“අබු මුසයිබ් තුමා විසින් දන්වා සිටින පරිදි, අබුතාලිබ් මරණාසන්න තත්ත්වයේ සිටින අවස්ථාවේ ඔහුව බැලීමට මුහම්මද් තුමාණන් පැමිණියේය. එම අවස්ථාවේ අබු ජහ්ල් ද එතැන සිටියේය. අබුතාලිබ් අමතමින් ‘මාගේ පියාගේ සහෝදරය, අල්ලාහ් හැර නැමදීමට සුදුසු අන් කිසිවෙකු නොමැත යැයි පවසන්න. මෙම ප්රකාශනය ඔබ පිළිබඳ අල්ලාහ් ඉදිරියේ මට කතා කිරීමට උපකාරී වනු ඇත’ යැයි මුහම්මද් තුමාණන් පැවසීය. මෙම ස්ථානයේ සිටි අබුජහ්ල් හා අබ්දුල්ලාහ් බින් උමයියා විසින් අබුතාලිබ් අමතමින් ‘අහෝ අබුතාලිබ්, ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ දහම අතහරින්නටද සුදානම් වන්නේ යැ’යි පවසමින් සිටියහ. අබුතාලිබ්ගේ අවසන් වදන් වුයේ ‘මා අබ්දුල් මුත්ත්ලිබ්ගේ දහමේය’ යන්නය. මෙවිට මුහම්මද් තුමාණන් ‘අල්ලාහ් විසින් වළක්වනු ලබන තෙක් මම අල්ලාහ්ගෙන් ඔබ වෙනුවෙන් පාපක්ෂමාව අයදිමින් සිටින්නෙමි යැ’යි පවසා සිටියේය. මෙම අවස්ථාවේ පහත සඳහන් අල් කුර්ආන් වැකිය පහළ කරනු ලැබීය. ‘නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාසවන්තයින්ට සුදුසු නොවීය’. (අල් කුර්ආන් 9:113)” (නබි වදන් ග්රන්ථය – අහ්මද්)
තවත් අල් කුර්ආන් වැකියක් කරෙහි ද අපගේ අවධානය යොමු කරමු.
“(නබිවරය) සැබැවින් ම නුඹ ප්රිය කරන කෙනෙකුව යහ මඟ වෙත යොමු කිරීමට නුඹට නොහැකිය. නමුත් අල්ලාහ් තමන් අභිමත කළ අයට යහ මඟ වෙත යොමු කරයි. යහ මඟ ලද්දන් පිළිබඳ ව ඔහු මැනැවින් දන්නාය”. (අල් කුර්ආන් 28:56)
අල් බුහාරි හදීස් ග්රන්ථයේ 5:223 ප්රකාශනය ද මේ හා සම්බන්ධ ය.
මහා කාරුණික අල්ලාහ්ගේ ශ්රේෂ්ඨතම හා අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) කෙරෙහි හෝ අන් කිසිදු ධාර්මිෂ්ඨ යහ කෙනෙකු (‘අව්ලියා’ යනුවෙන් වර්තමාන ජන වහරේ භාවිතා වන) වෙත වූ තමන්ගේ ඥාතිත්වය පමණක් තමන්ගේ මරණින් මතු ලොව ජයග්රහණය සහතික නොකරන්නක් බව පහතින් උපුටා දක්වා ඇති නබි වදන අපට ඉතා පැහැදිලි ලෙසම සාක්ෂි දරයි. නැවත වරක් ස්වර්ගයේ රන් දොරටුව විවෘත කළ හැකි යතුර පිළිබඳ කෙටි සටහන පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
සත්යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය.
ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත.
ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත.
නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත.
මෙලොව මතුලොව ජයග්රහණය උදෙසා සත්යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.