එකම දෙවියා විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී. ආදම්, නුහ්, ඉබ්රාහිම්, මුසා, ඊසා හා මුහම්මද් (මේ සැවොම වෙත මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) මෙම ධර්ම දූතයින් අතර ප්රධාන තැනක් ගන්නා අතර එම මූලික පණිවිඩයේ සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.

 සත්යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය
 ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත
 ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත
 නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත
 මෙලොව මතුලොව ජයග්රහණය උදෙසා සත්යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.
ඉහත පණිවිඩය අනුව ජීවිතය සකස් කර ගැනීම ‘ඉස්ලාමය’ නොහොත් දෙවිඳුන්ට අවනත වී සාමය අත්කර ගැනීම ලෙස දක්වනු ලැබේ. මෙම පණිවිඩය හා අනෙකුත් මඟ පෙන්වීම් ජනයාට ලබාදීම පිණිස සත්යය දෙවිඳුන් විසින් කලින් කලට ජනයා අතුරින් තෝරාගත් ධර්ම දුතයින් ව පත් කරන ලදී. එම ධර්ම දුතයින්ගෙන් අපේක්ෂිත වගකීම් කිහිපයක් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.
1) සත්යය දෙවිඳුන් විසින් ලබා දෙන්නාවූ මඟ පෙන්වීම් ජනයා වෙත ලබා දී ඒවා පිළිපැදීමට දිරි ගැන්වීම
2) දෙවිඳුන්ගේ ඒකීයත්වය පිළිබඳ ජනයා වෙත කරුණු පහදා දීම
3) තම ජනයා වෙත පරමාදර්ශී චරිතයක් වීම
4) දෙවිඳුන් පිළිබඳ ව බියබැතිමත්කමින් යුක්තව දෙවිඳුන් ලබා දී ඇති මඟ පෙන්වීම් අනුව ජීවිතය සකස් කර ගැනීමට ජනයාට උපදෙස් දීම
5) තම ජනයා ව ඉස්ලාමීය වත්පිළිවෙත් හා ඉස්ලාමීය සාරධර්ම පිළිබඳ දැනුවත් කිරීම
6) දෙවිඳුන් ලබා දී ඇති නිවැරදි මඟ පෙන්වීමෙන් බැහැරව කටයුතු කරන්නන්, විශ්වයේ අධිපති ඒකීය සත්යය දෙවිඳුන් හැර අනෙකුත් මිත්යා දෙවිවරු හා ප්රතිමා වෘක්ෂ වැනි භෞතික දැයට නැමදුම් කරන්නන් වෙත සත්යය පහදා දී නිවැරදි මඟට ආරාධනා කිරීම
7) මිනිසාගේ මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, අපාය හා ස්වර්ගය වැනි කරුණු පිළිබඳ සත්යය පහදා දීම
By: Ahmad Dahlan
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *