I. තම අධ්‍යාපන කටයුතු ඉතාමත් ම යහපත් අයුරින් කරගෙන යෑම. මෙයට පාසල් අධ්‍යාපනයත් ආගමික අධ්‍යාපනයත් අඩංගු වෙයි.

II. තමා වෙත පැවරෙන සියළු කටයුතු ඉතාමත්ම උසස් අන්ධමින් ඉටු කිරීම හා සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රවීනයෙකු වීමට හැකි සෑම උත්සාහයක් ම දැරීම .

III. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව තම ජීවිතය සකස් කර ගැනීම, ඉතා උසස් සාරධර්මයන්ගෙන් හෙබි අයුරින් හා සදාචාර සම්පන්න අයුරු සියළු කටයුතු කිරීම.

IV. තම පවුලට හා සමාජයට උපරිම අයුරින් දායකත්වය ලබා දෙමින් කටයුතු කිරීම. වැඩිහිටියන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ව සොයා හැකි සියල්ල ඉටුකර දීම. කුඩා දරුවන් සම්බන්ධයෙන් ඉතා ආදරයෙන් හා සෙනෙහසින් කටයුතු කිරීම.

V. තමන්ගේ යහළු පිරිස තෝරා ගැනීමේදී ඉතා ප්‍රවේසමින් කටයුතු කිරීම. වැරදි අයෙකු ව මිතුරෙකු ලෙස එකතු කර ගත්තා නම් ඔහුගේ වැරදි ක්‍රියාකාරකම් වෙත නැඹුරු වීමට ඇති සම්භාවිතාව ඉතා වැඩි බව අවබෝධ කර ගැනීම.

VI. තම දෙමව්පියන් හා පවුලේ සාමාජිකයින් සම්බන්ධව ඉතා ආදරයෙන් හා වගකීම් සහිත අයුරින් කටයුතු කිරීම.

“ඔහු(අල්ලාහ්) හැර වෙනත් කිසිවෙක් නුඹලා නොනැමදිය යුතු යැයි ද දෙමාපියන් සමග ඉතා යහ අයුරින් කටයුතු කළ යුතු යැයි’ද නුඹගේ පරමාධිපති (නුඹලාට) නියම කොට ඇත. නුඹ(ගේ භාරකාරත්වය යටතේ නුඹ) අබියස ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම මහළු වියට පත්වුයේ නම් එවිට ඔවුන් දෙදෙනාට ‘උෆ්’ (නම් අගෞරවයෙන් හෝ කෝපයෙන් ‘චිහ්’) යන්නෙන් (පවා) නුඹ නොපවසවූ. තවද ඔවුන් දෙදෙනාට නුඹ බැන නොවදිවු. තවද ඔවුන් දෙදෙනාට නුඹ ගෞරවනීය වදන් පවසවූ”. (අල් කුර්ආන් 17:23)

“අහෝ! රසුල්වරයා(ගේ පිළිවෙත) සමග මා මගක් ගොඩ නගා ගන්නට තිබුණා නම්, අහෝ මාගේ විනාශය! අහවලාව මිත්‍රයෙකු ලෙස නොගන්නට තිබුනා නොවේ ද? (අල් කුර්ආනයෙන් වූ) උපදෙස් මා වෙත පැමිණි පසු ව පවා සැබැවින් ම මොහු මා එයින් නොමග යවා ඇත යැ’යි (තම පාපතර මිතුරා අඟවා) පවසමින් තම දෑත් සපා ගන්නා (එම විනිශ්චය) දිනය (සිහිපත් කරවූ). තවද ෂෛතාන් මිනිසාට දැඩි ද්‍රෝහියෙකු වන්නේය” (අල් කුර්ආන් 25:27-29)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”. (සුනාන් තිර්මිදී)
ජයග්‍රාහි උම්මතයක් ගොඩ නැගීම වෙනුවෙන් ධාර්මිෂ්ට, සාරධර්මයන්ගෙන් සපිරි සදාචාර සම්පන්න තාරුණ්‍යයක් සඳහා කැපවී කටයුතු කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *