ෂව්වාල් මස යනු චන්ද්‍ර මාස අනූව 10 වැනි මාසය වන අතර, මෙය රමළාන් මසින් පසු උÞවන මාසයයි. නෝන්බි අවුරුදු උත්සවය යෙදී ඇත්තේද ෂව්වාල් මස මුල් දිනයෙහිය. උපවාසය නම් යාඥාව රමළාන් මසට පමණක් සීමා කරන බොහෝ සහොදරවැන් අප අතර සිටිති. රමළාන් මස උපවාසය පමණයි මුස්ලිමෙකුට ඉටු කිරීමට අනිවාර්්‍ය වන්නේ, නමුත් ඒ හැර සමහර වෛකල්පිත උපවාසයන්ද පවති, එය ඉටු නොකළ විට ද~ුවම් නොලැබුනද, එය ඉටු කිරීම මගින් ප්‍රසාදයන් හිමිවේ. උපවාසය සඳහා ලැඛෙන ඉමහත් භාග්‍යන් පිළිබඳ නබි (සල්) තුමන්ගේ විවිධ ප්‍රකාශ වල සඳහන් වේ. ඒ අතුරින් කිහිපයක් මතු සඳහන් වේ:
ඩ     —සව්ම්˜ උපවාස ශීලයට ලැඛෙන කුසල් සීමා රහිතයි යන්නට මතු සඳහන් ප්‍රකාශය සාධක වේ. —ආදම්ගේ පුත්‍රයාගේ යහපත් කි්‍රයාවන් ප්‍රගුණ කෙරෙයි එක් පිනක් දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප්‍රගුණ කෙරේ. අල්ලාහ් පවසයි: උපවාසය හැර සැබවින්ම එය මට අයිති වේ. මමයි එයට ප්‍රසාධයන් ලබා දෙන්නේ˜ (මූලාශ්‍රය: මුස්ලිම්). උපාවසයට ලැඛෙන ප්‍රසාධයන් අසීමිතයි යන්නට මෙම ප්‍රකාශය සාධක වේ.
ඩ නබි (සල්) තුමන් පවසයි: ස්වර්ගයෙහි රයියාන් යනුවෙන් දොරටුවක් ඇත. මතු දිනයෙහි උපවාසයෙහි නිරතවූවන් එම දොරටුවෙන් පිවිසෙනු ඇත. ඔවුන් සමග වෙන කිසිවෙකු එම දොරටුවෙන් නොපිවිසෙයි. උපවාසයෙහි නිරතවූවන් කොහේදැයි එම දිනයෙහි අසනු ලැබේ? එවිට ඔවුන් නැගිට, ස්වර්ගයට පිවිසෙති. ඔවුන් පිවිසීමත් සමග එම දොරටුව වසනු ලැබේ. එයින් පසු කිසි කෙනෙකුට එම දොරටුවෙන් ඇතුල්විය නොහැක˜. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
ඩ —උපවාසය හා අල්කුර්ආනය Þසයා වෙනුවෙන් අවසන් විනිශ්ච දිනයෙහි රෙකමාදාරු කරයි. උපවාසය පවසයි: හිමියනිæ මා මොහුව ආහාර, වෙනත් ආශාවන්ගෙන් වළක්වා තැබුවෙමි. මොහු වෙනුවෙන් මා කෙරමාදාරු කරමි. අල්කුර්ආනය පවසයි: මා මොහුව රාති්‍ර කාලවල නින්දෙන් අවදි කර තැබුවෙමි. එබැවින් ඔහු වෙනුවෙන් රෙකමාදාරු කරමි˜ (මූලාශ්‍රයන්: අහ්මද්, හාකිම්).
ඩ උමාමා අල්බාහිලී (රලි) විස්තර කරයි: මා නබි (සල්) තුමන්ගෙන් අල්ලාහ් ඉදිරියේ යහපත ගෙන දෙන කි්‍රයාවක් නියෝග කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙමි. එයට එතුමන් ඔබට මා උපවාසයන් කිරීමට උපදෙස් කරමි, එයට සමාන වෙනත් යාඥාවක් නැත˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: නසායි).
ඩ  ජාබිර් (රලි) විස්තර කරයි: —උපාවසය Þසයා නිරයෙන් මුදවන පළිහකි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (අත්තබරානි ෆිල් කබීර්).
ඩ  —උපවාසයෙන් පසුවෙන්නාට දෙ ආකාරයේ සතුටක් ඇත, එකක් ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුටයි. අන් එක විනිශ්ච දිනයෙහි ඔහුගේ හිමියන් වන අල්ලාහ් හමුවන විට ඇති සතුටයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තර කරන්නේ: අබූ හුෙරෙරා (රලි). (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
ෂව්වාල් මස ඉටු කළ යුතු
වෛකල්පිත උපවාසයන් හය:
ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ. —කව්රුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උÞවෙන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
ඉහත සඳහන් ප්‍රකාශය තුළින් ෂව්වාල් මස ඉටු කරන වෛකල්පිත උපවාසයන් හයෙහි සුවිශේෂත්වය පිළිබඳ පැහැදිළි කෙරේ. නෝන්බි අවුරුදු දිනය අවසන් වීමේ සිට අඛණ්ඩව දින හයක් උපවාසය ඉටු කළ යුතුයි නැතහොත් එම උපවාසය ඉට කළ නොහැක යනුවෙන් සමහරුන් වරදවා සිතාගෙන සිටිති. නබි (සල්) තුමන්ගේ කිසිදු ප්‍රකාශයක එසේ සඳහන් වී නැත. ඉස්ලාම් නොපනවපු නීතියක් සමහරුන් තමන්ට පනවා ගැනීම නිසා මෙම වෛකල්පිත උපවාසය එම දිනයන් මගහැරුනු විට බොහෝ උදවිය ඉටු නොකරති. ඉහත සඳහන් නබි (සල්) තුමන්ගේ ප්‍රකාශය දෙසට හොඳින් ඔබේ අවදානය යොමු කරන්න, එහි සඳහන් වන්නේ —කව්රුන් රමළාන් මස උපවාසය ඉටු කර පසුව එයත් සමග උÞවෙන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාසය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි˜ මෙම උපවාසයන් හය ෂව්වාල් මස කැමති දිනයන්හි කෙනෙකුට ඉටු කිරීමට හැක. අඛණ්ඩවත් ඉටු කිරීමට හැක, වෙන් වෙන්වත් ඉටු කිරීමට හැක. කෙනෙකු ෂව්වාල් මස නිමවීමට පෙර මෙය ඉටු කළ යුතුයි.
ශ්‍රේෂ්ඨ උපවාසය:
—උපවාසයෙහි ඉතා ශ්‍රේෂ්ඨ උපවාසය නබි දාවූද් (අෙලෙහි) ගේ උපවාසයයි. එතුමන් දවසක් හැර දවසක් උපවාසය ඉටු කළේය˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි. මුස්ලිම්).
මුහර්රම් මස ඉටු කරන උපවාසය:
මුහර්රම් මස යනු චන්ද්‍ර මස අනූව මුල්ම මාසයයි. මෙය දුල් හජ් මසට පසු උÞවන මාසයයි.
—රමලාන් (මස ඉටු කරන උපවාසයට) පසු ඉතා ශ්‍රේෂ්ඨ උපවාසය මුහර්රම් මාසයෙහි උපවාසයයි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
මුහර්රම් මස නම වැනි දින හා දහ වැනි දින උපවාසයන් ඉටු කිරීම: ආයිෂා (රලි) තුමිය විස්තර කරයි: නබි (සල්) තුමන් ආෂුරා දින උපවාසය ඉටු කිරීමට නියෝග කළේය, රමලාන් මස උපවාසය අනිවාර්්‍ය වීමත් සමග කැමති අයට (එම දින) උපවාසය ඉටු කරන්න කැමති අය උපවාසය ඉටු නොකර සිටින්න යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
ආෂුරා යනු මුහර්රම් මස දහ වැනි දිනයි.
ආෂුරා (මුහර්රම් මස දහ වැනි) දින උපවාසය ඉටු කිරීම ගෙවී ගිය වසරෙහි සියළු පාපයන්ට වන්දිය වේ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
—මම ඉදිරි වසරේදී ජීවතුන් අතර සිටියේ නම්, (මුහර්රම් මස) නම වැනි දිනද උපවාසය ඉටු කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
ඒ අනූව කෙනෙකුට මුහර්රම් මස නම වැනි දින හා දහ වැනි දින උපවාසයන් ඉටු කල හැක. නම වැනි දින ඉටු කිරීමට නොහැකිවූ කෙනෙකුට දහය හා එකළොහා ආදි දිනයන්හි ඉටු කිරීමටත් නබි වදන්හි සාධක පවති.
අරෆා දින උපවාසය:
දුල් හජ් මස මුල් දින නමයෙහි උපවාසන් ඉටු කිරීම ප්‍රීති දායක කි්‍රයාවක් වෙයි. විශේෂයෙන් දුල්හජ් මස නම වැනි දින, එනම් අරෆා දින උපවාසය ඉටු කිරීම පිළිබඳ නබි (සල්) තුමන් පවසන විට, —එම උපවාසය ගෙවී ගිය හා උදාවන අවුරුද්දේ පාපයන්ට වන්දිය වේ˜. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදි. නසායි. ඉබ්නු මාජා). අරෆා දින උපවාසය හජ් කර්තව්‍ය ඉටු කරන්නන්ට නොව සිය ගමෙහි රැඳී සිටින්නන් ඉටු කළ යුතු උපවාසයෙකි.
සෑම මසකම උපවාසයන් තුනක්:
සෑම මසකම ආරම්භයෙහි නැතහොත් මැද, නැතහොත් අවසානයේ උපවාසයන් තුනක් ඉටු කිරීම සුන්නත් වෛකල්පිත කි්‍රයාවක් වෙයි. ආයිෂා (රලි) තුමිය විස්තර කරයි:- —මසක කුමන දිනයන්හි උපවාසය ඉටු කළ යුතුයි යනු පිළිබඳ නබි (සල්) තුමන් අවදානය යොමු නොකළහ˜. (මූලාශ්‍රය: මුස්ලිම්).
අය්යාමුල් බීල් යනුවෙන් හඳුන්වන මසක 13,14,15 යන දිනයන්හි උපවාසයන් ඉටු කිරීම ඉතා ශ්‍රේෂ්ඨ වේ. නබි (සල්) තුමන් මෙසේ පැවසීය: —ඔබ මසක දවස් තුනක් උපවාසයන් ඉටු කරන්නේ  නම් එය 13,14,15 යන දිනයන්හි ඉටුකරන්න˜æ  (මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි, නසායි).
සඳුදා හා බ්‍රහස්පතින්දා :
සඳුදා. බ්‍රහස්පතින්දා ආදි දිනයන්හි උපවාසයන් ඉටු කිරීම සුන්නත් වේ. —සඳුදා, බ්‍රහස්පතින්දා දිනවල අල්ලාහ් වෙතට යාඥාවන් ඉදිරිපත් කරනු ලැබේ. එබැවින් මම උපවාසයෙහි නිරත වී සිටින තත්ත්වයක මාගේ යහපත් කි්‍රයාවන් අල්ලාහ් අභියසට ඉදිරිපත් කරනු ලැබීම මා ප්‍රිය කරමි˜ යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ.  (මූලාශ්‍රයන්: අහ්මද්. නසායි. අබුදාවූද, තිර්මිදි).

සකස් කිරීම: ඉබ්නු යූසුෆ් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *