මුලු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම වශයෙන් අනාවරණයවූ ශුද්ධවූ අල්කුර්ආනය වෙනුවෙන් අපි ඉටු කළ යුතු යුතුකම් රාශියක් පවති. ඒ අතුරින් එය නිසි අයුරින් පාරායනය කිරීම, එය අධ්‍යයනය කිරීම, ඒ අනූව ජීවත් වීම, එය කරා සමාජය කැඳවීම.
අල්කුර්ආනය පාරායනය කිරීම යනු ඉතා ශ්‍රේෂ්ඨවූ යාඥාවකි. එහි වදැගත්කම පිළිබඳ නබි (සල්) තුමන් විවිධ අවස්ථාවල ප්‍රකාශ කළහ. අපේ බහුතරයක් රමළාන් සමයේ උදාවත් සමග පමණයි අල්කුර්ආනය අතට ගන්නේ, ඉන් පසු එය මුලුමනින් අමතක කර දමති. තවත් පිරිසක් කවුරුන් හෝ මිය යන විට අල්කුර්ආනය අතටගනිති. 3,7,15,40 වශයෙන් දින වෙන්කර අල්කුර්ආනය පාරායනය කර දාන දෙති. මෙය කොහෙත්ම ඉස්ලාම් අනුමත කළ කි්රයාවන් නොවේ. මෙයට අවසන් දූතවරයාගේ ජීවිතය තුළ කිසිදු ආදර්ශයක් දැකගත නොහැක. මියගියවුන් වෙනුවෙන් කිරීමට අවසර ඇති ක්‍රියාවන් පිළිබඳ වෙනත් ලිපියකින් සාකචිඡා කිරීමට අපි අපේක්ෂා කරමු.
අල්කුර්ආනය මළවුන් වෙනුවෙන් පාරායනය කිරීමට හෝ, එය පිඟාන්වල ලියා දිය කර පානය කිරීමට හෝ, තඹ තහඩුවල ලියා කරේ, ඉනේ එල්ලාගැනීමට අල්ලාහ් අනාවරණය කළේ නැත. මුලු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්විම සඳහායි එය අනාවරණය කරනු ලැබුවේ.
“නබි (සල්) තුමන්ගේ බිරිඳ වන ආයිෂා (රලි) තුමිය වෙත මිතුරෙකු පැමිණ නබි (සල්) තුමන්ගේ උසස් ගුණාංග පිළිබඳ විමසා සිටියේය. එයට එතුමිය ඔබ අල්කුර්ආනය පාරායනය නොකළේද? අල්කුර්ආනයයි එතුමන්ගේ උසස් ගුණාංග වශයෙන් බැබලුනේ”. (මූලාශ්‍රය: මුස්ලිම්).
වත්මන් ලෝකය තුළ මුස්ලිම්වරැන් අතර පවතින කණගාටු දායක තත්ත්වය නම් අල්කුර්ආනය එහි පිටුවලට සීමාවී පවතිනවා මිස ඔවුන්ගේ ජිවිතයට එය පරිතවර්තනය කරගැනීමට කිසිදු වෑයමක් නොකරති.
අවසන් දූතවරයා වරක් මෙසේ ප්‍රකාශ කළහ: “සැබවින්ම (තීරණාත්මක විනිශ්ච දිනයෙහි) අල්කුර්ආනය ඔබ වෙනුවෙන් පෙනී සිටී, නැතහොත් ඔබට එරෙහිවෙයි” (මූලාශ්‍රය: මුස්ලිම්).
අල්කුර්ආනය ඔබට පක්ෂපාතිවීම හා විරැද්ධවීම එයත් සමග ඔබ කි‍්‍රයා කරන ආකාරය මත රඳා පවති.
අල්ලාහ් තම දූතවරයාට මෙසේ නියෝග කරයි:
“(දූතවරයානනි!) ඔබ අල්කුර්ආනය ඉතා නිවැරදිව පාරානයනය කරනු!” (ශු අල්කුර්ආනය 73 : 4).
“සැබවින්ම කවුරැන් දේව පුස්තකය (අල්කුර්ආනය) පාරායනය කර, සලාතය නිසි අයුරින් ස්ථාපිත කර, අපි ඔවුන්ට පිරිනැමූ දෙයින් රහසිගතව ප්‍රසිද්ධියේ දාන මාන කරයිද, ඔවුන් කිසිදාක පාඩු නොවන ව්‍යාපාරයක් අපේක්ෂා කරන්නෝය”. (ශු අල්කුර්ආනය 35:69).
තීරණාත්මක විනිශ්ච දිනයෙහි ඔබ වෙනුවෙන්
ඉදිරිපත්වන්නේ කුමක් කියා මීට පෙර ඔබ දැන සිටියාද?
“අල්කුර්ආනය පාරායනය කරන්න නියත වශයෙන්ම එය විනිශ්ච දිනයේ දී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ උමාමා (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම්).
සකල ලොව හිමියන් අභියස ඔබේ නාමය සිහිපත් කිරීමට නම්!:
“යම් පිරිසක් අල්ලාහ්ගේ මස්ජිදයක වාඩිවී අල්කුර්ආනය පාරායනය කරති, තවද එය හදාරති. එවිට ඔවුන් මත අල්ලාහ්ගේ ශාන්තිය පහළවන්නේය, දේව දූතවරුන් ඔවුන් වටකරගන්නෝය, අල්ලාහ්ගේ කරුණාව ඔවුන්ව වෙළාගන්නේය, අල්ලාහ් තමන් අභියස සිටින මල්කවරුන් (දේව දූතවරුන්)ට මොවුන් පිළිබඳව සිහිපත්කරයි”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ අබූහුරෙයිරා රලි තුමන්, මූලාශ්‍රය: මුස්ලිම්).
අල්ලාහ් ඉදිරියේ ඔබ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා විය යුතුද?
“ඔබලා අතුරින් ශ්‍රේෂ්ඨවන්තයා වන්නේ අල්කුර්ආනය හදාරා එය අන් අයටද උගන්වන්නාය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ: උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි).
මිළ මුදල් සම්පත් කිසිවක් වලංගු නොවන අවසාන දිනයෙහි
ඔබේ තනතුරැ උසස්වීමට ඔබ ප්‍රිය කරන්නේද?
“අවසාන දිනයෙහි අල්කුර්ආනය උගත් අයකු අමතා අල්කුර්ආනය පාරායනය කරමින් පදවීන් උසස් කරගනු! ඔබ ලොව ජීවත්වූ විට මිහිරිව පාරායනය කළා සේම මෙහිද පාරායනය කරනු. ඔබ පාරායනය කරන අවසන් වාක්‍යය ඔබේ නවාතැනයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අම්රිබ්නු ආස් (රලි) තුමන්, මූලාශ්රයන්: අබූදාවූද්, තිර්මිදි).
ඔබේ සිත පාළු ගෙයක් නොවිය යුතුය:
“අල්කුර්ආනයෙහි සුළු කොටසක් හෝ තම සිතෙහි රඳවා නොගත් පුද්ගලයා පාළුවූ ගෙයකට සමානවන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ඉබ්නු අබ්බාස් (රලි) තුමන්, මූලාශ්‍රය:තිර්මිදි).
පාළු ගෙයක විෂගෝර සර්පයන් වාසය කරන්නා සේ ඔබේ සිත ද නපුරු සිතුවිලි වලින් ආක්‍රමණය වීමට දොරටු විවෘත නොකළ යුතුයි.
ඔබේ පිං කුසල් දස ගුණයකින් ප්‍රගුණ කරගැනීම සඳහා
පහසු ක්‍රමයක් ඔබට දන්වන්න ද?
“කවුරැන් අල්කුර්ආනයෙන් එක් අකුරක් කියවයිද ඔහුට එක් පිනක් ඇත. එම පිණ දස ගුණයකින් යුක්තය. අලිෆ්,ලාම්,මීම් යනු එක් අකුරක් යැයි නොකියමි. අලිෆ් එක් අකුරකි, ලාම් එක් අකුරකි, මීම් එක් අකුරකි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තරකරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමන්, මූලාශ්‍රය: තිර්මිදි).
ඊර්ෂ්‍යාව යහපත සඳහා පමණයි:
“අල්ලාහ් අල්කුර්ආනය ලබා දී ඒ අනූව දිවා රාති‍්‍ර ජීවත් වන පුද්ගලයා සහ අල්ලාහ් වස්තුව ලබා දී එය දිවා රාති‍්‍ර (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරන පුද්ගලයා යන දෙදෙනා කෙරෙහි හැර වෙන කිසිවෙකු කෙරෙහි ඊර්ෂ්‍යා නොකළ යුතුය”. යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්, මූලාශ්රයන්: බුහාරි,මුස්ලිම්).
අල්ලාහ්ගෙන් පමණක් උසස්භාවය අපේක්ෂා කරන්න!:
“නියතවශයෙන් අල්ලාහ් මෙම අල්කුර්ආනය මගින් සමහර පිරිස් උසස් කරවයි. තවත් සමහරැන්ව පහත් කරවයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (ව්ස්තර කරන්නේ: උමර් (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම්).
අල්කුර්ආනය හදාරා එය තුළින් පටු ලෞකීක ලාභාපේක්ෂාවන හෝ වෙනත් අයගේ පැසසුම හා ප්‍රශංසාව කවුරුන් අපේක්ෂා කරයිද ඔහු අල්ලාහ් ඉදිරියෙහි නින්දාවට ලක්වනු ඇත.
ඔබ අවසාන දිනයෙහි උත්තරීතරවූ දේව දූතවරුන් සමග
සිටීම ප්‍රිය කරන්නේද?:
“අල්කුර්ආනය හොඳින් (දක්ෂ ලෙස) පාරායනය කරන්නා යහපත්වූ ද ගෞරවනීයවූ ද මලක්වරැන් (දේව දූතවරැන්) සමග සිටියි. අල්කුර්ආනය අසීරැවෙන් තටම තටම පාරායනය කරන්නාට දෙගුණයක් පිං ඇතැයි” නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ ආයිෂා (රලි) තුමිය, මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).
බාහිරව හා අභ්‍යන්තරව ඔබ ආදර්ශමත් වන්න:
“අල්කුර්ආනය පාරායනය කරන විශ්වාසවන්තයෙකුට උදාහරණය වන්නේ දොඩම් ගෙඩියකි. එහි සුවඳ මිහිරිය. එහි සුවයද මිහිරිය. අල්කුර්ආනය පාරායනය නොකරන විශ්වාසවන්තයකුට උදාහරණය වන්නේ රට ඉඳි ගෙඩියකි. එයට සුවඳ නැත නමුත් එහි සුවය පැණි රසය. අල්කුර්ආනය පාරායනය කරන කුහකයකුට උදාහරණය වන්නේ මලකි. එහි සුවඳ මිහිරිය රසය තිත්තය. අල්කුර්ආනය පාරායන නොකරන කුහකයකුට උදාහරණය වන්නේ වල්කැකිරි ගෙඩියකි. එයට සුවඳක් ද නැත. සුවයද තිත්තය” යැයි නබි (සල්) තුමන් පැවසූහ. (ව්ස්තර කරන්නේ අබූ මූසා අල් අෂ්අරි (රලි) තුමන්, මූලාශ්රයන්: බුහාරි, මුස්ලිම්).
www.yayuthumaga.com