ඉහත සඳහන් නබිවදන අනුව තාරුණ්‍යට විශේෂ තැනක් හිමි වන්නේය. එබැවින් මිනිසාට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීමට නම් දහම අනුව ජිවත් විය යුතුය.
දැනට සිදු කොට ඇති ගවේෂණයන්ට අනුව තරුණයින්ගේ කාලයෙන් වැඩිම කොටසක් අන්තර්ජාලයේ සැරිසැරීම හේතුවෙන්ද රුපවාහිනි වැඩසටහන් බැලිම හේතුවෙන්ද තරබාරු වන බව සොයාගෙන තිබේ. එපමණක් නොව මානසික අවපාතය (depression), කාන්සිය (loneliness) ඇතිවීමට එය හේතුවකි. එසේ තිබියදී වර්තමාන සමාජයේ බොහෝ තරුණයින්ගේ කාලය වැයවන්නේ ස්මාර්ට් පොන් සමගය. ඇමරිකානු ලේකඛ නිකොලස්කා පෙන්වා දෙන්නේ අධික ලෙස අන්තර්ජාලය භාවිතා කිරීම නිසා පාසල් ළමුන්ගේ සිතීමේ හැකියාව මන්දගාමී වන බවයි. අන්තර්ජාලය සහ රුපවාහිනිය සඳහා වැය කරන කාලය සිමා කිරීමෙන් ව්‍යායාම කිරීම සඳහා ද නෑදෑයන් ආශ්‍රය කිරීම සඳහා ද ආගමික කටයුතු සඳහා ද යොදා ගත හැකිය. එසේ කළ හැකි නම් එය නිරෝගී ජිවිතයකට හේතුවක් මෙන්ම කුසල් ක්‍රියාවක් ද වනු ඇත.
මිනිසාට ලබා දී ඇති කාලය නිසි පරිදි ගත කිරීමෙන් මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදී අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවන ලැබෙන බව නබිතුමා පවසා ඇත. මේ නිසා තාරුණ්‍යයෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට උත්සාහ කළ යුතුය. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් වලින් දහමට පටහැනි ක්‍රියාවල නිරත නොවී දහම ඉගෙන ගැනීමට සහ දහම ප්‍රචාරය කිරීමට එය ප්‍රයෝජනයට ගත හැකිය. එසේ කිරීමෙන් එය ස්වර්ගයට යා හැකි මෙවලමක් බවට පත් කළ හැකිය.
ඉහත දැක්වෙන හදිසය අනුව කුලවත් කාන්තාවක් වැරදි ක්‍රියාවකට ඇරයුම් කලත් දෙවියන් කෙරෙහි ඇති බිය නිසා ඉන් වැලකී සිටියේ නම් අර්ෂ්හි සෙවන ලැබීමට හේතුවක් බව පවසා ඇත. ඒ අනුව අල්ලාහ්ට ඇති බිය නිසා අන්තර් ජාලය ඔස්සේ සිදු විය හැකි එවැනි වැරදි වලට හසු නොවී සිටීමත් විනිශ්චය දිනයේදී අල්ලාහ්ගේ අර්ෂ්හි සෙවන ලැබීමට හේතුවක් වනු ඇත.
By Fasy Ajward.B.Sc(Special)Hons.