අපරිමිත දයාන්විත අසම සම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

අල්ලාහ් යනු වන්දනාමානය කිරීමට සුදුසු එකම දෙවියා යන අර්ථය ගෙන දෙන අරාබි පදයකි. අල්ලාහ් යන නමෙහි විශේෂි බව නම් බහු වචන නොතිබීමයි. එනම් ඔහු එකම එක දෙවියාය. අල්ලාහ් ලිංග බේදයෙන් තොරය. ඔහුට සමාන කිසිවෙක් මෙළොව නැත. ඔහු අසම සම ඒකකයාය. අල්ලාහ්ට උපතක් හෝ විපතක් නැත. අල්ලාහ්ට දෙමාපියන්, දූ දරුවන්,නින්ද, කුසගින්න, ලිංගික අවශ්‍යතා, විවේකය හා මරණය නැත. ඔහු සදා ජීවමාන වේ.

   මෙළොව සියල්ල මවා පරිපාලනය කරන්නාවූ අධිපතියාය. මිනිසා, ජින්වරැන් ඇතුළුව අහස හා පොළොව අතර සියල්ලද අපගේ ඇසට නොපෙනෙන ඉරණම, අවසාන දිනය,ඉඅල්ලාහ්ගේ දේව දුතයන්,ඉස්වර්ගය හා අපාය ඇතුළුව නම් වශයෙන් සඳහන් නොකළ,ඉමිනිසාගේ පියවි ඇසට පෙනෙන නොපෙනෙන සියල්ලගේ මැවුම් කරුවා අල්ලාහ් පමණක් වේ. මෙහි සියළු බලතල අල්ලාහ් සතු වේ.

   ඔහු නිර්මාතෘ,ඉපාලකයා,ඉසපයන්නා හා විනාශ කරන්නා වේ. විශ්වයේ විශිෂ්ථතම නිර්මාණය වනුයේ මිනිසාය. අල්ලාහ් මිනිසාව නිර්මාණය කළේ ඔහුට පමණක් වන්දනාමානය කර ඔහුගේ අණට කීකරු වී ජීවිතය හැඩගස්වා ගන්නා වූ සියල්ලටම ස්වර්ගයත් ඔහුගේ අණ නොතකා සිතුමතේ ජීවත් වන්නාවූ සියල්ලට අපාය ස්ථිර කිරීම සඳහාත්,ඉඅල්ලාහ් විසින් මිනිසාව නිර්මාණය කරන ලද්දේය. මිනිසාට ඇස්, කණ්, නාසය, හදවත හා මොළයක් ලබා දී ඇත. එයින් මිනිසා, තම දෙවියා කවුරුන්ද යනුවෙන් වටහා ගත යුතුය.

   අප එදිනෙදා ජීවිතයේ ඕනෑම කාර්යක් කිරීමේදී, යම් ප්‍රතිථලක් බලාපොරොත්තු වෙමු. උදාහරණයක් ලෙස ඉතා දක්ෂ විධ්‍යාඥයෙක් තමාගේ යම් පරීක්ෂයනයකින් විශාල බලාපොරොත්තු තබා ප්‍රතිථල අපේක්‍ෂාවෙන් සිටී. ඔහු ඉන් ජයගත් වහාම නොනැවතී තමා ලබා ගත් ප්‍රතිථල ලෝකයා ඉදිරියට ගෙන යයි. ඉන්පසු මිනිසුන් ඇගයීමට ලක් කරති. නමුත් අප සිතා බැලිය යුතු නොවේද? ඔහුට එම පරීක්‍ෂණය සාර්ථකව නිමකර ගැනීමට, ඔහුට ඇස්, කණ්‍‍, නාසය, හදවත හා මොළය ලබා දුන්නේ කවුරුන්ද යන වග. ඒවායේ නිර්මාතෘ කවුද, ඒවා ඉබේ ඇති වුවක්ද? නැත. මේ සියල්ල ඉබේ ඇති වුවා නොවේ. අප කරනා පුංචි දෙයකින් හෝ ප්‍රතිථල බලාපොරොත්තු වන්නෙමු. එනම් විශ්වයේ අධිපති වන අල්ලාහ් මිනිසාව නිර්මාණය කර එහි ප්‍රතිථල අපේක්‍ෂා කරති. එහි ප්‍රතිථලය අවසානයේ කෙනෙකුට ස්වර්ගය හෝ අපාය ස්ථිර වනු ඇත. ඉන් ජය ලබා ගැනීමට නම් තම දෙවියා හදුනා ගත යුතුය.

   අද විවිධ සමාජයන්හි විවිධ ඇදහිලි ක්‍රම පවතී. එනම් මිනිසෙක් තවත් මිනිසෙක් ලඟ වැඳ වැටීම, ගස්, ගල්, ඉර, හඳ, තාරකා, විවිධ වර්ගයේ පින්තූර, පිළිම, විවිධ සතුන්, මල ගිය ඇත්තන් හා නම් වශයෙන් සඳහන් නොකළ විශාල දේවල් වලට තම දෙවියා යනු සිතා වැඳනමස්කාර කරති. නමුත් ඔවුන් සිතා බැලුවේ නැද්ද? ඒ සියල්ල අල්ලාහ්ගේ නිර්මාණ බව.

   අප අල්ලාහ්ට පමණක් වැදුම් පිදුම්, ප්‍රාර්ථනා, දුක, භාරහාර වීම, ජිවිතයේ එදිනෙදා සියල්ල අල්ලාහ් වෙනුවෙන් ඉටුකළ යුතු වේ. ඔහුගේ නිර්මාණයන්ට වැඳ වැටීම තරම්, මිනිසා පහත් විය යුතුද? අපගේ නිර්මාතෘවරයා පිළි නොගෙන ඔහුගේ මැවීම් වලට වන්දනාමානය කරන මිනිසා තරම් අනුවන, කළගුණ නොදන්නා තවත් කෙනෙක් සිටීද? මිනිසා මෙය සිතා බැලිය යුතු නොවේද?

   සමහර මිනිසුන් තම නිර්මාතෘ කවුරුන්ද කියා නොදන්නවා විය හැක. නමුත් එය එසේ නොවේ. මිනිසාට ඉතා අගනා මොළයක් හා හදවතක් ඇත. නමුත් අද ලොව පවතින විවිධ වර්ගයන්ගෙන් යුත් අලංකාරයන් අතරේ මිනිසා, තම නිර්මාතෘ තියා, තම දෙමාපියන් දූ දරුවන් හා තමාගේ අනෙකුත් සියළු වගකීම්වලින් බැහැරව කටයුතු කරති. මේ සියල්ල අතරේ කාලය හරස් වී මරණය ලගා වූ විට මිනිසා පත්වන ශෝකජනක තත්වය කොපමණද? නමුත් ඔහුට එම අවස්ථාවෙන් ගැලවී යා නොහැක. ඔහු මරණයට මුහුණ දිය යුතුම වේ.

   අල්ලාහ් විසින් මිනිසා නිර්මාණය කර, අල්ලාහ් කවුරුන්ද යනුවෙන් හදුන්වා දීම සඳහා, මිනිසා අතරින් යහගුණ පිරි මිනිසුන් අල්ලාහ්ගේ දහම පිළිබදව ප්‍රචාරය කිරීමට තෝරා පත් කරන ලදී. ඔවුන් “අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට සුදුසු වෙන කිසිම දෙවියෙකු නැත” යනුවෙන් සියළු සමාජයන්ට දේශණා කරන ලදී. මෙලෙස අල්ලාහ් විසින් පත්කර ගන්නා ලද මොවුන්, “නබිවරු හා රසූල්වරු” ලෙස හැදින්වේ. මෙළොව අල්ලාහ්ගේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා සෑම සමාජයකටම ශාස්තෘවරැන් එවන ලදි. ලොව ප්‍රථම මිනිසා, අල්ලාහ්ගේ නබි, ලොව ප්‍රථම ස්වාමි පුරුෂයා හා ප්‍රථම පියා ලෙස ආදම් අලෛහිස්සලාම් තුමාගේ පටන් අවසාන නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහිස්සලාම් තුමා ඇතුළු සියළු මිනිස් වර්ගයා වන්දනාමානය කළ යුත්තේ අල්ලාහ්ට පමණි යන ඒක දේව වාදය හදුන්වා දෙන ලදී.

   මෙම නබිවරුන් වෙත, අල්ලාහ්ගේ මලාඉක (දේව දූත) වන ජිබ්රිල් අලෛහිස්සලාම් තුමා විසින් දේව පණිවිඩ ලැබ නබිවරුන්ට දන්වා සිටී. ඉන්පසු ඔවුන් ජනයාට දේශණා කරන ලදී. මෙලෙස අල්ලාහ් විසින් මිනිසා යහමග යැවීම සඳහා දේව ග්‍රන්ථ අනාවරණය කරන ලදී. එනම් තව්රාත්, සබුර්, ඉන්ජීල් හා අල් කුර්ආන් වේ. අල් කුර්ආනය හැර අන් සියළු ග්‍රන්ථ මිනිසා විසින් කාලයෙන් කාලයට වෙනස්කම් කරන ලදී. එහි අල්ලාහ්ගේ දේව වැකි විකෘති කර ඇති නිසා ලොව අවසානය දක්වා අල් කුර්ආනය පමණක් පිළිපැදිය යුතුයි යන නියෝගය අල්ලාහ් විසින් පනවා ඇත. එය සව්දි අරාබියාවේ මක්කා නගරයේ උපත ලැබූ මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාට අරාබි බසින් පහල විය. එහි අර්ථයන් තම මව් බසින් ලබා ගැනීමට තරම් අද ලොව ඉතා දියුණු වී ඇත. එනමුත් අල්ලාහ්ගේ අනෙක් ග්‍රන්ථ ප්‍රතික්‍ෂේප කළ නොහැක. නමුත් එහි නීතිරීති පිළිපැදීම තහනම් වේ. මන්ද, එය  අනාවරණයවූ මුල් තත්වයෙන් නොවූ නිසා වේ. අල් කුර්ආනය ලොව අවසානය දක්වා ආරක්ෂා කරන බවට අල්ලාහ් විසින් අල් කුර්ආනයේ පවසා ඇත. එහි සියළු මිනිස් හා ජීන්වරුන්ට අල්ලාහ් අභියෝග කර සිටී. එනම් එහි ඇති පරිච්චේද දහයක් හෝ එකක් ගෙන එන ලෙස. නමුත් අද දක්වා එයට කිසිවකු සමත් වී නැත. ලොව අවසානය දක්වා එසේ කළ නොහැකි බව අල්ලාහ් අල් කුර්ආනයේ පවසයි.

   මෙම අල්ලාහ්ගේ අවසාන ග්‍රන්ථය වන අල් කුර්ආනය හා අවසාන නබි මුහම්මද් (සල්) තුමා සියළු සියළු මිනිස් වර්ගයාටම එවන ලදී. එය එක් ප්‍රදේශයකට හෝ එක් ජනකොටසකට පමණක් නොවේ. අල් කුර්ආනය හා නබිතුමාගේ  දේශණා, ක්‍රියා, අනුමත කළ (සුන්නාහ්) පිළිපැදීම සියළු මිනිස් වර්ගයාට පොදු වේ. මෙලෙස පිළිපදින පුද්ගලයන් මුස්ලිම්වරු නමින් නඳුන්වනු ලැබේ. මෙලෙස අල්ලාහ් විසින් පිළිගන්නාවූ එකම දහම ඉස්ලාම් වේ. මෙය සියළු මිනිස් වර්ගයාට පොදු දහමයි. එය අල්ලාහ් විසින් අනුමත කරන ලද එකම දහමයි. එනම් අල්ලාහ්ට සම්පුර්ණයෙන් අවනත වීම, කීකරු වීම, යටහත් වීම ඉස්ලාම් නම් වේ. මෙහි සාමය යන අර්ථයද ගැබ් වී ඇත.

   මෙලෙස අල්ලාහ් විසින් මිනිසාව නිර්මාණය කර ඔහුට යහමග පෙන්වීම සඳහා ධර්ම ග්‍රන්ථ හා නබිවරු බිහිකර ස්වර්ගයේ මග පහසු කර ඇත. ඉන් ජයගන්නා ඉතා වාසනාවන්තයින් වේ. ඔවුන්ට කිසිදු දුකක් නැත. ඔවුන් එහි සදාකල් ජිවත් වෙති. ඔහුගේ අණ නොතකා හිතුමතේ ජීවත්වූ අය ඉතා අවාසනාවන්තයෝ වෙති. මොවුන් සදාකල් අපායේ රැදී සිටී. ඔවුන් එහි මරණයට පත් වන්නේද ඔවුන්ගේ දඬුවම ලිහිල් කරන්නේද නැත.

   මිනිසාගේ වන්දනාමානයට සුදුසු එකම දෙවියා වන අල්ලාහ් සියල්ල දන්නේය. සියල්ල දකින්නේය. ලොව වැසියන්ගේ පෝෂකයාය.

   අල්ලාහ්ට පමණක් ආවේණික ඉතා අලංකාරවත් නම් ඇත. ඔහුගේ ආදරය හා කරුණාව මෙළොව කිසිවකට සමකල නොහැක. උදාහරණයක් ලෙස අල්ලාහ් හැර වෙනත් දෙවිවරු, විවිධ පිළිම හා නොයෙකුත් අල්ලාහ්ගේ නිර්මාණයන් වන්දනාමානය කරන්නාවූ පුද්ගලයන් සඳහාද අල්ලාහ් කරුණාව දක්වයි. ඔවුන්ට මෙලොවේ අවශ්‍ය ආහාර පාන ඉදුම් හිටුම් ඇතුළුව අවශ්‍ය කරන සියල්ල ඔහුගේ කැමැත්ත පරිදි ලබා දෙයි. නමුත් ඔවුන් අල්ලාහ්ට වන්දනාමානය නොකර ඔහුගේ මැවීම් වලට වැඳුම් පිඳුම් කරයි. මෙය කෙතරම් අශෝබනද? නමුත් අල්ලාහ් මෙළොව සියල්ලන්ගේම අවශ්‍යතා සොයා බලා ලබා දෙයි. නමුත් පරළොව දිනයේ අල්ලාහ් නොවන වෙනත් දේ වන්දනාමානය කළ කිසිවකුට ස්වර්ගයට යාමට අල්ලාහ් තහනම් කර ඇත. ඔවුන් සදාකල් අපායේ වෙසෙති.

   මෙලෙස අල්ලාහ්ගේ ගුණ වර්ණනා කිරීමට ලොව පවතින්නාවූ සියළු ශාකයන් පන්හිඳ ලෙස හා සියළු සාගරයන්හි ඇති ජලය තීන්ත බවට පත් කළද අපගේ සර්වබලධාරී දෙවියාගේ ගුණ වර්ණනා කර නිමකළ නොහැක. ඔහු අති විශිෂ්ට වේ. එයට අල් කුර්ආනයේ වැකියක් මෙසේ සඳහන් වේ.

“ඔහු ඒකකයෙකි. ඔහුට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඔහුට කිසිවකු ඉපදුනේද නැත, කිසිවකු දාව ඔහු ඉපදුනේද නැත. ඔහුට සමව කිසිවකු නැත.”  (ශුද්ධවූ  අල්කුර්ආනය 112:1-4)

සියළු ප්‍රශංසා අල්ලාහ්ට හිමි වේවා !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *