I. ඔබව නිසි පරිදි හඳුනා ගැනීමට මෙන්ම අවබෝධ කරගැනීමට පළමුව කටයුතු කරන්න. ජීවිතයේ සතුට හා ජයග්‍රහණය අත්පත් කර ගැනීම පිණිස ඔබ වෙතම පොරොන්දු වන්න. ඔබගේ නුසුදුසු සිතුවිලි වෙත අවධානයෙන් කටයුතු කරන්න. එසේ නොවුවහොත් ඔබගේ අවංකත්වයට එය අභියෝගයක් වනු ඇත. කෙසේ නමුත් තාරුණ්‍යය තුල මෙවන් අදහස් නිරතුරුව මතු විය හැක. එයින් මිදී කටයුතු කරන්නට මහා කාරුණික අල්ලාහ් වෙත පශ්චාතාප වී ආරක්ෂාව අයදින්න. එවන් වැරදි සිතුවිලි පිළිබඳ ව තමන් ගේ සිත සමග විමර්ශනාත්මක විගණනයක යෙදී එවැනි සිතුවිලි වලක්වා ගන්නට කටයුතු කරන්න.
II. ඔබගේ මනස හා දැනුම අවබෝධයෙන් සන්තෘප්ත කර ගන්නට කටයුතු කරන්න. අවසාන දිව්‍යයම මාර්ගෝපදේශය වූ අල් කුර්ආනය හා අවසාන ධර්මදුතයානන් වූ මුහම්මද් තුමාණන්ගේ පිළිවෙත ඔබගේ දැනුමේ ප්‍රධාන මුලාශ්‍රයන් බවට පත් කර ගන්න.
III. ජීවිතයේ දුෂ්කරතාවන්, අභියෝග හා බාධක ඇති වුවහොත් ඉවසීම හා අචල තැන්පත් භාවයෙන් කටයුතු කරන්නට හුරු වන්න.
IV. ඔබගේ හදවත ජීවිතයේ උත්තරීතර අරමුණ වෙත විවෘතකරන්න. ඔබ ස්වර්ගය සඳහා නිර්මාණය කරනු ලැබූ වෙකු බව අමතක නොකරන්න.
V. ඔබගේ පෞරුෂය ගෞරවණීය එකක් බවට පත්කර ගන්නට කටයුතු කරන්න. එමගින් අන් අය වෙත ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි තත්ත්වයක් ඇති කර ගන්න.
VI. ඔබ හා භෞතික දෑ වෙත ඇති අසීමිත ඇල්ම, ආත්මාර්ථකාමිත්වය, නොගැඹුරු මතවාදයන්, අවුල් වියවුල් ඇති සිතුවිලි හා ඔබ අතර ඝන තිරයක් තබා ගන්න.
VII. ඔබගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගන්න. දෛනික කළ යුතු කාර්යභාරයන් පිළිබඳ සටහනක් තබාගන්න.
VIII. ඔබගේ හැකියාවන් හා දක්ෂතාවන් කෙරෙහි විශ්වාසය තබා අන් අයගේද හැකියාවන් හා දක්ෂතාවන් සමග සහයෝගීතාවෙන් කටයුතු කරන්න.
IX. මිනිස්සුන් සමග සන්නිවේදනයේදී ඉතාම යෝග්‍ය අන්දමින් කතාබහ කරන්නට හුරු වන්න. එලෙසම ඔබගේ සන්නිවේදන හැකියාවන් මගින් අන් අයව දිනාගැනීමේ හැකියාව වඩාත් දියුණු කර ගැනීමට කටයුතු කරන්න.
X. ඔබගෙන් උපකාර අපේක්ෂා කරන්නන්ගේ අවශ්‍යතාවන් ඉටු කර දීමට යුහුසුළුව කටයුතු කරන්න. කළ උපකාරයන් කිසි දිනක සිහිපත් කිරීමට කටයුතු නොකරන්න.
XI. ජීවිතය සම්බන්ධව තෘප්තිමත් භාවයකින් කටයුතු කරන්න. අන් අය සතු ධනය, නිලය හෝ අලංකාර දෑ වෙත ගිජු නොවන්න.
XII. ඔබට සතුටුදායි හා තෘප්තිකර දිවිපෙවතක් ගත කළ හැකි ආකාරයේ රැකියාවක් සොයා ගන්නට කටයුතු කරන්න.
XIII. කම්මැලිකම හා නිකරුනේ කාලය ගත කිරීමෙන් වළකින්න. තාරුණ්‍ය වෙත නොතිබිය යුතුම ලක්ෂණයන් ලෙස මේවා දැක්විය හැක.
XIV. ඔබගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වෙත අවධානයෙන් කටයුතු කරන්න. ඔබෙගේ විනෝදාත්මක ක්‍රියාවන් කෙරෙහි ද අවධානය යොමු කරන්න. සියළු විනෝදාංශ අනුමත දෑ විය යුතුයි.
XV. හැකි පමණ ඉක්මණින් විවාහ ජීවිතයට පිවිසෙන්න. තමන්ට සුදුසු ධාර්මිෂ්ඨ සහකාරියක් තෝරා ගැනීමට කටයුතු කරන්න. තරුණ අනෙකුත් අයවත් විවාහය සඳහා දිරිගන්වන්න.
XVI. ඔබගේ ජීවිතයේ යහ අපේක්ෂාවන් පිළිබඳ ව සීමාවන් ඇති කර නොගන්න.
XVII. ඔබගේ අනාගතය සාර්ථක එකක් බවට පත්කර ගැනීම සඳහා ඉතා තැන්පත් අයුරින් සිතා බලා කටයුතු කරන්න.
XVIII. මහා කාරුණික අල්ලාහ් සිහිපත් කිරීම හා නැමදුම් කටයුතු නිසිපරිදි ඉටු කිරීමට කැපවීමෙන් කටයුතු කරන්න. මෙම යහ මාර්ගයට පිවිස ඇති පිරිස සමග සමීප සම්බන්ධතාවන් ඇති කර ගන්න.
XIX. ඔබගේ දෙමව්පියන්, පවුලේ සාමාජිකයින්, ඥාතීන් හා අසල්වැසියන් සමග ඉතා කාරුණිකව කටයුතු කරන්න.
XX. විශේෂයෙන්ම වයෝවෘධභාවයට ඇතැම් විට පත්ව ඇති ඔබේ දෙමව්පියන් රැක බලා ගැනීමේ වගකීම ඉත සිතින් ම භාරගන්න.
නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”. (සුනාන් තිර්මිදි)