නුතන මාධ්‍යයන් සහ තරුණයින් අතර විශාල බැඳීමක් තිබෙන බව කව්රුත් දන්නා කරුණකි. මේ අතර අන්තර්ජාලය විශේෂ තැනක් ගන්නේය. නවීන සමාජයේ ජිවත්වන බොහෝ තරුණයින්ගේ කාලයෙන් වැඩි කොටසක් අන්තර්ජායල තුල ගත කළත් බොහෝ දෙනෙක් ඉන් ලබන ප්‍රයෝජන ගැන සලකා බැලීමේදී එය ඉතා භයානයකය. අන්තර්ජාලය තියුණු පිහියක් වැනිය. එය හොඳ දේට මෙන්ම වැරදි දේවල් සඳහාද යොදාගත හැකිය. ඒ නිසා තරුණයින්ට එහි අනිසි ප්‍රතිපල ගැන අධ්‍යාපනයක් ලබා දිය යුතු වන්නේය. එම අධාපනය දහම සමග බැඳී තිබීම ඉතා වැදගත් වන්නේ ස්වයං වාරණයක් ලැබීමට තිබෙන ප්‍රබල සාදකයක් වන්නේ දහම නිසාය. එයිනුත් ඉස්ලාම් දහමින් ලැබෙන දැනුම ප්‍රයෝගික ජීවිතය සමහ ඉතා ලඟින් බැඳී තිබීම හොඳින් තේරුම් ගත යුතුය.මාධ්‍යයන් නිසා ලැබෙන ප්‍රතිපල එක් පැත්තක තිබියදී තවත් අතකින් ඊට ඇබ්බැහි වන තරුණයින්ගේ සමාජ ඇසුර බොහෝ දුරට සිමා වීමට හේතුවක් වී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස වර්තමාන සමාජයේ බොහෝ ජාතිවාදී ප්‍රශ්න ඇතිවීමටත් හේතුවක් වී ඇත. මේ සඳහා මුහුණු පොත භාවිතා කරන අය විසින් විශාල ලෙස බලපෑමක් සිදු කොට තිබේ. කෙසේ වෙතත් මිට දශකයකට හෝ දෙකකට පෙර අපට ප්‍රධාන වශයෙන් දැකිය හැකිව තිබුනේ ගුවන් විදුලිය සහ රුපවාහිනිය පමණි. එබැවින් එම යුගයේ ජිවත් වූ අයගේ සමාජ ඇසුර ඉතා හොඳින් සිදු විය. මිනිසුන් අතර එකමුතුකම හොඳින් දැකිය හැකි විය.

අල්-කුරානයට අනුව අපගේ ඇස්, කන් සහ සිත ගැන මරණයෙන් පසු ප්‍රශ්න කරනු ඇත. එබැවින් අන්තර්ජාලය වැනි නවීන මාධ්‍ය වලින් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. අද ඇති අන්තර්ජාලයේ ඇති බොහෝ දේවල් නිසා තරුණයින් නොමග යාමේ ඉඩකඩ ඉතාමත් අධිකය. ඒවාට පහසුවෙන් වාරණ යෙදීමටද හැකියාවක් නොමැත. මේ නිසා ඒවා ගැන ස්වයං වාරණයක් සෑම තරුනයෙක්ම ඇතිකර ගත යුතුව තිබේ. නබිවදනකට අනුව මරණයෙන් පසු ඇති විනිශ්චය දිනයේදී අසනු ලබන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තුරු ගැලවීමක් ලැබෙන්නේ නැත.

 “දාසයකුගෙන් අසනු ලබන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තෙක් දෙපා සෙලවිය නොහැක; ඒ අනුව කෙනෙක් ජිවත් වූ අන්දම, ඔහු තම තාරුණ්‍ය ගත කළ අන්දම, කුමන අකාරයකින් ධනය රැස්කලේද එය කුමන මාර්ගයේ වැය කලේද, ඔහුගේ දැනුම අනුව කෙසේ ජිවත් වුයේද යන්නට පිළිතුරු දීමට සිදු වන්නේය” (සුනන් තිර්මිසි).
මේ හැරුණු විට අල්ලාහ් පැවසූ මාර්ගය පිළිපැද ජීවත්වූ සත් දෙනෙකුට අල්ලාහ් දෙන සෙවන මිස වෙන කිසිම සෙවනක් නොමැති දිනයේදී සෙවන ලැබෙන්නේය. එම දිනයේදී සුර්යා ඉතා සමීපයෙන් තිබෙනු ඇත. බොහෝ දෙනෙක් තමන් කළ අකුසල් හේතුවෙන් තම දහඩියේ ගිලි සිටිනු ඇත.
නබිතුමා පවසා සිටින වග නම්: අල්ලාහ්ගෙන් ලැබෙන සෙවන හැරුණුවිට වෙන කිසිම සෙවනක් නොමැති එම දිනයේදී කණ්ඩායම් හතකට එනම්; සාධාරණ අන්දමින් පාලනය කළ පාලකයා; දෙවියන් වෙනුවෙන් තම තාරුණ්‍ය කැපකළ තැනැත්තා; සෑම මොහොතේම තම හදවත මස්ජිදය සමග බැඳී ඇති තැනැත්තා; අල්ලාහ් වෙනුවෙන්ම පමණක් ඇලුම් කරන දෙදෙනා, ඔවුන් එකතු වන්නේද වෙන් වන්නේද අල්ලාහ් වෙනුවෙන්ම පණනි; අලංකාර, කුලවත් කාන්තාවක් (අනියම් සම්භන්දයක් සඳහා) අරාධනා කලත් ‘මා අල්ලාහ්ට බිය වෙමියි’ පවසන තැනැත්තා; තම වම් අතට හොරෙන් දකුණු අතින් පිනට දෙන තැනැත්තා; රහසිගතව සිටගෙන අල්ලාහ්ව මෙනෙහි කොට කඳුළු සලන තැනැත්තා යන අයට අල්ලාහ් සෙවන දෙන්නේය (සහිහ් අල් බුහාරි, වෙළුම 1 හදිස් අංකය 629 සහ සහිහ් මුස්ලිම් වේලම 2, හදිස් අංකය 2248).
මෙම නබි වදනට අනුව කෙනෙකුගේ තරුණ කාලය අල්ලාහ් වෙනුවෙන් කැප කිරීමට ලැබීම වාසනාවකි. එය අත්කර ගත හැක්කේ විශේෂයෙන්ම අද තිබෙන මාද්‍ය නිසි පරිදි භාවිතා කිරීමෙන් පමණි. මේ සඳහා මුස්ලිම් තරුණයින් ඉස්ලාම් දහම ගැන හොඳින් දැනගෙන සිටීම ඉතා වැදගත්ය.
අද තිබෙන බොහෝ මාධ්‍යවල ප්‍රධාන අරමුණ ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීම බැවින් එහි ඇති වැඩසටන් ද ඊට සරිලන අකාරයේ ඒවාය. එහෙත් රුපවාහිනියෙන් තරුණයින්ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළ හැකි වුවත් ඒවායින් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. මේ අනුව අද තිබෙන බොහොමයක් මාධ්‍යන් මගින් නිතර නිතර පෙන්වනු ලබන මෙගා ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි ආදර්ශයට ගෙන තරුණයින් වැරදි කිරීමට පෙළඹීමට හේතුවක් වී ඇත. තවද වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගනු ලබන අඩනිරුවත් කාන්තාවන්ගේ රුප සහ වෙනත් වැඩසටහන් නිසාද තරුණයින්ගේ සිත් දුෂණය වීම වැළැක්විය හොහැකිය. එහෙත් ඉස්ලාම් දහමින් මේවට වාරණයන් දමා තිබේ. මේවා ගැන අවධානය යොමු කිරීම ඉස්ලාමිය තරුණයාට ඇති විශාල අභියෝගයකි.
මිට දසක කිහිපයකට පෙර ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට තිබුනේ ඉතා සීමිත මාර්ගයන් පමණි. එහෙත් අද යුටියුබ්, ටිව්ටර්, මුහුණු පොත්, බ්ල්ග් අඩවි, වෙබ් අඩවි යනාදිය ඒ සඳහා ඉතා හොඳින් යොදාගත හැකිය. මේ නිසා ආගමික ආයතනවලට සිමා වී තිබුණු දහම් ප්‍රචාරණය ඉතා පහසුවෙන් ලොව පුරා ප්‍රචාරය කිරීමට හැකි වී තිබේ. එමගින් ඉස්ලාම් දැනුම ලබාගැනීමට මෙන්ම තමන් දන්නා දේ අනුන්ට කියා දීමට මහඟු අවස්තවක් උදා වී ඇත. විශේෂයෙන්ම මේවා ගැන නුතන මුස්ලිම් තරුණයින්ට ප්‍රයෝජනවත් කර ගැනීමට හැකිය. එහෙත් මෙම සෑම අවස්ථාවකම ලැබී තිබියදීත් මුලිම් තරුණයා වැරදි කරන්නේ නම් එය ඔහුගේ කියා නිමකළ නොහැකි අවාසනාවකි.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *