයකි. එම ග්‍රන්ථයන් මිනිස් අවශ්‍යතාවන්ට අනුකුලව සංස්කරණය කරනු ලැබීය, විකෘතිකරනු ලැබීය. මෙවැනි තත්ත්වයක් තුළද නබි (සල්) තුමන්ගේ පැමිණීම පිළිබඳ එම ග්‍රන්ථයන්හි අනාවැකි සඳහන්වී තිබීම පුදුමයට පත්විය යුතු කරුණකි. සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තිය මනාවට පෙන්නුම් කිරීමකිි.
මෝසෙස්ට (මූසා අෙලෙහිට) සමානවූ ශාස්තෘවරයා æ:
දෙවියන් වහන්සේ මෝසෙස් (මුසා අෙලෙහි) ට කථා කොට මෙසේ පැවසූ බව බයිබලය සඳහන් කරයි: —මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගත වක්තෘකෙනෙකු නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය˜ (බයිබලයේ, ද්විතීය කථාව 18:18).
(ඊසාක්ගෙන් පැවත එන ආබ්‍රහම්ගේ පරම්පරාව වන) ඉශ්‍රායල්වරුන්ට (ඉශ්මායෙල්ගෙන් පැවත එන ආබ්‍රහම්ගේ පරම්පරාව වන) ඉෂ්මායෙල්වරු සහෝදරයෝ වන්නාහ. යේසුස් වහන්සේ ඉශ්‍රායල්වරයෙකු වන හෙයින් බයිබලයේ ද්විතීය කථාව 18:18 වාක්‍යයෙහි දෙවියන් වහන්සේ නැගුටුවා දීමට පොරොන්දු වන වක්තෘවරයෙක් විය නොහැකිය. උන්වහන්සේ සඳහන් කොට පෙන්වන්නේ නම්. මෙම වාක්‍යයෙහි —නුඹ වෙතින් වක්තෘවරයෙක් නැගුටුවා දී˜ යනුවෙන් සඳහන් විය යුතුය. මුහම්මද් (සල්) තුමා මා්සෙස් වගේ නොවෙයිද? නොවේ යැයි කියන්නේ නම් බයිබලයේ මෙම පොරොන්දුව තවමත් ඉටු නොවී ඇති බව අදහස් වෙයි.
මෝසෙස්, යේසුස්. මුහම්මද් මෙම ශාස්තෘවරු අතර තිඛෙන සමානකම් කුමක්ද?
උපත: මෝසෙස්ගේ උපත සමාන්‍ය එකක්විය, මුහම්මද්ගේ උපතද සමාන්‍ය එකක්විය. නමුත් යේසුස්ගේ උපත සමාන්‍ය එකක් නොවීය. එය සිදුවුයේ යම් විශේෂ ආකාරයකින්යæ
පවුල් ජීවිතය: මෝසෙස් විවාහ වී පවුල් ජීවිතයක් ගත කළහ. එතුමන්ට දරුවන්ද වූහ. මුහම්මද්ද විවාහ වී පවුල් ජීවිතයක් ගත කළහ, එතුමාටද දරුවන් වූහ. එහෙත් යේසුස් විවාහ වූයේ නැත, එහෙයින් දරුවන්ද නැතæ
මරණය: මෝසෙස් සමාන්‍ය ලෙස මරණයට පත්විය, මුහම්මද්ද සමාන්‍ය ලෙස මරණයට පත්විය. එහෙත් යේසුස්ගේ මරණය සිදුවුයේ නැත. අල්ලාහ් ඔහුව තමා වෙතම ගත්තේය.
කි්‍රයාව: මෝසෙස් සමකාලීනව වක්තෘවරයෙකු ලෙසද උසස් රාජ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කළේය. මුහම්මද් ද සමකාලීනව වක්තෘවරයෙකු ලෙසද උසස් රාජ්‍ය නායකයෙකු ලෙසද කටයුතු කළේය. එහෙත් යේසුස් වක්තෘවරයෙක් ව පමණක් කටයුතු කළේයæ.
නික්ම යාම: මෝසෙස් තම වයස්ගත කාලයේ දී තමා ජීවත් වූ ප්‍රදේශයෙන් ඈත් වී මිදියන් නගරයට යෑමට සිදු විය, මුහම්මද් ද තම වයස්ගත කාලයේ දී තමා ජීවත් වූ ප්‍රදේශයෙන් ඈත් වී මදීනා නගරයට යෑමට සිදුවිය. එහෙත් යේසුස්ට එවැනි කිසිවක් නොසිදු වියæ
කිතුවරුන්ගේ මතය අනූව යේසුස් දෙවි කෙනෙක්, නමුත් මෝසෙස් ද මුහම්මද් ද දෙවිවරු නොවෙයි.
යේසුස් ලෝවැසියන්ගේ පාපයන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළේය. නමුත් මෝසෙස් හෝ මුහම්මද් ලෝවැසියන්ගේ පාපයන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග නො කළේය.
දෙමව්පියන්: මෝසෙස්ට මව් පිය දෙදෙනාම සිටීයහ, මුහම්මද්ටද මව් පිය දෙදෙනාම සිටීයහ. නමුත් යේසුස්ට මව පමණක් සිටීයහ.
සතුරන් සමග සටන් කිරීම: මෝසෙස් ඝාතනය කිරීම සඳහා එතුමාගේ සතුරන් විසින් ලූුහුබැඳ යනු ලැබූහ. තම සතුරන්ට විරුද්ධ ව සටන් කළහ, මුහම්මද් ද ඝාතනය කිරීම සඳහා එතුමාගේ සතුරන් විසින් ලූහුබැඳ යනු ලැබූහ. තම සතුරන් එරෙහිව කීප වතාවක් ම සටන් කළහ එහෙත් යේසුස්ට එවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවුයේ නැතæ
සටනින් ලද ප්‍රතිඵල: මෝසෙස් සතුරන් සමග කළ ලෞකීක සටනින්ද ආධ්‍යාත්මික සටනින්ද ජය ගත්තේය. මුහම්මද් ද තම සතුරන් සමග කළ ලෞකීක හා ආධ්‍යාත්මික සටනින් සාර්ථක ජයක් අත්පත් කර ගත්හ. එහෙත් යේසුස් ලැබුවේ ආධ්‍යාත්මික ජයක් පමණිæ
දේව අනාවරණය ලේඛනගත කිරීම: මෝසෙස්ට අනාවරණය කළ දේව ග්‍රන්ථය තෝරාහ් (පරණ ගිවිසුම වෙයි. මෙය එතුමාගේ ජීවිත කාලය තුළදීම ලේඛනගත විය. මුහම්මද්ට අනාවරණය වූ ශ=ද්ධවූ අල්කුර්ආනයද එතුමන් ජීවතුන් අතර සිටින විටම ලේඛනගත විය. එනමුත් යේසුස්ට පහළවුනු ඉන්ජීලය එතුමන් ජීවතුන් අතර සිටින විට ලේඛනගත නොවීය. (මෙම අදහස් —කි්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්˜ යන කෘතියෙන් උපුටා ගන්නා ලදි).
හින්දු ආගම්හි ප්‍රධාන ග්‍රන්ථයන්ගෙන් එකක් හැටියට ඔවුන් සළකන —පවිශ්ය˜ පුරානම් යන ග්‍රන්ථයෙහි පහත සඳහන් සූත්‍රය සඳහන් වෙයි.
—ඒතස් මිනන්දරේ මිලේඡ්ච ආච්චර්යන් සමන් විත මහාමද් ඉතික්කියාත සිෂ්ය සාකා සමන් විත නිරුපෂ්ශේව මහාදේව මරුස්තල නිවාසිනම්˜ (පවිශ්ය පුරානම් කොටස 3, සුලෝහය 3, සූත්තිරම් 5-8).
එක් මිලේඡ්ච අන්‍ය රටක එක් පුජකයෙකු තමන්ගේ ඇබිත්තන් සමග පැමිණෙයි. ඔහුගේ නම —මහාමද්˜ ඔහු කාන්තාරයේ කෙනෙකු හැටියටද සිටිæ
මහාමද් – මුහම්මද් පැහැදිළිව නම හා ස්ථානය සඳහන් වී තිබීම කුතුහලය දනවන කරුණකි. එම පූජකයාගේ ජාතිය, ඔහුගේ හැඩය පිළිබඳද එම පුරානය පවසයි: —ලිංගසේති සිකාහීන සුමච්චුරුතාරි සතාෂක උච්චලාපි සර්වපෂි පනිෂ්යකි ආනෝමම මුසෙලෙ නෛස් මස්කාර˜ (කොටස: 3, සුලෝහය 25, සූත්තරය 3).
ඔහු චර්මඡේදනය කරගනි, හිසේ කුඩුම්බියක් නොතිබේ, රැවුල තබා ඇත, මාංශ ආහාරයට ගනි, ශබ්ද නගා කැඳවයි, මුසෙලෙ යනුවෙන් හැඳින්වනු ලබයි යනුවෙන් එම පුරානය පවසයි. චර්මඡේදනය හින්දු ධර්මයේ නැති දෙයක්æ කුඩුම්බිය හින්දු ආගමට අවශ්‍ය දෙයක්. ඉහත දක්වා ඇති කරුණු සේම මුසෙලෙ යන වදන හා මැනවින් විමසිය යුතු කරුණකි එය මුස්ලිම් යන වදන හා සැසෙඳයි.
ආගමික ග්‍රන්ථ වශයෙන් ඒ ඒ පාර්ශ්වයන්ගෙන් සළකනු ලබන සියළු ග්‍රන්ථයන්හි එතුමන්ගේ පැමිණීම පිළිබඳ අනාවැකි පළවී තිබීම එතුමන් දෙවියන්ගේ සත්‍ය දූතවරයකු යන වග සක් සුදක්සේ පැහැදිළි කරයි. අල්ලාහ් අල්-කුර්ආනයෙහි පවසයි: —කව්රුන් ලියන්නට කියවන්නට බැරි අප දූතවරයා පිළිපදින්නේද, ඔවුන් තමන් සතුව ඇති තව්රාත්, ඉන්ජීල් වැනි ග්‍රන්ථයන්හීද එතුමන් පිළිබඳ සඳහන් වී ඇති දේ දකින්නේය˜
(ශ= කුර්ආනය 7:157).
—(ශාස්තෘවරයානනිæ) ඔබව මුළු මානව සංහතියටම මෛත්‍රියක් සේ මිස නො එව්වෙමු˜ (ශ= කුර්ආනය 21: 107).
තවද මූසා (මෝසස්) තමන්ගේ ජනතාව අමතා: —මාගේ ජනතාවනිæ නියත වශයෙන්ම මම ඔබලාට එවනු ලැබු වක්තෘවරයා යැයි හොඳින් වටහාගෙන මට හිංසා පමුණුවන්නේ කුමක් සඳහාද? යැයි පැවසු අවස්ථාව (ශාස්තෘවරයානනි සිහිපත් කර බලන්න), එම හෙයින් ඔවුන් යහමඟින් ඈත් වූ විට අල්ලාහ් ඔවුන්ගේ සිත් (යහපතින්) ඈත් කළේය. වැරදි කරන පාපිෂ්ට සමාජයට අල්ලාහ් යහ මග නොපෙන්වන්නේය. තවද මර්යම්ගේ කුමාරයා වන ඊසා (යේසූස්) ඉශ්‍රායේල් ජනතාවනිæ මට පෙර වූ තව්රාතය සත්‍යය කරන්නෙකු වශයෙන්ද, මට පසු පැමිණීමට නියමිත —අහ්මද්˜ නම් නමින් හඳුන්වන වක්තෘවරයා පිළිබඳ සුභාරංචි පතමින් මම දෙවියන්ගේ දූතවරයෙකු වශයෙන් පැමිණ ඇත්තෙමි. යනුවෙන් පැවසු අවස්ථාව (නබිවරයානනි සිහිපත් කරන්න) එනමුත් ඔවුන් අතරට පැහැදිළි සාකෂීන් ඔහු ගෙන හැර දැක්වූ විට මෙය පැහැදිළි කොඩිවිනයක් යැයි ඔවුන් පැවසූහ˜ (ශ= කුර්ආනය 28: 61).
සියළු ආගමික ග්‍රන්ථ අනාවැකි පළ කළාක්මෙන් එතුමන් මීට ශත වර්ෂ 14 කට පෙර අරාබි අර්ධද්වීපයේ අබ්දුල්ලාහ්, ආමිනාහ් යන යුවළකට Þව උපත ලැබූහ. උපතට පෙර පියාද, හය වැනි වියෙහි මවද අහිමිවූ එතුමන්, කිසිදු ප්‍රාථමික අධ්‍යාපනයක් හෝ නොලද සාකෂර තාවයෙන් තොර —උම්මි˜ යනුවෙන් හැඳින්වනු ලැබූහ.
කුඩා වියෙහි සිට බැටළුවන් රැකීමට පුරුදුවී සිටි එතුමන්, තරුණ වියට පත්වීමත් සමග ලොකු පියාවන —අබූ තාලිබ්˜ සමග වා්‍යපාරික කටයුතුවල නිරතවූහ. එතුමන්ගේ යහපත් ගතිගුණ, අවංකභාවය දුටු එවකට අරාබිකරයේ විසු මහත් ප්‍රධාන ප්‍රභු ව්‍යාපාරිනියක් වූ කදීජා තුමිය එතුමන් විවාහ කර ගැනීමට කැමැත්ත පළ කළාය. ඒ වන විට එතුමන් විසිපස් වියෙහි පසුවෙමින් සිටීයහ. එතුමන්ගේ ලෞකීක ජීවිතය සෑම අතින්ම සෞභාග්‍යමත් වෙන්නට වූ අතර තවද එතුමන්ගේ යහපත් ගති පැවතුම් හේතු කොටගෙන සමාජය එතුමන්ව උසස් කොට සැළකුහ. එම සමාජය එතුමන් ඇමතුවේ —අල්අමීන්˜ විශ්වාසවන්තයා —අස්සාදික්˜ සත්‍යවන්තයා යනුවෙනි. එතරම් එතුමන්ගේ චරිතය පවිත්‍ර විය.
මිළ මුදල් අතින්ද, සමාජ ගරුත්වය අතින්ද උසස් තලයක සිටී එතුමන් ලෞකීක සියළු අවශ්‍යතාවන් පරිසමාප්ත කරමින් සිටීයහ. එසේ නම් හතලිස් වැනි වියට පත්වීමට පෙර සෞභාග්‍යමත් ජීවිතයක් ගත කළ එතුමන්ට දූතත්වය පිළිබඳ පණිවුඩය සමාජය හමුවේ ගෙනහැර පෑමත් සමග අනේක විරුද්ධතාවන්, කෙනහිලිකම් මතුවෙන්නට පටන්ගත්හ. තමන් සතුව තිබූ සියළු මිළ මුදල් ඒ වෙනුවෙන් කැප කළහ. මෙම ප්‍රතිපත්තියෙහි තදින්ම සිටී එතුමන් ලෞකීක සියළු සම්පත් කැප කරමින් තමන්ගේ නිජ බිමද අත්හැර මදීනාව බලා නික්මගියහ. පවිත්‍ර ජීවිතයකට හිමිකම් කී එතුමන්ට එරෙහිව සියළු කුමන්ත්‍රණයන් ඇටවූ එම සමාජය එතුමන්ගේ චරිතය පිළිබඳ වචනයකුදු කියන්නට ඉදිරිපත් නොවූහ. මෙහි සැළකිය යුතු විශේෂ කරුණක් නම්. ලෞකීක සියළු අවශ්‍යතාවන්ගෙන් පිරිපුන් එතුමන් ලෞකීක ආදායම් බලා මෙම සංකල්පය ලෝකයට ඉදිරිපත් කළේ නැත, යන්නට ඉහත සඳහන් කරුණු බලවත් සාධක වෙයි.
තවත් සැළකිය යුතු කරුණක් නම් මෙම සංකල්පය ලෝකයට ඉදිරිපත් කිරීමත් සමග එතුමාට සමාජයේ තිබුනු පිළිගැනීම අඩුවීම, තමන් සතුව තිබුනු මිළ මුදල් සියල්ල මෙය වෙනුවෙන් කැප කිරීම, පසුකලක රටේ පාලකයෙකු වශයෙනුත්, තමන් වෙනුවෙන් ජීවිතය කැප කරන්නටත් සූදානම්ව සිටී පිරිසකට හිමිකම් කී එතුමන්, එම අවස්ථාවේදී පවා ගත කළ ජීවිතය පිළිබඳ සුළුවෙන් හෝ අවධානය යොමු කිරීම වඩා උචිතය. රටේ නායකයකු වූ එතුමන්ගේ බිරිඳවන ආයිෂා (රලි) තුමිය මෙසේ විස්තර කරයි: නබි (සල්) තුමන් රාත්‍රි කාලයෙහි යාඥා කටයුතු වල නිරත වෙයි. එම යාඥාව අතර වාරයේ සූජූද් (නළන පොළොව මත තබන) අවස්ථාව එන විට මා හට ඇඟිල්ලෙන් අනි, එවිට මම මාගේ දෙ පය අකුල ගන්නෙමි. සූජූද් ඉරියව්වට එන විට කුමක් සඳහා ඇඟිල්ලෙන් ඇනිය යුත්තේ? එම ඉරියව්වට පැමිණීම දකින විටම දෙපය අකුල නොගත්තේ මන්ද? ඒ පිළිබඳවත් එතුමිය විස්තර කරයි: බොහෝ දිනයන්හි අපේ නිවස්හි එළිය දෙන කිසිදු පහණක් නොවීය. තවත් කරුණක් නම් එම නිවසේ ප්‍රමාණය කෙනෙකු සුජූදයට පැමිණෙන විට තවත් කෙනෙකුට දෙපය දික්කර නිදා ගැනීමට බැරී තත්ත්වයකි.
භාණ්ඩාගාරයේ කෙතරම් මිළ මුදල් සම්පත් පැවතුනද එහි තඹ සතයක් හෝ පෞද්ගලික වියදම සඳහා වැය නොකරපු උත්තම, පවිත්‍ර නායකයකි. තමුන් භුක්ති වින්දේද නැත, තමන්ගේ පරම්පරාව කියා ගන්නා සියළු පවුලේ ඥාතීන්ටද සකාත් බද්දෙන් හෝ ආණ්ඩුවේ බාණ්ඩාගාරයෙන් තඹ සතයක් හෝ ලබා ගැනීමට අවසාන දිනය තෙක් තහනම් කළ නායකයෙකි. මෙවැනි පවිත්‍ර නායකයෙක් ලෝක ඉතිහාසයේ බිහිවුනේ නැත. තමන්ටද තමන්ගේ පරම්පරාව කියා ගන්නා කිසි කෙනෙකුට පොදු භාණ්ඩාගාරයෙන් තඹ සතයක් හෝ ලබා ගන්නට තහනම් කළ නායකයකු ලෝක ඉතිහාසයේ කොහෙත්ම නැත.
ආගමික හා රාජ්‍ය තාන්ති්‍රක නායකයෙකු වශයෙන් උසස් තලයක සිටී මෙතුමන් තමන්ගේ අවසන් හුස්ම හෙලන විට තත්ත්වය කුමක්ද? තමන් සටන්හි ආරකෂාව සඳහා භාවිතා කරන කවච ඇඳුම සුළු ධාන්‍ය වර්ග සොච්චමක් සඳහා යුදෙව් පුරවැසියකුට උකසට තබා තිබිනි. මෙයයි එම නායකයාගේ පවිත්‍ර ජීවිතය. දෙවියන්ගේ සැබෑ දූතවරයකු මිස සාමාන්‍ය පුද්ගලයකු මෙවැනි ජීවිතයක් ගත කරන්නේ නැත. මෙයින් යළි යළිත් තහවුරු වන්නේ මෙම සංකල්පය එතුමන් ලොවට පැවසුවේ කිසිදු ලෞකීක ලාභයක් අපේකෂා නොකර, මුළු මානව සංහතියම යහමග ගමන්කර අල්ලාහ් විසින් පොරොන්දු වූ එම උසස් සදාතනික වූ ස්වර්ගය ලබා ගැනීම සඳහාය. මෙලොව ජීවිතය අස්ථීර ජීවිතයක් ලෙස සමාජයට පෙන්වූ එතුමන්, මතුලොව ජීවිතය සැබෑ සත්‍ය සදාතනික ජීවිතයක් ලෙස සමාජයට දේශණා කළහ. එය එතුමන් ප්‍රායෝගිකව කි්‍රයාවට නංවා ඔප්පු කළහ.
විවිධ රටවලට සංචාරයෙහි නිරතවී පැමිණුනු සාද් ඉබ්නු කෛස් (රලි), නබි (සල්) තුමන් වෙත පැමිණ එහි නෙත් ගැටුනු දෙයක් පිළිබඳ සැළකර සිටියහ. එනම් එහි පාලකයන් ඉදිරියේ පාලිතයන්, රටේ පුරවැසියන් හිස නමා වැඳ වැටෙති, එම දර්ශනය දුටු මා, මෙලොවේ හිස නමා වැඳ වැටීමට සුදුසු කෙනෙකු සිටින්නේ නම් එය ඔබ යැයි පවසා එයට නබි (සල්) තුමන්ගෙන් අවසර ඉල්ලා සිටියහ. එයට එතුමන් කළ ප්‍රකාශය ඓතිහාසික ප්‍රකාශයකි. මිනිසෙකු තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටිය නොහැක. අල්ලාහ් ඉදිරියේ පමණයි කෙනෙකු වැඳ වැටිය යුත්තේ යැයි දැඩිව කියා සිටියහ.
විද්‍යාව තාකෂණය මුදුන් පෙත්තටම ගිය මෙවන් යුගයක පවා ආගමික දේශපාලනික නායකයන් තමන් ඉදිරියේ අන් ජනයා වැඳ වැටිය යුතු යැයි අපේකෂා කරයි. ශත වර්ෂ 14 කට පෙරම එම උත්තම පුරුෂයානන් මිනිසෙකුගේ ගෞරවයට හානි ගෙනදෙන සියළු ක්‍රියාවන්ට තහනම් පැනවූ අතර, මිනිසුන් සියල්ල එක හා සමානයි යන සංකල්පය වචනයට පමණක් සීමා නොකර කි්‍රයාවෙන් ඔප්පු කළහ.
මුහම්මද් නබි (සල්) තුමන්ගේ සමකාලීන මිත්‍රයෙකු වන අනස් (රලි) මෙසේ විස්තර කරයි: අපි මුහම්ද් නබි (සල්) තුමන්ව ප්‍රිය කළා සේ වෙන කිසිවෙකු පි්‍රය නොකළෙමු. එනමුත් නබි (සල්) තුමන් සභාවට පැමිණෙන විට අපි එතුමන් වෙනුවෙන් ගරුත්වය පිණිස නැගිට නොසිටින්නෙමු. මන්ද එතුමන්, තමන් වෙනුවෙන් නැගිට ගරු කිරීම පිළිකුල් කළහ.
එතුමන්ගේ යහපත් ගති පැවතුම් පිළිබඳ එතුමන්ට දස වසරක් ආව තේව කළ අනස් (රලි) වාර්තා කරයි: මම නබි (සල්) තුමන්ට අවුරුදු දහයක් සේවය කළෙමි. එම කාලවල එතුමන් මට —චී˜ යන වචනය කුදු භාවිතා නොකළහ. තවද මම යම් දෙයක් කළ විට මෙය කළේ කුමක් සඳහාද? මම යම් දෙයක් නොකළ විට මෙය නොකළේ මන්ද? මෙවැනි කිසිදු ප්‍රශ්ණයක් මාගෙන් නො ඇසීය. එතුමන්ගේ දෑත් සේද වලට වඩා සිනිඳුය. එතුමන්ගේ දහඩිය කස්තුරිවලට වඩා සුවඳවත්ය.
අනස් (රලි) මෙසේ විස්තර කරයි: මා ශාස්තෘවරයානන් සමග ගමනක යෙදී සිටියෙමි. එතුමා මත ඝන උඩු සළුවක් විය. එම අවස්ථාවෙහි ගැමියෙකු එහි පැමිණ, එතුමන් මත තිබුනු උඩු සළුව තදින් ඇද —මුහම්මද්˜ ඔබ සතුව ඇති අල්ලාහ්ගේ සම්පත් වලින් මාහට ලබාදෙන ලෙස නියෝග කරන්න යනුවෙන් පැවසුවේයæ. එවිට එතුමන් ඔහු දෙස බලා සිනහවී, ඔහුට එයින් නිකුත් කරන මෙන් නියෝග කළහ. එම ගැමියා උඩු සළුව තදින් ඇදීම නිසා එතුමන්ගේ උර හිසෙහි සළකුණු මතුවී තිබිනි යැයි අනස් (රලි) විස්තර කරයි. (මූලාශ්‍රය: බුහාරි).
රාජ්‍ය නායකයකුගේ උඩු සළුව ඇද තමන්ට ආධාර කරන්නැයි ඉල්ලන තරමට එහි සාමාන්‍ය පුරවැසියන්ට නිදහස තිබිනි. කෙනෙකුගෙන් ගත් ණය පවා මේ ආකාරයට ඔහු ඉල්ලූ විට නොදෙන තත්ත්වයක, ආණ්ඩුවෙන් ආධාර ඉල්ලීමට පැමිණුනු කෙනෙකු හැසිරුනු විලාශය බලා මදහස් පෑ ඔහුට උදව් කිරීමට එම උත්තම නායකයානන් නියෝග කළේ නම්, එතුමන් තුළ පැවතුනු උතුම් ගුණාංග මෙතරම් කීමට නොහැක.
රාජ්‍ය හා ආගමික නායකයන් යන වෙනසකින් තොර හැමෝම මරණින් මතු පවා තමන්ගේ නමින් ප්‍රතිමාවන්, පිළිමයන් නෙලිය යුතුයි අපේකෂා කරති. නමුත් මෙම උතුම් නායකයා තම අවසන් මොහොතේදී කළ ප්‍රකාශය නම්: —මාගේ සොහොන් කොත පූජනීය ස්ථානයක් බවට පත් කරන්නට එපාæ, මාගේ සොහොන් කොත උත්සවයන් සමරන ස්ථානයක් බවට පත් කරන්නට එපාæ˜ මරණින් මතුත් තමන්ට කිසිදු ආඩම්බරයක් අපේකෂා නොකරපු නායකයකි.
එතුමන්ගේ ජීවිතය වෙනත් කිසිදු නායකයෙකුගේ ජීවිතය මෙන් නොව, එතුමන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරු ලෝකයට හෙළි කළ දහස් සංඛ්‍යාත් අයගේ තොරතුරුද ආරකෂා වෙමින් පවති. ඒ ශ්‍රේෂ්ඨ, උත්තම, මහත්මා පුරුෂයාගේ අවංක වරිතය හොඳින් අවබෝධ කරගෙන එම මග ඔස්සේ පියමනිමු.
එතුමන් කළ ඉතා වැදගත් ප්‍රකාශ අතුරින් කිහිපයක්:
—ඔබ සැකයට තුඩු දෙන දෙයින් ඈත්වී, සැකයෙන් තොරවූ දේ පමණක් පිහිටා සිටින්න. සත්‍ය යනු අධ්‍යාත්මිකව සැනසීමත්, අසත්‍ය යනු අධා්‍යාත්මිකව ව්‍යාකුලතාවයත් ඇති කරයි˜ (මූලාශ්‍රය: තිර්මිදි).
—කව්රුන් සතුව පහත සඳහන් සිව්වැදෑරුම් ගුණාංග පවතීද ඔහු සැබෑ කුහකයකි, මින් එකක් හෝ ඔහු සතුවූවත් කුහකත්වයෙහි ගුණාංගයක් ඔහු සමග පවති. විශ්වාස භංගත්වය (විශ්වාස කළ විට එයට පිටුපෑම). කථා කළ විට බොරු කථා කරයි. (අසත්‍ය දේ ඔහුගේ මුවින් නිරතුරුවම පිටවෙයි). පොරොන්දු දුන් විට එය කඩ කරයි. තර්ක කළ විට විතර්කයෙහි යෙදෙයි˜
(මූලාශ්‍රය: බුහාරි).
නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු වරක් මෙසේ ප්‍රශ්න කළේය. —ජනයා අධිකව ස්වර්ගයට ඇතුල් කරවන කි්‍රයාවන් මොනවාද? (අල්ලාහ්ට) බිය බැතිවීම හා උතුම් ගූණාංග යැයි පිළිතුරු දුන්හ. ජනයා අධිකව නිරයට ඇතුල් කරවන්නේ මොනවාද? දිව හා මර්මස්ථානය යැයි පිළිතුරු දුන්හ˜
(මූලාශ්‍රය : තිර්මිදි).
—උතුම් ගුණාංගයන්ට හිමිකම් කියන්නන් නිබන්ධවම උතුම් විශ්වාසවන්තයින් වේ. තම භාර්යාවන් සමග සුහදශීලිව හා ගෞරවාන්විතව ඇසුරුකරන්නන් ඔවුනතරිනුත් උසස් වේ˜ (මූලාශ්‍රයන්: අහ්මද්, තිර්මිදි).
—තමන් රිසි දේ අනුන් වෙනුවෙන්ද රිසිවනතෙක් ඔහු සම්පූර්ණ විශ්වාසවන්තයෙකු නොවන්නේය˜ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
යහපත් ක්‍රියාවන් අතුරින් කිසිදු කි්‍රයාවක් සුළු කොට නොසළකන්න. ඔබ අන් සහෝදරයා දුටු විට මදහස් පෑමත් දන් දීම හා සමාන කුසල් කි්‍රයාවක් වේ˜ (මූලාශ්‍රය : තිර්මිදි).
—මිහිතලය මත පවතින සියළු දේ කෙරෙහි කරුණාව දක්වන්න, එවිට අල්ලාහ් ඔබ කෙරෙහි කරුණාව දක්වනු ඇත˜ (මූලාශ්‍රයන්: අබූදාවුද්, තිර්මිදි).
—යහපත් දේ කථා කිරීමත් දන් දීම හා සමාන කුසල් කි්‍රයාවක් වේ˜ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
—ඔබේ බාහිර රූපය හා, මිළ මුදල් අල්ලාහ් නොබලයි, ඒ වෙනුවට ඔබේ සිත් හා කි්‍රයාවන් ඔහු බලයි˜ (මූලාශ්‍රය : මුස්ලිම්).
—කම් කරුවාගේ දහඩිය වේලෙන්නට පෙර ඔහුගේ වැටුප ලබාදෙන්න˜. (මූලාශ්‍රයන්: ඉබ්නු මාජා).
වරක් නබි (සල්) තුමන් වෙත කෙනෙකු පැමිණ මුස්ලිම් වරු අතුරින් ඉතා වැදගත් කව්දැයි ප්‍රශ්න කළහ. —තමන්ගේ දිවෙන් හා දෑතින් අන් මුස්ලිම්වරුන්ට හිංසා නොකරන්නා යැයි පිළිතුරු දුන්හ˜ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
—තමන්ගේ අසල් වැසියාට සෙතක් නොවන්නා සුවර්ගයට නොපිවිසෙනු ඇත˜ (මූලාශ්‍රය: බුහාරි).
—ඉස්ලාම්හි ඉතා අලංකාර වූ කි්‍රයාව වන්නේ, කෙනෙකු තමන්ට අනවශ්‍ය කරන දෙයින් වැළකී සිටීමයි˜ (මූලාශ්‍රය: බුහාරි).
—යුක්තිය උසස් සදාචාරයකි. යම් දෙයක් කිරීමේදී ඔබේ සිත දෙගිඩියාවෙන් පසුවන්නේද, යමක් හෝ කරන විට මිනිසුන් නොදැන ගත යුතු යැයි ඔබ සිතන්නේද ඒවා වැරදි කි්‍රයාවන් වේ˜ (මූලාශ්‍රය: මුස්ලිම්).
—හිංසා නොකළ යුතුයි. හිංසාවට පළි නොගත යුතුයි˜ (මූලාශ්‍රය: ඉබ්නු මාජා).
සකස් කිරීම: ඉබ්නු යූසුෆ්