මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.
සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා
උතුම්වූ දින දහය:
දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?
අල්ලාහ් මෙසේ පවසයි:- “හිමිදිරි උදෑසන මත හා දස රාත්‍රිය මත ප්‍රමාණ කොට” (අල්-ෆජ්ර්:1,2).
තෆ්සීර් කලාවේ ප්‍රවීන විද්වතෙකු වන ඉමාම් ඉබ්නු කසීර් (රහ්) මෙසේ සඳහන් කරයි: දස රාත්‍රිය තුළින් අදහස් කෙරෙන්නේ, දුල්-හජ් මස මුල් දින දහයයි. ඉබ්නු අබ්බාස්, සුබෙයිර්, මුජාහිද් වැනි අයගේ මතයද මෙයයි. ඉමාම් බුහාරි ද මෙම මතය දරයි.
අල්ලාහ් මෙසේ පවසයි: “දැන හඳුනගත් එම දිනයන්හි අල්ලාහ්ගේ පරිශුද්ධවූ නාමය ඔවුන් සිහිපත් කරයි”. (2:198).
ඉබ්නු අබ්බාස් (රලි) මෙම පාඨය විස්තර කරන විට: දුල් හජ් මස මුල් දින දහය පිළිබඳවයි මෙහි සඳහන්වන්නේ. (ග්‍රන්ථය: තෆ්සීර් ඉබ්නු කසීර්).
“දුල් හජ් මස දින දහය තුළ කරන්නාවූ යහපත් ක්‍රියවාන්ට අල්ලාහ් ඉදිරියේ ලැඛෙන පිළිගැනීමට සමාන පිළිගැනීමක් වෙනත් දිනවල කරන යහපත් ක්‍රියාවන්ට නොමැත. යනුවෙන් නබි (සල්) තුමන් පැවසු විට. මිත්‍රවරුන් ශාස්තෘවරයානනි අල්ලාහ්ගේ මාර්ගයෙහි ශුද්ධවූ සටනෙහි යෙදීමට වඩා ද යනුවෙන් විමසූහ. එයට නබි (සල්) තුමන් එසේය. සටන් කිරීමටත් වඩා (පිළිගැනීමක් පවති) එනමුත් අල්ලාහ්ගේ මාර්ගයෙහි මිළ මුදල්, ජීවිතය කැප කරමින් දිවි පිදූ වීරෝධාරයින් හැර ” යනුවෙන් පැවසූහ. (වාර්තා කරන්නේ:- අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) මූලාශ්‍රය : බුහාරි).
“මෙම දින දහය තුළ කරන්නාවු යහපත් ක්‍රියාවන් අභිබවා අල්ලාහ් ප්‍රියකරන වෙනත් උතුම්වූ දිනයන් නොමැත. එබැවින් එම දිනයන්හි, තහ්ලීල් “ලා ඉලාහ ඉල්ලල්ලාහ්” (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොමැත) තක්බීර් “අල්ලාහු අක්බර්” (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි). තහ්මීද් “අල්හම්දු ලිල්ලාහ්” (සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය). අධිකව පවසන්න”. (විස්තරකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි). මූලාශ්‍රය :- අහ්මද්).
ඉහත ප්‍රකාශයන් තුළින් ප්‍රත්‍යකෂ වන කරුණ නම් දුල් හජ් මස මුල් දින දහයට කෙතරම් මූලිකත්වයක් අල්ලාහ් අභියස පවතිනවාද? නමුත් අප සමාජයේ බහුතරයකට මෙම දින දහයට පවතින ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ නිසි දැනුමක් නොමැත. රමළාන් සමය, එම මස අවසන් දහයට පවතින වැදගත්කම පිළිබඳ දන්නා තරමට මෙම දින දහය සම්බන්ධව අවබෝධයක් නොමැත. තවත් සමහරුන් තුළ දැනුමක් පැවතුනද එයට මූලිකත්වයක් නොදීම වේදනාසහගතය. මෙම ලිපිය තුළින් අපි උත්සහ කරන්නේ එම අඩුව යම් දුරකට හෝ සපුරාලන්නටයි.
එම දින දහය තුළ කරන යහපත් ක්‍රියාවන් යනුවෙන් නබි (සල්) තුමන් පැවසීම තුළින්, “යහපත් ක්‍රියාවන්” යනු පුළුල් අර්ථයක් ගෙන දෙන වචනයකි. එබැවින් ඉස්ලාම් යහපත් ක්‍රියාවන් වශයෙන් දකින සියල්ල ඉටු කිරීම සඳහා විශේෂයෙන් අපි මේ දිනවල යුහුසුළු විය යුතුය.
ශුද්ධවූ අල්කුර්ආනය පහත සඳහන් පාඨයන් යහපත කරා යුහුසුළු වන ලෙස අපව දිරිගන්වයි. ඇත්ත වශයෙන්ම ඒ සඳහා අප ඉදිරියේ පවතින එකම හා අවසන් අවස්ථාව මේ ගෙවන්නාවූ ජීවිතයයි. මේ සඳහා වෙනත් ආත්මයක් හෝ වෙනත් අවස්ථාවක් අපට නැත්තටම නැත. එකි කාරණය සිතේ දාරණය කොටගෙන මෙම පාඨයන් කියවන්න.
“කවුරුන් අල්ලාහ්ගේ වාක්‍යයන් කෙරෙහි විශ්වාසය තබයි ද, තම හිමියන්ට කිසිවක් ආදේශ නොකරයිද, තමන් යළි යායුත්තේ අල්ලාහ් වෙතයි යන බියවූ සිතකින් (අපි පිරිනැමූ දෙයින්) තමන්ට හැකි අයුරින් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) පිරිනමයි ද, මෙවැන්නන් යහපත කරා ඉක්මන්වන්නවුන්ය තවද එය (ක්‍රියාවට නැංවීමේ) පුරෝගාමීන් වශයෙන් ද සිටින්නෝය” (23: 58-61).
“ඔවුන් සියල්ලන් යහපත කරා යුහුසුවන්නවුන් විය. තවද ඔවුන් අපේක්ෂාවෙන් හා බියකින් අපෙන් ප්‍රාර්ථනා කළෝය. තවද ඔවුන් අපට බියබැතිමතුන් විය” (20: 90).
“තවද ඔබලා ඔබ හිමියන්ගේ සමාව කරා හා අහස් ගැබන් හා පොළෝ තලයන්ට වඩා සුවිශාලවූ ස්වර්ගය කරා ඉක්මන්වන්න. එය බිය බැතිමතුන් වෙනුවෙන් සූදානම් කර ඇත” (3: 133).
“(විශ්වාසයෙහි) පුරෝගාමීන්වූ මොවුන් (මතු දිනයෙහි ද) පුරෝගාමීන්ය. ඔවුන් (හිමියන්ට) ඉතා සමීපිතය. ඔවුන් සෞභාග්‍යමත් (ස්වර්ගයෙහි) සිටිති”. (56: 9-11).
යහපත පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනය තුළ අනන්තව සඳහන්වෙයි, නමුත් පහත සඳහන් පාඨය යහපත පිළිබඳ සංකෂිප්ත විවරණයක් අපට ලබාදෙයි.
“ඔබගේ රුව නැගෙනහිරට හෝ බස්නාහිරට හැරවීම තුළ යහපත නොපවතී. එනමුත් යහපත නම්: අල්ලාහ් කෙරෙහිද, අවසාන දිනය කෙරෙහිද, මලක්වරු (සුර දූතයින්) කෙරෙහිද, පුස්තක කෙරෙහිද, ශාස්තෘවරුන් කෙරෙහිද, විශ්වාසය තැබීම, තවද ඔබ සතු දේපල ඔහු කෙරෙහි පවත්නා භක්ත්‍යාදරය නිසා නෑසියන්ට ද, අනාථයන්ට ද, දුගියන්ට ද, මගීන්ට ද, යදින්නන්ට ද, වහලූන් නිදහස් කිරීමටද පිරිනැමීම, සලාතය ස්ථාපිත කර, සකාත් (ශුද්දකාරක බද්ධ) ගෙවා, ගිවිසුම් වලට එළඹුනු කල්හි ඒවා අකුරට පිළිපදිමින්, දුක් කරදර කම්කටලූ හමුවේ කම්පා නොවී ඉවසිලිවන්තව සිටිමින් (ලෙඩ දුක්, දිළිඳුකම, යුදබිය ඉවසා සිටීමය ඔවුහමය සත්‍යවන්තයෝ ඔවුහුමය සිරිත් විරිත් රකින්නෝ), ඔවුනුයි අවංක ලෙසින් අල්ලාහ් කෙරෙහි බිය භක්තියෙන් පසුවන්නවුන් වන්නේ”. (2:177).
මෙම දිනයන් තුළ කළ යුතු යහපත් ක්‍රියාවන්:
අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා ඉටු කිරීම, මෙහි සුවිශේෂත්වය පිළිබඳ විවිධ හදීස් වාර්තාවී ඇත.
ඒ අතුරින්:
“එක් උම්රාවක් තවත් උම්රාවක් අතර වූ කාලය තුළ සිදුවන පාපයන්ට වන්දිය වෙයි. පිළිගත් හජ් කර්තව්‍යට ප්‍රසාදය ස්වර්ගය මිස වෙනත් ප්‍රසාදයක් නොමැත” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. විස්තරකරන්නේ: අබූ හුරෙයිරා (රලි). මූලාශ්‍රය: බුහාරි).
කෙනෙකු උම්රා කර්තව්‍යක් ඉටු කර පසුව තවත් උම්රාවක් කොපමණ කාලයක් ගතවීමෙන් පසු ඉටු කළත් ඒ අතර තුර කාලයේ සිදුවූ පාපයන්ට දෙවැනි උම්රාව වන්දිය වෙයි, යන කාරණාව ඉහත ප්‍රකාශය තුළින් මොනවට ගම්‍යමාන වෙයි. තවද අල්ලාහ් ඉදිරියේ පවතින ශ්‍රේෂ්ඨතම සෞභාග්‍ය වන ස්වර්ගයයි හජ් කර්තව්‍ය සඳහා පිරිනැමෙන ප්‍රසාදයවන්නේ.
මෙම දින දහයෙන්, දහ වැනි දිනය හැර සෙසු දිනයන්හි උපවසායෙන් පසුවීම යහපත් කි්‍රයාවන් අතරට එක්වේ. මන්ද දහවැනි දින උත්සව දිනයයි එම දිනයෙහි උපවාසයෙන් පසුවීම සපුරා තහනම්ය. හාජිවරුන් අරෆාවෙහි සිටින 9 වැනි දින උපවාසය සඳහා විශේෂ දිනයක්වූවත්, ඒ හාජිවරුන්ට නොව සිය ගමෙහි රැඳි සිටින්නන්ට පමණක් අදාළවූවකි.
උපවාසය :
“අල්ලාහ් යාඥාවන් අතුරින් උතුම් යාඥාවක් ලෙස උපවාසය තෝරාගෙන ඇත. උපවාස ශීලයෙන් පසුවෙන්නා මා වෙනුවෙන් ඔහුගේ ආහාර, පාන ලිංගික ආශාවන් සියල්ල මැඩළයි. උපවාසය මට අයිතිවූවකි. එයට ප්‍රසාදයන් පිරිනමනු ලබන්නේ මා විසිනි.” යනුවෙන් අල්ලාහ් ප්‍රකාශ කළ බව නබි (සල්) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ: අබූ හුරෙයිරා (රලි), මූලාශ්‍රය: බුහාරි).
අරෆා දිනයේ ශ්‍රේෂ්ඨත්වය:
“දිනයන් අතුරින් ඉතා උතුම්වූ දිනය අරෆා දිනයයි ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ: ජාබිර් (රලි) මූලාශ්‍රය : ඉබ්නු හිබ්බාන්).
නබි (සල්) තුමන් පවසයි: “කවුරුන් අරෆා දින උපවාසයෙන් පසුවෙයිද, ඔහුගේ ගෙවී ගිය අවුරුද්දේ ද, උදාවීමට නියමිත අවුරුද්දේ ද පාපයන් සමා කරනු ලබයි යනු මාගේ විශ්වාසයයි.” (විස්තරකරන්නේ: අබූ කදාදා (රලි) මූලාශ්‍රය: මුස්ලිම්).
හජ් කර්තව්‍ය ඉටුකරන්නන් හැර සෙසු අය
මෙම උපවාසයට මූලිකත්වය දිය යුතුය:
“අරෆා දින නබි (සල්) තුමන් උපවාසයෙන් පසුවෙයිදෝ යන සැකයක් මට මතු විය. මම අරෆාවෙහි රැඳී සිටී නබි (සල්) තුමන් වෙත කිරි භාජනයක් පිළිගැන්වූයෙමි. ජනතාව බලා සිටින විටම එතුමන් එය පානය කළහ”. (වාර්තාකරන්නේ: මෛමූනා (රලි) තු, මූලාශ්‍රය: බුහාරි).
අරෆා දින යනු: දුල් හජ් මස නම වැනි දින හාජිවරුන් අරෆා කඳුවැටියේ රැඳී සිටින දනයයි.
හජ් කර්තව්‍ය ඉටු කරන්නන් අරෆා දින උපවාසය නොකළ යුතුයි යන්නට මෙය කදිම සාධකයකි.
මෙම දින දහය ඇතුලත තක්බීර් පැවසීම, අල්ලාහ් සිහිපත් කිරීම, ඔහු ප්‍රශංසා කිරීම ඉතා වැදගත්වේ.
අල්ලාහ් මෙසේ පවසයි: “අල්ලාහ් ඔබට මඟපෙන්වූ බැවින් තක්බීර් පවසා ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත්කොට, ඔහුට කෘතවේදී වන්න”. (අල් බකරා – 2: 185).
තහ්ලීල් “ලා ඉලාහ ඉල්ලල්ලාහ්” (නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනකිසිවෙකු නැත).
තක්බීර්” අල්ලාහු අක්බර්” (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි).
තහ්මීද් “අල්හම්දු ලිල්ලාහ්” (සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය) මෙවැනි අල්ලාහ් උත්කෘෂ්ට කරන වචන අඛණ්ඩව පාරායනය කළ යුතුය. (වාර්තාකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි), මූලාශ්‍රය: අහ්මද්).
“අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි), අබූ හුරෙයිරා (රලි) යන මිතුරන් දෙදෙනා මෙම දින දහයෙහි නගර වෙත පැමිණ තක්බීර් පවසයි. එය ශ්‍රවණය කරන සෙසු ජනතාවද තක්බීර් පවසයි”. (වාර්තාකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි), අබූ හුරෙයිරා (රලි). මූලාශ්‍රය: බුහාරි).
සහාබා මිතුරන්ගේ පසුකාලීනයන් වන තාබිඊන්වරුන් මෙම දිනයන්හි පහත සඳහන් තක්බීරය පවසමින් සිටියෝය.
අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්
වල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර් වලිල්ලාහිල් හම්ද්.
අනිවාර්්‍යය සලාතයෙන් පසු, සිය නිවසේ, නගරයේ, මග තොටවල තක්බීරය ශබ්ද නගා පැවසීම යහපත් වේ.
මේ අවස්ථාවේදි අවදානය යොමු කළ යුතු තවත් කරුණක් නම්, තක්බීරය කෙනෙකු පවසන විට ඔහු අනුගමනය කරමින් අන් අය පැවසීමේ ක්‍රමයට කිසිදු සාධකයක් නොමැත. ඒ වෙනුවට තම තමන් පැවසීමයි නියම ක්‍රමය වන්නේ.
ආගමේ නමින් කෙරෙන නූතන කරුණු සම්බන්ධව සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතුය. එය අල්ලාහ්ගේ ප්‍රසාදය වෙනුවට කෝපය ගෙනදෙයි.
“කවුරුන් ආගමෙහි නමින් යමක් අලූතින් ඇති කරයිද එය ප්‍රතිෙකෂ්ප කරනු ලැබේ”. (විස්තරකරන්නේ: අයිෂා (රලි). මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
පශ්චාත්තාපය:
සියළු පාපයන්ගෙන් ඈත්වී අල්ලාහ්ගෙන් අපි සමාව අයදිය යුතුය. කෙනෙකු පිවිතුරු සිතකින් අල්ලාහ්ගෙන් සමාව අයදින විට ඔහුට සමාව ලැබීම නියතය. පාපිෂ්ට කි්‍රයාවන් යනු අල්ලාහ්ගේ කරුණාවෙන් කෙනෙකු ඈත් කර තබන අතර ඔහුගේ කෝපයට ද හේතු වේ. අල්ලාහ් සැම විටම අපේකෂා කරන්නේ දාසයා තම වැරදි කි්‍රයාවන් පිළිබඳ පසුතැවිලි වී ඔහුගෙන් සමාව අයදීමයි.
අල්ලාහ් පවසයි: “විශ්වාසවන්තයිනිæ ඔබගේ ජයග්‍රහණය උදෙසා සියල්ලන් සමාව අයද අල්ලාහ් වෙත හැරෙන්න”. (අන්නූර්- 24: 31).
“මම දවසකට හැත්තෑ වාරයකටත් අධිකව අල්ලාහ්ගෙන් සමාව අයදිමි” යනුවෙන් අල්ලාහ්ගේ නමින් දිවුරා නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තාකරන්නේ: අබූ හුරෙයිරා (රලි), මූලාශ්‍රය: බුහාරි).
නබි (සල්) තුමන් පැවසූහ: “ඔබගෙන් කෙනෙකු කාන්තාරයේ මගහැරුනු තම ඔටුවා ලැබුනු විට පී්‍රතිවීමටත් වඩා, අල්ලාහ් ඉදිරියේ දාසයකු තම පාපයන්ට සමාව අයදින විට ඔහු ප්‍රීතියට පත්වන්නේය”. (විස්තරකරන්නේ: අනස් ඉබ්නු මාලික් (රලි). මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
යහපත් ක්‍රියාවන් බහුලව කිරීම:
අනිවාර්්‍ය සලාතයන්ට පෙර හා පසු කළ යුතු වෛකල්පිත සලාතයන්, ලූහා සලාතය, රාත්‍රි කාලයෙහි ඉටු කළ යුතු සලාතය, විත්ර් සලාතය වැනි සලාතයන් ඉටු කිරීම.
නිරතුරුව අල්ලාහ් සිහිකිරීම, ප්‍රාර්ථනාවන්හි නියැලීම, ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කිරීම. දාන මාන කිරීම. දිළින්දන්ට, අසරණයින්ට පිහිටවීම. යහපත දිරිගන්වා අයහපතින් අන් අය මුදවාගැනීම. මෙම යහපත් ක්‍රියවාන් සෑම කලකටම පොදුවූවත්, දුල්හජ් මස මුල් දින දහය තුළ කෙරෙන යහපත් ක්‍රියාවන්ට අල්ලාහ් ඉදිරියේ විශේෂ පිළිගැනීමෙක් පවතින නිසා අපි යුහුසුළු විය යුතුයි.
තක්බීර් පැවසීම තුළ පවතින විශේෂත්වය:
සර්ව බලධාරී හිමියන් විසින් මුස්ලිම් සමාජයට තිළිණ කර ඇති උත්සවයන් දෙක නම්: ඊදුල් ෆිත්ර් (රමළාන් උත්සවය) හා ඊදුල් අල්හා (හජ් උත්සවය) වේ. මේ හැර වෙනත් කිසිදු උත්සවයක් සැමරීමට මුස්ලිමෙකුට අවසර නොමැත. අපගේ නායකයා වන මුහම්මද් (සල්) තුමන් උත්සව දිනයේ අපට පෙන්වූ උසස් මඟ පෙන්වීම් අතුරින්, අල්ලාහ් ශ්‍රේෂ්ඨත්වයට පත්කරමින් තක්බීර් පැවසීමද එකකි.
“ඔබ සමරන උත්සව තක්බීර් පවසමින් අලංකාර කරන්න” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (වාර්තා කරන්නේ: අබූ හුෙරෙරා (රලි), මූලාශ්‍රය: අල් අව්සත්).
දුල්හජ් මස මුල් දින දින දහයෙහි පොදුවේ තක්බීර්, තහ්මීද්, තහ්ලීල් පැවසීම ද, හජ් කර්තව්‍යයෙහි නිරතවී සිටින හාජිවරුන් දුල්හජ් 10 වැනි දින ජම්රතුල් අකබාවෙහි ගල් ගැසීමත් සමග තල්බීයාව නතර කර තක්බීර් පැවසිය යුතුය. හජ් නොකර සිය ගමෙහි රැඳී සිටින්නන් 10 වැනි දින හිමිදිරිය පටන් අයියාමුත් තෂ්රීක් 13 වැනි දින අසර් සලාතය දක්වා තක්බීර් කිව යුතුය.
මේ දිනවල නිරතුරුව තක්බීර් පැවසිය යුතුය. අනිවාර්්‍ය සලාතයෙන් පසු තනිව තක්බීර් පැවසිය යුතුය. තක්බීර් කිව යුතු ක්‍රමය : “අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, කබීරා”. (විස්තරකරන්නේ: සල්මාන් (රලි), මූලාශ්‍රය: මුසන්නෆ් අබ්දුර්රස්සාක්).
උත්සව සලාතයට සහභාගිවීම:
උත්සව සලාතයට සහභාගි විය යුතු අතර, පවත්වනු ලබන දේශණය ද ශ්‍රවණය කළ යුතුය. මෙම උත්සව සලාතය පවත්වනු ලබන එළි මහන් පීඨයට ඔසප්වූ කාන්තාවන් ද පැමිණිය යුතු අතර ඔවුන් සලාතයට සහභාගි නොවිය යුතුය. මෙයට සාධක වශයෙන් නබි වදන් බුහාරි, මුස්ලිම් වැනි මූලාශ්‍රවල දැකගත හැක.
උල්හියා – කුර්බානි
උල්හියා යනු: හජ් උත්සව සලාතයෙන් පසු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කැප කරන සතුන්ට කියනු ලැබේ. මෙය නබි (සල්) තුමන් මහත් මූලිකත්වයක් දුන් යහපත් ක‍්‍රියාවකි.
දිය යුතු වේලාව:
හජ් උත්සව සලාතයෙන් පසුවයි කෙනෙකු කුර්බානි දිය යුත්තේ. කවුරුන් සලාතයට පෙර කුර්බාන් දෙයිද එය උල්හියා වශයෙන් සළකනු ලබන්නේ නැත. එය සිය පවුලේ අවශ්‍යතාවන් සඳහා කැප කරගත් බවයි සළකනු ලබන්නේ.
“කවුරුන් සලාතයට පෙර කැප කරයිද ඔහු යළි වරක් කුර්බානි දිය යුතුයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
“කවුරුන් (උත්සව) සලාතයට පෙර කුර්බාන් දෙයි ද ඔහු සිය පවුලේ අවශ්‍යතාවන් සඳහා එය කැප කළ බව ඔහු සිතාගත යුතුයි.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
“හජ් උත්සව දින හා ඉන් පසු උදාවන දවස් තුන ඇතුළත කුර්බානි දිය හැක. තෂ්රීක් දිනයන් යනුවෙන් සළකනු ලබන (දුල්හජ් 11,12,13) කැප කිරීමට ඇති දිනයන්” බව නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තා කරන්නේ: සුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රලි), මූලාශ්‍රයන්: දාරකුත්නි, ඉබ්නු හිබ්බාන්).
අල්ලාහ් මෙසේ පවසයි:- “එබැවින් වඩාත් ඉවසිලිවන්තවූ (ඉස්මායීල් යන) පුතෙකුගෙන් ඔහුට සුභ පැතුවෙමු. (ඉස්මායීල්) ඔහුත් සමග එක්වී කටයුතු කරන වියට පත්වූ විට, ඔහු (තම පුත්‍රයාගෙන්) මාගේ දයාබර පුත්‍රයානනිæ මා ඔබ කැප කරන ආකාරයේ හීනයක් දුටුවෙමි. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? යනුවෙන් විමසා සිටියේය. එයට මාගේ පියාණනි! ඔබට පැමිණී නියෝගය ඔබ අකුරටම ඉටු කරන්න. අල්ලාහ්ගේ කැමැත්ත මත මා ඉවසිලිවන්තව සිටීම ඔබ දකිනු ඇත යනුවෙන් පැවසූහ. ඒ දෙදෙනා (අල්ලාහ්ගේ නියෝගයට) මුළුමනින්ම යටහත් වී (ඉබ්රාහීම්) වන ඔහු ඔහුගේ පුත්‍රයා වන (ඉස්මායීල්)ව කැප කිරීම සඳහා මුහුණින් හෙළු විට, අපි ඉබ්රාහීම්! යනුවෙන් ඇමතුවෙමු. සැබවින්ම ඔබ ඔබ දුට හීනය සැබෑ කළේය. නියතයෙන්ම යහපත කරන්නන්ට අපි මේ ආකාරයටයි ප්‍රසාදයන් ලබා දෙන්නේ. නියතයෙන්ම මෙයයි පැහැදිළි පරිකෂණය වන්නේ (යනුවෙන්ද පැවසුවෙමු). තවද, (ඔහු වෙනුවට) උතුම් කැප කිරීමකින් ඔහු මිදුවෙමු.” (අස්සාෆ්ෆාත්: 37: 101, 107).
මෙම සත් කි්‍රයාවට මුල පිරුවේ අපේ පියාවන නබි ඉබ්රාහීම් (අලෙයිහි) තුමන් විසිනි. අපේ පියාණන් වූ නබි ඉබ්රාහීම් (අලෙයිහි) තුමාණන්ට තම සෙනෙහවන්ත පුතුනුවන් වූ ඉස්මායීල්ව කැප කරන ලෙස අල්ලාහ්ගෙන් නියෝගයක් පැමිණිය. ඒ නියෝගයට අවනතවූ ඉබ්රාහීම් (අලෙයිහි) තුමන් තම පුතුනුවන්ටද එය සැලකළේය. එයට ඉස්මායිල්ද එකඟවිය. නමුත් අල්ලාහ්ගේ අසීමිත දයාළු භාවය පෙර දැරිවූ බැවින් එය වළක්වා එළුවෙකු කැප කරන ලෙස නියෝගය පැමිණිය. මෙම මහඟු පරීකෂණයෙන්ද ඉබ්රාහීම් (අලෙයිහි) තුමන් ජයගත් බව ශුද්ධවූ අල්කුර්ආනය පවසයි. මෙම උතුම් වූ පුරුෂයාගේ ඓතිහාසික සිදුවීම සිහිපත් කිරීමක් වශයෙන් සෙසු සියළු අය සත්වයන් කැප කිරීමට සර්ව බලධාරී අල්ලාහ් නියම කළේය.
තවද පිවිතුරු චේතනාවකින් මෙම කර්තව්‍ය කළ යුතුය. මෙහි මූලික හරය දේව භක්තියයි. අල්ලාහ් පවසයි: “කුර්බානි කැප කරන මාංස හෝ එහි රුධිරය අල්ලාහ් වෙත නොඑක්වන්නේය. එනමුත් ඔහුගේ දේව භක්තියයි ඔහු වෙත එක්වන්නේ”. (අල්හජ් 22: 37).
තවද, අල්ලාහ් පහත සඳහන් අල්කුර්ආන් පාඨය තුළින් නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ සමාජයන් කුර්බාන් කැප කිරීමේ අවශ්‍යතාවය මෙසේ විස්තර කරයි: “ඔබ හිමියන්ට යාඥා කර තවද කුර්බාන් කැප කිරීම කරන්න”. (අල්කව්සර්-108:2).
“නබි (සල්) තුමන් අං ඇති කළු වර්ණයෙන් මුසුවූ සුදු බැටළුවන් දෙදෙනෙකු කුර්බානි උල්හියා දුන්හ. එහි (ගෙල) කපන විට “බිස්මිල්ලාහි අල්ලාහු අක්බර්” යනු පවසා ඒ දෙකෙහි කොටසක පාදය තබා තමන්ගේ දෑතින් කපන්නට විය”. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
කුර්බාන් දියහැකි සතුන් හා එය දිය යුත්තන්:-
කුර්බාන් දීමට ඉස්ලාම් අනුමත කරන සතුන් බැටළුවන්, ගවයන්, ඔටුවන් පමණි. කෙනෙකුට හෝ පවුලකට එක් එළුවෙක් ප්‍රමාණවත්ය. හත් දෙනෙකු එක් වී එක් ඔටුවෙක් හෝ ගවයෙක් දීමට ද අනුමැතිය ඇත. කුර්බානි දීම සඳහා වත්කම් ඇති කෙනෙකුට කොපමණ සංඛ්‍යාවක් වූවද දිය හැක.
“හුදෛබියා (ගිවිසුම සිදුවූ) වසරේ අපි හත් දෙනෙකුට එක් ඔටුවෙක් බැගින්ද, හත් දෙනෙකුට එක් ගවයෙකු බැගින්ද කුර්බාන් දුන්නෙමු”. (විස්තරකරන්නේ: ජාබිර් (රලි). මූලාශ්‍රයන්: මුස්ලිම්, අබුදාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා).
කුර්බාන් සඳහා තෝරාගන්නා සතුන් කිසිදු අඩු පාඩුවකින් තොර පරිපූර්ණවූ තත්ත්වයක පැවතිය යුතුය. ඇස් අන්ධ වීම, කන් කැපීම්වලට ලක්ව තිබීම හෝ හිල්කර තිබීම, රෝගාතුරව තිබීම, නොන්ඩි වීම, මෙවැනි ආබාධයන්ගෙන් තොර පැවතිය යුතුය. මේ පිළිබඳ අලි (රලි) හා බරාඃ (රලි) විස්තර කරන පුවත් අහ්මද්, තිර්මිදි, නසායි, අබූදාවූද්, ඉබ්නු මාජා වැනි මූලාශ්‍රවල දැකගත හැක.
“කුර්බානි කැප කරන විට ගවයන් හා එළුවන් එක් පැත්තකට ඇලකර කැපිය යුතුය. ඔටුවන් සිටගෙන සිටින තත්ත්වයක කැපිය යුතුය. (කපන විට) “බිස්මිල්ලාහි අල්ලාහු අක්බර්” යනුවෙන් පවසා කැපිය යුතුය.ආයිෂා (රලි) හා අනස් (රලි) විස්තර කරන මෙම පුවත බුහාරි, මුස්ලිම් වැනි මූලාශ්‍රවල සඳහන් වේ.
කුර්බාන් උල්හියා දීමට අධිටන්
කර සිටින්නන් පිළිපැදිය යුතු කරුණු:
“කුර්බානි උල්හියා දීමට අධිටන් කරගත් උදවිය දුල්හජ් මස මුල සිට එය ඉටු කරන තෙක් තමන්ගේ රෝමයන්, නියපොතු කිසිවක් ඉවත් නොකළ යුතුයි.” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
මෙම තහනම උල්හියා කුර්බානි දීමට අධිටන් කරගත් පිරිසට පමණක් අදාළවූවක් මිස ඔහුගේ බිරිඳට හෝ දූ දරුවන්ට අදාළ නොවේ.
කුර්බානි සතාගේ හම හෝ එයින් යමක් කුළිය වශයෙන් වැඩකරන්නන්ට පිරිනැමීමෙන් වැළකිය යුතුය.
මෙම සුවිශේෂිවූ දුල්හජ් මස මුල් දින දහය අපි සුළුකොට නොතැකිය යුතු අතර මෙය අපගේ ජීවිතය උදාවන ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් සළකා නැවුම් උද්‍යයෝගයකින් යහපත කරා යුහුසුළු විය යුතුය.
දිය යුත්තේ කාටද?:
“ප්‍රසාදයන් ලබාගැනීම උදෙසා නියමිත දිනවල අල්ලාහ් ඔවුන්ට පිරිනමා ඇති (බැටළුවන්, ගවයන්, ඔටුවන්) වැනි කකුල් හතරින් යුත් ගවේලකයන් මත ඔහුගේ නම පවසා (කුර්බාන්) දීම සඳහා (පැමිණෙති). එබැවින් ඔබ ද එයින් අනුභව කරන්න. දුක්විඳින දුගීන්ට ද පිරිනමන්න.” (22: 28).
“එයින් ඔබද අනුභව කරන්න. (දිළිඳුභව මුල් කොටගෙන අත නොපා) තෘප්තිමත්වූ උදවියට ද, යදින්නන්ට ද දෙන්න.” (22: 36).
තමන්ට ද අනුභව කළ හැකි අතර සමාජයේ දිළින්දන්, දුප්පතුන්, අසරණයින්ට මුල්තැන දිය යුතුය. ඒ වෙනුවට පුහු ආඩම්භරය සඳහා පොහොසතුන්ට දීමෙන් වැළකිය යුතුය. පොහොසතුන්ට දීම තහනම් බව මෙයින් අදහස් නොකෙරේ. චේතනාව සෑම යාඥාවකටම අනිවාර්්‍ය වන බැවින් ඒ පිළිබඳ ඉතා විමසිල්ලෙන් සිටිය යුතුයි.
උත්සවය සැමරිය යුත්තේ කෙසේද?
දුල්හජ් මස 10 වැනි දිනට යෙදෙන ඊදුල් අල්හා උත්සවය එයින් පසුවද දින තුනකට බලපැවැත්වේ. ඊදුල් අල්හා උත්සව දිනයෙහි හිමිදිරි උදෑසනින්ම අවදීවූ කෙනෙකු දියනාගෙන අළුත් ඇඳුමින් සැරසී සුවඳ විළවුන් ආලේප කර, උත්සව සලාතයට සහභාගි විය යුතුය. හැමෝම එකට පෙළ ගැසී ඉටු කරන මෙම සලාතය තුළින් සංකේතවත් කරන්නේ සහෝදරත්වය හා සමගියයි. සෙසු සහෝදර මුස්ලිම්වරුන්ට අතිනතදී සුභ පැතීම සතුට ඛෙදා ගැනීම ඉස්ලාම් ප්‍රිය කරන ක්‍රියාවන් වේ.
උත්සව දිනයේ තම දෙමාපියන්, සිය ලේ ඥාතීන්, අසල් වැසියන් බැහැ දැක සතුට ඛෙදා ගැනීමට අමතක නොකළ යුතුයි. දෙමාපියන් සමග, ලේ ඥාතීන් සමග විරසකවී සිටින සමහර පිරිස් මෙවැනි දිනවල පවා එය අමතක නොකර එම එදිරිවාදිකම් පවත්වාගෙන යෑම පිළිකුල් සහගතය. මෙය ඉස්ලාමීය ඉගැන්වීම් වලට මුළුමනින් පටහැනිය.
උත්සව දිනයන්හි ඉස්ලාමීය වපසරිය තුළ සිටයි කෙනෙකුට ප්‍රීතිවිය හැක්කේ. ඒ වෙනුවට සූදු කෙළීම, මත් පැන් පානය, සංගීත සාද පැවැත්වීම, චිත්‍රපට නැරඹීම, මත් පැන් පානය කෙසේ තමන්ට තහනම් ද එසේම අන් අයට එය පිළිගැන්වීම ද සපුරා තහනම්ය.
උත්සව දිනවල දෛනික සලාතය පවා මගහරින පිරිස් අප අතර බහුලය. අනිවාර්්‍ය සලාතය මගහැරීමට කිසිම අවස්ථාවක අවසරයක් නැත. මෙවැනි තත්ත්වයන්ගෙන් අපි මිදී කටයුතු කළ යුතුය.
මෙම මාතෘකාවට අදාළ දේශණය නරඹන්න පහතින් ඇති මාතෘකා මත click කරන්න.
1- උතුම්වූ දින දහය තුළින් අග්‍ර ඵළ නෙළා ගැනීම සඳහා මාර්ගෝපදේශ 8 ක්!
2- දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද?
3- දුල්හජ් මස මුල් දින දහයෙහි කළ යුතු යහපත් ක්‍රියාවන්
අල්ලාහ්ට අවනතව ජීවත්වී දෙලොව ජයග්‍රහණය ළඟාකර ගනිමු.
By: Abu Asma
www.yayuthumaga.com